Friday, August 12, 2011

ගල්ඔයෙන් වමට හැරී...... කොක් දුවට............


පාන්දර පින්න හාත්පස වාතයත්..අවට තණ පඳුරුත් තෙත්බරි කොට ඇත. රාත්‍රි දුම්රියෙන් ත්‍රීකුනාමලය වෙත පැමිනි අප,පලමුව අපගේ මිතුරාගේ නිවස්නය වෙත පිය නැගුවෙමු.නගරය මධ්‍යයෙන් මඳක් ඉවතට වන්නට පිහිටා තිබු ඒය..පුරාන විජාතිය බලපැම් වලට ලක්ව නැගුන ගෘහ නිර්මණයන්ගෙන් යුක්තවූවක් විය.

මඳක් විඩාබර නෙත් ඇත්තන් වූ අපව ඔහු සාදරයෙන් පිලිගනු ලැබීය. උදැසන ආහාරයෙන් සන්තර්පව ටිකවෙලාවක් වීඩානිවූ අප, රැගෙනයාමට පැමින තිබු රියෙහි නැගුනේ ත්‍රීමළයේ පහස වීදීමටයි. දුහුවිලි වැකුන ගුරු පාරේ බොහො සුදු සමනළයින් පියැඹුහ...පලමුව කින්නියා උනුවතුර ළිං වෙත පැමිනි අප ඉට ළඟාවිමට මඳ දුරක් පයින් ගමන් කල යුතු විය.....

යුද්ධය හේතුවෙන් නටඹුන් වූ නිවෙස්නයන් මෙහිද දක්නට ලැබුන අතර කුඩා දෙවොලක් සහ බොධීයක් ද ඒතර තිබින....බොහො දමිල ජනයා එහි ගැවසුනේ ඔවුන්ගේ එදා වෙල සරිකර ගැනිමට, යම්යම් දැ මිල කිරිමටයි. ඒ අතර සාත්තර කියමින් එමේ අත ගමන් ගත් අහිකුන්ටික ජනයා ද විය....

එතැනින් නික්මුන අප ඒ ප්‍රදේශයේ තවත් සොඳුරු දසුනක්වු කින්නියා පාලම ද නැරඹීමට අමතක නොකලේමු. නැවත ත්‍රීමලේ නගරද්වාරය පසුකල අප, දමිල ජනයාගේ මෙන්ම සිංහල ජනයාගේ ද නිරන්තර පුදසත්කාරයන්ට බඳුන් වූ කොනෙෂ්වරම් දෙවොල වෙත පැමිනිමූ.

පෘතුග්‍රීසි,ලංදෙසී මෙන්ම ඉංග්‍රීසින්ගේ වරින් වර බලපැම් වලට යටත්ව චිරාත් කාලයක් පැවත ආ මෙම දෙවොල ඓතිහාසිකවද අතිමහත් වටිනාකමකින් යුක්තවූවකි.නිරන්තර මුහුදු රළ නගන ත්‍රීමළ ජැටිය ඔස්සේ පැමින කොටුපවුරේ පිවිසුම් දොරටුවෙන් ඇතුල්වී මඳ නැග්මක් සහිත මඟේහි ඉහලට ආ විට දෙවොල දිස්වේ.


වර්තමානයේ මෙහි කොටුව ඇතුලත හමුදා කඳවුරක් පවත්වාගන යනු ලබයි. ඔවුන් විසින් ඒ අවට පරිසරය ඉතා අලංකාර ලෙස සකසා ඇත.ඉහලට නැග යනවිට අවට මුහුදු බොක්ක මනස්කාන්ත දර්ශණයකි. දෙවොලේ එක් පසෙක මායිම සීඝ්‍ර බැවුමකින් යුක්ත වූ විශාල ගල් පර්වතයකි.ඒය මුහුදින් අවසන් වන අතර ගලේ පිහිටා ඇති ගසෙක බොහො පඬුරු ගැටගසා මල්මාලා එල්ලා ඇත…………………….


Friday, August 5, 2011

ගම් වැද......

ගෙදරින් එලියට බට මා අරමුනක් නොමැතිව ගම්මැද්දැවට අඩිය එසවිමි.කුඹුරු යාය හරහා ඇතට වැටුන රාස්සිගේ අවුරැලි ගලේ පන්සලේ කොත් කැරැල්ල තෙක් විහිදි ඇත.ගම හරහා වැටි ඇතී කලු ගැරඩියෙක් වන් මහපාර එක්පසකින් කොලොම්පුරය දක්වාත් අනේක් මග ගම පසුකරමින් ද ඇදෙයි. කන්නයේ වගා සරු හෙයින්දො බොහො පිරිස් කුඹුරු අස්වැන මේවනවිටත් නෙලා ඇත.

