Wednesday, May 30, 2012

බිංදු - 2ක.



1 වන දිගහරුම

"ම්.....සියදොරිස් කොහොමද දැන් එතන හාමිට.."

හපමින් සිටි බුලත් හපය පරණ පඩික්කං කබලට හලමින් පන්සලේ නායක හාමුදුරුවො හාන්සි පුටුවේ දිගාවිය.

" රත්නත්තරේ පිහිටෙන් දැන්නම් ගුනයක් තියේ ලොකු හාමුදුරුවනේ..."

   ආවසගෙයි එලිපත්තේ කොට පඩියට බරදෙමින් සියදොරිස් තම උරෙහි වූ සාලුව ඔඩොක්කුවේ ලාගත්තේය... 

" අර දැරිවිගේ අත්ගුනේ හින්දා තමයි බං මහ උන්දැ ඔයතරම්වත් ඔලුව උස්සලා ඉන්නේ..."

" එහේමයි ලොකු හාමුදුරුවනේ ඇස්වහක් කටවහක් නෑ..එකි හැම හෙනහුරාදාකම වගේ මහගේදර ගාටලා හොයල බලනව... කොහේද සිරිමලාට ඉස්පාසුවක් නෑ නොවැ හේන් වැඩ හින්දා..."

  " සියදොරිස් විමලා හේම ගම ආවෙ නැද්ද ගියදොහේ..."

" නෑ අපේ හාමුදුරුවනේ ඒකිට දරුවා හම්බ උනාට පස්සේ තාම ඒ හැටි සනිපයක් නෑ කියන්නේ...අනික ගුනපාලයත් සිදාදියට ගොහින් නේව..තව සතියකින් හමාරකින් ඌ ආහම එනව කියල පයිංඩයක් එවලා තිබ්බා..."

විමලාවතිට කුළුඳුල් දරු උපත සිදුවී පොහොය දෙකක් ඉක්මගොස් ඇත, පිරිමි දරුවකු ලැබිම ගුනපාලගේ සොම්නසට හේතුවක් උවත් විමලාට විටින් විට ඇතිවන තුනටියේ අමාරුව හේතුවෙන් ගේදොර කටයුතු වැඩිමනක් සොයා බැලීමට සිදුවී ඇත්තේ ගුනපාලගේ මව වන ඥානවතීටය.
  
නමුත් මෙවර  ගුනපාල කෙහේල් කැන් ලොරියත් සමග සිදාදියේ ගැටුවේ මහන්සියේන් ගොඩනගාගත් වෙලඳාම අකංපාළු වනහැටි බලාසිටිය නොහැකි බැවිනි.
 
  " ම්.... කෙල්ල ගෙදර ආපු වෙලාවක දරුවත් අරන් පන්සල පැත්තේ එන්න කියාපං, අපි සෙත්කවියක් කියල බලමුකො..."

   අරමුනක් නැතත් ඝංඨාර කුලුන වෙත නෙත් හෙලාසිටි සියදොරිස් නායක හාමුදුවන්ගේ හඬින් තිගැස්සී බැලීයේ...සැඳැ හිරුරැසින් කාන්තිමත්වූ ඝංධාර කුලුනට ගිනිකන වැටීසිටි එකකු මෙනි..
  
    "  ඒ ගැන අහලා බලන්නත් එක්කයි ලොකු හාමුදුවනේ මං මේ ආවේ.." 

 හිඳසිටි පඩියෙන් නැගිසිටි සියදොරිස් ඔඩොක්කුවේ තිබු සාලුව අතට ගෙන හාන්සිපුටුව ලඟ දනින් වැටින

" සුවපත් වේවා..."

"කනෙවි සියදොරිස් කඨීන පිංකමත් ලඟ එනවා අර බිංදු කොලුවට  කාන්ඩෙත් එක්කලා මෙපැත්තේ ඇවිල්ලා යන්ට එන්ඩ කියහං පන්සල් වත්ත පොඩ්ඩක් කල එලි කොරල ගන්ට එපායැ..."

" එහේනම් අවසර ලොකු හාමුදුරුවනේ මම ගොහිල්ල එන්ඥං...."

බයාදු සිනහවක් මුවට නගාගත් සියදොරිස් පහතට කරගත් හිසින් යුතුව පංසල් මායිමෙන් බැස ගියේය...

