Wednesday, November 2, 2011

පලමු රස්සාවේ පලමු කට්ට.......



  මගේ ටීම් ලීඩ  කියපු විදිහට මට යන්ඩ තිබ්බේ බෙරලපනාතර ඉස්කොලේට....ඉස්කොලේ පරිඝනක පද්දතියේ මේන් සර්වර් එක නැවතිලා කියල ජොබ් එකක් ලොග් කරලා තිබුනා...

  මේ කාලේ වෙද්දී මට ලංකාවේ බොහෝ මගතොට ගැන එච්චර දැනිමක් තිබ්බේ නැ.. හැබැ අපේ ඔෆිස් එකේ අපිට වෙන්කරලා තිබ්බ කොටසේ  බිත්තියක එල්ලලා තිබ්බ තඩි ලංකා සිතියමක්...

  " අයියේ ඔය ඉස්කොලේ කොහෙද තියෙන්නේ " 

 "මාතර පැත්තේ බං. හැබැ ඇඹිලිපිටියට ලඟයි..ඔය සිතියමේ බලහං"

 බෙල්ල උලුක්කොරං  අර සිතියම බැලුවත්....ඒකේ ඇඹිලිපිටිය...ඌරු බොක්ක....බෙරලපනාතර කියලා ලියල තිබ්බට ඌරුබොක්ක කියලා සටහන් වෙලා තිබ්බ තැනින් එහාට පාරක් පෙන්නුම් කොරන්නැ....

 " අයියේ කො මෙකේ නම විතරනේ තියෙන්නේ පාරවල් නෑනේ...."

" හරි හරි බං මට ඉස්කොලේ සර් කතා කරල තියෙන්නේ ඇඹිලිපිටිය පැත්තේන් පලයං..බස් තියෙනව කිව්ව්..."

  රස්සාවට ඇවිත් මාසයක් විතර යනකං බස් එකේ ගමන තමා වැඩිපුරම උරුම උනේ..හැබැ මාස දෙකක් විතර යනකොට වාහනයකුයි ඩයිවර් කෙනෙකුයි ලැබුනා....


පස්සෙන් පහු තමා වැඩේ තෙරුනේ මොකැ ආපුගමන් වහනයක් නොදෙන්නේ....පොඩියට කට්ටක් කාලා ආපුහාම තමාලු වැඩ කොරන්ට කැක්කුමක් ඇතිවෙන්නේ.... 


"එහේම තමා ඒකේ ඉන්න ලොකු උං කියන්නේ"

   උදේ පාන්දර 5 ට විතර ඇහැරුනා....තාත්තට කියලා කළුග්ගල හන්දියට ගොහින් දමාගත්තා...
 ඔතැනින් පුලුවං ඇඹිලිපිටිය බස් එකක් අල්ලගන්ඩ...ඇඹිලිපිටිය විතරක් නොවෙයි රත්නපුර බදුල්ල මොනරාගල බස් ඔතැනින් ගමන් කොරනව...බදුල්ල කොලඹ පරන පාරයි..අළුත් පාරයි එකට මුනගැහිලා..තව එක බස්නැවතුමක දුරක් ආවම කළුඅග්ගල හන්දිය හම්බවෙනව.... ඔය හංදියෙන් කොළඹ ඉඳන් එනකොට දකුනට හැරුනොතින් ලබුගමට යතැකී...

                       උදේ 6 ය විතර වෙනකොට ආපු C.T.B බසයක නැගල ඇඹිලිපිටිය  බලා පිටත් උනා...වෙලාවට ඒ බස් එක ඇඹිලිපිටියට විතරයි ගමන්ගන්නේ.....මොකැ මේ ජීවිතෙ පලමු වතාවට බස් එකකින් ඇබිලිපිටි යනවමයි....
 පොඩි චකිතයක් හිතේ නැතුවා නොවෙයිනොවැ...10 විතර වෙනකොට දෙයියනේ කියලා ඇඹිලිපිටියට ආව....ටිකක් දවල් වෙලා හින්දදො..ටවුම එච්චර කලබල නැ....ලොක්කනං කිවුවේ කෑල්ල හරහා ඌරුබොක්ක බස් එකේ පලයං කියලා. ඒ උනාට කාගෙන්හරි අහන්ට එපායැ....ඔය බස් නවතුම්පලේ හිටපු කොන්දොස්තර අයියල කීප දෙනෙක් ලඟට මාත් කිට්ටුකලා....

