Thursday, November 17, 2011

දිවියන් සොයා විල්පත්තුවට අවසානයට පෙර......


  කාලි විල්ලුව..ඒ නම ඇහෙනකොට ටිකක් අමුතු උනත්..මේ පිංතුර දකින ඔබට..මේත් වනසතුන් ගැවසෙන තවත් එක් විල්ලුවක් බව හැඟෙන එක පුදුමයක් නොවෙයි....


නමුත් ඔබ දන්නවද මේ ප්‍රදේශය ලාංකා ශිෂඨාචාරයේ තවත් එක් පිටුවක් පෙරළුන තැනක් විත්තිය..
කුඩා අවදියෙ.. පැසැලෙදී අපි විජය රජ්ජුරුවො ගැන ඉගෙන ගන්නව..ඔය විජය ලංකාවට ගොඩ බැස්සහම කුවෙනි කියල යක්ෂ ගොත්‍රික කාන්තාවක් මුනගැහෙනවනේ..ඔන්න ඔය කූවෙනිගේ මාලිගාව අසබඩට.. තමයි..අපි දැන් මේ ඇවිත් ඉන්නේ.. දැන්නම් මෙතන මාලිගාවක් නෑ නමුත් නෂ්ඨාවශේෂ වෙච්චී ගල්කනු කීහිපයක් මේතන දකින්න තියෙනව..

    


දැන්නම් ඉර මුදුනටම ඇවිත් නිසා කාලී විල්ලුවේ සතුන්නම් පෙන්න නැහැ..නමුත් අපේ මගපෙන්වන්නා කියපු විදිහට වැඩිපුරම සතුන් ගැවසෙන්නේ නම් මේ පැත්තට වෙන්ඩලු...ඒ වගේම විලේ ඉන්න කිඹුල්ලු හවසට විල් ඉවුරට ඇවිදින් ඉන්නවලු හරියට කොට ගොඩක් පෙලියට අඩුක් කරල තියෙනව වගේ...ම්..හවසටත් අපි මේ විල්ලුවට එන නිසා බලමුකො..

  ලංකාව දුපතක් නිසා කොහේ ගියත් වෙරළකින්නේ කෙලවර වෙන්නේ..අපේ මේ සුදානම විජය ලංකාවට ගොඩ බැහැපු තැනට යන්නයි...කාලී විල්ලුවෙ ඉඳල සැතපුම් 12 ක් පමන ගමන් කලාම තම්මැන්නාව.. නේවී මුරපොලට ලඟාවෙන්න පුලුවන්..ඒ කියන්නේ මේ වෙනකොට අපි තලවිල අපේ නවාතැනේ ඉඳලා සැතපුම් 30 ක් පමන කැලේ හරහා මන්නාරම් බොක්ක පැත්තට ඇවිඳින් තියෙනව...

   

  අර කිව්ව නේවි මුරපොල පහුකරලා මුහුද පැත්තට එනකොට තව අපූරු යාලුවෙක් ඉන්නව පාර අයිනේ...අපේ සමහර තරුණ උදවිය වගේ ලස්සන කොන්ඩා මොස්තරයක් එහේම දාල උන්නේ..ඔං ඉන්නව බලන්ඩකො ලස්සන....

  
  
       හැබැටම කියන්ඩ පුලුවන්ද මේ ගහ මොකද්ද කියල..ඔය අපේ ගමේ ගොඩේ දකින්ඩ පුලුවන් ගහක් මේහෙම මොඩ් වෙලා හිටියට ..හැබැ මේයාට කොන්ඩා මොස්තරේ දාගන්ඩ උදව්කරල තියෙන්නේ නම් මුහුදු හුළඟ තමා...
      අපේ යාලුවට සමුදිලා ඉස්සරහට එනකොට...දකින්ඩ තියෙන මේ දර්ශනේ ගැන ඔබට මොනවගේ හැඟිමක්ද එන්නේ...



