Saturday, April 9, 2016

අවුරුදු අඬ හැරේ .!!!






කොඳුරු ගුලිය නද දෙන ගෙයි පියසි කොන

ගොම මැටි කූයිලයට කිවිසෙන නාස් කොන

 ඇවිසුන තෙල් පින්න විසිරෙන පිළිකන්න

නාඹර කෙසේල් කැන්  පිපිරෙන කෙසෙල් වල


නෑඹුල් පුසුඹ විදිදෙන මහා ගොයම් කොළේ

කිරි කජු සුවඳ පිරි පුහුළන් කජු යායේ

රතු කැට පොකුරු පිරි එරබදු බඩවැටියේ

 සැවුලෙක් නගයි කන්කළු පද තුරු මුදුනේ


ලපයා වක ගැසී කොඳුරයි ඇඳ මුල්ලේ

පුපුරා නැගෙන ගිනිකෙලි හඬ වැට අයිනේ

කිරිබත් පැණි කැවුම් සපිරුණු මැද සාලේ

පවසයි කනින් කොන බක් මහේ සරු සාරේ..!!






18 comments:

  1. හීන් නගා ඇයි ගෙයි මුල්ලේ.....
    සිංදුව ඇහෙනව වගේ දැනුනා රාජ්ගේ කවි ටික කියෝනකොට....!

    ReplyDelete
    Replies
    1. හෆොයි කමක් නෑ කපුගේ නොවැ

      Delete
  2. පරණ බ්ලොග් කාරයෝ ආයේ අවදිවෙමින් ඉන්නවා වගේ... මගේ බ්ලොග් රෝලේ ලියන්නයි, රාජුයි බොහොම කාලෙකට පස්සේ අද අප්ඩේට් වෙලා...බොහොම සතු‍ටුයි...

    දිගටම ‍රැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතීයි සෙන්නා හැකිවිට ලියන්නෙමි

      Delete
    2. වීයා උඹවත් දැක්කේ බොහොම කාලෙකින්. මොනාද බොලා දැක්කෙ ??

      Delete
  3. එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා.
    (හැම ලපයම රතිඤ්ඤ වලට බයයි)

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් සර් අපේ බලු යාලුවො ගැන කල්පනාවෙන් රතින්ඥා පත්තුකරමු ඇපි හැමොම නෙද

      Delete
  4. අවුරුදු සිරිය.... අනේ මන්දා..?

    ReplyDelete
    Replies
    1. තියෙන විදිහට විඳිමූ වීයා

      Delete
  5. දැන් එරබදු, කිරිකජු හොයාගන්න අමාරුයි ටිකක්.
    බ්ලොග් වසන්තය පටං අරන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකමයි ලිව්වෙ ප්‍රසා කජුපුහුලන් කාලා ජොලියක් දාපුහැටි කොහොමද බ්ලොග් වසන්තෙට එන්න 30 දා

      Delete
  6. පට්ට සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් මචන්

      Delete
  7. මෙහෙම අවුරුදු දැන් නෑ නෙ බං

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...