  " අයියේ බෙරලපනාතරට යන්ඩ ඔන මොන බස් එකේද..."

" කෑල්ල හරහා යන බස් එකේ නගින්ඩ ඒක ලඟයි..."

නමුත් එතන හිටපු තව කෙනෙක් කිව්වෙ වෙන කතාවක්...

" මල්ලි ඔය කෑල්ල හරහා යන රුට් එකේ වැඩිය බස් නැ..අනික කැලේ..බස් එක කැඩුනොත් අනාත තමා...ඊට වඩා හොඳා මිද්දෙනියට ගිහින් යන එක..."

 ඔය කතාව අහල මාත් නැග්ග මිද්දෙනිය බස් එකක....

ටික වෙලාවකින් කට කපලා පිරුන බස් එක මිද්දෙනියට යන්ඩ පිටත් උනා...
    මිද්දෙනියට එනකොට 11.30 ට විතර ඇති...ඒදා පොල දවසක් නිසා ටවුමේ සෙනක පිරිලා හිටියා....
  දැන් මෙතන ඉඳලා මොකේද යන්නේ....බස් පොලේ හිටපු ටයිම් කීපර් උන්නැහැ ලඟට පොඩ්ඩක් කිට්ටු උනා...

 " මාමේ බෙරලපනාතරට යනවනං කොහොමද යන්ඩ ඔන..."

" ලමයො කොටපොල බස් එකේ නගින්ඩ එතකොට බෙරලපනාතරට යන්ට ඇහැකි...හැබැ මේ දැන්තමා ඔය කියන බස් එක ගියේ..ආයි එකක් තියෙන්නේ 12.40 ට...."

    දැන් මොකෑ කොරන්නේ ඉස්කොල දවල් 2.00 ට අරිනවනේ...මට ඒ වෙලාවට යන්ඩ පුලුවන්ද කියන එක සැකයි...ලොක්කට කොල් එකක් අරන් බලන එක තමා හොඳම.....මගේ වෙලාවට මිද්දේනියට ඩයලොග් සිග්නල් තිබ්බේ නැ...ඒකටත් කොමිනිකේෂන් එකක පිහිට පතන්ඩ සිද්ද උනා...

   "  අයියා මම මිද්දේනියේ ඉන්නේ බෙරලපනාතර යන බස් එක පරක්කු වෙලා යන්නේ මොකද කරන්නේ..."

  " අවුලක් නැ සර් උදේ මට කතාකලා..උඹ පලයන්.....සර් ඉන්නව.."

   දහවල් 12.40 ට පටන්ගත්ත බසයේ නැගුන මම නැවත ගමන පටන්ගත්තා සිත කෙතරම් නොසන්සුන්ද යත් බසය යන වේගය පිලිබඳව ඇතිවුයේ කොපයක්....එය ඉහවහා ගියේ කටුවන හංදියේ බසය නවතා රියදුරා සහ කොන්දොස්තර ලඟ තිබු කඩයට ගොඩවැදි මෙනි...

 බසය නැවත ගමන් ඇරඹුවේ තවත් පැය කාලක් ගතවූ පසුයි....

    මා රැගත් බසය ඌරු බොක්කට ලඟාවනවිට පාසල් ඇරුණු ලමුන් මහමග දක්නට ලැබුනි..ඉතින් මා පත්ව ඇති තත්වය ගැන කුමන කතාද.....
  කෙසේ හෝ සවස 3 පමන වන විට මාහට බෙරලපනාතර විදුහල අසලින් බැසගත හැකිවිය....

