Monday, October 31, 2011

කවුද එතකොට වහලේන් වැටුනේ...........



එදා..අනොරා වැස්ස....හැබැ මේවැඩේ සිද්ද වෙනකොට මහප්පත් අපිත් එක්ක හිටියා..දැන්නම් ඒයා අපව දාලා ගොහින් අවුරුදු 2 ක් විතරවෙලා...

   ඉස්සර මේ ගේ කිට්ටුව ලොකු රබර් වත්තක් තිබුනා හැබ දැන් එක නැ හතර වටේම තැනින් තැන ගේවල්...නමුත් දෙයියනේ කියලා ගහ කොල වලින් අඩුවක් පාඩුවක් නැ... පුරුද්ද්දක් විදිහට ඔය රබර් යායේ හිටපු වඳුරු රංචුව මහප්පලගේ වත්ත උඩින් එහේට මෙහේට ගියා..

  ඔං ඔය රංචුවගේ දැඟලිල්ලට ගේයි වහලේ උළු එහාට මෙහාට වෙලා තිබුනා..ඔය බව දැනගන්ට ඉතින් වහින්ටම එපැ...ඔය කියපු දවසේ අකුනු ගගහ වහිනව..ගේයි ඉස්සරහ කාමරේ සිවිලිම අස්සේන් ටික ටික වතුර වැටෙන්ට පටන්ගත්තා....

   සිවිලිමේ අස්සෙන් වහලේ මොකක් හරි උනාම සිවිලිමට නගින්ට ඔනම ගේක බාසුන්නැහැලැ පොඩි කවුලුවක් හදලා තියෙනවමනේ....පොඩි අයියා..වහලේ හදන්ට කියලා ඔං ඔතනින් සිවිලිමයි වහලෙයි අතරට නැගලා... ඇතුල කළුවර හින්දා මහප්පත් අර හිදැස අතරින් විදුලි පන්දම උළුක් කොරාන ඉන්නව ලු....හැබැ ඔතන ඉඳන් එහේට මෙහේට ඔට්ටු වෙන්ඩ පුලුවක් එක්කෙනෙකුට විතරයි....

   ඔය අස්සේ ලොකු අයියත් තියෙන දාංගලේට ඔක අස්සට රිංගලා....සිවිලිං සීට් හයිකොරලා තියෙන යට ලීයක පැත්ත වැටිලා බලං ඉන්නවලු පොඩි අයියා වහලේ හදන හැටි...ලොකු එකා ඉඳලා තියෙන්නේ හරියට "ඇඳක පැත්තට නිදාගෙන ඉන්න විදිහට...උඩ ලීයක් අල්ලගෙන"
   ටිකවෙලාවයි ගිහින් තියෙන්නේ අර දෙන්නම සීවිලිමත් කඩාගෙන බිමට පතබැවිලා...ඉස්සරහ කාමරෙන් ආපු හෙන ගහන්නැහේ සද්දෙට ගේ අස්සේ හිටපු පොඩි අක්කා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ මේ හෙන ගහන වැස්සේ ඉස්සරහ ගෙදෙට්ට දුවලා..

  " අංකල්..අංකල් .. කාරෙක ගන්ඩ අර දෙන්නම ඉවරයි වහලෙන් වැටුනො..." කිය කිය කෑ ගහනවලු
 කොහොම හරි අංකලුත් කමිසයක් දාගෙන ගෙදෙට්ට එනකොට... අයියල දෙන්නයි.. ලොකු අම්මයි මහප්පයි ඉන්නවලු ඉස්සරහ පැත්තට වෙලා බලාගෙන..

  දැන් ඉස්සරහ ගෙදර අංකල් අහනවලු..." කව්ද එතකොට වහලෙන් වැටුනේ "....  කියලා...
 එතකොට..ලොකු අම්මා බනින්ට තියාගත්තලු..." මේකිට පිස්සු..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ කෑ ගහනව කියලා....

  අයියල දෙන්නත් ඉස්සර ඉන්නව දැක්කම පොඩි අක්කට ලැජ්ජා හතේ පනගියාලු කොරපු ගොං වැඩෙට.....
  හැබැ වෙලාවෙ හොඳකමට කාටවත් තුවාලයක් වෙලා නැ...පල්ලේහාට කඩාගෙන ආපු සීට් කැල්ලක් නෙට් එකේ වැදිලා නැවතිලා..නැත්තං මහප්පා තුවාල වෙනව... අර ඩබල වැටෙනකොට වැටිලා තියෙන්නේ ඇඳයි පොත් මෙසෙයි අතරට හැබැ පොඩි අයියට කලන්තේ දාන්ට වගේ ඇවිත් ...

