Monday, November 14, 2011

දිවියන් සොයා විල්පත්තුවට 2ක.


   ඔය...වන උයන්වලදී ඔබට මුනගැහෙන...මගතොට ගැන ඔබට කියල පෙන්නල දෙන...මාර්ගොපදේශක මහත්තුරු...හරි අපූරු කට්ට්ය නොවැ...හරි කෙනා එක්කල මේ ගමන යන්ට පුලුවන් උනානම් ඇත්තටම ඔබ දිනුම්.....ඒ වගේම ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට වඩා අපේයි..වනයේයි ආරක්ෂාවගැන තමයි..ඒයාල මුලින්ම හිතන්නේ...
   දන්නවද ඇයි මම කතාව එහේම පටන්ගත්තේ කියලා....අර මුලින් කිව්ව දෙබර ජනපදේ පහුකොරලා අපි ඉස්සරහට එනකොට රැ හුලඟට අහුවෙච්චි ලොකු ගස් අතූ කැල්ලක් අපි ආපු මග හරහා වැටිලාතිබුනා...ඉතින්  අපි කාටවත් වාහනේන් බහින්න නොදී එයාම අර අතුටික පාරෙන් ඉවත්කලා....

 
   

ඔය සංගෙදියෙන් පස්සෙ අපි ඇතුලු උනේ තරමක් ලොකු විල්ලුවකට...මාස කීපයක දැඩි පැවිල්ලට අහු උන හින්දා මේ විල්ලු වල වතුර තරමක් දුරට හිඳිලා තිබුනේ ..ඔය කොයිහැටි වෙතත් ටිකක් ඇතට වෙන්ට විමසිලිමත් දෙනේත් කීපයක් අපි දිහා බලාන උන්න ඔං ඉන්නව ඒ කට්ටිය..කොහොමද ඒ අං පළඳනා වල තියෙන අපූරුව...



    ඔහොම විලේ අනෙත් ඉවුරට එනකොටම..කළබලවෙච්චි මෙන්නමේ කට්ටිය එක පොදියට අහසට නැග්ගේ..වනන්තරේ අසිරිය මනාව කියාපාමින්....

 

     විල්පත්තු වන උයන ලංකාවේ..තියෙන මහ අපුරූ පරිසර පද්දතිවලින් සුවිශේෂී එකක්නේ...විල්පත්තුවෙ තියෙනව විල් එකසිය දාහතරක් විතර..මෙයින් එකවිලක තියෙන්නේ තනිකරම ලවණ ජලය..අපේ මගපෙන්වන්නා කියන විදිහට කැලේ සත්තු මේ විලෙන්නම් වතුර බොන්නේ නැතිලු..ඒ වගේම මේ විල මුහුදට සම්බන්දයි කියලත් කියනව...ඔකට නම දාල තියෙන්නේත් ලුණු විල කියලා

 

 ඒවගෙම තමා ගහකොල... සමහර තැනක දක්නට ඇති කටු පඳුරු වලින් ඝහන ශුෂ්ක පරිසරය.... ෂණයෙන් සිසිල් රූස්ස ගස්වලින් හෙබි ඝනකැලයක් බවට පත්වෙන හැටි...පුදුමාකාරයි.

 



 ඔහොම ඉස්සරහට යනකොට තවත් වැදගත් කෙනෙක් තමයි  මුනගැහුනේ..හැබැ ලංකාවේ ජාතික පක්ෂියා කියල කිව්වට මොකද මෙයාගේ වැඩේ කැලේ බිඳගෙන දුවන එක...



 මේ විදිහට සුන්දර වනපියස අතරින් බොහොදුරක් ආපු..අපි ලංකාවෙ ඓතිහාසිකව අතිශයින්ම වැදගත් භූමියකට ඇතුල්වුනා....ඒ ගැන කතාකරන්ඩ අපි ඉක්මනින්ම මුනගැසෙමු..















17 comments:

  1. ලස්සන විස්තරෙත් එක්ක පිංතූර ටික..දිවියව පෙන්නන්නේ කවද්ද......

    ReplyDelete
  2. @ නොදුටු ලොවක්
    මචො මම ඒ ගැන අන්තිමට කියනව...ස්තූතී..

    ReplyDelete
  3. රාජ් එක්ක ඊරිසියා වෙලා වැඩක් නෑ...විල්පත්තු යන්න ඕනෙ....පින්තූර ටික එක්කම විස්තර තියෙන හන්දා අපිත් චාරිකාවට එකතු උනා වගේ....