    පාළුවට ගිය විදුහල් භූමිය දකිනවිට ඇතිවන්නේ කිව නොහැකි තරමේ කනස්සල්ලකී...." මොකට මා මෙහි ආවාදැයි සිතුනි..දැන්නම් ආපසු යැම කල නොහැක..රාත්‍රිය ගතකරන්නේ කොහේද....දහසක් සිතිවිලි වලින් මා සිත ව්‍යාකුල වී ඇත....සුසුමක් සලමින් ගෙට්ටු පළු දෙක තල්ලු කලේමි...

  "  විජේපාල.., මහත්තයා ආව....."

පහල ශාලාවක සිට ගුරුමහතේකු පිටතට පැමිනියේය....තරමක් තරුණ පුද්ගලයේකු වු මොහු සිනහවකින් සංග්‍රහ කරමින්ම පැමිනියේය.....

  "හම්මෙක්...." මා නොදැනිම මුවින් සුසුමක් පිටවිය.

"මම හිතුව ඉස්කොලේ ඇරිලා ඔක්කොම ගිහින් ඇතිකියලා...."

"ආ නෑ මම අජිත් මහත්තයට කතාකලා....ඔබ තුමා එනවම කියලා එයා කිව්වා..."

" ඔවු බස් එක ටිකක් පරක්කු උනා එකයි..."

" ඔව් මේපැත්තේ බස් ඔහොම තමා..."

පහල ශාලාවේ ඇති පරිඝනක කාමරයට ගොස් ආකාරිය අවසන්කරන විට හවස 6.00 පසුවී තිබින...

" සර් කොලඹ යන බස් එකක් අල්ලගන්නේ කොහොමද...."

" අපෝ දැන් ඉතින් එක ටිකක් අමාරුයි..මහත්තයෝ....අද අපේ දිහා නැවතිලා හෙට උදේම පිටත්වෙන්ඩ..."

මොහු මේ කියනා දේ මේ වනවිට මාහටද ඒත්තු වී තිබින...මේ රැ නොදන්නා පලාතක මහමගට බැස අමාරුවේ වැටෙනවාට වඩා..රැය නැවතී පසුදා උදැසනම පිටත්විම..නුවනට හුරුවිය...

 " සර්ගේ ගෙවල් මේ ලඟමද..."

" නෑ මහත්තයෝ දෙනියායේ ටවුම කිට්ටුව..."

" එතකොට අපි කොහොමද දෙනියායට යන්නේ දැන්..."

"කොටපොලට යන අන්තිම බස් එක මෙතනින් යනව රැ7.00 වෙද්දී.. අපි එකේ ගිහින්...කොටපොලින් දෙනියාය බස් එකක් අල්ලගම්මු..."

 කෙසේ හො අප දෙනියාය ඔහුගේ නිවසට පැමිනෙන විට රාත්‍රි 8 ට පසූවි තිබින....රාත්‍රිය තරමක් සීතගතියෙන් යුක්ත විය....

  ඩයලොග් සිග්නල් තිබු බැවින් අම්මාට කතාකොට විස්තරය පැවසීමි..

   දහවල් තිබු කලබල කාරි බව දැන් සිතින් බැහැරවී ඇත....ඒ බැවින්දො මාහට හොඳින් නින්ද ගොස් තිබින...
  මෙම නිවස පිහිටා තිබුනේ තේවත්තක් මැද බැවින් ....උදැසන අවට ඉතා සුන්දරය...
උදැසන ආහාරද මාහට ලබාදුන් ගුරුමහතා දෙනියාය බස් පොලට මා ඇරලීය...
  රත්නපුර දෙනියාය බසයක නැගුන මා..සූරිය කන්ද...හරහා රක්වානට විත්... දහවල් වනවිට රත්නපුරයට ආ වෙමි. ඒ එන මග තේ වතු මැදින් මීදුම අතරින් කීයා නිමකල නොහැකි සුන්දරත්වයකින් යුක්ත විය....

  රත්නපුරයෙන්..කොළඹ බසයක නැගුන මා හවස්වනවිට ගෙදරට පැමිණීමි..........
  