Tuesday, October 25, 2011

මුවෙක් නිසා උන හදියක්....


මං එතකොට 3 නේ කැලැසියේ....අපේ ගමේ ඉස්කොලේට තමා අකුරුකොරන්ට ගියේ... මගේ තාත්තත් ගියා ඔය ඉස්කොලෙටම...හැබැ උගන්නන්ට...වැඩේ කියන්නේ එතුමා..ඉස්කොලේ උප ගුරුතුමා..

    ඔය ඉස්කොලේ එකපැත්තකින් ලොකු පොල්වත්තක් තියෙනව....අපේ පංතිකාමර තිබ්බේ ඉස්කොලේ ඉස්සරහ මායිමට වෙන්ට...ඔය මායිමයි අර පොල්වත්තයි අතරින්  තමා ඒ වත්තට යන පාර තිබ්බේ...ඔය පාරදිගේ ගියහම හාමු මහත්තයගේ ලොකු වලවුව දැක ගතැකී... 

   ඉස්කොලේ පිට්ටනිය තියෙන්නේ ලොකු අයියලගේ පංතිකාමර ඉස්සරහ...හැබැ එතෙන්ට යන්න ඔන ලොකු ගුරුතුමාගේ ඔෆිසීය පහුකොරාගෙන....පිට්ටනියේ ඇත කෙරවල මායිං වෙන්නේ ලොකු රබර් වත්තකට..ඔක තමා ඉස්කොලේත් ඒ පැත්තේ මායිම වෙන්නේ...

  පිට්ටනියේ කෙරවලේ ඉඳන් බලන කොට මේ රබර් වත්තේ ටික දුරක් හොඳ හැටි පෙනව..ඉටපස්සේ කටු අකුල් තමා පෙන්ට තියෙන්නේ...හැබැ ඔය අකුල්වලට උඩින් අර හාමු මහත්තයගේ තඩි ගේ නං යස අපූරුවට පෙන්ට තියෙනව....

   ඔං ඔය වලව්වෙ රබර්වත්ත පැත්තට වෙන්ට මුවෙක් කොටුකරල තියන ආරන්චිය අපට ආවේ ලොකු අයියලගේ පංති දිහාවෙන්...ඒ කාලේ  අපී තරං කුනුකන්දල් හොයන අය තවත් හිටියැ...

  ඔය කතාව කනවැටුන වෙලේ හිටං ඔකා බලනකං ඉවසුමක් නෑ...ඔය වැඩේට යාලුවො දෙතුන් දෙනේක්ම එක්කාසු උනා...අපේ වෙලාවට පිට්ටනියේ එක්පැත්තකින් අර රබර්වත්තට කිට්ටුවෙන් තමා වැසිකිලි පේලිය තිබුනේ..ඔං අපේ ප්ලැන් එක ඔය වැසිකිලිය පැත්තේන් රබර්වත්තට ඇතුල්වෙන එක...
  මොකැ අපි වැසිකිලි ගියා කියල කවුරුවත් සැක කොරන එකක් නැ කියල තමා අපේ පුංචි මොලගෙඩි ටිකට ඒ වෙලාවෙ හිතුනේ....

  දවසක් අපේ ගුරුතුමී පාසැල් ආවෙනැ....ලොකු පංතිවල වගේ මේ පුංචී පන්තිවලට වෙනම පීරීයඩ් නෑ නොවැ ඔය අපේ ගුරූතුමීම තමා ඉස්කොලේ ඇරෙනකම්ම අපට ඉගැන්නුවේ...

  දැන් ඉතින් අපට රජ මගුල් ඇයි දවසම නිකන්නොවැ...උදේම අපේ මුල්ගුරුතුමා ආව. ඇවිදින් චිත්‍රයක් අඳින්ටය දඟලන්නැතුව ඉන්ටය කියලා ආපහු ගියා....

