කොස් රුප්පේ වලව්ව අපේ ගමේ කවුරුත් දන්නා
හඳුනන තැනක්...තරමක කඳු ගැටයක මැද්දැවට වන්නට මේ විසල් වලව්ව ස්ථානගතවෙලා
තිබුනා..වලව්ව වටේටම තිබුනේ රබර් ඉඩම්..නමුත් මේ ඉඩම් වලින් බොහොමයක රබර් ගලවලා
තිබුනේ..නමුත් වලව්ව අවට පරිසරය හොඳ පලතුරු ගස් බොහොමයකින් සෙවන වෙලා තිබුනේ..
නමුත් වලව් පරිසරයටම උරුම වෙච්චි අර
මුස්පෙන්තු පෙරෙත ගඳ මේ වලව්ව වටාත් පැතිරිලයි තිබ්බේ.....මේනිසා අපි තනියම මේ
වලවු පරිසරේ ඇවිදින්ට මැලිවුනා පොඩි සංදියේ....
එක වසරේ ඉඳන් පහ වසරට යන කම්ම අපිට ඉංගිරිසි
ඉගැන්නුවෙ...කොස් රුප්පේ ටිචර්...හැබැයි කොච්චර දඟ වැඩකලත් ටිච අපට ආදරෙයි...අපි
පොඩි උන් හින්ඳ වෙන්ඩත් ඇති...මම පොඩිකාලේ ඉස්කොලේ ගියේ මගේ තාත්තා උගන්නපු
ඉස්කොලේට මනේ..ඔය කවුරුත් එක දන්නවනේ..අර මුවාගේ සංගෙදියෙන් පස්සේ...
ඉතින් අපේ මේ ඉංගිරිසි ටිචත් ඉගැන්නුවේ මේ
ඉස්කොලේම තමා...ලමයින්ට ඉස්කොලේදි ලැබෙන දැනුම මදිය කියලා අපේ ඉංගිරිසි ටිචත් හවස
පන්ති පැවත්තුව හැබැ කොස් රුප්පේ වලවුවේ...
ඔය පන්ති පටන්ගන්නේ හවස 3.30 ට විතර ඉවරවෙනකොට
5.30 විතර වෙනව..හවහට ඒකාලේ තිබුන මොටො බයික්කෙන් තාත්ත එනව මාව එක්කරගෙන යන්ට....
ගම මැදින් වැටුන ගුරු පාරට එන්න වලව්වේ
ඉඳලා තරමක දුරක් පයින් එන්ඩ වෙනව..වලව්වේ
ඉඳන් ගුරු පාරට තැනුන මේ කෙටි මග අපට සෙල්ලම් කොරන්ට සැදුන තොතැන්නක් බඳුයි...
වෙනදා වගේම එදත් අපි සෙල්ලම් කොරන්ට පටන්ගත්ත..අපි පොඩිකාලේ ආසවෙන් බලපු රොබින්
හුඩ් කතාව තමයි එදා සෙල්ලමට මාතෘකාව උනේ කට්ටියක් රොබින් හුඩ්ගේ කල්ලිය..අනේත් පිල
ගිස්බන්ගේ කල්ලිය...
ටික වෙලාවක් සෙල්ලම් කරකර ඉන්නකොට මගේ අතින්
විසිවෙච්චි පොල්ලක් ලමයෙක්ගේ ඔලුවේ වැදුනා...උගේ මූන පුරා ලේ...ඒක කොසු මිටක්
කොසුමිටවල් වල අග උල්නේ ඉතින් මේක ගිහින් අර ලමයගේ නලලේ වැදිලා..හිතල කොරපු දෙයක්
නොවුනත් දැන් තුවාල වෙලා ඉවරයිනේ...
