Tuesday, December 24, 2013

මගේ කතාව ආච්චිගේ කතාව සහ පොලීසියේ කතාව.............



 කතා තුනම ඇත්තය තුන්‍යා කාරයකට සිදුවෙච්චි ඒව්වාය.

 නමුත් මතක් කලයුතු එකක් ඇත ඒ  ගිය සතියේ අපේ එකාලා පට්ට ෆන් එකක් ගත් ගල්කිස්සේ බ්ලොග් සාජ්ජෙය...මා නොගියත් ගිය එකාලා වෙනුවෙන් සංවිධායක සෙට්ටුවට ස්තුතීය. වෙනත් ෆන් එකක් කලින් බුක්කර තිබු බැවින් මා හට අම්බලන්තොට යෑමට සිදුවිය. අර කියමනේ හැටියට ගසට ගසක් මොරටුවෙදි හමුවෙන්නාක් මෙන් Raj ට එහිදි  රාජ්  හමුවීමද සතුටට කාරනාවක් විය. රයිට් බැක්ටුද කතාවට එමු.
  
අපේ ලොකු මාමාගේ එරියල් එකෙන් ඡ්න්ද හිමි නාමලේඛනයට නම ඔබ්බවා ගැනිමේ සටනක මා නියැලි සිටියේ මේ අල්ලපනල්ලේය. හේතුනම් අහන්ඩ එපා පුතෝ දන්නා උන් දන්නේය නැත්නම් තාත්තා කෙනෙක් උනායින් පහු දැනගන්නේය. කෙසේ හෝ මා ප්‍රොජෙක්ටුවට කරගහන විට සාමාන්‍ය ක්‍රමයට නාමලේඛනය පිරවී අවසන්ය. ඉතින් ඇපැලක් දැමුවෙමි කාලය පියාඹා ගියේය. කිහිප දෙනකුටම සම්මුඛ පර්යෙෂන කැඳවුවත් මට එවන් එකකට ලිපියක් ලැබුනේ නැත. නැතහොත් මාමාගේ ගෙදරට ලියුම් කරු පැමිනිම නවතා ඇත. නමුත් ගිය බුරහස්පතින්දා මාමා කියන පරිදි ලියුමක් ලැබී තිබින.

පස්වනක් ප්‍රිතිය කරේගසාගත් මා කුකුලාත් අතින්ගෙන මාමාගේ ගෙදරට පාත්විමි. ලිපිය පැමින ඇත්තේ මැතිවරණ කාර්යාලයෙනි අහෝ ඛේදයකි " ඔබ පරික්ෂණයට නොපැමිනි බැවින් ඇපැල ඉවත දමන ලදි" මොන මගුලක් ද මේ, මා හට එහෙව් කැඳවීමක් ලැබුනේ නැත. ඇරත් එහේව් එකක් ආවේ නැතිබවට මාමා ආචිචි අම්මා මතක් කොට දිවුරා තිබින . වරම අතටගත් මා රාජගිරියේ මැතිවරණ කාර්‍යාලය බලා පියැඹිමි. අම්මපා නියොජ්‍ය කොමාට හෝ දෙකක් කියා එමියි තිර අදිටනින් එහි ගියෙමි.

නමුත් සිදුවි තිබුනේ අනේකකි ආච්චි අම්මා දිව්‍යලොකේ හිටං කිවිසුම් අම්බානක අරින්නට ඇත. මාමා ගෙදර නොමැති වෙලේ පියුම් මාමා පැමින ලියුම ආපහු ගෙනැවිත් මැතිවරණ කාර්‍යලයට දි ඇත. අර ලියුම ලැබුනේත් මේ ලියුම නොලැබුනේත් පියුම් මාමා ආපහු ගෙනා ලියුම ලෙජිස්ටාර් පොස්ට් එකේ එවා තිබූ බැවිනි.
සටනේ හොඳම හරිය දැන්ය. මැතිවරණ කාර්‍යාලයේ සෙවක පිරිසනම් පට්ටය එතැන දැන් වැඩකරන්නේ බොහොමයක් තරුණ කාන්ඩේ අයවලුන්ය. සෙනසුරාදා දහවල් වීමට ප්‍රථමයෙන් සියලු ලිපිලේඛන සකස්කොට බාරදීමේ පොරොන්දුව පිට මාහට අදලා ලියුම නැවත ලැබින.

