ඉඩොරය දැඩිකමට
වැව තරමක් සිඳිගොසින්ය. වෑකන්ඩිය හාත්පස රොන්මඩ සහිත ඉවුරු කිරිබත් කැටමෙන්
ඉරිතලා ඇතත් කන්නය පොෂණය කිරිමට තරම් ජලය වැව සතුය.
කුහුඹුවකු මෙන් ඈතින් පෙනි නොපෙනි ගම තුලට
ඇදී ආ ජිප් රිය මහවැලියට අයත් නොවන බව නිච්චියටම වැටහෙන්නේ රිය බඳෙහි තඩි අකුරින්
පින්තාරු කර ඇති පො..ලි..ස්.. යන වැකියෙනි.කරත්ත පාරේ දුහුවිලි රොටු ඉහලට
විසුරුවමින් පැමිණි රිය සිරිමල්ගේ නිවස අසලින් නතර විය.
"
ම්..ගෙදර කවුද....? අපි
පොලීසියෙන්...."
කාකි ඇඳුමින්
සැරසුනු හැඩිදැඩි නිලධාරියා තම සහයකයින් සමගින් ගෙයි එලිපත්තට පියවර කිහිපයකින්
ලඟාවිය..
"ඇයි මහත්තයෝ කාටහරි කරදරක් වත් වෙලැයි...?"
දෙපොට තදවන්නට
ඇඳසිටි සරමෙහි උඩු පොට මුදාහරිමින්ම සියදොරිස් නිලධාරියාගෙන් විචාලේය
" කලබල
වෙන්ට කාරි නෑ ලොකු උන්නැහේ....බිංදු කියන්නේ ඔහේගේ කවුරුවත්ද..? "
තරමක් සන්සුන්
නමුත් ගැඹුරු ස්වරයෙන් පොලිස් නිලධාරියා විමසීය
"
මහත්තයෝ ඒ මගේ ලොකු කොලූගේ දරුවා නේව.."
" එකත්
එහේමද..... කෝ දැන් ලමය ගෙදර ඉන්නවද ලොකු උන්නැහේ "
පාසැල ඇරි ගෙදරවිත්, බිසෝ සමග දහවල් ආහාරය ගනිමින් සිටි බිංදුට.... ගේයි ඉදිරිපසින් ඇසෙන දෙබසේ තමා ගැන කතිකාවන බව වැටහිනි. හුන්තැනින් නැගීසිටි හේතෙම ඉදිරි
දොරවෙත ආයේය...
" සර් මම තමයි බිංදු ඇයි සර්...? "
"
හේම්...තමුන්ටද.. බිංදු කියන්නේ.. කලබල වෙන්ඩ දෙයක් නෑ බිංදු අපිත් එක්ක පොලිසීයට
ගිහින් එමුකො..පොඩි විස්තරයක් දැනගන්ඩ තියෙනව ඔය ලමයගෙන්....."
" ඇයි
මහත්තයෝ මගේ දරුවා මොන වරදක් කලාටෙයි පොලිසියට ගෙනියන්ට තනන්නේ..."
අඩියට දෙකට දිව ආ බිසෝ...බීතීයෙන් බින්දුව තම
තුරුලට ඇදගත්තාය.
" ආ මේ
බිංදුගේ අම්මා වෙන්ට ඇති...තමුන්ට කලබලවෙන්ට දෙයක් නෑ. කට උත්තරයක් ලියාගෙන ලමයව
ආපහු එවනවා..... උදේම පොලිසියට ඇවිත් ලමයව එක්කන් එන්ඩ පුලුවන්....
ම්....හරි බිංදු අපිට පරක්කු වෙනවා...සාජන් මේ ලමයව ජිප් එකට දාගන්නවා ...."
ම්....හරි බිංදු අපිට පරක්කු වෙනවා...සාජන් මේ ලමයව ජිප් එකට දාගන්නවා ...."
