Saturday, June 24, 2017

නිවුස් . !!!







ඊයේ රෑ නිවුස් වලට ඇහුන දේශපාලනයයි ක්‍රීඩාවයි හැප්පෙන කතාවක්

බස් එක එක හුස්මට පිඹගෙන යනකොට මතකයි තැන තැන පොස්ටර වගයක් අලවලා තියෙනව මහ 

ලොකුවට තඩි අකුරෙන්..!!

ඔය විස්සවිජ්ජාලේ එකාලගේ තවත් මොකක් හරි අරගලයක් වෙන්ටැති

හිතුන මට එහේම ...

ඒත් ,

බස් එකෙන් බැහැල ලිෆ්ටන් වටරවුමේ ඇවිදන් එද්දිනේ දැක්කේ...

මාලින්ග එළියේ කියන්නේ.. !!?

හැබැයි.

පත්තර ඇඩ් එකක් බං ඒ...!

ක්‍රිඩකයකු විකුනං කාපු තවත් එක් මොහොතක අපූරුව .... !!!

Saturday, April 9, 2016

අවුරුදු අඬ හැරේ .!!!






කොඳුරු ගුලිය නද දෙන ගෙයි පියසි කොන

ගොම මැටි කූයිලයට කිවිසෙන නාස් කොන

 ඇවිසුන තෙල් පින්න විසිරෙන පිළිකන්න

නාඹර කෙසේල් කැන්  පිපිරෙන කෙසෙල් වල


නෑඹුල් පුසුඹ විදිදෙන මහා ගොයම් කොළේ

කිරි කජු සුවඳ පිරි පුහුළන් කජු යායේ

රතු කැට පොකුරු පිරි එරබදු බඩවැටියේ

 සැවුලෙක් නගයි කන්කළු පද තුරු මුදුනේ


ලපයා වක ගැසී කොඳුරයි ඇඳ මුල්ලේ

පුපුරා නැගෙන ගිනිකෙලි හඬ වැට අයිනේ

කිරිබත් පැණි කැවුම් සපිරුණු මැද සාලේ

පවසයි කනින් කොන බක් මහේ සරු සාරේ..!!






Thursday, November 12, 2015

අම්මෝ ...



දූවිලි කුනු හරි හරියට

බැඳිලා හෆ්ෆා හතර අතට

ඒදා ලිව්ව අදත් ලියන ඊයේ ඉඳන් කොට කොට යන

බ්ලොග් බ්ලොගීලා ඉතින් ඉතින්

පට්ට පරණ බ්ලොග් මාගල

බ්ලොග් ලෝකය දැන් කොහෝමද

ඔරලොසුවේ කටු කැරකිලා ගෙවිලා ගෙවිලා කල් ගතවුන

කප්පර කාලේකට පස්සේ

එබිලා යන්න

ආව ඔන්න

!!!


Saturday, February 21, 2015

සිතිවිලි.............



ජීවිතේ

මහ

පුදුම

හතරබීරි

කතාවක්

කියලා

වෙලාවකට

හිතෙන

කොට

තව

කොතන

හරි

තැනක

එක

සුන්දර

කතන්දරයක්

කියලා

කෙනෙක්

කියන කොට

අපි

අපේම

හැඟීම්

වල

තුරුලුවෙලා

හිත

පහුරුගානවා

කියලා

කියන

එක

අරුමයක්


නෙමෙයි..!


Monday, February 16, 2015

තුවාල කබල





ආයේත් සැරයක්

තවත් හන්දියක

සියල්ල නැවතුන

එක් නිමේෂයක්

ආපහු සිතන්න

අලුත් පාරකද

පරණ පාරේමද

ඒහේමත් නැත්නම්

වෙනස් අයුරකට

ජීවිත සටනේ

පෙරටම යන්නට

සිතිවිලි පොරකන

හොරා කිහිපය

ගතවීයන්නේ

තුච්චම තාලේට

ඒකත් හරියට

හොඳවෙන තුවාලේ

වටේ කහනකොට

කබල කොනහින්ට

හිතෙනව වාගේ..!!



Tuesday, January 27, 2015

අතැර ගිය වසන්තය





කාලය ගතවෙලා

මකුළු දැල් ලියලලා

මුලු හතර කොන් අතර

දුලී කුනු විසිරිලා

ලියූ වැකි වියලිලා

වසන්තය පියඹලා

සිතුවිලිත් අතැඟිලිත්

කොන් දෙකක තනිවෙලා

අතීතය කියවලා

සිතුවිලිහි කිමිදිලා

නැවුම් සුවඳත් ඇරන්

සිසිර සර හැරගිහින්

සිසිල්වී ගල් ගැහුන

හදවතේ සුසුම් කැටි

නුඹේ උනුහුම එක්ක

ටිකෙන් ටික දියවෙමින්

අතැර ගිය වසන්තය

යලි පැමිනෙමින් බැව්

හදවතට පැවසුවා..!!




Monday, October 27, 2014

සොඳුරු හුදෙකලාව...!!



හුදෙකලා වූ මොහොතක

දුටුව සොඳුරු නෙත් සඟලක

පිපිරුණු සිනහ කැන් දැක

අමතක වීය හුදෙකලා සිත

පුබුදුවා සිත් සොඳුරු දැහැනක

කාලය ගතවීය නොදැනිම

කිමැයි වියොවේ අරුමය

පසක් කරමින් රැවිදීය සිත තුල

අනෙකුගේ ඇනුම් බහකට

අඳුරුවිය ඒ නේතු යුග

අහෝ සොඳුරු හුදෙකලා බව

ආයේමත් මා වෙලාගනු මැන