  

    සතුන්ගේ වාසභූමි,... සංවර්ධනය මුවාවෙන් එලිපෙහිලි කොරනව කියන්නේ මෙන්න මෙවට තමා...හැබැ පරිසර අධිකාරියෙන් නඩු දාලා දැනට මේ වැඩේ නවත්තගෙන තියෙන්නේ...ඔය අධිවෙගී මාර්ගයක්නේ හදන්ඩ ගොහින් තියෙනේ..ඒවගෙම මෙතන හෙලිකොප්ටර් ගොඩ බාන්ඩත් බිම සකස්කොරාගෙන නෙව..
  හිතන්ඩ මෙවන් සංකීර්ණ පරිසර පද්දතියක් විනාශකරනව කියන්නේ කෙතරම් අපරධයක්ද...මේ ඔබට හිතන්ට යමක්...
       පොඩ්ඩක් කලබලවෙලා තිබ්බ හිත ටිකක් සංසුන් උනා මුහුද දුටුවම...මෙතෙනින් තමයි විජය අපේ රටට ගොඩ බැහැල තියෙන්නේ..ඒ වගෙම පුරාතන වෙළඳ තොටක් විදිහටත් මේ ස්ථානය භාවිතාවෙලා තියෙනව..

   

 කුදිරමලේයි අශ්ව කන්ද කියලත් මේ ස්ථානය හඳුන්වනව.ඔය තියෙන්නේ ඒ ගැන කියැවෙන දැන්වීම් පුවරුවක්.

  

   ඔබ දන්නව ලංකාවෙ නොයෙක් පලාත් වලින් විවිද වර්ගයේ පොසිල හමුවෙලා තිබෙන බව..ඉතින් ඒවගේ තවත් භූමියක් මේ වෙරළ අසලත් දක්නට ලැබෙනව..

  

  මූහුදු වෙරළ දිගේ ඉදිරියට යනකොට දකින්න පුලුවන් තවත් පුරාවිද්‍යාත්මක වටිනාමකක් තියෙන ස්ථාන කිහිපයක්.  මෙයින් එකක් තමයි අශ්වාරොහක සොහොන...මුහුදේ යාත්‍රා කරන නැවකට මෙන්න මේ සලකුන ඔස්සේ ලංකාව පැත්තට මුහුදු මාර්ගය සොයාගන්ඩ පුලුවන් උනාකියල අතීත තොරතුරුවල කියැවෙනව... නමුත් අද වෙනකොට  ඉතිරිවෙලා තිබෙන්නේ ඒහි නටඹුන්වූ පදනම පමනයි

  

  ඔයකියන නටඹුන් ටිකත් නරඹලා..නැවත අපේ වාහනය තිබුන තැනට එනකොට නඩේ ඔක්කොගෙම යොජනාව මූදේ නාන්ඩ...අදහසත් නරක නැති නිසා කලබලයක් නැති මුදේ බැස්ස කට්ටියම..මුහුදේ පැයක් විතර ගතකලා...
   

 හැන්දෑ වෙගෙන එනකොට අපි ආපහු කාලී විල්ලුවට ආව....කතාව ඇත්ත..හරි අපූරුවට විල්ලු ඉවුරේ අර කොට ටික පෙලියට අඩුක් වෙලා..නමුත් කැලේට අමුත්තො ඇවිත් කියල දැනගත්තු මේ කට්ටිය හනිකට වතුරට පැනගන්නව..එත් අපි වැඩෙ අත හැරියේ නෑ..බලන්ඩකො..මේ ගොල්ලන්ගේ හදිස්සිය...

   
 

   මෙයාලත් එක්ක ඔට්ටු වෙවි ඉන්න කොට..ටිකක් ඇතටවෙන්ඩ තව එක්කේනෙක් එලියට බැහැලැ...කොහොමද සයිස් එක..ගම්ගොඩේ ඉන්න හරකෙක් විතර ඇතිනේද...බෙල්ලේ තියෙන කේසර මෙයාගේ ලස්සන තව වැඩිකරන්ව...හැබැ දුර හිටපු නිසා පිංතුරේ එතරම්ම පැහැදිලි නැතිඋනත්..මෙ ඉන්නේ තඩි උරුනාම්බෙක්....


   කැලේ මැද්දැවෙ..දිය විලක් ගාව..ඉර බැහැල යන වෙලාවක තියෙන අපූරුව මෙන්න මේවගේ කියල කියනගමන්..