තම සහයකයාට නියොග කල නිලධාරියා රිය ඉදිරි දොර
විවර කලේය.
" අනේ මයේ පුතේ
උඹට දෙයියන්නේම පිහිටයි පරිස්සමෙන් ඉඳපං අපි උදැහින්ම එඥං ..."
රිය පිටුපස අසුනේ හිඳි බිංදුගේ දැත් දැඩිව
අල්ලාගත් සියදොරිස්ගේ මහළු දෙනෙතින් කඳුලු කැටියක් කඩා හැලින
කරකියාගත දෙයක් නොහී බිංදු රැගත් රිය දුහුවිලි
රොත්තකුත් රැගෙන... කඳුලින් බොඳවු
දෙනෙතින් මැකි යන අයුරු ඉදිරි දොර පියස්ස
පාමුල බිසෝ බලාසිටියේය.......
-------------------------------------------
ජාතික ඇඳුමෙන් සැරසී කඩිනම් ගමනින් පංසල් වත්තට
ඇතුලු වූ ලොකු ඉස්කොලේ මහත්තයා ආවාසගෙයි දොරකඩටම එනතෙක් තමන්දෙස බලාසිටි
ලොකුහාමුදුරුවන්ව නොදුටුවේය.
" අපේ ලොකු හාමුදුරුවනේ.....ඔබවහන්සෙට
අසනිපයක්වත්දෝ කියල මට සැකහිතුනා වහාම එන්ටය කියලා පයිංඩයක් ඒවාලා තිබිච්ච
නිසා.."
"
ම්...ලොකු ඉස්කොලේ මහත්තයා ඔන්න ඔහොම ඇඳිගත්තා ඥං.."
තම සුපුරුදු
හාන්සි පුටුවේ දිග ඇදුන ලොකු හාමුදුරුවො මුල් ගුරුතුමා ඇමතීය...
" හරි
වැඩක්නේව අපේ ඉස්කොලේ මහතයෝ වෙලා තියෙන්නේ...අපේ බිංදු කොලුව පොලිසියෙන් ඇවිත්
කුදලන් ගොහින් නේව කට උත්තරයක් ගන්ටය කියාලා..."
"හැ..අර
අහවල් එකටෙයි අපේ හාමුදුරුවනේ...ඒත් මං දන්න තරමින් නං බිංදු අනවශ්‍ය දේවල පැටලිලා හිටියේ
නැනේව..."
ගමන්
තෙහෙට්ටුව නිසා තරමක් කලුවන් වී තිබු මුල් ගුරුතුමාගේ වත ඇසූ දෙයින් තව තවත් අඳුරු
විය.
" සියදොරිස් උන්නැහේට හෙට උදැහැනම පොලොසියට එන්ටය කියාලයි උන්දැල ගොහින් තියෙන්නේ.."
" එත් අපේ හාමුදුරුවනේ
මේ බලාන ඉන්ට හොඳ කාලයන් නේවෙයි නේව..දැන් අහන්ට දකින්ට වෙලා තියෙන ඒව්වයේ
හැටියට..."
" ලොකු ඉස්කොලේ මහත්තයෝ
ඔය බිංදු කොලුව ඉගෙන ගන්ට දස්ස එකාවෙච්චි
කොට...ඔව්වට ඉරිසියා කොරන එව්වො මේ යායේ නැතුවයෑ....ඉස්කොලේ මහත්තයත් පොඩ්ඩක්
විපරමින් ඉන්ටකෝ...."
" එහේමයි අපේ
හාමුදුරුවනේ...දැන් අපි මොකෑ මෙකට කොරන්නේ...."
" ම්....සියදොරිස්
උන්නැහේට මං උපදෙස් ටිකක් දුන්ඥා..උදැහැනැක්කෙම පොලොසියට යන්ටය කියාලා අපි පොඩියක්
හෙට වෙනකං ඉවසමුකෝ......"
විරාමය......