  අපේ ප්ලැන උනේ දවල් වීවෙකයෙන් පස්සේ අර මුවා බලන්ඩ යන්ට 3 වසරේ අපට දහවල් විවෙකය තිබුනේ උදේ 10 ට විතර..ඒ කාලේ ලොකු අයියලට  විවෙකය දීලා තිබුනේ ඉතින් 11.30 විතර නොවැ...
කොහොම හරී විවෙකෙන් පස්සේ ඉස්සෙල්ල කිවුව..වැසිකිලි ටිකට මුවාවෙලා කම්බි වැට අස්සෙන් රිංගල රබර්වත්තට පැනගත්තා...මොනාකලත් බෙල්ලට පහලින් ඩොං ඩොං ගාලා එන සද්දේ එලියට නැතත් හිතට නං දැනුනා...මොකැ පුංචි උනාට හොර වැඩක්නොවැ කොරන්නේ...

   තිබ්බ කුහුලටම බය යටපත්වෙලා මුවා බලන්ටමයි හිත...රබර් වත්තේ අර කටු පඳුරු හරියත් පහු කරගේන යාලුවො කට්ටිය ඉස්සරහටම ගියා...

  කතාව ඇත්ත කම්බි දැල්වලින් වටකරපු ටිකක් ලොකු  කොටුවක මුවො දෙන්නේක් මොනාදො කකා හිටියා..හැබැ තිබ්බ බයටද කොහේද ඉක්මනටම ආපු හැරුන යාලුවොටික ආපහු අර වැසිකිලි තිබ්බ තැනට දුවල ආව...

  පොට වැරදුනේ ඊටපසේ තමා ඔං...එකා එකා ආපහු පංති කාමරේට එනකොට අපේ උප ගුරුතුමා ඒ කිව්වේ මගේ තාත්ත පංතිය ඇතුලේ...කට්ටියවම පොලීමට ලොකු ගුරුතුමා ගාවට යැවුවේ නැතැ...
  ලොකු ගුරුතුමා ඉස්සෙල්ලම ඇහුව කට්ටියගෙන්ම කොහේද ගියේකියලා....ලොකු වේවැලත් අරගෙනම ...ගහන්ට ඔනීයැ තියෙන බයටම ඔක්කොම එලිකොරපි...කස්ටියම...

  හැබැ ගැහුවෙනං නැ...අපේ පුංචි පංතී ඇරෙන කම්ම දනගස්සොලා තිබ්බා...

  හැබැ හතර විලිලැජ්ජවේ මොනාද ගියේ ඉට පස්සේ ඇයි වදේ..අරුන්ටික පංති ඇරිලා ගෙවල්වලට ගියාට මං තුමා ඉන්ට එපැ ඉස්කොලේට වෙලා 1.30 වෙනකං...තාත්තා ගෙදර යන්නේ ඒ වෙලාවටනේ... අපෝ අනිත් ගුරුවරු දකින දකින සැරෙට අහනව මොකැ තාත්තද දනගස්ස්වල තිබ්බේ කියලා...අපොයි උන වැඩක්...
  
 
 
 

   

Monday, October 24, 2011

ඔහේ මගුලක් කතාකරනව...ආදරේ කරළ කරන මගුල් ගැන…. දැන් තාත්ත මගේ බෑනා



ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන්  කාරයෙක් එක්ක සෙට් උනා...ටික වෙලාවකින් අපේ එකා...

" ඔයා දන්නවද...? අපේ දෙමව්පියෝ ගෙදරින් එළියටවත් බැහැල නැති,...මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න. ඒකී ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ... මේ මගුල මට දැන් එපාවෙලා තියෙන්නේ..."

" ඔහේ මගුලක් කතාකරනව...ආදරේ කරළ කරන මගුල් ගැන.... මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනීයෙක්...ටික කාලේකට පස්සේ..අපේ තාත්ත මේ ගෑනිගේ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්ද..."

" දැන් තාත්ත මගේ බෑනා...මං තාත්තගේ මාමා..තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම...මගේ ගෑනී මගේ ආච්චී..."

" ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම..මගේ පුතා මගේ තාත්තගේ මල්ලී... ඒ නිසා පුතා මගේ බප්පා..."

"තත්වේ දරුණු වුනේ අපේ තාත්තගේ නෝනට දුවෙක් ලැබුනම... දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී. මගෙයි නෝනගෙයි මිණීබීරී..."

"බලාගෙන ගියහම මම මගේම සීය වෙලා...මගේම මුණුබුරා වෙලා...උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා..."

