Friday, November 11, 2011

දිවියන් සොයා විල්පත්තුවට...



   සැප්තැම්බර් මොසමට (මොසම් වැස්ස ) ඔන්න මෙන්න කියලා තියෙද්දි  උනත් වෙලාවෙ හැටියට මේ ගමන නොගිහින් බැරිඋනා.තියෙන ඇඟේ ආමරුවට අමතර දවසක නිවාඩුවකුත් දාගත්ත වැඩේට..හැබැ ලේසිනැ මාසෙකට කලින් වනජීවි එකට ගොහින්..වෙනම බංගලාවක් වෙන්කරගන්ට ඔන.එත් මාසේ මුල් සතියේ ගියෙනැත්තං ඔය වැඩෙ කොරගන්නව බොරු...

  අනිද්දේ තමා ඔය කැලේ මැද්දැවට යනකොට වියලි ආහාර තමා අරන් යන්ට ඔන..විල්පත්තුවෙ තියෙන කැලැ බංගලා වලට විදුලි ආලොකය ගන්නේ සූර්ය්‍ය ශක්තියෙන්...ඒක නිසා ඔවයේ ශීතකරන නැ.. නමුත් කරවල සොයා පරිප්පු වගේ දෙවල් කල්තබා ගන්ට ශීතකරන ඔනනෑ.....අනිත් කාරනේ තමා හදිස්සියට ගන්ට වතුර බොතල් කීපයකුත් අරන්යන එක.

  අපිත් ඔන්න ඔය කිව්ව නොකිව්ව ලට්ට ලොට්ට පොදි බැඳගෙන..සිකුරාදා දවසක උදැහැනැක්කේම පිටත් උනා...මතක තියාගන්ට ඔන තව එක් කාරනයක්...මොකැ ඔය කැලේ ඇතුලේ ගමන් කොරන්ට පුලුවන් ෆෝවීල් වහනවලට විතරමයි...විල්පත්තුව ප්‍රධාන පිවිසුම තෙක් ඔනැම වාහනයකින් ගමන්කලහැක.එම ස්ථානයේදී අවශ‍ය්‍ය කරන ෆොවිල් රථ කුලීයට ගත හැකිය...


              පුත්තලමට ඇවිත් අනුරාධපුර පැත්තට හැරුනාම පාර ඉද්දගැහුව වගේ....බොහොදුරක් එක දිගට දර්ශණය වෙනව...

ඒ වගේම පැවති දැඩි නියඟයත් එක්ක ඔට්ටුවෙච්චි කලා ඔයත් තම අවසාන සටනට මුහුන දෙන  අපුරූව ඔං බලාගන්ඩකො... 


   
      විල්පත්තුවෙ ප්‍රදාන පිවිසුම් දොරටුවට එනකොට අපේ සාහිත්‍ය පොත්වල තියෙන මුර ගෙවල් සිහියට නැංවෙනව එකට හෙතුව තමා ඔය පහලින් තියෙන්නේ...හැබැ මේකනම් ටිකක් නවීන පන්නේ නිර්මාණයක් ...
       
  විල්පත්තුවේ තලවිල..මනවිල..පනික්කවිල සහ කොක්මොටේ යනුවෙන් බංගලො හතරක් වර්තමානයේ සංචාරක නවාතැන් සඳහා සුදානම්ව පවතී...මෙයින් අප වෙන්කරවා ගනුලැබුවෙ..තලවිල නැවතුම්පොළයි... 
ප්‍රධාන පිවිසුමේ සිට කිලොමිටර 37ක දුරක් වනය තුලට ගමන් කලාට පස්සෙ  මනරම් විලක් අසබඩ මේම බංගලාව පිහිටලා තීයෙන්නේ ...මෙහි ඇති තවත් වටිනාකමක් නම් ප්‍රධාන ගමන් මාර්ගයන් ගෙන් වෙන්වී..තරමක් වනගහනය තුලට වන්නට වෙන්ව පිහිටා තිබිමයි...මේ හෙතුවෙන්..නිතර එහා මෙහා යන වාහන ශබ්දය මගහැරි වනසතුන් විමර්ශනයට සුදුසු නිෂ්චල පරිසරයක් නිර්මාණය වී පවතිනව .
       ප්‍රධන පිවිසුමට ඇවිත් එතන තියෙන කාර්ය්‍යාල නිලධාරින්ට අපගේ අවසරපත් පෙන්නුවට පස්සෙ..අපිත් එක්ක මේ චරිකාවෙ යෙදෙන්ඩ තවත් අමුත්තෙක් එක්කාසු උනා..ඒ තමා අපේ මගපෙන්වන්නා සහ මේ ගමනේ දී අපට ගුරුතුමෙක් වන ගයිඩ්මහත්තයා...දැන් චාරිකාවට සියලු කටයුතු සුදානම්... එහෙනම් යමුනේද කැලේ ඇතුලට....