24 comments:

  1. අපෝ...ඔය මොනාද තව ටික දුරක් ගියා නම් අර පරංගිය කෝට්ටෙ ගියා වගේ රවුමක් දාලා එන්න තිබ්බනෙ......ඔය කියාපු ගම් පලාත්වල නම් අහල තිබ්බට තියෙන්නෙ කොහෙද කියලා දැන ගත්තෙ මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ.....මොනා උනත් අලුත් ජොබ් එක මරු එකට තිබිලා තියෙනවා... :P

    ReplyDelete
  2. යන්න ඉස්සෙල්ලා කිව්වනං ලේසිම පාර කියනව නේ...ඇඹිලිපිටියෙන් රක්වාන හරහා දෙනියායට ඇවිල්ලත් එන්න පුලුවං, ඇඹිලිපිටියෙන් කෑල්ල හරහා ඌරුබොක්කට ඇවිල්ල එන එක ලගයි..ඔය මිද්දෙනියට ගිහිල්ලා වටයකින් ඇවිල්ලා තියෙන්නේ...නැත්තං ගාළුපාරෙන් ගාල්ල අකු‍රැස්ස හරහා කොටපලට ඇවිල්ලා ඌරුබොක්ක බස් එකේ යන්නත් පුලුවන්,මාතරට ඇවිල්ලා අකු‍රැස්ස කොටපල හරහා යන්නත් පුලුවන්,මතුගම හරනා නෙළුවට ඇවිල්ලා මොරවක කොටපොල හරහාත් යන්න පුලුවන්...මම ඔය පැත්ත හොඳටම දන්නවා.....කොහොම නමුත් මම ආසම පලාත........

    ReplyDelete
  3. එකසැරයක් අපි මළගෙදරක ගියා.ඒක තිබුනෙ කෑල්ලෙ. ඉතින් මගදි වාහනේ නතර කරල මම කෙල්ලෙකුගෙන් ඇහුව "නංගී කෑල්ල කොහේද තියෙන්නෙ" කියල. ඇයි දන්නෑ ගස්සගෙන ගියේ..:D
    හැබැයි මම නං කැමතියි ඔයවගේ දුෂ්කර ප්‍රදේශ වලට යන්න ඒවගේ ප්‍රදේශවල ඉන්නෙ ඉතාම හොද, මණුස්සකම් තියන මිණිස්සු.

    ReplyDelete
  4. @ දිල්
    බැංකුවේ රස්සාවට එන්ඩ කලින් වැඩකරපු තැන ගැනයි ඔය ලිව්වෙ..හැබැ මම අර කොටි කටට ගියෙත් ඔය කියන තැන රස්සාව කරපු කාලේ....ඔය කම්පැනියේ අවුරුදු 3 ක් වැඩකලා ..ඇත්තටම ලංකවේ පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සංස්කෘතීන් දෙකක් තියෙන බව දැනගත්තේ මේ බැංකුවෙ රස්සාවට ආවට පස්සේ

    @ ඔබ නොදුටු ලොවක්...
    මේ මම ඉස්සෙල්ලම ගියපාරනේ මචො..අනික දැනට අවුරුදු 7ට විතර කලින්.දැන් දන්නව ඔන තැනක් ඔන අස්සක් මුල්ලක් නැර... හැබැ ඔය රස්සාවට පින්සිද්ද වෙන්ඩ...ඔබ ඔය කියපු සෑම පාරකම ගොහින් තියෙනව..ඇත්තටම අර කොලොන්න සිට සූරිය කන්ද පැත්තට එනවිට එක්තැනකදී පාරිසරිකව වෙනස්වීමක් ඇතිවෙනව " ඒ කියන්නේ වියලි දෙශගුනයක සිට සීසිල් දෙශගුනයක් ලෙසට " කොච්චර සුන්දරද...

    ReplyDelete
  5. @ රාජ්
    ඇත්තටම ඔවු ලංකාවෙ තියෙන ඈත පලාත් වල ඉන්නේ හිත හොඳ මිනිස්සු ඔය රැකියාව කරපු කාලේ මම එක හොඳට අත්වින්දා....