දැන් ග්‍රාම සෙවක උන්දැ සොයාගත යුතුය. සොයා බැලුවිට ඉන්නේ ග්‍රාම නිලධාරිණියකි. නැවත මාමා සමග සෙට්වි ඈ සොයා ගියෙමි  කාර්යාලය තිබුනත් ඈ සිටියේ නැත. බුරහස්පතින්දාට පැමින හමුවන ලෙසට එහි දැන්වීමක් දමා ඇත. තවත් අපූරු පොතක්ද එතැන දමා ඇත " ඔබේ අවශ්‍යතාව මෙහි ලියා තබන්න නිවසටම පැමින ඉටුකර දෙමි " අප්පට සිරි පිස්සු පීකදුය මට නම් සුවර් එහේම වැඩ ලංකාවෙ වෙන්නේ නැත උනොත් එංගලන්තේ තමයිය.

තාත්තා දන්නා උන්දැලා කිහිප දෙනෙකු අමතා ග්‍රාම නිලධාරිණිය ඉන්නා ඉසව්ව දැන ගතිමි. උන්දෑ සොයා ගියපසු ඇගේ උෂ්නේට අසුවිමෙන් අතපයද පිච්චි ගියේය. ඒකට කමක් නැත ග්‍රාම රැජින ලිපිය සීල් ගසා වැඩේ බැලන්ස් කර දුන්නේය.  ඇයට තාන්න මාන්න දුන්නේ නම් රැස්පට් නොබලාම වැඩේ කොරගන්නට තිබුන බව පසුව දැනගන්නට ලැබින. පසු කලේක ඈය මුනගැසි තූටු පඬුරු දිය යුතුය නැතිනම් අනාගතය අඳුරුවන්නේමය.

හම්මේ වෙලාව සවස 5හ පසුවී තිබුනත් මැතිවරණ කාර්‍යාලයේ තරුණ ඈයන් රෑ වන තුරු සිටිනා බව දත් හෙයින් නැවත එහි ගියෙමි. ආ මගදි අපේ වැප් උන්නැහේත් මුන ගැසින. ගෙට්ටුවේ සිකියුරිටි තරුණ මහතාට පින්සිදු වන්නට යාන්තම් ඇතුලට රිංගා ගත හැකිවිය. අහෝ ඛෙදයකි සියලු ලිපි පරික්ෂාකිරිමෙන් පසු මාගේ අයිඩින්ටියෙන් කොම්පිතරයද පරික්ෂාකල පිංවත් සෙවක මහතුන්, දැනටමත් අපේ ග්‍රාම නිලධාරි තැන මා ඡ්න්දදායකයකු ලෙසට ගමේ රෙජිස්ටර් කර තිබෙන බැවින් මෙවර මාමගේ එරියල් එකට රෙජිස්ටර් කරගත නොහැකි බව පැවසීමත් සමග උදැසන සිට කොරන ලද සියලූ වැයම් ගඟට කැපු ඉනිමෙන් හුලඟේ ගසා යන සැටි බලාසිට ගෙදර ගියෙමි.

    තාත්තා කියු පරිදි මෙවර ගෙදර ඡන්ද ලේඛනයට මාගේ නම සටහන් කර නොයැවූවත් අපේ ග්‍රාම සෙවක තැන වැඩි පරිස්සමට ගියවර ලේඛනය බලා මෙවරත් අපූරුවට පුරවා යවා ඇත. කවුරුන් හෝ පැමිනි පසු මුලින්ම අයිඩින්ටිය කොම්පීතරයේ ඔබා තොරතුරු දැනගැනිමේ නුවන මැතිවරණ කාර්‍යාල තරුණ ඈයන්ට පහලවේවායි මා ප්‍රාර්ථනා කරමි.

ආච්චීගේ කතාව පටන්ගන්නේ මේසේය

 ඒ කෙසේද යත් අපේ ඔෆිසියේ ලකියාගේ ගම මහනුවරය. ඇගේ ආච්චි ගියවර පිච්චමල් පුජාවට අනුරාධපුරයේ යැමට ලකලැහැස්ති විය. ඈ සමග යාමට ගමේ නඩයක්ද සෙට්වි සිටියේය. නමුත් ගමන පිටත්වන දින උදයේ ආච්චිගේ පමාව හේතුවෙන් නඩය පිටත් වී තිබින. ආච්චි අම්මාද වැඩේ අතඇරියේ නැත තනිවම අනුරාධපුරය බලා පිටත් විය. ආච්චි පිච්චමල් පුජාවට සහභාගිවිය. පිංකම් පොළේ සෙනග අතර තෙරපෙමින් ආච්චි ඇවිදින විට එහි පැමින සිටි  වෙනත් නඩයක් ඔවුන් සිටි තැනින් ඉඩක් ආච්චිට අසුන් ගැනිමට ලබා දින. ඔය අල්ල පනල්ලේ ගමේ සිට පැමිනි නඩය පිංකම් පොළේ සිටින අයුරු දකීමෙන් ආච්චි නැවත ඔවුන් අතරට එක්විය. පිංකම අවසන්වීමෙන් පසු නැවත ගෙදර ඒමට සැරසි ආච්චි අම්මාට, තමන්ගේ නඩය සුපුරුදු පරිදි මගහැරිනි.