  පුදනකොටම කාපි යකා කියල කැලේ ඇතුලට යනකොටම ටිකක් සැරට වැස්සා...මේක ටිකක් අසුබ ලකුනක් මොකද කොටි හපුව( දිවිය ) පොද වැස්සක් වැටුනත් එලියට එන්නැ... හැබැ වැස්සෙ උනත් මෙන්න මෙයානම් ගස්වදුල අස්සෙ තෙමිතෙමි හිටියා.
. 
ඒවිතරක් නම් මදැ ගොන පැටවු දෙන්නේකුත් අපි එන සද්දේ ඇහිලා දො ගස් අස්සට රිංගුව...  සමාවෙන්ඩ ඔන ඒ දෙන්නගේ පිංතුරයක් ගන්ඩ ගත්ත උත්සහය නිෂ්ඵල උනා










ඇඳිරි වැටිගෙන එන සංදියේ අපිට නවාතැනට යන්ට ලුළුවං උනා..ඔය ඔනම නවාතැනක වගේ මෙහෙත් ඉන්නව ඉයුම් පිහුම් කොරල දෙන්ට වෙනම සෙවක මහත්වරු දෙන්නේක්...ඔනකරන බඩුටික ගෙනවිත් දුන්නහම අගේට උයල වෙලාවට මේසෙටම ගෙනැවිත් තියනව..මේනිසා අපේ ආකාරියට ඉයුම් පිහුම් වලින් බාදාවක් නම් උනෙනෑ..

ගංගොඩේ වහේ නොවෙයි කැලැවට ඉක්මනටම අඳුර ගලාන එනව...බටහිර අහස නොයෙක් රටා අඳිමින් අඳුර ඉක්මනින්ම අප වෙලාගත්තේ හේට දවසට අලුත් බලාපොරොත්තු ඉතිරිකරමින්...







ඝන කැලයක් මැද්දැවේ රැය පහන්කරන එකත් හරි සුන්දර වැඩක්නේ...මේදේ වැඩීපුරම දැනෙන්නේ කාටද කියල ඔබ දන්නවද....ඔය බවලත් උදවිය බොහොම කැමතිනේ ගෙම්බන්ට..මම විහිලුවක් කලේ... ඇත්තටම ඔය ගස්ගෙම්බෙක් වැසිකිලිය ඇතුලේ ඉන්නකොට බවලත් උදවිය ඔය අවස්තාවට ප්‍රතිචාර දක්වන අන්දම එහේම කොහොමද....
  හිතන්ඩකො තමුන් ඉන්න පරිසරයෙන් කිසිම හැලහොල්මනක් නැතිවෙලාවක...එකපාරටම ගැහැනියකගේ යටිගිරියෙන් කෑගසන සද්දයක් ඇහුනම ඔනම කෙනෙක් පොඩ්ඩක් කලබලවෙනවනේ..කවදාහරි ඔබත් ඔය අත්දැකිම ලබලඇති..ඔන්න ඔයවගේ හරි අපූරුවට  ඒ රාත්‍රිය ගෙවිල ගියා...
            වනයට හිමිදිරි උදැසන කියන්නේ හරි සොඳුරු දෙයක්...පොඩි හිතලකුත් එක්ක නැවුම් වාතයෙන් පෙනහළු පුරොගන්නකොට ඇඟට හරිම නැවුම් බවක් දැනෙන්නේ....කොහොම වෙතත් පාන්දරම එලියට බැස්සෙ නැත්නම්...සත්තු මග හැරෙනව..මොකද එගොල්ලො අපි එනකං පාරටවෙලා ඉන්නේ නැනේ...
   ඔන්න උදේම චාරිකාව අරඹනකොටම වැඩිය දකින්ට නැතී අපූරු යාලුවො කට්ටියක් මුනගැහුනා..බලන්ඩකො ඉන්න අපුරුව...

