Monday, January 27, 2014

බාලිකා බස් රිය......



අරලියගහ අද්දර

තාර පාරේ

කලු දුඹුරු බොරපාට දූලි කැටි

මකාලමින් ගොරහැඬි බව

තැන තැන විසිර ඇති

බාගෙට පරවුනු

කහ අරලීයා මල්

සුවඳ........

නාස්පුඬු කිතිකවද්දි

තාර උනුවී ගලන

මහ පාරේ ඈතින්

මිරිඟුවට නලියන දුම් වලා විනිවිදි..

රිදුම් දෙන නෙත් කෙවෙනි

පැතුම් පොදි මොරදෙද්දී

ඇයි ද..!

අද තව නැත්තේ

බාලිකා බස් රිය..........