Monday, September 26, 2011

පොත් ප්‍රදර්ශනයක්.ගාමනී සහ බූරුවා මහත්තයා.........



අද සෙනසුරාදා........

  බෞද්ධාලොක මාවත පැත්තේ මේදවස්වල පොඩ්ඩක් කාර්ය්‍ය බහුලයි.... කොහොම උනත් මසියට පින්සිද්ද වෙන්ඩ මිනිහගේ වන්ඩියෙන් ඇවිත් බී. එම්. අයි. සි. එච්. .... ගාවින් බැහැගත්තා.... මොනාඋනත් උදේම ආවහින්දද කොහෙද තරමක් ජනතාව අඩුයි...හැබැ පුතො...තවටිකකින් හුස්මක් කටක් ගන්නව බොරු....


  මේපාර ප්‍රදර්ශනේ පවත්වන්නේ 13න් වෙනි වතාවට..ඔක්කොම ප්‍රදර්ශන කුටි 420 කියල තමා ආරංචි...මේ අතරේ පොත් ප්‍රකාශක කොම්පැනි 120 ක් පමන තියෙනවලු....

   ඉක්මනට ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වෙලා.. අවසරපතකුත් අරගෙන ඇතුලට යන්ඩ යනකොටම...ඔං..කොකාකොල එකේ කට්ටිය තුන්ඩු කැලි වගයක් බෙදනව මොකෑ මේ කියල බලනකොට කස්ටිය අලුතෙන්...ඇපල් මිනිට් මෙඩ් එකක් ලොන්ච් කරනව" නිකං දෙනවනං දෙමල පත්තරේ උනත් මොකැ කියනව වගේ.." අපේ කස්ටිය හොගාලා මිනිට්මෙඩ් බොනව....

  ගල්කිස්ස මහ හොටලේ ආපන ශාලාවත් පහුකොරගෙන හාපුරා කියලා බ්ලොක්  "එ" ට ගොඩ උනා.... ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයො බොහොමයක් මෙහි කුටි විවරකරලා තිබුනා...ඒවගෙම බ්ලොක් "බී" එකේ ලාංකීය පොත් ප්‍රකාශකයො බොහොමයක්ගේ කුටි ඉදිවෙලා තිබුනා... "කේ" බ්ලොක් එක බෞද්ධ පොත්පත්වලටම වෙන්වෙලා තිබුනා....මල්පියලි,...එක්ස්ප්‍රො ගැරැෆික් වගේ..ප්‍රකාශකයෝ වෙන වෙනම කුටි ඉදිකරලා තිබුනා.....

   දවල් 12..විතර වෙද්දි දවල් වේලත් එතැනින්ම අරගෙන ....එලියට බැස්සේ වැල්ලවත්ත පැත්තට යන්ඩ.....

  මොන...154 බස් වල කටකපලා සෙනග..පොත්ගොඩකුත් උස්සගෙන ඒකෙනගිනව බොරු...ත්‍රිවිල් එකකට අතදැම්මේ ඔය අස්සේ එකා අස්ප ගනං..කොහොමහරි ඊගාවට නවත්තගත්ත එක සාධාරන මනුස්සයෙක්....
   
කොහොමහරි දවල් 1.15 විතර වෙද්දි සැවොයි සිනමාහලට එන්න පුලුවං උනා..........

  
දවල් අවුකූටකේ ටිකවෙලාවක් පොලිමේ ගතකරලා හොල් එක ඇතුලට රිංග ගත්තේ "ගාමනී" ෆිල්ම් එක බලන්ඩ කියලා....රියල් අද්මිරාල් සරත් වීරසෙකර මහත්තයා අධ්‍යක්ෂනය කරපු....ඩබ්ලිවු. ජයසිරි, මහෙන්ද්‍ර පෙරෙරා,බිමල් ජයකොඩි,සුමින්ද සිරිසෙන,වීනාජයකොඩි,සනත් ගුනතිලක,දිල්හානි එකනායක...වගේ ප්‍රවීන රංගන ශීල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනව.....

