Thursday, November 24, 2011

ටැංකියෙන් වතුර බිව්ව හැටි....



   ඔය කොඩියා..අපි යාලු ෆිට් එකට කතාකලේ එහේම..ඉස්කොලේ යන කාලේ මහ දඟ එකා හැබැ ඉගෙනිමේ වැඩත් හොඳට කලා... ඉස්කොලේ හැමොම වගේ මේකව දන්නව...මොකැ දඟ වැඩවල ඉවරෙකුත් නැනේ. කොඩියලගේ ඉස්කොලේ තියෙනව මහ වතුර ටැංකියක්...වෙලාවකට ඔය ටැංකියෙන් ඉස්කොලේට වතුර එන ටැප් ලයින් එක කැඩෙනව....වෙලාවකට කියන්නේ හුඟක් වෙලාවට එක කැඩිලා...
            
        කාලෙන් කාලේට එනවනේ එක එක මොස්තර....ඔය දැන් ඉන්න එවුන් ඉනෙන් පහලට කලිසම අඳිනව වගේ..මේ කියන කාලේ බෙල්ලගාවටම මෙස් බැනියම ඇන්ද දවස් අපේ කොඩියත් ඉතිං ඔයවගේ දෙයක් එනකං බලාගෙන ඉන්නේ..මූත් සර්ට් එකේ උඩ බොත්තමට උඩින් බැනියම පෙන්ඩ ඇඳල උජාරුවට ඉස්කොලේ ගිහින්..හැබැ වැඩේ කියන්නේ එදා ඇඳල ගිහින් තියෙන බැනියම ටිකක් විච්චුරන එකක්...

           මුගේ වෙලාවට එදාම වතුර නැවතිලා.... ඉස්කොලේ මේන් හොල් එක තියෙන බිල්ඩිමයි...තවත් එක් බිල්ඩිමක් අතරේයි.. තමා වතුර ටැංකිය තිබුනේ...මේන් හොල් එක තියෙන්නේ බිල්ඩිමේ දෙවෙනි තට්ටුවෙ.. මේ තට්ටුවෙ කොරිඩො එකේ කොට බිත්තිය උඩින් පැනපුවම..අනිත් බිල්ඩිමේ වහලේට නගින්ඩ පුලුවං ටැංකියේ හරස් කනු අල්ලගෙන..
  මොකද ඒ බිල්ඩිමේ වහලේ උස නිසා ඔතෙන්ට නැග්ගම ටැංකියේ උඩින්ම තියෙන යකඩ වලලු අල්ලගන්ඩ පුලුවන්..ඒ වලලු දිගේ ගිහින් ටැංකියට වතුර එන බටේ ගලවන්ඩ පුලුවං....ටැංකියට වතුර එන බටේ ගලවන්ඩ එතරම් අමාරු නැ..කොඩියා අර වහලෙන්  ටැංකිය ගාවට නැගල අර බටේ ගලවල..ඉස්කොලෙ ඉන්න කොල්ලොන්ට  වතුර ගන්ඩ බටේ පල්ලේහාට පාත්කොරල...ඉතින් පල්ලේහා ඉන්න තරමක් එවුන්  නාන් නැතිටික විතරලු....කොඩියා ටැංකිය උඩට නැගල තියෙන්නේ සර්ට් එක ගලවල අර බැනියම පිටින්..මොකැ දියසෙවල ගැවෙයි කියල...

    ටික වෙලාවකින් මූ ආපහු බටේ ටැංකියට හයි කොරල අර වහලෙට බැහැල ආපහු මේන් හොල් එකේ...කොරිඩො එකට ඇවිත්. එතකොටම කොහෙද ඉඳල් ඉස්කොලේ ලොකු සරුත් ඔතෙන්ට කඩාපාත්වෙලා නෙව...

   කොඩිකාර මොකද මේතන කරන්නේ..?.

   සර් වතුර එන්නැනේ

    ඉතින්….?”

    ලමයින්ට වතුර බොන්ඩ බටේ ගැලෙව්ව සර්……”

    ඉතින් කො අයිසේ තමුසෙගේ සර්ට් එක…..? “

    කුනු ගැවෙන නිසා සර්ට් එක ගැලෙව්ව සර්……”

    බලනව අයිසෙ තමුසෙ හරියට රස්තියාදු කාරයෙක් වගේ ඔවද අදින්නේ ඉස්කොලේ එනකොට ……
  ගලවනව ඔය බැනියම..එනව යන්ඩ මගේ ඔෆිස් එකට...

 මූව ලොකු සර්ගේ ඔෆිසියට ගෙනිහින් බැනියමයි..සර්ට් එකයි නැතුව හිටවල තියල.... ඔෆිස් එකට එන ටිචර්ලා මූ දිහා බලන කොට....හතර විලිලැජ්ජවයිලු....

 හැබැ ටිකවෙලාවකින් සර් මුට යන්ඩ දිලා..