"දඩස්".... යනුවෙන් සබ්දයක් ලංකාවේ පොර සිටි දෙසින් ඇසින....


මටත් ආවනොවැ මේං මේ මගුල් මේල් එක අද පාන්දරම.....කේක් ගෙඩිය තනියම කන්නැතිව ඔක්කොමලත් එක්ක බේදාගත්ත ඔං…..

Thursday, October 20, 2011

ආරාධනා පතක් සමග අපූරු පැය 2කක්....



ඊයේ තමා මේ අපුරු සන්ද්‍යාව ගතකලේ... 

ඔෆිස් එකේ රාජකාරිටික ඉවර කොරල එහේම තව යාලුවො දෙතුන් දෙනෙකුත් එක්ක සෙට් උනා..හැබැ මදු විතටනං නේවී....ඔය B.M.I.C.H     එකේ ඉස්සරහ පැත්තේ පොකුන තියෙනවනේ...ඔන්න ඔකෙන් වම්පැත්තට හැරීලා B.M.I.C.H    එක පිටිපස්සට ගියහම තියෙනව අපුරු ගෙවත්තක් ..එකේ අපේ ගම්පලාත්වල වගේ හොඳ හොඳ බොග ජාතී වවලා තියෙනව...

  ඔං ඔය ඉසව්ව පහුකරාපුවම තියෙනව බොඩ් කැල්ලක් " කොළඹ කමත " කියලා.... මොනා උනත් ලංකාවේ තවම නිර්මාණශීලීන් අතලොස්සක් හරී ඉන්න හින්දා..අපී ගමේදී දකින කමත වගේම එක හදලා තියෙනව..

  

  හවස 6.00 විතර වෙද්දී අපී කමතට ගොඩ වැදුනේ...එක් අපූරු මිනිසෙකුගේ තවත් නවමු අත්දැකීමක් අහන්ට දකින්ට කියලා...

   හැත්තැව දශකය ලාංකීය සංගීතේ ස්වර්නමය අවදියක් කියලා....ඔය කවුරුත් දන්නව නේව.. අන්න ඒකාලේ ඉඳලා අද තව වෙනකං ගී කුරුටුගාලා අපව සනහන එක් වටිනා පුද්ගලයෙක් තමා බණ්ඩාර ඇහැළියගොඩ කියන්නේ...  

  එතුමා මෙන්න මේ විදිහට අපට කියලා එවලා තිබුනා....

"    මවිසින් රචිත ගේය පද රචනා ඇතුළත්
            සිවුවන සංයුක්ත තැටිය

                 සඳුට අවනතවී
             
            දෝතින්ම ආරගෙන
    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි මිහිලක මැඳුරට යබද " කමතට " වෙලා
    ඔබ එනතුරු මග බලාගෙන ඉන්නවා….
    ඔබේ ආදරය දිනු ගායන  ශීල්පී, ශීල්පිනියන් මියුරු ගී ගයමින් ඔබව රසවත් කරාවී....
    මනරම් පරිසරයක ඉඩ තියෙන විදිහට වාදිවෙලා සුන්දර හෝරා දෙකක් ගතකරන්නට ඔබ වෙත  කෙරෙන
   ළෙන්ගතු ආරාධනාවයි මේ..
          මං බණ්ඩාර ඇහැළියගොඩ. "  

හවස 6.30 විතර වෙද්දී එතන තිබුන පුංචි ඉඩ රසවතුන්ගෙන් පීරිගියා...වටේ තිබ්බ බැමිකඩ වල පැදුරු එළලා තිබ්බා පිරිසට වාඩිවෙන්ට... ..බණ්ඩාරයන්ගේ ගී නැව පැදවූයේ නවරත්න ගමගේයන්..
ඒකට පාර කියන්ට …..
නන්දා මලිනි, සුනිල් එදිරිසිංහ බන්ධුල විජේවීර, බණ්ඩාර ආතාවුද, සේනානායක වේරලියද්ද, කිත්සිරි ජයසේකර, නිශ්ශංක දිද්දෙණිය , දිස්න අතපත්තු, සුමිත් මන්දනයක, හර්ෂණ දිසානායක, මරියෝ ආනන්ද, අමරසිරි පිරිස්,එඩ්වඩ් ජයකොඩි, ක්‍රිෂාණ්ත එරන්දක ..... එක්වුනා...