  හිරුගේ මලානික රැස් දහර වෑ කන්ඩිය දිගේ විත් වැවු ජලයෙන් බොඳවෙලා යන ගොම්මනේ ගැමි ගෙදරකින් ඇසෙන බන පද ගම්මානේ පුරා විසිරි පැතිරි ගොසින්.....මේ අපේ රටේ එක් අඳුරු යුගයක ඒ අඳුරෙ බිහිසුනු කමට දැඩිව මුහුන පාපු එක් දුෂ්කර ගම්මානයක්....

    මේ ගම්මානේ ගැමියන් ජීවිතයත් මරනයත් අතරේ ගෙවෙන ජිවිත...එක්තරා අවාසනාවත්ත රාත්‍රියකට පස්සේ අවදිවන මූසල උදැසන....තමන්ගේ ලෙයින් මසින් ඉපැදුන දරුපැටවුන්ගේ අකල් වියොව....තම පනටත් වඩා ආදරේ කල පෙම්වතියගේ මරනය..... මෙවන් කම්පනයක් දරාගත නොහැකිව කම්පනයෙන් විකල්වන පියෙක් සහ දරුවෙක්....ගම රැකගන්නට මුල්වෙන මහ සඟ රුවනක්...මේසා එක්සිත්ව කටයුතු කරන ගුරුවරියක්......

   අවසන ගමේ තරුණයන් ගේ ශක්තියෙන්...හා හමුදාවේ....උපක්‍රමශීලි දැනුමෙන් සන්නද්ධව නපුර ජයගැනිම....සිංහලයාගේ ...නොනැසෙන දයාව ....මේ සියල්ල කැටිවූ දුක ම්ශ්‍ර සතුටකින්....සවස 4.30 පමන සැවොයි සිනමා හලින් මිදුනෙමි ....

    සතියේ දිනක මෙන් නොව මේ සතිඅන්තය බැවින්දො... හයිලෙවල් පාර කලබලයෙන් තොරය..... කොළඹ සිට පැමිනි 138 බසයක නැගුනේ මහරගමට යන අටියෙනි....

                 මහරගම යොවුන් රඟහලේ ජයලත් මනොරත්නයන්ගේ "බුරුවා මහත්තයා" වෙදිකා ගතවන බව දින කිහිපයක සිට දර්ශනයවූ බැනර් කටවුට් මගින් දැන සිටියෙමි.....කෙසේ හො 6.30 දර්ශණය නැරඹිය යුතුමය....



   කඳුකරයේ ඇත දුෂ්කර ගම්මානයක ඉපිද පොරමඩුල්ල මහ  විදුහලින්..පෙරාදෙනිය විශ්ව විද්‍යාලයට පිවිස...ප්‍රවිනයන් රැසක් සමගින් සමජයට පිවිස ලක්මවට ඔහු විසින් දායාද කල වෙදිකා නාටක ඉතා අගනේය...." බුරුවා මහත්තයා" ඉන්දියානු උර්දු ලෙඛක "ක්‍රිෂන් චන්දාර්" විසින් රචිත " මිස්ටර් ඩොන්කීස් ඔටෝ බයෝග්‍රපි" නැමැති කෘතියේ සිංහල පරිවර්ත්කයා වන "ගුණතිලක මැටියගනේ" විසින් රචිත " සත්ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිකිත චරිතාපදානය" පාදකොටගෙන කල නිර්මාණයකි...

   මහරගම යොවුන් රඟහල බොහො කොට ප්‍රෙක්ෂකයන්ගෙන් පිරි ඇත... රඟහල ඝර්භයේ පහන් ආලොකය නිවී වෙදිකාව ආලොක වත්විය.....ඉන්දියාවේ..එක් ප්‍රාන්තයක...යමුනා ගංතෙර..එක්තරා ධනවතෙක් තම පුස්ථකාලය සහිත මනරම් නිවෙස්නය සාදයි...මෙහි වැඩබිමේ සිටින එක්තරා බූරුවෙකු, මේ ධනවතාගෙන් කියවන්නට උගනි....කතාකිරිමේ හා කියවිමේ හැකියාව ඇති මේ බුරුවා,..ඉන්දියාවෙ..එකල පැවති සමජීය දෙශපාලනික අර්බුදවලට මැදිව...අකාලයේ මියයැම දක්වා ඇතිවන සිදුවීම් දාමයක් නාටකය පුරා දිවයයි....

