Monday, November 28, 2011

රොබින් හූඩ් සෙල්ලම හා ඔලූ පැලීම.......


    කොස් රුප්පේ වලව්ව අපේ ගමේ කවුරුත් දන්නා හඳුනන තැනක්...තරමක කඳු ගැටයක මැද්දැවට වන්නට මේ විසල් වලව්ව ස්ථානගතවෙලා තිබුනා..වලව්ව වටේටම තිබුනේ රබර් ඉඩම්..නමුත් මේ ඉඩම් වලින් බොහොමයක රබර් ගලවලා තිබුනේ..නමුත් වලව්ව අවට පරිසරය හොඳ පලතුරු ගස් බොහොමයකින් සෙවන වෙලා තිබුනේ..

   නමුත් වලව් පරිසරයටම උරුම වෙච්චි අර මුස්පෙන්තු පෙරෙත ගඳ මේ වලව්ව වටාත් පැතිරිලයි තිබ්බේ.....මේනිසා අපි තනියම මේ වලවු පරිසරේ ඇවිදින්ට මැලිවුනා පොඩි සංදියේ....
   එක වසරේ ඉඳන් පහ වසරට යන කම්ම අපිට ඉංගිරිසි ඉගැන්නුවෙ...කොස් රුප්පේ ටිචර්...හැබැයි කොච්චර දඟ වැඩකලත් ටිච අපට ආදරෙයි...අපි පොඩි උන් හින්ඳ වෙන්ඩත් ඇති...මම පොඩිකාලේ ඉස්කොලේ ගියේ මගේ තාත්තා උගන්නපු ඉස්කොලේට මනේ..ඔය කවුරුත් එක දන්නවනේ..අර මුවාගේ සංගෙදියෙන් පස්සේ...

   ඉතින් අපේ මේ ඉංගිරිසි ටිචත් ඉගැන්නුවේ මේ ඉස්කොලේම තමා...ලමයින්ට ඉස්කොලේදි ලැබෙන දැනුම මදිය කියලා අපේ ඉංගිරිසි ටිචත් හවස පන්ති පැවත්තුව හැබැ කොස් රුප්පේ වලවුවේ...
   ඔය පන්ති පටන්ගන්නේ හවස 3.30 ට විතර ඉවරවෙනකොට 5.30 විතර වෙනව..හවහට ඒකාලේ තිබුන මොටො බයික්කෙන් තාත්ත එනව මාව එක්කරගෙන යන්ට....

    ගම මැදින් වැටුන ගුරු පාරට එන්න වලව්වේ ඉඳලා  තරමක දුරක් පයින් එන්ඩ වෙනව..වලව්වේ ඉඳන් ගුරු පාරට තැනුන මේ කෙටි මග අපට සෙල්ලම් කොරන්ට සැදුන තොතැන්නක් බඳුයි... වෙනදා වගේම එදත් අපි සෙල්ලම් කොරන්ට පටන්ගත්ත..අපි පොඩිකාලේ ආසවෙන් බලපු රොබින් හුඩ් කතාව තමයි එදා සෙල්ලමට මාතෘකාව උනේ කට්ටියක් රොබින් හුඩ්ගේ කල්ලිය..අනේත් පිල ගිස්බන්ගේ කල්ලිය...

   ටික වෙලාවක් සෙල්ලම් කරකර ඉන්නකොට මගේ අතින් විසිවෙච්චි පොල්ලක් ලමයෙක්ගේ ඔලුවේ වැදුනා...උගේ මූන පුරා ලේ...ඒක කොසු මිටක් කොසුමිටවල් වල අග උල්නේ ඉතින් මේක ගිහින් අර ලමයගේ නලලේ වැදිලා..හිතල කොරපු දෙයක් නොවුනත් දැන් තුවාල වෙලා ඉවරයිනේ...

   අනිත් ලමයි ඔක්කොම තුවාල කාරයත් එක්ක ටිච ගාවට ගියා....දැන් මම තනියම පිටිපස්සෙන් යනව....ටිච මට බැනල පාරග් ගැහුව...ටිකකින් අර ලමයගේ අම්ම ඇවිත් හෙන ගාල ගොට්ටියයි....පපුව ඩිග් ඩිග් ගාන එක වැඩි උනේ තාත්තත් එතෙනට ආවම....තාත්ත අර ලමයව එක්කරගෙන ගිහින් තුවාලේට බේත් දම්මවලා.. වැඩේ කියන්නේ මැහුම් දෙකකුත් දැම්මලු....