 ඔබ දන්නවද... වනන්තරේ විමසිලිමත්විම හරිම වැදගත් කියලා. කැලැවේ නොසැලිකිලිමත් වෙනව කියන්නේ සමහරවෙලාවට ජිවිතෙන්ම වන්දිගෙවන්ඩ වෙන වැඩක්. දෙබරු කියන්නේ හරි අපූරු කට්ටියක්නේ..මෙයාලව ඇවිස්සුවොත් පන්න පන්න පහර දෙනව..හැබැ අපුරු වැඩේ කියන්නේ මෙයාල දන්නව තමන්ට හිරිහැර කලේ කවුද කියලා....අන්න ඒයාට තමයි මුලින්ම පහරදෙන්නේ

    මම දැන් ඔය දෙබරු ගැන කතාකලේ අපි ගිය... පාර අද්දරම මේයාල වදයක් බැඳගෙන උන්නා...අපි එයාල ලඟින්ම ගියත් එයාල අපටනම් කරදර කලේ නැ...මොකද අපිව එයාලට කරදරයක් නොවෙන්ට වගබලාගත්...හින්ද 
                                                         
 දැන් ඉතින් මේ පොස්ට් එක දිගවැඩි වෙගෙන එනනිසා..චාරිකවේ ඉතුරුහරිය වෙනපොස්ට් එකකින් දාන්නම්කො...

                                          






16 comments:

  1. ඔන්න රාජ් ආයෙම අපූරු චාරිකාවක සටහන් තබන්න යන්නෙ.....
    මට නම් තාම විල්පත්තු අභය භූමියට යන්න අවස්ථාවක් ලැබිලා නෑ...වෙන්න මහත්තයා නම් කැලේ වැදීම කියලා කණ්ඩායමක් එක්කල ගියානෙ..ඔය විල්පත්තු ගිය වෙලාවෙදි ගත්ත පින්තූර මහ ගොඩක් තියෙනවා....

    ඉදිරි විතරත් බලමු නේද...

    ReplyDelete
  2. ටික කාලේකින් කොහෙවත් යන්ඩ බැරිඋනානේව....ඒ කටත් එක්ක රැයවල් දෙකක්ම විල්පත්තුවෙ ගතකරලා ආව...ස්තුතී දිල්

    ReplyDelete
  3. අපූරු චාරිකාවක්. ඔබට අපමණ තුති පුදමි.

    ReplyDelete
  4. අනේ අපිටත් මෙහෙම යන්න තියනව නම්.ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේ විස්තර බෙදාගත්තට.

    ReplyDelete
  5. මාත් හරිම ආසයි ඔය වගේ ගමන් වලට. මොනව කරන්නද අපිට එහෙම වාසනාවක් නෑනේ. ගියපු කෙනෙක්ගෙ අත්දැකීමක් කියවන එකත් ලොකු සතුටක්.

    බලං ඉන්නේ ඉතුරු ටික එනකල්.

    ReplyDelete
  6. @ වෙදමහත්තයා
    බොහොම ස්තුතී වෙදමහත්තයො...මම බොහොම ආසයි පරිසරය රසවිඳින්ටයි...සංචාරයේ යෙදෙන්ටයි..පොඩිකාලේ හිටන් මගේ දෙමාපියොත් ඔය වැඩේට රුකුල් දුන්නා...ඉතින් ඒ දෙවල් තනියම විඳිනවට වඩා බේදාගන්න එක හොඳයිනේ

    @නදී
    බොහොම සිතුතී..පොඩි ට්‍රයි එකක් දාලබලන්ඩ යාලුවොත් එක්ක..