    ReplyDelete
  4. @ දිල්
    බොහොම ස්තූති දිල්..

    ReplyDelete
  5. පින්තූර ටික හරිම ලස්සනයි... අපිව අරන් යන මේ චාරිකාවට ගොඩක් ස්තුතියි.... ඊළඟ පාර ලංකාවට ගියාම කොහොම හරි යන්න ඕන....

    ReplyDelete
  6. අඩේ සුපිරියි නේ... ආසයි බන් යන්න.... ඒත් ඉතින් ලංකාවට ආවම කොහෙද වෙලාවක්... වෙලාවක් තිබ්බත් කට්ටිය එකතු කරන් ඔව්ව යද්දි බැරිය... ට්‍රයි එකක් දෙන්න ඕනි...

    සිරාවට ලියල මචන්... ලස්සනයි... ඉතිරියත් දාපන්..

    ReplyDelete
  7. @ මියුරු
    බොහොම ස්තුතී

    @ පිස්සා පලාමල්ල
    පුලුවන්නම් පලයං වෙලාවක..ස්තුතී මචො

    ReplyDelete
  8. වින්දෙමි උපරිමයෙන්. ස්තුතියි. අපිත් ගියා වගෙයි.

    ReplyDelete
  9. ලස්සන පිතූර ටික මචං.සිරාවටම

    ReplyDelete
  10. මං දෙපාරක් ගිහිනුත් දැක්කෙ මුවොයි වළි කුකුලොයි විතරනෙ!

    අපිනං ගියෙ 2004 දි.

    විජය ගොඩබැහැපු තැන බලන්න නොගියෙ ඇයි?

    ReplyDelete
  11. @ වෙදමහත්තයා
    බොහොම ස්තූතී

    @කස්සා
    ස්තුතී බං මං ගාව තිබ්බ කැමරාව එච්චර හොඳ එකක් නෙවෙයි..එනකොට හිතාගත්ත කොහොම හරි හොඳ ලෙන්ස් එකක් දාන්ඩ පුලුවං කැම් එකක් ගන්ඩ ඔන කියලා

    @ ඉන්දික උපශාන්ත
    බොහොම ස්තූතී මේපැත්තේ ආවට...හුඟක් ඉන්නේ මුවො තමා මචො විජය ආපු තැනටගියා..

    ReplyDelete
  12. අන්තිම පෝස්ට් තුනම කියෙව්වෙ දැන්. පොලිසියෙ කබරය ඇදල ගුටි නොකා ආපු එකත් ලොකු දෙයක්.

    කැලෑ කතා දෙකයි පින්තුර ටිකයි එන්ජෝය් කළා, ලංකාවට ආවම යන්න ඕනෙ විල්පත්තු ටුවර් එකක්.

    ReplyDelete
  13. @ ඔබා අයියා
    කබර කෙස් එකේදිනං මාර කට්ටක් කැවේ...බොහොම ස්තුතී ඔබා අයීයේ..පුලුවන්නම් විල්පත්තුව පැත්තේ යන්න

    ReplyDelete
  14. ඉතුරු ටිකත් ලියමු මචං.
    මම හිතන්නේ උඹ කොටි හපුවෙක් දකින්න ඇති කියලා
    අපි දවස් ගානක් කට්ට කාලත් අපිට එකෙක්වත් බලන්න බැරි උනානේ

    ReplyDelete
  15. ෆොටෝ ටිකත් එක්කම කතාව කියෙව්වහම විල්පත්තු ගියා වගේ දැනෙනව !

    ReplyDelete
  16. @ ලොකු
    ඔකා බලන්ඩ මාර කට්ටක්නේ කන්ඩ ඔන..බං මංහිතන්නේ එකට මොකක් හරි වාසනාවකුත් තියෙන්ඩ ඔන ඇති...

    @ Weni
    බොහොම ස්තුතී මේ පැත්තේ ආවට සාදරයෙන් පිලිගන්නව..

    ReplyDelete
  17. //ලංකාවේ ජාතික පක්ෂියා කියල කිව්වට මොකද මෙයාගේ වැඩේ කැලේ බිඳගෙන දුවන එක... // ඒකනෙ ජාතික පක්ෂිය කරගත්තෙ.නියමෙට ගැලපෙනව නේද?:)

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...