  රටක පාලකයන් රට වැසියන්ට, නොව තම කුස ආරක්ෂා කරගැනිමටත්....රාජ්‍ය නිලධාරින්ගේ තම වගකිම් පැහැරහැරිමේ කලාවත්....මනාව විධහා දක්වන නාටකය තුල... ජයලත් මනොරත්න, මාදනි මල්වත්ත, ගිහාන් ප්‍රනාන්දු ඇතුලු දක්ෂ ශිල්පින් රැසකගේ රංගන කුසලතා දක්නට ලැබේ.....

    රාත්‍රි අඳුර ඝනව දසත වෙලාගත් සමයක...රංග ශාලාවේ ප්‍රෙක්ෂක කැල අතරින්....මහමගට පිවිසී මා...සිතිවිලි සමුදායක් සමගින් බසයක ගොඩ උනෙමි.....         
 



 
    

  
   

Thursday, September 22, 2011

ආදරණීය ජෝ..මහත්තයා.






සීනමාවේ පඨාකයන් සමග සමකාලිනව අඩසිය වසක් ඉක්මවූ....එකාකාරි චරිත රටාවෙන් ඔබ්බට ගිය....නවකයන්ට වින්දනීය ගුරුවරයකු වූ ඔබ...

අපගෙන් වියොවීම දරාගත නොහැක...

ලක් මාතාව හැරගිය අමරණීය්‍යන්ගේ....ලොවට එක්වූ ඔබට...නිවන්සුව අත්වේවා..............!


Friday, September 16, 2011

ගත්කරුවෙකුගේ..නික්මයැම........



 සෙකරයන්ගේ සමාගමේ පහස ලැබ...සෙකරයන් සේම ලක්දිවට ආලොකයක්වු....සියනැ කොරලයට මහත් ආඩම්බරයක් වු..ඔබ,...ඔබගේ....

"චරිත තුනක්" කෘතිය....අතිමහත් පාඨක කැලගේ පිපාසාව..නිවිමට මහත් රුකුලක් වීමම,...ඔබගේ පෑනේ සුරුවිරු කම් වලට කදිම නිදසුනකි.

   එ අතිමහත් පාඨකයන්ගේ කුඩා පුරුකක් වූ මාද.....ඔබගේ සිතිවිලි... තෙළි තුඩින් රසවත්වු කෘතින් කියවා සැනසුනේමි.....

කතුවරයාණෙනි...ඔබ සදා අප සිත්හී....ජිවමානවනු නියතය.......
      

Monday, September 12, 2011

ගල් ඔයෙන් වමට හැරී...කොක් දූවට..( 2ක.)




පැයකට ආසන්න කාලයක් දෙවොලේ ගතකල අප නැවත ත්‍රිමළ නගරයෙන් ඇතට ගමන් කලේමු.මෙවර අපගේ නැරඹුම් පල නිලාවෙලී මුහුදු වෙරළට ඔබ්බෙන් පිහිටි කොක් දුවයි. අඩ පැයකට ආසන්න කාලයක් ගමනේ යෙදුන අප මඳක් ජනාකීර්නවූ පෙදෙසකට පැමීනිමු....ගමන අතරවාරයේ බඩඉරිඟු කරලක රස බැලීමටද අමතක නොකලේමු.

     නීලාවෙලි ලක්දිව පිහිටි වෙරළ අතරින් ප්‍රසිද්ධ ස්ථානය් බැවින්  සංචාරකයන්ගේ නිරන්තර පහස ලද්දකී.....අප මෙහි පැමිනෙන විට  ලාංකීයො මෙන්ම විදේශීය පුද්ගලයන්ගෙන් ද සැදුම්ලත් බොහො පිරිස් දැකියහැකිවිය. පැමිනි රථයෙන් බැසගත් අප වෙරළ දක්වා වු මාර්ගයේ ඇවිදගියෙමු. බැකො යත්‍රයකින් කපනාලද මාර්ගයක් වූ එය මඳදුරක් ගියවිට අලංකාර නිලාවෙලි සංචාරක නිකේතනය හමුවේ. එය පසුකරත්ම,මාර්ගය වැලි සහ බොරලුවලින් ඝහනවී....නිමෙෂයකින් වෙරළ දර්ශනයවේ 