    ReplyDelete
  6. පළමු රැකියාවෙන් ඒ වගේ අත්දැකීම ලබා ගැනීම ඉතා වැදගත්. එතකොට තමයි ඒ ජොබ් එක ගැන අර කිව්ව වගේ ආදරයක් ඇති වෙන්නේ. ඕක වෛද්‍යවෘත්තියේ හැරුනම හමුදා සේවෙත් තියනවා තදටම. මුල් කාලේ අපෝ අපිට දෙන කට්ටක්. හැබැයි ඒක හරිම රසවත්. අදටත් මතකයි. අපේ ගෝලයෝ ඒ අතින් වාසනාවන්තයි. හැබැයි අවාසනාවන්තයි.

    ReplyDelete
  7. ගමේ මිනිස්සුන්ගෙ මනුස්සකම කොයිතරම්ද කියල මේ කතාවෙනුත් තේරෙනවා... කනකොට කට්ට උනාට පස්සෙ ඒවා සුන්දර මතකයන් බවට පත්වෙනව පස්සෙ කාලෙකදි, නේද....

    @ රාජ්, :D

    ReplyDelete
  8. @ මහවෙදනා..
    සහතික ඇත්ත වෙදමහත්තයෝ

    @ මියුරු
    ඇත්තටම...අමාරුවෙන් ලබාගන්නා අද්දැකීම් තමා ජිවිතේ සාර්ථක කරන්නේ නේද..

    ReplyDelete
  9. මහ ලොකු වෙලාවක් ගිහින් නෑනෙ raj. හිහ්. හිහ් හිහ්
    අවිස්සාවේල්ලට කොලඹ ඉදන් කෝච්චියේ ගියොත් පැය 3ක් යනව,, හිහ්හිහ්හිහ්,,,

    ReplyDelete
  10. මමනම් ඔය කියන ගමට ගෙහුං නැහැ
    ඒ වුනාට ඒ පළාතනම් හරිම ලස්සනයි තමා
    මමත් එක තැන කරන රස්සාවකට වැඩිය ඔය වගේ එව්වට ටිකක් කැමතියි
    ඒත් ඉතින් මට ඔය වගේ රස්සාවක්නම් කවදාවත් කරන්න ලැබෙන එකක් නැහැ

    ReplyDelete
  11. අප්පේ උඹට කියන්න මමත් කාලයක් අපේ ඉන්ස්ටිටියුට් එකේ බ්‍රාන්ච් එකක් තව පලාතක දාපු කාලෙක පුදුම දුකක් වින්දා බං ..

    බයික්කේ ගියා කාලයක් ඊ ටපස්සේ ඒ ගමනේදී බයික්කේ ඇක්සිඩන්ට් වෙලා මම හොස්පිටල් එකේ හිටයා සතියක් ..ආපහු සනීප වෙලා වැඩට ආවාමත් නිවාඩු ගත්තාය කියලා පඩි කැපුවා නෙව . එහෙනම් කුද ගහගනියවු කියලා මම ගෙදර නතර වුණා අනික් පහුවදා ආයේ බොස් කෝල් කරලා කීවා එන්ඩ කියලා .. ඉතින් ආයේ ගියා පව ගෙවන්න .. තවම ගෙවමින් පවතිමි ..

    උඹටනම් ඔය ගිය ගමනෙන් මච පාඩිවක් වෙලා නෑ හොඳ මිනිස්සු කට්ටියක් එක්ක ඉඳලා ලස්සන පලාතක් බලා කියාගෙන සතුටින් ආවා නෙව ..

    ReplyDelete
  12. @ දූපත් වැසියා...
    අපො ඔය අවිස්සාවෙල්ල කොච්චිය..ගැනනම් කතාකරල වැඩක් නැ..බලධාරීන් ඔක ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැද්ද කොහේද..
    සහො මම කොලඹින් නෙවී බස් එකට නැග්ගේ...පහත්ගමටත් පොඩ්ඩක් එහායින්..අනික ඇඹිලිපිටියට ඔය හරියේ ඉඳන් පැය 3කින් වගේ යතැකී.

