Thursday, February 21, 2013

බොක්කුව හදන දවස්වල.....




කරුණාවයි කරුණාවයි සමන්දෙවිඳු කරුණාවයි....!

සිරිපාදේ කාලේත් ආවනේව හැබැ මේ සතිඅන්තෙනම් පට්ට සෙනගක් ඉඳි  සඳුදා පොයනේව...

ඉස්කොලේ ඒලේවල් කාලේ අපේ යාලුවො සෙට් එකක් ගියා සිරිපාදේ ….

" මචං අපේ ෆැමිලිවල අය සිරිපාදේ යනව උඹල සෙට් එකත් වරෙන්ලා "

නිකං හම්බෙන අස්සයාගේ දත් ගයින්ඩ එපා කියන්නැහේ සෙට් එකම කැමතිවෙලා ට්‍රිප් එක යන්න..

ඔන්න කියාපු දවස ආවා කොල්ලො සෙට් එකෙන් ඉස්සෙලම නගින්න හිටපු එකා කබ කඩ කඩ පාරටවෙලා ඉන්නවලු වෑන් එක එනකං    

ටිකක් වෙලා යනකොට එනවලු දර හට්ටි මුට්ටි පටවගත්ත තඩි බස් එකක්. මූට හෙන අප්සෙට්ලු ඇයි ඉතින් යනව කිව්වේත් ෆැමිලිවල කස්ටියනේ බස් එකේ ඉස්සර ඉන්නවලු අච්චිලා සීයලා සෙට් එකක්ම.

"ඔය මල්ලි සිරිපාදේ යන්නනේද ඉන්නේ එහේනං නගින්න…"

ආපහු හැරිලා දුවන්ඩ කියලද අපෙ එකත් කටයි පු...වහගෙන නැගල බස් එකට. ඊටපස්සේ අනිත් කොල්ලො සෙට් එකත් මුනු ඇඹුල් කොරගෙන බස් එකට නැගල සිරිපාදේ යන්ඩ එපැ දෙයියනේ ඉතින්….

මගගෙවාගෙන ආපු කස්ටිය හැටන් නල්ලතන්නිය ඔස්සේ සිරිපාදේ කරුණාකරලා වරුගානක් ගෙවාගෙන උඩමළුවටම ඇවිත් මොකෑ වයසක උන්දලාත් එක්ක එපායැ හරිහරියට කරුණාකරන්න.

රැබොවෙලා ආපහු පහතට බැහැගෙන නල්ලතන්නිය හරියට එනකොට නඩේ පොඩි කලබලයක් ඇතිවෙලා එක පවුලක පොඩි එකෙක් නැතිවෙලා…….

මොකෑ කොරන්නේ කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ අපේ කොලුරැලටනේ ඔන්න ඉතින් අර අංකලුයි ඇන්ටියි එක්ක ආපහු උඩහට කරුණාකොරන්න පටං අරන්  කොල්ලොටික, ජපන් පංසල හරියටම ඇවිත්  එත් හොයාගන්ඩ බැරිවෙලා එතන තිබුන පොලිස් කුටියට පැමිනිල්ල කියලා…. හැබැයි වෙලාවට පොඩි එකාගාව සෙල්ෆොන් එකක් තිබිල තියෙනව

රාලහාමි : පුතාගේ වයස කියද…?

අංකල් :  අපේ ගේ ඉස්සරහා පාරේ බොක්කුව හදන දවස්වලනේ එකා ඉපදුනේ ..!

ඇන්ටි :  රාළහාමි, පොඩි පුතා ඉස්කොලේ හතවසරෙද කොහේද ඉන්නේ..!

රාලහමි :  පුතාගේ ෆොන් නම්බර් එක කියන්න…?

අංකල් : ඒක දන්නේ ලොකු එකා

රාළහාමි : එහේනම් ලොකු පුතාගේ ෆොන් නම්බර් එක කියන්න..?

අංකල් : එක දන්නේ ශෙඩ් එකේ නිමල්..!

රාලහාමි : එහේනම් නිමල්ගේ නම්බර් එක දෙන්න.?

අංකල් : එක දන්නේ එහාගෙදර උන්දැනේ..!

රාලහාමි : ඒ, නම්බරෙ කොහේන්ද හොයාගන්නේ …?

අංකල් : පොඩ්ඩක් ඉන්ඩ කොලකැල්ලක ලියලා තිබුනා...!

අපේ එවුන්ගේ වෙලාවට පොකැට් එකේ තිබුන කොලේක ඒ නම්බර් එක තිබිලා රාළහාමිට දිලා
ජංජාලේ කියන්නේ ඒපාර සිග්නල් නැතිලු කොහොමහරි පැයක් විතර කට්ටක් කාල කොල් එකක් අරං බලකොට පොඩි එකා පොලිසියේ එක්කේනෙක් එක්ක උඩ මළුවටම ගිහින්

උඩටයන්න බෑ කියල අපේ උං කන්කෙඳිරි ගාපු නිසා අර අංකලුයි ඇන්ටියි.. මළුවට ගිහින් පොඩි එකාව අරගෙන ඇවිත් ..!

කොහොම් හරි දවස් දෙකක් විතර ගෙවාගෙන අපේ උන්ටික ෆැමිලි ට්‍රිප් එක ගොහින් ඇවිල්ලා…!