Friday, March 9, 2012

නිකුත්කල දිනට පමණක් වලංගුයි....



කොහොමද කසාදයක් එහේම කරගත්තොත්.....


දැන් තනියම හිටිය ඇති නොවැ......දැන් ඉතින් අම්මල තාත්තල ගැනත් බලන්ඩ ඔනෑ......


ඈ බං ඔය කොල්ලට...., කෙල්ලට කසාදයක් කරල දෙන්ඩ එහේම කල්පනාවක් නැද්ද......


යකො ඔය හම්බෙලා තියෙන්නේ හොඳ චාන්ස් එකක් බැඳහං බං ආයි හිත හිතා ඉන්ඩ දෙයක් නෑ......


 හප්පේ පවුලක් පංසලක් නොවිච්චි ඔනෑම කොලේකුට කෙල්ලෙකුට ඇහෙන වචන නේ ඔවා.. ඔය කරකාරේ යන වැඩේත් ලේසි නෑ දැන් කාලේ.....


සල්ලි වියදං කොරන්ඩ ඔන තරං හේතු තියෙනව.....


අච්චිලගේ සීයලගේ කාලේනම් දවස් 7ක් මගුල් කනවලු...අනේ අප්පේ මේකාලේ දවස් 7ක් මගුල් කන්ඩ නං N.G.O එකකින් ආධාර ගන්ඩම වෙනව..දවස් 7ක් තියා දවස් දෙකක් මගුල් කනව කියන එකත් සැහෙන්ට දරුනුයි නොවැ.


ඔය කරකාරේ යන උත්සවේ ඉස්සර ගෙදරම කොලාට දැන් එහේම නෑ..ඔක හොටලකම තමා ගන්ඩ ඔන එහේමයි අපට උගන්නල තියෙන්නේ..ඒ විතරක් යෑ වැඩේ ලස්සනට ප්ලැන් කොරල තිතට වැඩේ කොරල දෙන්ඩත් දැන් කස්ටිය ඉන්නව..දහසින් බැඳි පියල්ලක් වගේ පොඩි තැග්ගක් විතරයි එයාල බලාපොරොත්තුවෙන්නේ..


ඉස්සර බුලත් දිලා කස්ටියටම මගුලට ආරධනා කලාට මොකද දැන් එක විතරක් මදි හොඳ කාඩ් එකක් දෙන්ඩත් ඔන කාඩ් එක පට්ටම එකක් වෙන්ඩ ඔන..නැත්තං මගුල් කන එකේනුත් වැඩක් නෑ ආයි බොවන්ඩ.....


කොහොමද කාඩ් එක පට්ට ඈ.........ගානත් අඩුයි



ප.ලි...
  ආ..අර මගුල් ගෙදරට කට්ටියම එන්ඩලා ..මේදවස්වල ගජරාමේට..කස්ටිය එකේ වැඩලු..ගොහිල්ලම බලන්ඩ


Thursday, March 1, 2012

බොඩි කමල යාගේ ඇනිවසරිය...




දැනට වසරකට පෙර යහලුවන් පිරිසක් මංගල්ලයකට සහභාගී විම සඳහා කන්ද උඩරට බලා පිටත්වුහ.හැබැ කට්ටියම ගියේ මනමාලිගේ පාර්ෂවය පැත්තේන් උත්සවයට සහභාගි වෙන්ටයි.

උදැසන 10 විතර වෙනකොට මගුල් උත්සවය තිබුන උත්සව ශාලාවට යන්නට මේ කස්ටියට හැකි උනා. සුපුරුදු චාරිත්‍ර වලට අනුව කස්ටියම වෙල්කම් පැන් සංග්‍රහයත් බුක්ති වින්දහ.

නමුත් පැමිණි පිරිමි පාර්ශවය නොසන්සුන්ව ඇස් අයාගෙන මුඛ පියන් අතරින් නොදැනිම ඛේථය  පොපියවමින් බලාසිටියේ මල්පැන් සංග්‍රහය බුක්තිවිඳිමට ආරාධනා ලැබේනා තෙක්ය.

ඉවසිමේ සීමාවෙන් ඔබ්බට යැමට ප්‍රතම ලැබුන ආරාධනයෙන්....සිත්සේ මල්පැන් පහස ලැබුවද...මනාලිය පාර්ශවයෙන් ලැබුන විශේෂ ආරාධනයක්..මත  ශාලාවේ එක් කාමරයකට රහසේ ඇතුල්වුහ.

මහත් ආදරයෙන් හා බක්තියෙන් මනාලියගේ මලයා විසින් තවත් මල්පැන් බොතල දෙකක් අරකි පිරිසට පිළිගන්වනු ලෑබුවේ මේ අවස්තාවෙදිය

කවදාවත් මල්පැන් එපා නොකියන පිරිමි පාර්ශවය සිත්සේ අරකී බොතල් දෙකද හිස්කලේ රටක් රාජ්‍යක් දිනු යෝධයන් පිරිසක් සේය.

කස්ටිය යහමින් මල්පැන් තොලගාමින් සිටින අතරේ කමලයා පෙරටු කොටගත් තවත්  කිහිප දෙනෙක් කාමරයේ අහුමුලු පිරික්සන්නට පටන්ගත්තේය.

මුකුත්ම සොයාගන්නට බැරිවූ මේ පිරිසට එකවර ඇස ගැටුනේ කාමරයේ තිබු තඩි අල්මාරියයි... වෙලාවට අල්මාරිය අගුළු ලා නොතිබින.

 මොවුන් අල්මාරියේ දොර පියන් හැරළුයේ මහා මෙඝය සත්කඩකට පැලු යොධයන් මෙනි. අල්මාරිය ඇතුලේහි වුයේ වෙනකක් නොව කන්තාවකගේ ඇඳුම් ආයිත්තම් කිහිපයකි.ඇඳුම් කැඩුම් ඇවිස්සු කමලයාට අහුවූයේ කාන්තා තන පටයකි..

නිල් මාණික්‍යක් දුටු නාගයකු මෙන් තන පටය අතටගත් කමලයා..

මෙතෙක් මල්පැනි තොලගාමින් සිටි පිරිසගේ අවධානයට ලක්විය...
  
කමලයා සොයාගත් මේ මහර්ඝ වස්තුව වෙනකෙකුගේ නොව පෙරකී මනාලියගේ ඇඳුම් ආයිත්තම් වල කොටසකි.
  
නොයෙක් දෙනාගේ උල්පන්දම් වලින් උසිගැන්වුනු කමලයා තනපටය සැඟවුයේ මනාලිය උපහාසයට ලක්කොට නැවත දිමේ අදහසිනි.

නමුත් සිදුවූයේ වෙනකකි....
   
මුල් අවස්තාවේ කමලයාව උසිගන්වා..උඩගෙඩි දුන් පිරිසම පසුව ඌට "බොඩි කමලයා" ලෙස නම් පටබැඳ  උසුළු විසුළු වලට ලක්කිරිමයි
     
   
මෙම සිදුවිම අදින් වසරකට පෙර ලක්දිව කන්ද උඩරට එක්තරා හොටලයකදි සිදුවිය.

හැපි ඇනිවසරි.....!

ප.ලි
  අර සිහින බක්මහ උළෙලට තව දවස්.. පැය.. මිනිත්තු..... හික් බලනවනං ඔන්න මෙතනින් යන්ඩ ඈ...හික් එදාට හම්බවෙමු එහේනං