    @ ලොකු පුතා
    මචො පවුල් පංසල් උනහම එකතැන රස්සාවක් කොරන එකතමා පැරැක්ටිකලි හොඳම වැඩේ...එකයි මාත් බැංකුවට ආවේ..නමුත් ඉඩ ලැබුන හැටියේ සංචාරයේ යේදෙනව රටවටේ...

    @ හිස් අහස
    අඩේ උඹට සනීපයිද දැන්...මචො ඇත්තටම හරීම සුන්දර පැත්තක්...ඒවගේම මිනිස්සුත් හරිම හොඳයි බං..ඇත්ත උඹ කියන්නේ අපි ගෙනාපු පවු මේ ආත්මෙම ගෙවල යමු බං...එතකොට ලබන ආත්මෙවත්..අපිට බොසෙක් වෙන්ඩ බැරියැ...

    ReplyDelete
  13. අඩේ මට නම් ඔය වගේ ඇවිදින ජොබ් එකක් තිබ්බනම් ආතල් එකේ කරනවා! ඇත්තටම! හැබැයි තනියම නෙමෙයි. තව එකෙක් ඉන්න ඕනි ඇවිදින්න යනවනම්! හම්ම්ම්ම්! ආතල් ගමනක් ගිහින් ලස්සනට රට තොට බලාන ජොබ් එකත් කරගෙන එද්දි මාර සනීපයක් ඇති!

    ReplyDelete
  14. @ මාධව
    සාදරෙන් පිළිගන්නව මේ පැත්තට... ආවට බොහොම ස්තූතී
    මචො කරපු ජොබ් එකනම් නියමයි..ගොඩක් පලාත්වල ඇවිද්ද..නමුත් පස්සෙකාලේ... මගේ පෞද්ගලික හේතු නිසා ඒ ජොබ් එකේන් අස්වුනා බං

    ReplyDelete
  15. අපරාදේ පොඩ්ඩක් කිව්වනම් පාර කියනවනෙ! :D

    ReplyDelete
  16. @ සමාදී
    ලොකු නොනේ...මේ අවුරුදු 7 විතර කලින් වෙච්චී සිද්දීයක් නොවැ...

    ReplyDelete
  17. නියම අත්දැකීමක්. ඉස්සෙල්ලම රස්සාවකට ගියාම ලැබෙන ඔය වගේ අත්දැකීම් පසු කාලෙක ජීවිතේට හුඟාක් ප්‍රයෝජනවත් වෙනව.

    ReplyDelete
  18. @ ඇත්තේන්ම ඔවු..පලවෙනි රස්සාවේ අත්දැකිම්..මේ ගෙවෙන රැකියාව කරගෙන යන්න තල්ලුවක් උනා...

    ReplyDelete
  19. ඔය පැති නියමයි බන්... එක පාරක් අපි රෑ 10 ට විතර සූරිය කන්ද හරහ එන්න හදල ඒ පැත්තෙ මිනිස්සු යන්න එපා කියල පට්ට රවුමක් දාල ආවේ...

    ReplyDelete
  20. @ පලාමල්ල
    ඔව් මචො රෑ නමෙන් පස්සේ ඔයපැත්තේ මංකොල්ල කාරයො ඉන්නවලු...නමුත් මම නං රෑ වෙලා ඔතනින් ඇවිත් තියෙනව..මොකෙක් වත් හිටියේ නෑ

    ReplyDelete
  21. පළවෙනි ජොබ් එකටම කට්ට කන එකත් හොඳයි... මුලින් කට්ට කාලා පස්සේ හොඳ තැනකට ගියාම ඉස්සර කාපු කටු මතක් කර කර හිනාවෙන්නත් බැරියෑ...!

    ReplyDelete
  22. @ Chathuranga
    සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට...සිතූති ආවට...
    අනිවා මචො

    ReplyDelete
  23. හපොයි මස්සිනේ මමත් ඔය වගේ කටු කාල එපා වෙලා තමයි මගේම කියල වැඩක් පටන් ගත්තේ

    ReplyDelete
  24. @ itnishantha
    නියමයි මචො...මාත් මගේ කියල දෙයක් පටන්ගන්නව තව ටිකකාලයක් යයි...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...