මේ පාසැල් නිවාඩු ලැබූ ගැටවුන්ට කෙලීයට තොතැන්නකී. පිරිසක් එල්ලේ ගසයි, ඒ අතර තවෙකෙක් සරුංගලයක් අහසට නන්වන්නට තැත් කරයි.මේවනවිටත් අහස්කුස අරා පියැඹින සරුංගල් කිහිපයක් ගලේ පංසලට ඉහලින් ලෙළදෙමින් තිබේයි. අවට පිසයන මාරුතය වෙනදාට වඩා චංඩය. ඒ අගොස්තු මාසය පැමිනි බවට එක් සාදකයකි.

විටෙක යන මගේහි හමුවන ගැමියෙක් සරල සිනාහවකින් සංග්‍රහ කරයි.ඒ සිනහව නගරයට වඩා බොහො අව්‍යාජය.මෙතෙක් ක්‍රීඩාවේ යෙදිසිටි ලමුන් කුඹුරුයාය පසෙකින් ගලායන ඔයේ දියබුංගසයි. චන්ඩව හමාගිය මාරුතය මදක් මෙල්ලවී ඇතිසෙයකී මෙතෙක් අහසේ සැරිසැරු සරුංගල එකිනෙක කුඹුරට පාත්වෙයි. ඈතින් ඇසෙන දම්පද සුලඟත් සමග ගමපුරා පැතිරියමින් ඇත ඒ වස්කාලයේ එළඹුම බැවින් සැඳැකල පන්සලේ කෙරෙන ආගමික කටයුතුවල පලමු පියවරයි.

ගලේ පන්සලත් කුඹුරු යායත් අතැර හිඩස පිරවිමට මෙන් නැගිසිටින රබර් යායට ඉහලින් බොහො කාකයන් පියාඹී. ඒ උන්ගේ දවෑසේ රාජකාරි නිමැවි රාත්‍රිය ලැගීමට තැතක් දරනා අන්දමයි. නොයෙක් වර්නයන්ගේන් අලංකෘත වූ බටහිර අහස්කුස දැන්දැන් අඳුරු පැහැයකට හැරෙමින් ඇත. මා වවුලන් රටාවකට ඇතින් පියාඹා එයි ...., මාරුතය ඔවුන්ගේ ගමන් රටාවට බාදාවක් වැන්න.

කොලොම් තොට සිට ගම කරා පැමිනි බසයේ හඬින්...... ඔයඉවුරින් නැඟිසිටි මා නිවස කරා පියමැන්නෙමි.....

Tuesday, August 2, 2011

මූතුර් හි කොටි.. ගාඩ්....!

සිරිත්පරිදී ඒදිනය එලැඹී තිබින අරුණාලොකයත් සමග අප නැවතිසිටි අනුරපුරයෙන් පිටත්වූයේ වියාපෘතියේ තවත් දවසේක වැඩකොටස අවසන්කිරිම සඳහායි. 9 ම දෙනෙකුගෙන් සමන්විතවු අප රැගත් රථය මරදන්කඩවල හරහා හබරනට සෙන්දුවිය. හිම්දිරියේ ලා මිදුමද සමගින් වැඩි කලබලයක් නැති මන්සන්දිය උදැසන පිලිගන්නට සැරසේ.

උදැසන ආහාරය මෙහිදි බුක්තිවිඳි අප නැවතත් කන්තලේ දෙසට ගමන්කලේමු. වර්ථමානයේ මෙන් නොව එදවස "2004" මෙම ප්‍රදේශ එතරම් නාගරීකරනයට හසුවී නොතිබින. හතරැස් කොටුව පොලිස් මුරපොල පසුකර විශේෂිත වූ යාකාගේ වංගුව සමගින් කුඩා හමුදා කඳවුරු කිහිපයක් පසුකර නිරුපද්‍රිතව අප කන්තලේට සපැමිනුනෙමු. යුද්ධය තාවකාලික නැවතිල්ලකට භාජනය වී තිබූවද මාර්ගයේ එතරම් මිනිස් ඝහනයක් නොමැති තරම්ය.

තොප්පූර් හරහා මූත්තූර් වෙත යැම සඳහා කන්තලේ නගරයේන් වමට හැරි ගමන්කල යුතුවිය. යුද්ධ කාලවකවානුව තුල එක් විශේෂ ලක්ෂණයක් වූ මර්ගය දෙපස මිටර 50 පමන වූ ප්‍රදේශය ඩොසර්කර වනය තලාතිබිම මෙම මාර්ගයේද දක්නට ලැබුනි. මාර්ගය දෙපස තැනින් තැන තාවකාලික බංකර් සාදාතිබූ අතර මර්ගයේ හමුදා රථයක් හැරෙන්නට වාහන නොමැති තරම්ය.