    @
    ස්තුතී සහො නමුත් ඔබ තරම් පිංතුර ගන්ඩ මම දක්ෂනෑ..අනික මගේ කැමරාව..මේවැඩේට එතරම් සුදුසු නෑ..අපි ආසයි ඔබ ඉන්න රටේ සුන්දරත්වය ඔබේ ඇසින් දකින්න...ඉතින් පුලුවන් වෙලාවට අපිව පිනවන්න

    ReplyDelete
  7. @ redmyeye
    ස්තුතී සහො නමුත් ඔබ තරම් පිංතුර ගන්ඩ මම දක්ෂනෑ..අනික මගේ කැමරාව..මේවැඩේට එතරම් සුදුසු නෑ..අපි ආසයි ඔබ ඉන්න රටේ සුන්දරත්වය ඔබේ ඇසින් දකින්න...ඉතින් පුලුවන් වෙලාවට අපිව පිනවන්න

    ReplyDelete
  8. ලස්සන පින්තූර ටික.ආසයි යන්න පින්තූර ගන්න.මේපාර ආවම උත්සහයක් දෙන්න ඕනෙ.කැලේට මම ආසයි මොකද මිනිස්සුන්ගෙ වෙනස් වෙන හිත් වලට වඩා කැලේ ගොඩක් සාමකාමී.

    ReplyDelete
  9. අනේ මටත් කවදාවත් විල්පත්තු යන්න බැරි උනා... ඒ නිසා මං මේක කියවන්නෙ හරිම ආසාවෙන්.... දාල තියෙන සමහර පින්තූර හරි ලස්සනයි... ඊ ලඟ කොටස කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා...

    ReplyDelete
  10. ඉතුරු ටිකත් ලියමු මචං...
    මම විල්පත්තුවේ ගිහින් තියෙන්නේ එක වතාවයි,
    ඒ දවස් වල උද්‍යානය ඇතුලේ නවාතැන් පහසුකම් තිබුනේ නැති නිසා අපිට අපේ වැඩේ හරියකට කර ගන්න ලැබුනේ නැහැ. ඉතින් අපි නතර වෙලා හිටියේ පාර්ක්‌ ඒකෙන එළියේ තිබුන ගෙදරක.
    දවසින් වැඩි හරියක් නිකරුනේ මග තොටටම ගෙවිල ගියා. ඇයි කිලෝමීටර කීයක්නම් යන්න එන්නම තියෙනවද.
    ආපහු වෙලාවක ගිහින්ම බලමු

    ReplyDelete
  11. @ කස්සා
    ඇත්තටම සාමකාමි..නමුත් ඒ යට සැඟවුනු බිහිසුනුමකකුත් නැතුවාම නොවෙයි....ඒත් මිනිස් සමාජයට වඩා ගොඩක් සාමකාමි...අනිවා පුලුවන්නම් යන්ඩ මචො

    @ මියුරු
    බොහොම ස්තූතී අක්කේ...අනිත් ටිකත් ඉක්මනටම ලියනවා..

    @ ලොකු
    අනිවා යමු මචො....මේ දවස්වල තම්බපන්නිය පැත්තෙනුත් තව පිවිසුමක් හදමිනුයි තියෙන්නේ....

    ReplyDelete
  12. මේ පාර ලංකාවට ආවාම අනිවාර්යයෙන් යනවා...ඔයාට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  13. අනේ මං ගිහිල්ලා නෑනේ ..ඒකටත් එක්ක ගියා වගේ තමයි දැං..ස්තුතියි විස්තර ටිකට ......

    ReplyDelete
  14. @ වින්චැට් කිරිල්ලී
    බොහොම සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට..බොහොම ස්තුතී සටහනක් දැම්මට..අනිවා ගිහින් එන්න...

    @ නොදුටු ලොවක්
    කොයි වෙලාවක හරි යන්ඩ මචො..ස්තුතී ඔබට

    ReplyDelete
  15. දෙබරෙ තමයි නියම.තව සුට්ටක් සූම් උනානං.......

    ReplyDelete
  16. @ රාජ්
    මචො ඔය දෙබර කූඩුව තියෙන්නේ යන එන පාර අයිනේමයි...හැබැ අපිට කරදරයක් උනේනෑ දෙයියනේ කියල

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...