කාලවර්ණ නිරුවත් උඩුකයේහි පෙර ශක්තිමත් මස්පිඬු වලින් හෙබි ලකුනු පෙනුනද, කාලයත් සමග මදක් ඉදිරියට නැවීගත් සිරුරක් ඇති මේ සරල ගැමියා තම කටොර ජිවන මගේහි සැඳැ සමය ගතකරන අන්දම දකින ලොකු හාමුදුරුවන්ගේ සිත්හි උපෙක්ෂා සහගත සිතිවිලි ඇතිවි නැතිවි ගියේය.

" සිරිනන්ද...පොඩි හාමුදුරුවො......පොඩ්ඩක් මේහාට වැඩියඥං..."

" ලොකු හාමුදුරුවනේ..."

"
මං බිංදු කොලුවට එන්ඩ කියල  පයිංඩයක් යැව්වා...උන්දැල ආහම පංසල් වත්ත එලිපෙහේලි කොරල ගත්තනං අර පල්ලේහා වල් වැවිලා හරියට..."

" එහේමයි ලොකු හාමුදුරුවනේ..."

  

විරාමය....... 



Monday, May 28, 2012

"තායිලන්තයේ රොසමල" දෙගොඩහරි ජාමයේ පිටවී දෙගඩොහරි ජාමයේම පැමිනියේමි.....




  හදිස්සියේම ලංකාවෙන් බැහැරවන්නට සිදු උන නිසා බ්ලොග්  අවකාශයෙන් මදකට ඇත්වන්නට සිදුවිය. නමුත් මා දැන් නැවතත් මාතෘ භූමියට පයගසා සිටිමි...ඒ නම් ගතට මෙන්ම සිතටද  මහත් අස්වැසිල්ලකි. දේගොඩහරි ජාමයක රටින් පිටවි දෙගොඩහරි ජාමයේම නැවත පැමිණියේමි.

 උතුරු තායිලන්තයේ චියාන්මායි නගරයට සේන්දු වීමට කාර්ය්‍ය බහුල බැංකොක් ගුවන්තොට හරහා ගොස් නැවත තවත් ගුවන් නැවක නැගී රට අභ්‍යන්තරයට පැයක පමණ කාලයක් ගමන් කල යුතුවන්නේය...නැතිනම් බසයක පැය 10 කුත්, කොච්චියක පැය12ක කාලයක් ගතකර  ඔබ චියාන්මායි වෙත පැමිනිය හැක. කාලය ගැන සිතතොත් වඩා නුවනට හුරු ගුවන් නැවක් තොරා ගැනිම නොවේද...?


 චියාන්මායි ගුවන්තොටින් රට අභ්‍යන්තරයට පිවිසෙන ඔබට තායිලන්ත රජ තුමාගේ රුව රැඳි පුවරු දැකගත හැක.එසේම නගර වැසියන් තමනගරය පිරිසිදුව තබාගැනිමට ගන්නා උත්සහය අපහට නම් මහත්වූ ආදර්ශයකි.එමෙන්ම නගරද්වාරය පසුකරන ඔබට පැරණි අරක්ෂක පවුරු වලල්ල දැකගතහැකියි.


 තම රට ගැන මහත් ඇල්මක් ඇති මේ වැසියන් පිටදේශීය නිශ්පාදිතයන් තම අවශ්‍යතා ඉටුකර ගැනිමට යොදා නොගන්නා තරම්ය.එසේම දෙශීය ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය අතිමහත්ය. බොහො ගෘහ කර්මාන්තයන් හි ඔවුන් නියැලේන අතර ඉවත දමන බොහෝ දැ උපයොගී කොටගෙන නිර්මාණශීලී අත්කර්මාණ්තයන්හි ඔවුන් නියැලේ. මේසඳහා අවශ්‍ය හොඳ වෙළඳ පොලක් ඔවුන්ට නිර්මාණය කරදිමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද කටයුතු කරතිබිම අපට ආදර්ශයක් නොවෙද...?



 තරුණ තරුණියන්ගේ මෙන්ම බොහෝ නගර වැසියන්ගේ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍ය මොටර් බයිසිකලය වන අතර ඒවා අපේ බයිසිකල් වලට සාපෙක්ශව තරමක් කුඩා ස්වරුපයක් ගනි. විශේෂයෙන්ම කිව යුතු වන්නේ මෙම රථ වාහන බොහොමයක් වායු දුෂණයෙන් තොරය. බස් රථ දක්නට නොමැති තරම් වන අතර ත්‍රිවීලර ඔවුන් හඳුන් වන්නේ " ටුක් ටුක්" යන අනුවර්ථනාමයේනි.