    තාත්තා ආපහු එනකං මම ටිචලගේ ගෙදර..තාත්තා තාම මට ගැහුවේ නැති නිසා බය වැඩි...අර ලමයව ගෙදරට ඇරලවලා තාත්තා ඇවිත් මාව ගේදර එක්කන් ගියා හැබැයි නො කතා..

  එකටත් එක්ක අම්මා ගේදර ගියවෙලේ ඉඳන් බැනුම් ඉවරයක් නැ...කොහොම හරි මගේ වෙලාවට හවස..බාප්පල අපේ ගෙදර ආව නිසා සද්දේ නැවතුනා...අපො මම හිතුවේ ගුටි පුජාවක් හම්බ වෙයි කියලා..මදැ ඔයින් ගියා...  
   

Thursday, November 24, 2011

ටැංකියෙන් වතුර බිව්ව හැටි....



   ඔය කොඩියා..අපි යාලු ෆිට් එකට කතාකලේ එහේම..ඉස්කොලේ යන කාලේ මහ දඟ එකා හැබැ ඉගෙනිමේ වැඩත් හොඳට කලා... ඉස්කොලේ හැමොම වගේ මේකව දන්නව...මොකැ දඟ වැඩවල ඉවරෙකුත් නැනේ. කොඩියලගේ ඉස්කොලේ තියෙනව මහ වතුර ටැංකියක්...වෙලාවකට ඔය ටැංකියෙන් ඉස්කොලේට වතුර එන ටැප් ලයින් එක කැඩෙනව....වෙලාවකට කියන්නේ හුඟක් වෙලාවට එක කැඩිලා...
            
        කාලෙන් කාලේට එනවනේ එක එක මොස්තර....ඔය දැන් ඉන්න එවුන් ඉනෙන් පහලට කලිසම අඳිනව වගේ..මේ කියන කාලේ බෙල්ලගාවටම මෙස් බැනියම ඇන්ද දවස් අපේ කොඩියත් ඉතිං ඔයවගේ දෙයක් එනකං බලාගෙන ඉන්නේ..මූත් සර්ට් එකේ උඩ බොත්තමට උඩින් බැනියම පෙන්ඩ ඇඳල උජාරුවට ඉස්කොලේ ගිහින්..හැබැ වැඩේ කියන්නේ එදා ඇඳල ගිහින් තියෙන බැනියම ටිකක් විච්චුරන එකක්...

           මුගේ වෙලාවට එදාම වතුර නැවතිලා.... ඉස්කොලේ මේන් හොල් එක තියෙන බිල්ඩිමයි...තවත් එක් බිල්ඩිමක් අතරේයි.. තමා වතුර ටැංකිය තිබුනේ...මේන් හොල් එක තියෙන්නේ බිල්ඩිමේ දෙවෙනි තට්ටුවෙ.. මේ තට්ටුවෙ කොරිඩො එකේ කොට බිත්තිය උඩින් පැනපුවම..අනිත් බිල්ඩිමේ වහලේට නගින්ඩ පුලුවං ටැංකියේ හරස් කනු අල්ලගෙන..
  මොකද ඒ බිල්ඩිමේ වහලේ උස නිසා ඔතෙන්ට නැග්ගම ටැංකියේ උඩින්ම තියෙන යකඩ වලලු අල්ලගන්ඩ පුලුවන්..ඒ වලලු දිගේ ගිහින් ටැංකියට වතුර එන බටේ ගලවන්ඩ පුලුවං....ටැංකියට වතුර එන බටේ ගලවන්ඩ එතරම් අමාරු නැ..කොඩියා අර වහලෙන්  ටැංකිය ගාවට නැගල අර බටේ ගලවල..ඉස්කොලෙ ඉන්න කොල්ලොන්ට  වතුර ගන්ඩ බටේ පල්ලේහාට පාත්කොරල...ඉතින් පල්ලේහා ඉන්න තරමක් එවුන්  නාන් නැතිටික විතරලු....කොඩියා ටැංකිය උඩට නැගල තියෙන්නේ සර්ට් එක ගලවල අර බැනියම පිටින්..මොකැ දියසෙවල ගැවෙයි කියල...

    ටික වෙලාවකින් මූ ආපහු බටේ ටැංකියට හයි කොරල අර වහලෙට බැහැල ආපහු මේන් හොල් එකේ...කොරිඩො එකට ඇවිත්. එතකොටම කොහෙද ඉඳල් ඉස්කොලේ ලොකු සරුත් ඔතෙන්ට කඩාපාත්වෙලා නෙව...