    තෙරක් නොපෙනෙන මුහුදේ දිය රළ නිරන්තරව වෙරළ සිප සුදු පෙනකැටි නන්වයි.......අප සංචාරය කිරිමට සැරසෙන කොක් දූව ඇත සිතිජය සමග යාවි දිස්වේ. මොටර් බොට්ටු කිහිපයක් වෙරළ අද්දර වතුරේ පැද්දෙමින් රළ සමග ඔට්ටුවේ. කොක් දුවට යැමටනම්  මිලක් ගෙවා මෙම බොට්ටුවක් වෙන්කර ගත යුතුය. මඳ වෙලාවක් වෙරලේ ගැවසුන අප වෙන්කරවා ගත් බොට්ටුවට නගුනෙමු.
 
 බොට්ටුව හසුරවන තැනැත්තා විසින් දෙන ලද ජිවිතාරක්ෂක උපකරන පැළඳගත් අප සැමතුල පැවති චකිතය මදක් හිනවිය.දෙදෙනකු විසින් තල්ලුකරනු ලැබු බොට්ටුව මඳක් ගැඹුරු දියට වන්කල...මොටරය සැරදමා ඉදිරියට ඇදෙන්නට විය..... ඇතැම් විට නැගුන දැඩි රළ කඳ මත බොට්ටුවේ වෙගය හින විය...දැන්දැන් කොක් දුව දර්ශන පඨයේ විශාලවන අතර අපගේ දිවයින අපගේ දසුනෙන් කෙමෙන් ඇත්වියයි.
 
    බොට්ටුව මඳ වටයක් ගසා දුපත් වෙරලට පිවිසිය...හත්පස මුහුද ඉතා ශාන්තය මීට ප්‍රදානතම සාදකය විශාල කොරල් පරයක් දුපත වටා පිහිටිමයි. ඇත්තෙන්ම ප්‍රවෙශම් නුනොත් දෙකකුල් තුවාල විම නැවැත්විය නොහැක.දුපත බොහො කඩොලාන ශාඛයන්ගෙන් යුක්තය.....මුහුදු පරිසරයේ දක්නට ලැබෙන මිටි ගස් බොහො තැන්හී වැවී ඇත. එසේම දුපත වටේ සහ අභ්‍යන්තරයේ බොහො ගල් පර්වත දක්නට ලැබේ.
   අප පැයකිහිපයක් හොඳහැටි ලවන දියේ ගතකලේමු. දැන්නම් අදික කුසගිනි දැනෙමින් පවති..... මෙවෙලේ තවත් පිරිසක් රැගෙන පැමිනි බොට්ටුවක නැගුන අප දුපතට අයුබොවන් කියා අපගේ මවු දිවයින බලා නැවත ගමන් ඇරඹිමු. ගැනියහැකි කාලයක් මුහුදත් සමග ඔට්ටුවු බොට්ටුව නිලාවෙලි වෙරලට සෙන්දුවිය.

     අපව ප්‍රවෙශමෙන් නැවත අප දිවයින වෙත රැගෙන ආ එම බොට්ටුවේ ක්‍රියා කරුට ස්තුතීකල අප නැවත ත්‍රිමලය බලා පිටත්විමු. අතරමග කුඩා ගැමි බොජුන් හලකින් කුසගිනි නිවාගත් අතර,පෞරානික යුධ සොහොන්බිම නැරඹිමට ද අමතක නොකෙලෙමු.
 

මළ හිරුගේ රැස් මාලා ත්‍රීමල ජැටිය වෙලා දිදුලද්දී.......නැවතත් අපසැම අප මිතුරාගේ නිවෙසබලා පැමිනිමු. මඳ වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී රාත්‍රි ආහාරයද බුක්තිවිඳ...නිදිවැදුනේ හෙටදින නැවත කොළඹ බලා පැමිනිමේ අදිටනෙනි......................