  
   
  
 



ඒවගේම රැඟුම් පෙළහර පාන්ට චන්න..රවිබන්ධු..රන්වල බලකාය වගේම විජය නන්දසිරි ඇතුළු පිරිස එක්වුනා...


 
 
  
 


මොනව උනත් ජැක්සන් ඇත්තනී ...ඇහැළියගොඩයන් පිළිඹඳව රසවත් කතාබහක යෙදුනා....




රාත්‍රිය මොරාගෙන එන එක් මොහොතක ගී ගඟුලක කිමිදිච්ච අපට…..

අකමැත්තේන් උනත්, එතැනින් නික්මිලා යන්ට, සිද්ද උනා...
 

Wednesday, October 19, 2011

රස්සාවට චෙන් කැඩිල්ල.. සහ දොළ දුකට අරක්කු බීම......



 මෙක මේ ලඟදී අපේ ලංකාවෙම වෙච්චි පොඩි සිද්දි දෙකක්....

ඔං එක ගැනුලමයෙක් ලස්සනට  ඇඳල කොරලා උදැහැනැක්කෙම රස්සාවට ගියාලු...

  ඉතින් දවසේ වැඩ රාජකාරි ඔක්කොම අහවර කොරල එහේම මේ ලමිස්සි ආපහු ගෙදර එන්ට පිටත් උනාලු....

   හැබැ ලාවට කරුවල වැටීගෙන එන සන්දියේ තමා මෙයා බස් එකෙන් බැහැගෙන තියෙන්නේ...

  ඔං දැන් ගෙදෙට්ට යන පාරදිගේ.... අර ගැනුලමයින්ට උරුම වෙච්චී ලැසී ගමනත් දාලා එහොම මෙයා ඇවිදන් යනව...

  ටිකවෙලාවකින් ඔතනින් යන්ට ආව මොටර්සයිකලයක නැගුනු පොරවල් දෙකක්...

  අර මුලින් කිව්ව දැරිවිගේ...බෙල්ලේ දිලිහි දිලිහි රන් මාලේකුත් තියෙනව..මොකැ ගැනුලමයි ලස්සනට පලඳින්ටත් ආසයිනොවැ...
  
අර බයිසිකල් කාරයෝ දෙන්නා ආපුගමන් කඩාගත්ත නොවැ අර ලස්සන මාලේ....කඩාගෙන ඇරදාලා ගියා...

  හැබැ අරදැරිවි වගේ වගක්වත් නැතිව පයින් ගාටනව....ටිකවෙලාවයි ගොහින් තියෙන්නේ අර බයිසිකලේ ආපහු සැරක් ඇවිදින් එකේ හිටපු එකේක් දැලිපිහියකින් අර දැරිවිගේ...පස්ස පැත්ත කපපීනේද....

  ඒ විතරක්නං මදැ එකේක් කියපි

 " මේ නංගී නිකං බොරු මාල දාගෙන පාරෙ යන්නැතිව හිටපං අපිත් මේ රස්සාවක් කොරන්නේ" කියලා

ප.ලි
 මේ සිද්දීය ඇත්තටම හොරන පැත්තේ සිද්දවෙච්චි දෙයක්...


 

අපේ ඔෆිසියේ ඉන්න ප්‍රියන්තගේ ලොකුඅයියා මීට අවුරුද්දකට විතර ඉස්සර ජයටම මගුලක් කෑව..එකේ ප්‍රතිඵලයක් විදිහට ඕන් දැන් ලොකු නෑන නිලමේ ගමන එහේම යනවලු...

  මේ ලඟකදී අර උන්දැ අයියට කිව්වලු "මට අරක්කු ටිකක් බොන්ට ආසයි කියලා"....අයියටත් පුල් අප්සේට්ලු... මොකැ මෙක අම්මත් දැනගේන...

  අම්මනං කැමතිම වෙලා නැ වැඩෙට....

මක්කා කොරන්ටද අයියත් නිකා හිටලා නැ අරක්කු ටිකක් ගෙනත් දිලා නොවැ...බොන්ට...  ඔය කිව්වට අපිත් මුලින් විස්වාස කොරේම නැ හැබැ බලාගෙන ගියාම වැඩෙ ඇත්ත....
 
ප.ලි

 මූ එලියට එන්ටත් කලින් මෙහෙමනං ආවට පස්සේ කොහොම හිටිද අම්මපා....
 



Monday, October 17, 2011

ලක්මව හැරදා.....