දුරුකතර ගෙවා මහා දුක්කම් කටොලු ගොන්නක් තුරුලුකරන් ගලන මහවැලි ගඟ තම නොනිම් මෙහෙවර නිමවමින් මුහුදබලා ගමන්කරන මගෙහි අවසන් අදියර කිහිපය පසුකරමින් යන අයුරු කන්තලේ නගරය පසුකරමින් එන ගමනේදී අප දිටිමු. කන්තලේ පසුකර සැතපුම් 40 පමන ආ කල තරමක විශාලත්වයෙන් යුක්තවු ඇළක් සමුවේ, එදවස අලි ඔලුව මංසඳිය හරහා දිවෙන මාර්ගයේ ඇති පාලම කොටීන් විසින් විනාශ කර තිබූ බැවින් තොප්පූර් වෙත යාමට අරකී ඇළ ඉවුර අසලින් වැටිඇති මාර්ගයේ ගමන් කලයුතුවිය.

මඳ චකිතයකින් යුක්ත වුවත් අප එම මාර්ගය ඔස්සේ නැවත තොප්පූර් දෙසට ගමන් ගතිමු. සාරවත් ඇළ පහරක් වූ එය,.. අවට කුඹුරු සාරවත් කරමින් ගලා ගියේය. අවට ගැමි පරිසරයේ වූ අලංකෘතියෙන් අපගේ චකිතය වියැකිගියාක් මෙනි. අප ගමන්ගත් එම මාර්ගය කිසිඳු අයුරකින් තාරවල පහස නොලද්දකී. එම ප්‍රදෙශයේ ගෙවල් හි බොහො ගව ආදී සත්වයන්ගෙන් යුත් සත්ව කර්මාන්තය දක්නට ලැබින.

තරමක් සෙමින් ගමන්ගත් නිසාදො තොප්පුර් වෙත පැමිනෙන්නට අපට අඩ පැයක් පමණ ගතවිය. තොප්පුර් හී හමුදා මුරපොල පසුකර පැමිනි අප තොප්පූර් මහ විදුහල වෙත පැමිනීමු. අප සගයන්ගෙන් 4 දෙනකු එහි කර්තව්‍යන් සඳහා නතරකල පසු නැවත මූත්තුර් වෙත ගමන් ගතිමු. යන මගදෙපස විශාල කුඹුරු යායවල් දක්නට ලැබින ඇත්තේන්ම මඩකලපුව, අම්පාර ප්‍රදේශයන් හි මෙවන් විශාල කෙත්වතු සුලබ දසුන් වේ.

එකල මෙහි මාර්ගයන් අන්තිම අබලන් තත්වයේ පැවති හෙයින් තරමක කාලයක් ගෙවා අප මූතුර් අද්‍යාපන කන්තොරුව වෙත පැමිනිමු. අපහට සෙවය සැලසීමට තිබූ පාසැල කොටි පාලන ප්‍රදේශයක පැවති බැවින් එහි යාමට එම පැසලේ ගුරු බවතුන් දෙදෙනකුගේ පැමිනිම අත්‍යවශ්‍ය කාරනයක් බැවින් ටික වෙලාවක් අපහට එහි නැවතිමට සිදුවිය.

මඳ වෙලාවකින් ඔවුන්ගේ පැමිනිමත් සමග නැවත අපගේ ගමන ආරම්භවිය. මූතූර් හමුදා කඳවුර පසුකිරිමෙදී අපසමග පැමිනි අපගේ මුස්ලිම් සහුර්දයේකු අපට හමුදා මුරපොලේ රඳවා යැමට සීදුවූයේ,...පෙර දිනයේ දමිල කොටි සාමජිකයන් හා මුස්ලිම් වරුන් අතර ගැටුමක් පැනනැගි තිබුන බැවිනි. හමුදා කඳවුර පසුකර මිටර 500 පමන යුධ මුක්තකලාපය පසුකල අප කොටි අඩවියේ ඔවුන්ගේ කඳවුර වෙත සෙන්දුවිමු.
" ඔකේ මුස්ලිම් එවුන් ඉන්නවද....? "

ඒ ඔවුන්ගේ පලමු පැනයයි,.. අපසගයා හමුදා භාරයේ තබා පැමිනිම කෙතරම් සුබදායකදැයි පැවසිමට මිටවඩා කරුනු කිම.අප සමග පැමිනි ගුරුවරු දෙපලගේ කරුනු පැහැදිලි කිරිමෙන් පසු නැවත ඉදිරියට ඇදුනෙමු. මෙම අවස්ථාව අප හද ගැස්ම උච්චතම මට්ටමට පැමිනි මොහොතකී,......අප රැගත් රථය වටකොට එල් ට් ටී ඊ බට පීරිසක් යතුරු පැදිවලින් දෙපසින් ඉදිරිපසින් හා පසුපසින් අප සමගාමිව ගමන් කරනා ලදී.