අනිත් ලමයි ඔක්කොම තුවාල කාරයත් එක්ක ටිච ගාවට
ගියා....දැන් මම තනියම පිටිපස්සෙන් යනව....ටිච මට බැනල පාරග් ගැහුව...ටිකකින් අර
ලමයගේ අම්ම ඇවිත් හෙන ගාල ගොට්ටියයි....පපුව ඩිග් ඩිග් ගාන එක වැඩි උනේ තාත්තත්
එතෙනට ආවම....තාත්ත අර ලමයව එක්කරගෙන ගිහින් තුවාලේට බේත් දම්මවලා.. වැඩේ කියන්නේ
මැහුම් දෙකකුත් දැම්මලු....
තාත්තා ආපහු එනකං මම ටිචලගේ ගෙදර..තාත්තා තාම
මට ගැහුවේ නැති නිසා බය
වැඩි...අර ලමයව ගෙදරට
ඇරලවලා තාත්තා ඇවිත් මාව ගේදර එක්කන් ගියා හැබැයි නො කතා..
එකටත් එක්ක අම්මා ගේදර ගියවෙලේ ඉඳන් බැනුම්
ඉවරයක් නැ...කොහොම හරි මගේ වෙලාවට හවස..බාප්පල අපේ ගෙදර ආව නිසා සද්දේ නැවතුනා...අපො
මම හිතුවේ ගුටි පුජාවක් හම්බ වෙයි කියලා..මදැ ඔයින් ගියා...
හප්පේ අනූ නමයෙන් තාත්තගෙන් බේරිලා... මම එකෙක්ට ගලකින් ගහලා තාත්තා මට කෝටුවක් කැඩෙන්න ගැහුවා...ගල වැදිච්ච එකාටවත් එච්චර රිදෙන්නේ නැතුව ඇති...හික් හික් .....
ReplyDeleteඔය රොබ්න් හුඩ් මගුලක් කරන්න ගිහින් මගෙත් ඔලුවෙ මහුන් දාල තියෙනව.හැබැයි ගුටි කාල නම් නෙව්යි වැටිල.
ReplyDeleteලෝකෙ පුරාම ඉන්න ළමයින්ට මාරක අපළ ගෙනදෙන එවුන් තමයි ඔය රොබින්හුඩ්, ටාසන් වගේ එවුන්.
ReplyDelete@ නොදුටු ලොවක්...
ReplyDeleteඔව් බං මං හිතුව පස්සෙං දුංදාන්ඩ හම්බෙයි කියලා...
@ ඇනෝ
ඔහොම තමා සෙල්ලම් කොරන කොට වැටෙනව තුවාල වෙනව..ගනන් ගන්ට එපා...ඒ වගෙද ඔලු පලනකොට හික්...
@ රාජ්
ReplyDeleteඋබටත් අද්දැකිම් ඇති එලටම එහේනං...ටාර්සන් ගැනනම් කියල වැඩක් නැ මචො..
හික්ස්.... ඉස්සර මං පොඩි කෙල්ල කාලෙ රොබින් හුඩ් බලනව වරද්දන්නෙ නැතිව.... ඒ වෙනමොකකටවත් නෙවෙයි.... රොබින් හුඩ්ට රඟපාපු නළුවට (Michael Praed)ආස හින්දා..... ;P
ReplyDeleteතවමත් ඔයාට ගහන්න තාත්තට මතක් උනේ නැද්ද? ඉන්නකො මම මතක් කරලා ඉල්ලලා දෙන්න..
ReplyDelete@ මියුරු..
ReplyDeleteඌ නම් එලපොරක් තමා..කතාවේ
@ සමාධි..
බුදු අම්මො..එහේම කොරන්ට එපා..ලොකු අක්කේ...
අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා සමීර කියලා පිරිමි ළමයෙක්..දැන් නම් අවුරුදු 25 ක් විතර ඇති..ඉස්කෝලේ යනකාලේ රොබින් හූඩ් සෙල්ලම් කරලා...දුන්නෙන් තව ළමයෙක් විඳපු ලීයක් මේ ළමයගෙ ඇහැක් හිල් කරගෙන ගිහින්... ඒ ඇහැ සදාකාලෙටම අන්ධ උනා...