කලබල නගරයෙන් මඳකට දුරස්වූ විටේක.... ඔබ අප හැරදා ගොසීනි....

කූඩා කල...වත්තේ පිටියේ ලඳු කැලේ   සැරිසැරු අප....කතා පේට්ටියේ රඳවා තැබුවේ ඔබය....

දොස්තර හොඳහිත...හාහරිහාවා...රොබින්හූඩ්...පිස්සුපූසා ගෙන් අප පිනවූ ඔබ....

මඳක් වැඩුනු පසු..හඳායාගේ..මනුතාපයෙන්.....අප සිත් සසල කලේය...

තරුණ අවදියේ...මරුවා සමග වාසේ හාරලක්ෂයේන්.. චන්ඩියා සමගින් හදට කතාකල ඔබ  

අද නැත අප ලොව...

සොඳුරු ටයි මාමේ..ඉතින් ආයුබෝවන්. .ඔබට..............

Monday, October 10, 2011

අපබ්‍රංශ හැන්දැවක් සහ ජීවක වෙදතුමෙක්




 ඔය කිරිකොට් ගැහිල්ල හින්ද විටින් විට මගේ කකුල් වල වේදනාවක් එනව...ඉතින් ඔකට මාස 3ක වෙලේ හිටං බේත් කොරනව නිට්ටාවට සුව වෙන්නැ....මේ දවස්ව බේත් කරන වෙද මහත්තයා කිව්ව මේ ආබාදේ තියෙන්නේ මාන්ශපේෂී වල නිසා කොකටත් ශල්‍යය වෛද්‍යවරයෙකුට පෙන්නන්ඩ කියලා.... මොකැ මේ වෙනකොටත් ඔය අඬු පඬු ගැන බලන දොස්තර කෙනෙකුට මේ පුරස්නේ කිවුවම එතුමා මාව ක්‍රීඩා පිළිඹඳ වෙදැතුමෙකුට යොමුකලා...නමුත් එතුමගේන් සාර්ථක ප්‍රතිකාරයක් ලැබුනේනැ

   අපේ ඔෆිසියේ ඉන්නව සාමාන්‍යයෙන් හොඳ දොස්තරලා ගැන දන්න එක්කෙනෙක්. ඉතින් උන්දැගෙනුත් අහලා...තව කීප දෙනේකුගෙන්මත් අහලා...ජංජාලේට ගොඩවෙලා...බුක්කරගත්තා...හොඳම ශල්‍යය වෛදතුමෙක්ව....

  ඔං ඉතින් ඒ දවස උදාඋනා...ෂොට් ලිවු එකක් එහේම දාලා ගියා දොස්තර මහත්තයා මුනගැහෙන්ට...නවලොක රොහලට තමා එතුමා එනව කියලා තිබ්බේ...නවලොක රොහලට අලුත් ගොඩනැගිල්ලක් එක්කාසුකරලා දැන් අලුත් පාටයි....ඔං ඉතින් විමසිම් කවුලුවෙන් තොරතුරු අරන් අදාල කාමර අංකය හොයාගේන ගියහම..එකේ දාල තියෙන්නේ වෙන වෛද්‍ය තුමෙකුගේ නමක්....

   ආයිත් සැරයක් බැලුව මට වැරදිලාද කියලා... මොන වෙන නමක් තමා තියෙන්නේ ... මොකැ කොරන්නේ ආපහු ගිහින් අර විමසීම් කවුලුව ගාව ඉන්න නර්ස් නොනලගේන් අහලබැලුවම ඒ ගොල්ලො කියපි...

නර්ස් : " ඩොක්ට එස්.එස් ජයරත්න එන්නේ ඔයකාමරයට තමා " 

මම : " එතකොට මිස් ඒ කාමරේ තියෙන්නේ වෙන නමක්නේ "

නර්ස් : "හරි හරි ඒ නම තියන ඩොක්ට තාම ආවෙනැ එයා ඇවිල්ල ගියහම අනිත් ඩොක්ට එනව.."

කොහොමහරි මට ඩොක්ට මුනගැහෙන්ඩ වෙලාව දිලා තිබ්බේ හවස 4.10 ට, ඉතින් බොලේ අර දොස්තර තාම ඇවිල්ලත් නැත්තං කීයටද මම දොස්තරව මුනගැහෙන්නේ....#@*%...