  ලංකාවේ මෙන් නොව ඉන්ටර්නේට් කැෆේ, තරුණ තරුණියන් අතර  මේ නගරයේ ඉතා ජනප්‍රිය අංගයකි...විශාල කැෆේ මගතොට දක්නට ලැබේ..



එසේම කුඩා නිවාඩු නිකේතන සඳහා ඔවුන් යොදාගන්නා ප්‍රචාරක පුවරු සිත් ලගන්නා සුලුය. 

             


Sunday, May 13, 2012

නොසිතු මොහොතක , නික්ම යාම.. [ ජීවමාන වූ ''ඔබ්සර්වර්" නාමය...]




සයිබර් සිහින උළේලට පැමින කොලු කෙල්ලන් හා හරි හරියට සතුටුවන්නට ඔහුට තිබූ තරමේ ඔනෑකමක්......ලංකාවේ සිටි අපටවත් තිබුනාදැයි යන්න සැකසහිතය....

මහා පෞෂයකට උරුමකම් කිවත් වලිකැටයක තරම් වත් මාන්නයක් සිතෙහි නොරැදි මේ නිහතමාණි  කම වරෙක තවෙකෙකුට ආදර්ශයක්ම විය...

 ඔහු හා සමග රැඳී වචනයක් දෙඩීමට තරම් මාද වාසනාවන්ත වූයේ අහම්බෙනි

  " ඇත්තු කවද්ද  බං හයියෙන් ඇවිද්දේ..."

මේ ඔහුගේ හඬයි...හැමවිට මුවඟ නැගුන සරල සිනහවෙන් ඔපවත්වී ජීවිතය විඳිමින් අප හා සැරි සැරු සුන්දර මිනිසානේනි....තවත් ඔබ හා රැඳෙන්නට අප පින්කර නොතිබීම අපගේ අභාග්‍යකි....


සයිබර් කැටපතේ අකුරු කල හැම විටකම ඔහු අපව ඇගයුවේය...


ඔබා මාමේ මේ ඔබේන් ලද අවසන් පන්නරයද.....


  " මදියෝ.....
    ලස්සනයි ලියවිල්ල....ඉතුරු හරිය කියවන්න එනව අනිවා...ඩෙෆා..."

නෑවතී ඉඳිය නොහැක්කේමය... ආවානම්...කවදා හෝ යායුතුමය...

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා..............................
   
  

Thursday, May 10, 2012

බිංදු - 1ක


වෑකන්ද පිස හමායන සුළඟේ කර්කශ බව තවත් වැඩිවී ඇත..

යොවාද තම්පව....
                           ශක්‍ය මුනිං...............

කන්දේ ඉස්කොලේ ඇරෙන්නට තව වැඩිවෙලාවක් නැත.ඔය ඇසෙන්නේ  පාසැල ඇරෙන්න බවට ඇති හොඳම සාක්ෂියයි........


රෙදි ටික සොදා, වැව් දියේන් හොඳ හැටි නාගත් බිසො මැනිකා හනිකට වෑපිටිය දිගේ.. ලතාවකට වුව කඩිනමින් පා ඉක්මන් කරන්නේ සාගින්දරේ දිව එන කොලුවාට කලින් ගෙට ගොඩවෙන්නටයි...
කිරිහොදි සමග කරවල බැදුමක් ද සාදා තිබුනත්, කොළ මැල්ලුමට බිංදුගේ ඇති කෑදර කමටම බිසෝ මුකුනුවැන්නා කොල මැල්ලුමක් සාදන්නට හිතා ගත්තේය.

   බිංදුගේ ආච්චි ලෙඩ ඇඳට වැටුනායින් බොහො සෙනසුරාදා ඉරිදා දවස්වලට බිසො බිංදුත් රැගෙන සිරිමල්ගේ මහගේදරට යයි... අස්වනු නෙලිමෙන් පසු මේ, හේන් වැඩ පටන්ගන්නා කාලය බැවින් සිරිමල්ට තම අම්මාගේ ලෙඩ දුක් සොයා බැලිමට මහගේදර යාම අතපසුවිය නමුත් අඩුපාඩුවක් නොවෙන්නට  බිසෝ මැනිකා ඒකාරිය ඉටුකරන බව සිරිමල් දනි එය ඔහුට මහත් අස්වැසිලකි

'' හොඳටම බඩගිනි අම්මේ..."

