Wednesday, November 27, 2013

ඉවරයි



ඒක ඉවර උනේ හිතාගන්ඩවත් බැරි වේගෙකින්. ලෝයර් හරි විදිහට තර්ක ගොඩනගපු නිසා නඩුකාරතුමාට තින්දුව දෙන්න ලේසි උනා කියල උසාවියෙන් එලියට එන අය කියනවා මටත් යන්තමට වගේ ඇහුනා.

අවුරුද්දක් විතර අපි ඇතිවෙන්න රංඩු උනා. මුලින් වචනවලින් විතරක් උනාට අන්තිම හරියට එනකොට අතට අහුවෙන දෙකින් දමලා ගහන්න තරම් තත්වේ නරක අතට හැරිලයි තිබුනේ.

අන්තිමට චූටි පුතා අම්මලගේ ගෙදර නතරකරලා එන්න සිද්ද උනේ කවදාහරි එයත් මේවගේ තත්වෙකට පත්වෙයි කියන බය හිතේ දෝංකාර දෙන්ඩ පටන්ගත්තට පස්සෙයි

අපි ආදරේ කරන්න පටන්ගත්ත කාලේ ඉඳන්ම දිගටම තිබ්බේ රංඩුම තමයි කියල මට දැන් හිතෙනවා. හැබැයි ඒවා එච්චර් සීරියස් උනේ නෑ

" ඔය අයිස්ක්‍රීම් එකෙන් බාගයක් මට ඔනේ..."

" ඇයි දැං එකක් කෑවේ.."

" හරි ඔයාට ඔය ඔක්කොම කන්ඩ ඔන්නැනේ මට දෙන්න..."

වැඩේ කියන්නේ දෙන්නටම බඳින්න ඔන උන වෙලාවේ අම්මලාට ඔන උනා දෙන්නගේම කෙන්දර බලවන්න. ඒ වෙනකොටත් අපි ඔක කම්පියුටරෙන් බලවගෙනයි තිබුනේ, වැඩේ තීතට ගැලපිලා තිබුන හින්දා අපිට සතපහක බයක් තිබුනේ නෑ, අන්තිමට එයාලත් ඒ ගැන මුකුත් කතාකලේ නෑ.

කොහොම හරි මගුල් ගෙදර වැඩ ටිකත් රංඩුවකින් දෙකකින් ඉවරයක් කරගන්න අපට පුලුවං උනා. සීරියස් කියලා හිතන්ඩ පුලුවන් කේස් එකකට තිබ්බේ වෙඩිං ඉන්විටෙෂන් කාඩ් එකක් ඉරාගත්ත දවස විතරයි කියලයි මට මතක.

" ඔයා කියන්නේ මේක හොඳයි කියලද..."

" ඔව්, ඇයි මේකේ ගානත් ෂේප් අනික ලුක් එකත් පට්ටනේ..."

" ඊයා.. ඔයාටනම් කිසිම දේක ටෙෂ්ට් එකක් නෑ...කෝ දෙනව ඔක මෙහාට…. බ්‍රාස්..!@#$% ..."

අන්තිමට මටත් මේක ඇතිවෙලයි තිබුනේ. හොඳයි කියල එහේකට තිබුනේ චූටි පුතා ඉපදිච්චි එක විතරයි. මම හිතන්නෑ අම්මා ගාවයි තාත්තා ගාවයි සතියකට සැරයක් වෙනම ඉන්න වෙන එක, ඒයාට මහ ලොකුවට දැනේවී කියල.. , මොකද ඒයාට ලැබෙන ලොකුම සැනසීම තමයි කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙන එක..

හේම් එකත් ඉවරයි එහේනම්.......


                                                                       ඉවරයි.

ප.ලි

  ඔන්න ඊයේ හවස අම්මගෙන් කොල් එකක් එනව...

"  කවුද ඉංග්‍රිසි Raj  කියල එතකොට සිංහල රාජ් කවුද..."

මම බැලුව අම්ම කොහෙන්ද මෙව්වා දන්නේ කියල 

" ඉංග්‍රිසි Raj  මම සිංහල එක්කෙනා ඉන්නේ හම්බන්තොට "

" එතකොට මාල දිවයිනේ ඉන්නේ කවුද..."

අන්න එතකොට තමයි මීටරේට වැටුනේ අපේ ඩියුඩ් ව තාත්තට හම්බෙලා නේව, තාත්තා තමයි ගින්න දිලා තියෙන්නේ අම්මට...

පස්සේ ඉතින් මම විස්තරේ පැහැදිලි කොරල දුන්නා 

" මොනවද බ්ලොග් කියන්නේ..."

" ආ ඒ මේ අර පත්තර ...ම් එතකොට ඩයරි...ඩයරි ලියනව වගේ එකක් අම්මේ..."

" හෆෝ යන්තම් ගොඩදාගත්තා ..ඔව්ව කියල දෙනව කියන්නේ පනයන වැඩක් නේව...හික්ස්.."




.

Tuesday, November 12, 2013

සෙම් කුනාටුව.......



උගුරු බඳේ පැටලෙමින්...

නාස් කුහරේ දැවටෙමින්..

කන් අඩි දෙක පහුරමින්..

මොල කුහරය තෙරපමින්..

හතරහන්දි අඹරමින්..

සිදුවුන මහ නස්පැත්තිය..

යන්තම්වත් ගොඩ ගන්නට...!

ගත්තෙමි සමහන් එකක්..

පස්පංගුවේ බාගයක්..

කොත්තමල්ලි හැඳි දෙකක්..

පේයාවෙන් ඇබිංදක්..

පිරිටන් ටැබ්ලට් එකක්..

පැනඩොල් පෙති දෙකතුනක්..

විටමින් සී කැබැල්ලක්...

පෙරදිගත්.. බටහිරත්....!

කලවම් වී.. කුරුවල් වී..


හම්මෝ.....!!!