මම : " මිසී මට එපොයිමන්ට් එකතියෙන්නේ 4.10 ට දැන් වෙලාව 4.00 යි නේ.."

නර්ස් : " හරි හරි අර ඩොක්ට දැන් එයි... එතෙනට වෙලා ඉන්නකො...හි..හි.."

 එයාට හිනා මම එපෑ කට්ට කන්න....ඔං ඉතින් අදාල කාමරේ ගාව තිබ්බ පුටුසෙට් එකේ වාඩියක් දාගේන ලඟ බිත්තියක එල්ලලා තිබ්බ ටි.වී එක දිහා බලාන ඉන්නව...
" වෙලාවට ඒකවත් තිබ්බේ...."

  ටිකක් වෙලා යනකොට තව එතන එල්ලලා තිබ්බ යකඩ කටකින් කියපී

" ඩොක්ට එස්.එස්.ජයරත්න රොගින් බැලීම සඳහා හවස 6 ට පැමිනෙන බව කරුණාවෙන් සලකන්න " 

මලා දැන්මොකද කරන්නේ ...තවම 4.15 යි දැන් ආයෙත් ඔෆිස් එකට යන්ඩ කියලයැ...අපරාදේ මගේ ෂෝට් ලිවු එක...හය වෙනකං මක්ක කොරන්ටද....

 බේරේ වැව අයිනේ ලඟදි හමුදාවෙන් දාපු කොෆි ශොප් එකක් තියෙනව කෑමත් ඒ හැටි ගනං නැ..ඉතින් ඉර බහින හැන්දැවේ ඔතෙන්ට ගිහින් පොඩි ශෝටිස්ට් පාරක් දැම්ම....

   හවස 6.00 වෙද්දී ආපහු..නවලොකෙට..ආව....මේසැරේනම් හරියට ඩොක්ටගේ නම තියෙනව....හවස 7.00 විතර වෙනකොට ඩොක්ට ආව....රොගීන් දෙපලක් බැලුවට පස්සේ තිබ්බේ මගේ වාරේ... මාත් ඉතින් ගිහින් තියෙන දුක් අඳොනා ටික කියලා දැම්ම....ඩොක්ට ටිකක් වෙලා පරික්ෂාකරලා කිව්වනේ ආපහු ක්‍රිඩා සම්බන්ද ඩොක්ට කෙනෙකුට පෙන්නඩ කියලා...

එතන හිටපු නර්ස් නොනගෙන් චැනල් සර්විස් එක ඉල්ලගත්තු ඩොක්ට එතනින්... ඩොක්ට ගිතාංජන මෙන්ඩිස් ඉන්න වෙලාවල් අහගත්තා....පසේ

  මට ලියුමක් ලියලා දීලා කිවුවා ... සතියෙ දවස්වල හවසට ඩොක්ට ගීතාංජන ඉන්නවය...මේ ලියුම අරන් එයාව මුනගැහෙන්ඩ කියලා..."
 මදැ කොලා දැන් මොකැ කොරන්නේ....ගිතාංජන උන්නැහැ ගැන මෙදවස්වල අහන්ඩ ලැබෙන කතන්දර එක්ක මනුස්සයා ගාවට යනවද නැද්ද කියන එක තමා පුරස්නේ....

හැබැ මට පූල්ම අප්සෙට් ගිය වැඩේ උනේ ඊටපස්සේ....

 ලියුම දුන්නට පස්සේ ඩොක්ට නර්ස් නොනට කිවුවා මම ඩොක්ටට ගෙවලා තිබ්බ ගාස්තුව ආපහු මට දෙන්ට කියලා.... මට හිතාගන්ඩ බැරිඋනා..ඇයි බොලේ කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයිකියලා.....

පලි..

  ඩොක්ට එස්.එස් ජයරත්න කියන්නේ ලංකාවේ ශල්‍යය වෛද්‍යය වරුන් අතරින් ලේවහනය වීම අවම මට්ටමේ තබාගනිමින් ශල්‍යය කර්ම කරන එකම වෛද්‍යවරයලු...ඒ වගේම මෙතුමා සේවයෙන් විශ්‍රාම ගොස්...යුද්ධය පවතින අවදියේ නැවත උතුරේ යුද්ධය පවතින ප්‍රදේශවල ජංගම සයනයක් පවත්වාගේන නොමිලේ හමුදා භටයන්ට සෙවය සලසපු පුද්ගලයෙක්.....
   වර්ථමානයේ හමුදා රොහලට තම සේවාව සපයමින් සිටින්නේ....හොරන ශ්‍රී පාලියෙන් තමා පාසැල් අද්‍යාපනය හදාරලා තිබෙන්නේ....
  දැන්නම් ඔහු බොහොම වයස්ගතයි...නමුත් බොහොම හොඳට රොගීන්ට ඇහුම්කන් දෙනව වගේම බොහොම කරුනාවන්තයි.....
  