"උබට ඉතින් කොයිවෙලෙත් සාගින්දරෙනේ....මුන අතපය හොදන් වරෙං මම බෙදලා තියන්නං..."

  පහවසරේ සිස්සත්තේ ඉහලින්ම සමත් නොවූනට බිංදු ඉගෙනිමට දස්සය. ඒබව පංසලේ ලොකු හාමුදුරුවො මෙන්ම නන්දාවති ඉස්කොලේ හාමිනේත් පහුගිය දොහක කියූ බව බිසොට මතකය.

" සිස්සත්තේ මහ ඉහලින් සමත් වෙන්ට ඔන නෑ ඉහලට ඉගෙන ගන්ඩ...ඔය සිස්සත්තේ පාස් නැති ඔන තරං මහත්තුරු ආන්ඩුවේ ලොකු පුටුවල ඉන්නේ..."

" කොලුව දස්සයා ඌට හොඳට උගන්නපල්ලා...."

පසලොස්සකට ලොකු හාමුදුරුවො පැවසුවේ එසේය...

" අම්මේ මම වැවට යනො...."

සිතිවිලි ගොන්නක කිමිදි හාල් කුල්ලේ බොල් අහුලමින් උන් බිසො...බිංදුගේ හඬින් අවදිවිය...

" පාඩං කොරන්නත් තියේ නේ, රෑ බොවෙන්නැතුව ඉක්මනට වරෙන් පුතේ...."



මිටින්හල කුරුල්ලෙකු මෙන් වත්ත පහලට දිව ගිය බිංදු, වැලේ තිබූ සරං කොටයද සමගින් අතුරුදන්  වන සැටි  පිලිකන්නේ දොර පියස්සට බරදී සිටි බිසො බලා සිටියේ මුහුනේ වියැකීයන සිහින් සිනාවත් සමගිනි.


විරාමය.....................

Tuesday, May 8, 2012

එතකොට බටයක් රුපියල් 50ක් ..., කාට හෝ ඇඟිල්ල දික්කල හැකිද.



    පොඩි එකා සන්දියේ...සිංහල අවුරුද්දට..අච්චීත් සීයාත්, අනේක් වැටිහිටි උදවිය සමගත් හුරතල් වී..සම වයසේ එවුන් සමග ඇති වෙන තුරු කෙලි දෙලෙන් ගතකොට..නව පාසැල් වාරයත් සමග ගෙදරට කොටුවෙන අපට පාසැල් අච්චු පොත්වලින් මිදිමට ඉඩහසර ලැබෙන්නේ වෙසක් සමය එළඹෙනවාත් සමගය...ඒ නම් නිර්මාණ යුධයකි...


   අටපට්ටන්, තරු,නෙලුම් මල්..දහ අටපට්ටන්, දාසය පට්ටන්..ප්ලේන්.මෙකි නොකි නිමක් නැති අරුම නිර්මාණ සැදිමට කුඩා අපි මෙන්ම ගමේ නගරයේ තරුනයන් වැඩිහිටි පිරිස් පෙළඹේ.කොළඹින් එතරම් ඈත නොවූනත් අපේ ගම් පලාතේ ඔය වෙසක් කූඩු සැදීමට ගන්නා බටගස් ඔනෑතරම් තිබිනි..දැනටත් තිබේ....නමුත් නගරයේ බට පඳුරක් සොයා ගැනිම කලුනික සේවීමට වඩා අන්තය...වඩා පහසුම දේ නම් පාරවල් අයිනේ බට විකිනිමට සිටින අයියලා මාමලාගේන් ඔවුන්ගේ මිලට ඒවා ලබාගැනිමයි...අහෝ බටගහක් ගිය උඩ..

  පොඩි එකා සංදියේ කූඩු තැනු හැටි මතක් වී මාහටද මේ වෙසඟේ වෙසක් කුඩුවක් සැදිමේ උවමනාව තදින්ම දැනුනි...පෙර මහරගම ගමක් වුව..දැන් එක මොඩර්න් නගරයකි..මහරගම බස්නැවතුම් පලේ තාවකාලික වෙසක් සැරසිලි කඩයක් දාමා ඇතිසැටි මාගේ විපරම් දැසට අසුවූයේ ඔය අල්ලපනල්ලේදීය...තකහනියේ මා එතැනට ගොස් බට ගස් දෙකක් ඉල්ලීමි..