මූතුර් විදුහල ඉදිරි පසදී කන්ඩායමෙන් පිරිසක් නැවතුන අතර අනෙක් පිරිස අප සමගින් විදුහල් භූමියට ඇතුලු විය. කෙසේ වුවත් විදුහලේ විදුහල්පති සිනාහවකින් අප පිලිගත් අතර අපසැම චකිතයකින් යුක්තව රථයෙන් බැසගතිමු. හාත් පස ගොඩනැගිලි සෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්වී ඇතිඅයුරු කඩතොලු මගින් හඳුනා ගත හැකිවිය. පාසලෙහි විදුලි සැපයුම අක්‍රියව පැවතින. කෙසේහො අප ආ කාරනය කඩිනමින් අවසන්කිරිමට උත්සහ ගතිමු. අප වැඩෙහි යෙදෙමින් සිටින අතර තුර එම ප්‍රදේශයේ කොටී නායිකාව යැයි හැඳින් වූ තරුණ ගැහැනියක් ආයුධ සන්නද්ධව අප වැඩෙහි යෙදෙන ආකාරය සිනාමුසු මුහුනින් බලාසිටියේය.

විටෙක මෙවැනි කාල වකවානුවක කොටි පාලනය අත්කරගත් ප්‍රදේශයකට රජය විසින් කුමට මෙවන් ව්‍යපෘතියක් ලාබදුන්නේදැයි අපට සිතුන වාර අනන්තය. ඒ කෙසේ උව විදුලිය නොමැති හෙයින් පරිඝනක ජාලය පනගැන්විය නොහැකි බව අප විසින් විදුහල්පති වරයාට දැනුම් දෙන ලදී. ඒ අවස්තාවේ කොටි සාමජිකයන් කුඩා විදුලිජනකයක් ගෙන එන ලදී. එවන් විදුලීජනකයකින් මෙම පද්දතිය ක්‍රියාත්මක නොකලහැකි බව අප පවසාසිටියද....ඔව්න් එය තෙරුම් නොගත් හෙයින් පද්දතිය පනගැනේවීමට උත්සහ ගැනිමෙදි එක් මොනිටරයක් පුපුරා ගියේය.

එතකින් එම ක්‍රියාව අවසන් වෙනලදී. ඒසමගම තවත් ප්‍රශ්ණයකට මුහුන දෙන්නට අපහට සිදුවිය,...එනම් විදුහල් පතිවරයා දහවල් කැම සඳහා අපට ආරාධනා කිරිමයි. අපට කොටින්ගේ කැම අවශ්‍යය නොමැතිබව අපගේ සිත් අපහට තරයේ පැවසුවද පැවති වාතාවරනය හමුවේ එයට මුහුන දීමට අපට සිදුවිය.

පාසැලේම එක් ගොඩනැගිල්ලක දිවා බොජනය සකසා තිබින. නමුත් අදාල ශාලාවට පිවිසි අපගේ මුහුනුවල තිබු විපිරියාසය හොදින් එදෙස බැලු කෙනෙකුට තෙරුම් නොයන්නෙනම් පුදුමයකි,..... මන්ද ශාලාවේ එක් පසෙක බිත්තියෙහි කොටිනායක ප්‍රබාකරන්ගේ පින්තුරයකි. අපොයි අපගේ දෛයිවයක මහත....අපවිසින් පිලිකෙවු කෙරු කොටි නායකයා ගේ මුහුන බලමින් ආහාර ගැනිමට අපට සිදුවිය.

හැකි ඉක්මනින් එතැනින් නැගිසිටි අප විදුහල්පතිවරයාට ස්තුති කොට එතැනින් සමුගතිමු. නමුත් කොටි පාලන ප්‍රදේශයෙන් පිටවනතෙක්ම කොටින් විසින් පෙරකී ලෙස අපව වටකොට පැමිනියේය. නැවත මූතූර් නගරය හරහා තොප්පූර් වෙත පැමින අපගේ අනෙක් සගයන් රථයට නන්වාගත් අප පුලුවත් තරම් ඉක්මනින් කන්තලේ වෙත පැමිනිමු. මෙතෙක් මහත් චකිතයකින් ගමන් ගත් අපහට මඳ අස්වැසිල්ලක් අත්වූයේ කන්තලේ නගරයට පැමිනිපසුය.

කෙසේහො රාත්‍රි 10 පමන වනවිට අනුරපුරයේ අපගේ නවාතැන්පලවෙත නැවත නිරුපද්‍රිතව පැමිනිමට අපහට හැකිවිය.