මදැ කට්ටියට වතුර බොන්ඩ දුන්නා....
  

19 comments:

  1. මොනව උනත් කොඩියා අතුරේ යනව වගේ ගිහිල්ලානේ කස්ටියට උදව් කරලා තියෙන්නේ ....එළ ....

    ReplyDelete
  2. හෆොයි.. වදින්න ගිය දේවාලෙ ඔලුවෙ කඩා වැටුනා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නෙ !

    ReplyDelete
  3. මල්ලිගේ නමට කොඩිකාර කෑල්ලක් නෑ නේද?

    ReplyDelete
  4. හිතහොද එකාටනෙ හැමදාම කෙළවෙන්නෙ.

    ReplyDelete
  5. @ නොදුටු ලොවක්
    ඔව් මචො පොඩ්ඩක් එහෙ මෙහ් උනා නම් අඬුටික සොකෙස් එකේ දාන්ඩ වෙනව

    @ වෙනී
    කියලා වැඩක් නෑ අයියේ ..හරියට හරි

    @ මහ වෙදනා..
    අපොයි නැ..වෙලාවට අපේ රටේ රජතුමාගේ 'රා'..යන්නේන් පටන්ගන නම නොවැ මගෙත් වාසකොම වෙලා තියෙන්නේ වෙදමහත්තයො

    @ රාජ්
    ඇත්ත මචං..බලනකොට එකෙක් වත් නෑලු අහලක වත්

    ReplyDelete
  6. ඇඳුම මොනා උනත් දිල් නම් කොඩියට 5 ක් දානවා...වෙන එකක් නිසා නෙමේ...කොඩිය වැඩ්ඩ හන්දා...හි හී හී...

    ReplyDelete
  7. දැන් ඉතින් මේ කොල්ලා මේ රාජ් මයි කියලා අපි කොහොමද නොහිත්න්නේ... ඔන්න ආයේ කාටවත් ඔහොම උදව් කරනවා එහෙම නෙමේ

    ReplyDelete
  8. පවු උදවුවක් කරන්න ගිහින් අන්තිමට හොඳ එකා පච වෙලා .. අ

    ReplyDelete
  9. @ මාධව
    ඔව ඔහොම තමා කොල්ලොනේ බං..හික්

    @ දිල්
    අනිවාර්යෙන්ම දිල්...

    @ හිස් අහස
    අදකාලේ ඔව ඔහොම තමා මචො...

    ReplyDelete
  10. හික්.ඉස්කෝල යන කාලෙ ඔය වගේ සීන් ඉතින් ඕන තරම් වෙනවනෙ.පවු යකෝ ඌ.උදවු කරන්න ගිහින් නිරුවත් වෙන්න වුනා.

    ReplyDelete
  11. අඩේ ඌ අතුරෙ යනව වගේ යෑමක් නේ ගිහින් තියෙන්නේ.... එහෙව් එකා පාලක පන්තිය නිරුවස්තර කරා අහ්... ඔන්න ඔහොමලු වෙන්නෙ.

    ReplyDelete
  12. @ කස්සා
    ඔවු මචො..ඉස්කොලේ කාලේ තරං පිළිවෙලකට නොන්ඩි උනකාලයක් තවත් නැනේ...

    @ පලාමල්ල
    අනිවා මචො පාලක පංතිය බලන්නේ කොයිවෙලෙත් පන්නා පන්න පහර දෙන්ඩනේ

    ReplyDelete
  13. හික්ස්...පව් වැඩේ.....මටත් මතක් උනා වැඩක් ඉස්කෝලෙදි කරපු......

    ReplyDelete
  14. වැඩක් කොරන එකාට තමා බැනුන් අහන්නයි, නින්දා අපහාසයි. නිකං ඉන්න එකා , නිකංම ශේප්.

    ReplyDelete
  15. @ වින්චැට් කිරිල්ලි
    ඉස්කොලේ කොරපු දඟ වැඩ නම් එමටයි නේද...

    @ ඔබා අයියා
    ඇත්තේන්ම ඔබා අයියේ ඔය රාජ්‍ය සෙවයේත් ඔය වැඩේ හරියට වෙනවනේ

    ReplyDelete
  16. කොඩියා වගේ ඩයල් වලට හැමදාම උරුම වෙන්නේ ඔය වගේ චාටර් සීන් තමයි බං...

    ReplyDelete
  17. පව් කොඩියා.... ඌ එවෙලෙ නං හිතාගන්න ඇති ආයෙ නම් මෙහෙම දේවල් කරන්න යන්නෑ කියල..... ඒත් ෂර්ට් එක ආපහු ඇඳගත්තු ගමන් ඌට ඒක අමතක වෙන්න ඇති.....

    ReplyDelete
  18. ලොකු...
    එකනම් ඇත්ත තමයි මචො...

    මියුරු
    අනිවා...කොල්ලො උනහම එහේමනේ..අක්කේ..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...