මහත්තය බට ගහක් රුපියල් 50 යි....

ඈ......කොරන්නට දෙයක් නැත වෙසක් කූඩූ තැනිමේ මාගේ අරමුන රුපියල් 50ට යටවූයේ නැති..ඔන රුවනක් යැයි සිතා බට ගස් දෙකක් රැගෙන පැමිනියෙමි...මේ ගමේන් නගරයට පැමිනිමේ එක් විපාකයක් ද...කෙසේ වෙතත් බට ගස් කිහිපයකින් මාගේ අරමුන ඉටුවිය..ඇත්තේම ඒ නම් මහත් සතුටක් ගෙන දෙන්නකි.

 මේවර වෙසක් සතියේ බත් දංසැලක් දීමේ මහා කෘතවයට මාහටද දායක වීමට ලැබෙන්නේත් ඔය අතරේදිය..සැම වෙසක් මාසයකම කෙරෙන බැතිගී සරණියට අමතරව මේවර අපගේ රැකියා ආයතනය එනම් ජා.ඉ. බැංකුව මගින්  මෙම කර්ය්‍ය සිදුකිරිමට කටයුතු යෙදුනි...එහි සංවිදායක කටයුතුවලට මටත් දායකත්වය සැලසිමට හැකිවිම සතුටකි


   බත්  දංසැලක්   දීම...පොලිමේ සිට කෑම තරම් ලේසි නැත...අඩු තරමින් සති දෙකක වත් සිට සුදානම් විය යුතුය..අවශ්‍ය කලමනා ද්‍රව්‍ය හරි හැටි සුදානම් කරගත යුතුය...අපේ දන්සැලට අවශ්‍ය එළවලු ගෙන ඒමට මැනිං මාකට්ටුවට තවත් සහෘදයකු සමග යෑමට මාහට සිදුවිය...

      මැනින් මාකට්ටුව අසලින් කෙතරම් ගමන්කර තිබුනද..ඒ තුල වැඩිකාලයක් ගතකිරිමට මාහට මෙවර අවකාශ සැලසිනි....ඒ නම් තරඟයකි බඩු විකිනිම හා මිලදිගැනිම අතර තරඟයකි...නමුත් මාකට්ටුව තුල වෙළඳුන් අතර ඇත්තේ සුහද බවකි..තම බිම් අඟලේ තබා ඇති එලවලු මිටි එහා මෙහා වූවාට ඔවුන් කාකොටා ගන්නේ නැත...ගනුදෙනුකරුකු  සොයන එළවලුව තමන් ලඟ නැතිනම් අනේකාගෙන් ඉල්ලා දිමට තරම් ඔවුන් මිත්‍රශීලිය...

   මාකට්ටුවේ සිටින බොහො වෙලඳුන්ට වෙන වෙනම නාට්ටාමිලාද වැඩ කරයි... මාහට හැඟුන පරිදි දවස අවසානයේ නාට්ටාමිලාට අරකී හාම්පුතුන් දවසේ කුලිය දෙනු ලබයි...වෙලඳුන්ගේ බඩු මෙන්ම ගනුදෙනු කරුවන්ගේ බඩුද එහා මෙහා ගෙනයාමට මෙකී නාට්ටාමිලා උපකාරිවේ.

"ඔය මහත්තැන්ලගේ බඩුටික පටවල දෙන්න...සල්ලි ඉල්ලන්න එපා ඒයාල දෙන දෙයක් සංතෝසෙන් බාර ගන්න..."
 
   මේ ඊට හොඳ නිදසුනක් නොවේද....

නමුත් කලබලකරි මැනින් මාකට්ටුව තුලත් රකුසන් රජකරයි....එතැන සිටි වෙලඳ මහතෙකු මා සමග සල්ලාපයේ යෙදි සිටි විටක එක් නාට්ටාමි කෙනේකු තම රැකියා සළු උනා පිරිසිදු ඇඳුමකින් සැරසී එලියට ඇදිනි...

" ඒයි මම යනව බැංකුවට...."

"  ආ NSB එකටද....."

අප දුටු එතැන සිටි තවෙකෙක් විහිලුවෙන් අසනු මා දිටිමි...

එවර මා සමග සල්ලාපයේ යෙදි සිටි වෙලඳ මහතා නැවත කටහඬ අවදිකලේ මාසිත කීරි ගස් වන අයුරෙනි...