රැ බොවෙගෙන එන නිසා..අපි අපේ නවතැනට යනව..... එහෙනම් මේ චාරිකාවෙ අන්තිම කොටසින්  අපි නැවත  හමුවෙමු....




12 comments:

  1. නියමයි විස්තරේ...ආසාවෙන් කියෙව්වා.....දිවියා බලන්න තමයි මේ එන්නේ....බලමු ඊලගට.......

    ReplyDelete
  2. ස්තුති කරන්න වචන නැහැ. ඉතා වටිනා විස්තරයක්.

    ReplyDelete
  3. කවදත් දිල් කැමතියිනේ රාජ් එක්ක චාරිකාවක ගිහින් එන්න...ඉස්සරවෙලාම රාජ් ගෙ අඩවියට ආවෙත් එහෙමනෙ...හැමදාම වගේ හරි අපූරු විස්තරක් රාජ්....

    ReplyDelete
  4. මේ දෙසැමබර් ආවම කොහොම හරි යනව.එච්චරට මේ පෝස්ට් එක මාව උනන්දු කලා

    ReplyDelete
  5. උඹගේ පෝස්ට් එක මටත් ආපහු එහේ යන්න උනන්දුවක් ඇති කලා.
    හැබැයි පාර්ක්‌ එක ඇතුලේ බංගලෝ එකක් බුක් කරලා යන්න ඕනි
    නැත්නම් පාරටම දවස ඉවරයි

    ReplyDelete
  6. @ නොදුටු ලොවක්
    ම්...බලමු මචො..මොකද වෙන්නේ කියලා

    @ මහවෙදනා
    බොහොම ස්තුතී ඔබට...මා දිරිමත් කනවට

    @ දිල්
    ඇත්තේන්ම දිල් මගේ බ්ලොග් එකත් එක්ක දිගටම සිටින අය අතරින් මුලින්ම ඉන්නේ ඔබ...ඒ වගෙමයි මට දුන්න සපොර්ට් එක ...ඒ කවදාවත් අමතක නොවෙන දේවල්..ඔබට බොහොම ස්තූතී

    @ කස්සා
    බොහොම ස්තූතී...මචො කොහොම හරි යන්න..

    @ ලොකු
    අනිවා මචො ඇතුලේ එකක් බුක්කරන් යන්ඩ..සපොට් එකක් ඔන්නම් කියන්ඩ...

    ReplyDelete
  7. කුවේනි, විජය රජ්ජුරුවො පාසලෙ ඉතිහාස පාඩම මතක් වුනා.
    යන තැන ගැන හොඳ අවබෝධයෙන් යන එකත් කොච්චර දෙයක්ද, යන්නන් වාලෙ යන්නෙ නැතුව.
    දැනුම අපිටත් බෙදා දෙනවා....

    ReplyDelete
  8. @ සුලඟ
    ස්තුතී ඔබට

    ReplyDelete
  9. ලිපිය නම් නියමයි ,,,
    ස්තුතියි රාජ්,,,
    මේව දැක්කම මටත් හිතෙනව ලගදීම ට්‍රිප් එකක් යන්න...

    ReplyDelete
  10. @ දුපත් වැසියා
    ස්තූති ඔබටත්...වෙලාවක සවාරියක් යන්න..

    ReplyDelete
  11. අර ගල් කණු ටික දැක්කම ටිකක් දුක හිතුණා.... ඒවා සංරක්ෂණය කිරීමක් කරල නැද්ද ඇත්තටම...?
    අර ගහ මොකක්ද හැබෑට... රාජ් කොණ්ඩ මෝස්තරයක් දාපු යාළුවෙක් කිව්වාම ඊට පහළ විස්තරේ කියවන්න කලින් මං හොඳට බැලුව සතෙක්වත්ද කියලා...හික්ස්..
    හැමදාම වගේ ගොඩක් ස්තුතියි විස්තරේට....

    ReplyDelete
  12. @ මියුරු
    පුරාවිද්‍ය එකේන් ඒ ගැන බලනව..ඔය සියඹලා ගහක්නේ...බොහොම ස්තුතී ඔබටත්

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...