Sunday, October 2, 2011

ගස් කපනවා..අතු කපනවා.... සහ. පරන යකඩ..තලන බැටරී...බෝතාල්...පත්තරේයි...



  අපෝ හොඳ නින්දක් දාගෙන හිටියේ....ටිකක් දවල් වෙනකං නිදාගන්ඩ කියලා ෆොන් කට්ටත් සයිලන්ට් දාලා තිබ්බේ....ඊයේ රැ....
   කොහෙද.....උදේම මෙකා කැමොර දෙනව...." ගස් කපනවා...... අතු කපනවා....."

   
මොනා උනත් කමක් නෑ දැන් ඉතින් පොඩි ගමන් දෙක තුනකුත් තියෙන හින්දා කලින්ම ගොහින් එන්ඩ පුලුවං.....

 හවහට පොඩියට කිරිකොට් පාරකුත් ගහන්ඩ බැරියැ.....

මේ ගෙදර මං ආසම පොඩි බැල්කනි කැල්ලක් තියෙනව......සැටීයේ වාඩියක් දාල බලාන ඉන්නකොට ඈතට හරිත යායක්ම පෙනව.....නිකම්ම හිත රිලැක්ස් වෙනවා...


  "ගස් කපනවා..අතු කපනවා...."

මොකක්.....තේ එකකුත් බිබි.....ඇත බලං  පොඩි මනෝපාරක්  ගහ ගෙන හිටියා විතරයි....
  මේකා අයේ කෑගහනව....ඔවු ඉතින් ඌ කැගහන් නැතුව කොහොමද නෙද... තාප්ප ඇතුලේ ඉන්න එවුන් දන්නවැ ගස් කපන් මිනිහෙක් පාරේ යනවා කියලා...

  කොකටත් කියලා...ගියා බැල්කොනියට...මොකැ ඔතෙන්ට ගියාම පාරත් යසට පේනවා....
  එතකොටම ආපු වාහනයක් හින්ද පොර ගේගාව නැවතුනා....

 "ආ මහත්තයා.....ලොකුමහත්තයා නැතිවෙලා දැන් කොච්චර කල් ද ?

ඔය අහන්නේ...අපේ..මහප්පා ගැන....

" මහප්පා නැතිවෙලා..දැන් අවුරුද්දක් විතර වෙනවනේ..."

" බලන්ඩකො මහත්තයා මට වෙච්චි වැඩේ.."
 ඇයි මොකද උනේ...මම ඇහුවා......
" නැ මහත්තයා....උදේ මම එන කොට අර එහා පැත්තේ ගෙදර එක්කෙනා කතා කරලා වත්ත සුද්ද කරන්ඩ කිවූවා....ඉතින් මං විසිකැත්ත අරං ආයේ එද්දි...මිනිහා නැ....ටෙලිෆොන් කරලා අහද්දී....මිනිහා නුගේගොඩලූ....
   බලන්ඩකො....මගේ දවසම ඉවරයිනේ.....වැඩක් හොයාගන්න වෙලාව...
ආයේ ඉතින් හොරකං කොරන්ඩ කියලයැ...."
" මං ගිහින් එන්නං මහත්තයෝ........"

මටත් පුල් අප්සෙට් ඇත්තටම...අදකාලේ පෙලක් මිනිස්සු බොරුවට හිඟා කන විදිහට....හොරකං කරන විදිහට...මේ වගේ මිනිස්සුන්ට ගරුකරන්න ඔන...තමන්ගේ හයි හත්තියෙන් දවස ගැටගහ හන්නවට....
  ඇත්තෙන්ම මේ වගේ මිනිස්සුන්ව බොරුවට රස්තියාදු කරන එක වැරදී මට හිතුනේ එහේම....

" පරන  යකඩ..තලන බැටරී...බෝතාල්...පත්තරේයි...."

හෑ මෙන්න බොලේ තවත් එක්කෙනෙක්...........