ඔය අතර කලින් හිඳගැනිමට ඉඩක් ලබාදුන් නඩය නැවත ආච්චි අම්මාට මුලිච්චි විය. පොඩි දොෂාරොපනයක්ද එල්ල කිරිමෙන් අනතුරුව ඔවුන් ආච්චි අම්මාව නුවර බසයකට නැංවූයේය. නමුත් ඈ මග හැරුන ගමේ නඩය ගමට පැමිනියේ පසුදා සවසය. සිදුවිඇත්තේ අනේකකි ආච්චි බසයක නැගුනද, අරකී නඩය කොච්චියේ පැමින ඇත. ගමන් මහන්සියට දෝ කොච්චියෙදි නඩය හොඳහැටි නින්දගියෝය. ඉදින් පොල්ගහවෙලින් බැසිමට අමතකවිය, නින්දෙන්ම කොළඹට පැමියේය. පසුව නැවත නුවර කොච්චියක ගමට පැමිනිමට නඩයට සුදුවින.

දැන් පොලොසීයේ කතාවය

මේත් අපේ  මිතුරෙකි වඳින්නට ගිය දේවාලය ඔලුවට පාත්විමෙන් සිදුවුන නස්පැත්තියකි. අධිවෙගි මගේ එක්තරා දවසක රාතියේ අපේ කතා නායකයාගේ පියා පොදු ප්‍රවාහන සෙවයෙන් ගාල්ල බලා ගමන් කරතිබින. බසයෙන් බසින විටදි ගැලැක්සි ෆොනයක් බසයේ තිබි සම්බවී ඇත . පසුව ඔහු එම ජංගම දුරකථනය අපේ කතානායකයාට ලබාදින.

ඒ වනවිටත් දුරකථනය හිමිකරු දුරකථන අංකය ක්‍රියා විරහිත කොට තිබින. නමුත් ඒහි තිබු එක් අංකයකට අපේ මිතුරා කතාකර දුරකථනය තමාට ලැබි ඇති බැවින් ඒය අයිති කරුට පැමින ලබාගන්නා ලෙසට පනිවිඩයක් තැබිය.

දුරකථනය ලබාගැමට හිමිකරු පැමිනෙන බව කිවත් ඔහු පැමිනියේ නැත. ඒ වෙනුවට බොරැල්ලට පැමින දුරකථනය ලබාදෙන මෙන් අපේ මිතුරාට විධානයක්ද පනවන ලදි. අවසානයේ ඇතිවු දුරකථන සංවාදයෙන් පසුව මිතුරාට සිදුවූයේ දුරකථනයත් රැගෙන බොරැල්ල පොලිසියේ පෙනිසිටිමටය.

ඒ වන විටත් අදාල දුරකථන හිමිකරු බොරැල්ල පොලිසීයේ ඇන්ට්‍රියක් දමා තිබින. පැය දෙකක පමන වෙලාවක් කට උත්තර දීමෙන් පසුව ලොක්කෙකුගේ පිහිටෙන් උසාවි නොගොස් බේරීයෑමට අපේ මිතුරාට හැකිව තිබින.

අපේ කතානායක කියන පරිදි  මැරෙන්න වැටි සිටින එකෙකුවත් ඉස්පිරිතාලයකට ගිහින් දැමීම අමන වැඩකි මන්ද පොලොසියෙන් තොන්ඩුව දමන්නේ උපකාර කල එකාටය.


හේම් එහේනම් ලබන්නාවු අලුත් අවුරුද්ද සැමට සුබ වේවායි පතන්නේමි. දවසක් ගතවු පසු එයද පරණ වෙන්නේමය. නැවත ලබන අවුරුද්දේ පරණ දවසක සෙට්වෙමු එතෙක් ජය...!!!