ReplyDeleteටිකක් නෙමේ හොඳටම භයානක සෙල්ලමක්...
මම මාච්ගෙ කැරක්ටුවටත් ආසයි,, කුරුල්ලෙක් ගෙ සවුන්ඩ් එකක් ගන්නෙ අත් දෙක හක් ගෙඩියක් වගේ කරල. මමත් ඔහොම පිඹ පිඹ කජු ගහෙන් වැටිල තියනව.
ReplyDelete@ දිල්
ReplyDeleteඇත්තටම ඒ සෙල්ලම ලෙල්ලම වෙච්චි වෙලාවක් තමයි..ඔය කතාව ඇහුවම ඇඟ හිරිවැටෙනව...
@ දුපත් වැසිය
මචො අපි පොඩිකාලේ ඔය කතාවල ඉන්න අයනේ අපේ විරයෝ....
හැක්...අපේ පුංචිකාලේ නම් ඔය වගේ සිද්ධි ඔනේ තරම් තියන්ව ඒත් දැන් හැදෙන උන්ට මොනවද තියෙන්නේ කරන්න කියල
ReplyDeleteබාල අපරාධකාරයෙක් නේ බං උඹ!හික්ස්
ReplyDeleteඅයියෝ අපරාදෙ ගෙදරට නෑයො ආවෙ.....පස්සෙවත් තාත්තට ඕක මතක් කලේ නැද්ද කවුරුවත්ම..?
ReplyDelete@ කස්සා..
ReplyDeleteසහතික ඇත්ත මචො දැන් ඉන්න එවුන් තනිකරම කොම්පිතර..ෆොන්...ජිවිතවලනේ ඉන්නේ..
@ සබිත්
හිමිට කෑ ගහපං බං කාටහරි ඇහෙයි...හික්
@ වින්චැට් කිරිල්ලි..
මත් එක්ක ඔච්චරම තරහද..ලොකු අක්කේ..හික්
ගොඩක් කතා වලින් මතු වෙන දෙයක් .. තාත්තාට තියෙන ආදරයයි, ගෞරවයයි.
ReplyDeleteපොඩි කාලේ කරපු සෙල්ලම්නම් ඉතින් මතක් වෙනකොටත් ආසාවේ බැහැ...
ReplyDeleteමේ වගේ භයානක දේවල් බොහෝම කලාතුරකින් සිද්ධ උනාට අපි පුංචි කාලේ ජීවත් වෙච්චි සෙල්ලම් ලෝකට අදකාලේ පොඩි උන්ට නැති එක ගැනනම් දුකයි
ගොඩ දෙනෙක් කිව්වා වගේම ඔය දුනු ඊතල සෙල්ලමනම් ගොඩක් භයානකයි තමයි
@ සුලඟ
ReplyDeleteම්...ඇත්ත...
@ ලොකූ
වර්ථමානේ වෙනකොට පොඩි අය ගෙවන්නේත් සංකීර්න ජීවන රටාවක්..ඔවුන්ව යම්කිසි තරඟයකට දුවවනවා වගේයි පෙන්නේ...ඒ වගේම පොඩිකාලේදිම කොම්පියුටරෙට..ෆොන් එකට ලමයි ඇබ්බැහි වෙලා...ඒ ගොල්ලොත් සෙල්ලම් කරනව නමුත්...අපේ කාලේ වගේ සරළ දෙවල් නොවෙයි...
අපිත් ඒ කාලෙ අවදානම ගැන දුර දිග නොහිතා කරපු සෙල්ලම් නිසා අමාරුවෙ වැටිච්ච වාර අනන්තයි..දැන් තමයි හිතලා බලද්දි තේරෙන්නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් ජීවිතේම හානි වෙනවා කියලා..
ReplyDelete@ වෙනී
ReplyDeleteඑකනම් එහෙම තමා අයියේ...