" මහත්තයො  ඒ මනුස්සයා ඔය බැංකුවට නෙමේ ගියේ..කුඩු බොන්ඩ....දවසට 3000ක කුඩු ඔන...සමහර දාට ඉටත් වැඩි......''

 දවස පුරා දුක් මහන්සියේන් හම්බ කරනා මුදලින්, කුඩු රකුසාට බිලි වෙන්නට, මොවුන්ව මග පැදුවේ කවුද...?  කාට හෝ ඇඟිල්ල දික්කල හැකිද......................................  


Wednesday, May 2, 2012

අද නම් කොහොම හරි ඇතුලේ දැම්මා.....



   දෙයියනේ කියල කාල ඇඳල ජීවත් වෙන්ඩ කියක් හරි හොයාගන්න අපේ ආයතනයේ ගොඩ නැගිලිවල පොඩි පොඩි වෙනස් කම් ටිකක් සිද්ද උනා ගිය මාස කිහිපයේ..

   මිස්ටර් සෙල්වනායගම අපේ ආයතනයේ ඉන්න ටැමිල් ට්‍රාන්ස්ලේට කෙනෙක්..අනේ ඉතින් හරි හොඳ මනුස්සයා නමුත් සිංහල උච්චාරනයේදි පොඩි නුහුරක් තියෙනව...එකට ඒ මනුස්සයට දොසක් කියන්ඩ බෑ...මොකැ අපිට හරි හරියට දෙමල කතාකොරන්ඩ පුලුවනැ..

   එදා ටිකක් අඳුරු වැහිබර දවසක්...දන්නවනේ වැස්ස දවස්වලට ඔෆිස් එනව කියන්නේ හෙන කට්ටක් නොවැ. බස් එකෙන් හරි තමන්ගේ වාහනේකින් හරි නැතුව මොටො බයික්කේකින් ඔෆිස් එනකොට තියෙන්නේ මොනවගේ ආතල් එකක් ද කියන එක දන්නේ බයික් පදින කස්ටියම තමා.

  වැස්සේම ඔෆිස් එකට ගොඩවෙච්චි සෙලවනායගම් උන්නැහේ කෙලින්ම ගියෙ වොෂ් රූම් එක පැත්තට. මිනිහා ඒ පැත්තට යනකොට වොෂ් රූම් එක පැත්තේ කිහිපදෙනෙක්ම හිටියා.... නමුත් වැඩි ගානක් ගන්නැතුව සෙල්වනායගම් උන්නැහේ කටහඬ අවදිකරලා...

  " අද නම් කොහොම හරි ඇතුලේ දැම්මා..."   

කිව්ව කතාවට එතන හිටිය අනෙක් ඈයො මුහුනේන් හැඟිම් එලියට දැම්මා මිසක හිතට ආපුවනම් කටින් පිටකොරල නෑ..........මොකද සෙලවනායගම් උන්නැහේ ලොකු දරු මල්ලො ඉන්න හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්න පොරක් නේව.

  හැබැ ඔතන හිටියා කට හැකර එක පියන් කොලුවෙක්...

ඌ  එකපාරටම අහපි.....,

" අනේ මහත්තයෝ ඒ පාර මොකද්ද කොරගත්තේ...."

අන්න එතකොට තමයි සෙල්වනායගම් උන්නැහේට කාරනේ මීටර් උනේ...පොඩි හිනහවක් එහේම දාපු සෙල්වනායගම් උන්නැහේ....

"' නෑ බං අද තමයි මගේ මොටර් සයිකලේ ඇතුලේ දාගන්ට පුලුවන් උනේ කියල කියපි..."

වෙලා තියෙන්නේ මෙකයි...

අපේ ආයතනේ තිබ්බ ගොඩනැගිලි කිහිපයක වෙනස්කම් සිදු උනාට පස්සේ බයිසිකල් වල එන අයට කලින් බයිසිකල් ගාල් කරපු තැන තිබ්බ ඉඩ ඇහිරුනා.. ඉතින් වැස්සක් එහේම වැටුනොත් හුඟක් බයිසිකල් වැස්සට තෙමෙනව..මොකද අර බයිසිකල් ගාලට ඇතුල් කොරන්න පුලුවන් සීමිත බයිසිකල් ගානක් විතරයි.... හැබැ අපේ සෙල්වනායගම් උන්නැහේට ඒදානම් තමන්ගේ බයිසිකලේ අර ගාල ඇතුලට දාන්ඩ පුලුවන් වෙලා....