   කොඩිකාර මොකද මේතන කරන්නේ..?.

   සර් වතුර එන්නැනේ

    ඉතින්….?”

    ලමයින්ට වතුර බොන්ඩ බටේ ගැලෙව්ව සර්……”

    ඉතින් කො අයිසේ තමුසෙගේ සර්ට් එක…..? “

    කුනු ගැවෙන නිසා සර්ට් එක ගැලෙව්ව සර්……”

    බලනව අයිසෙ තමුසෙ හරියට රස්තියාදු කාරයෙක් වගේ ඔවද අදින්නේ ඉස්කොලේ එනකොට ……
  ගලවනව ඔය බැනියම..එනව යන්ඩ මගේ ඔෆිස් එකට...

 මූව ලොකු සර්ගේ ඔෆිසියට ගෙනිහින් බැනියමයි..සර්ට් එකයි නැතුව හිටවල තියල.... ඔෆිස් එකට එන ටිචර්ලා මූ දිහා බලන කොට....හතර විලිලැජ්ජවයිලු....

 හැබැ ටිකවෙලාවකින් සර් මුට යන්ඩ දිලා..

මදැ කට්ටියට වතුර බොන්ඩ දුන්නා....
  

Monday, November 21, 2011

දිවියන් සොයා විල්පත්තුවට චරිකාවක නිමාව...


   කාලි විල්ලුවේ ඉඳල තලවිලට එනකොට ටිකක් රැවුනා..හැබැයි අපි කියල ගිය විදිහට..අපේ රාත්‍රි කැමවේල නම් යසට සකස්වෙලා තිබුනා...මගදි අපට වලහෙක්ව දකින්ඩ හම්බ උනත් අඳුර වැඩිකම නිසා එකව පිංතුරෙකට කොටුකරගන්න නම් බැරි උනා...
   හිමිදිරි පාන්දරම අමුත්තේක් අපේ ලැගුම් හල ඉස්සරහ විලට බැහැල යස අපූරුවට උදේ කැමවෙල බුදිනව..බලන්ඩකො අපූරුව..


මෙයා විල මැද හරියට වෙන්ඩ ඉන්න නිසා අපට පැහැදිලි රූප රාමුවක් ගන්ඩ ටිකක් අමාරු උනා..මේ අපේ චාරිකාවේ අන්තිම දවස.... දවස් දෙකක් කැලේ සැරිසැරුවත් තවම අපට දිවියෙක් දකින්න ලැබුනේනෑ..අපි මේහි පැමිනි දවසේ සහ ඉන් පසු දවසේත් පොඩි වැහි පොදයක් වනයට වැටුනු නිසා බොහොවිට සතුන් කැලේ අභ්‍යන්තරයට වදින්නට ඇති ඒ..වනයේ හැටිය...අප කොතෙක් තත් දැරුවද..වනසතුන් වනයේ සැරිසරන්නේ ඔවුන්ටම ආවෙනික වූ අකාරයකටයි...
             මෙතෙක් දවස් අපගේ උවමනාවන් සොයා අපට සැලකු බංගලා බාරකරුට ස්තුතී කොට අපගෙනා බඩු බාහිරාදිය රැගෙන නැවත එමට පිටත්වුනේමු.. වන අසිරිය වින්දද යම් සොවක් සීතේ ගුලිවි තෙරපෙයි..ඒ මිනිස් සොබාවයේ හැටිය..කෙතරම් සතුටුවන්නට කාරනා තිබුනද...මිනිස් සිත සතුටුකල නොහැක..මේසේ කල්පනාවෙ නිග්මව පැමිනෙද්දී..තවත් අමුත්තන් රැසක් නිදහස් සුව විඳිමින් සිටි අයුරු අපුරුය...



  මේ අතරට තවත් දුලබ දර්ශනයක් එක්වුයේ අප නොසිතු විටකය..විශාල බකමුනෙක් අප එන මග බිම වසා සිට අපගේ ශබ්දයට බියවි ගසක අත්තක වැසීය...














  වන උයනක් මැද නිසසල දවස් කිහිපයක් ගතකර සැහැල්ලු සිතැත්තන්වූ අප විල්පත්තුවෙදී මතු දවසක දීවියෙකු දැකිමේ තිර අදිටනින්..කලබල වූත් අපීරිසීදු වූත් ගෙන්දගම්පොලව බලා නැවත චාරිකාවේ යෙදුනේමු...
















Thursday, November 17, 2011

දිවියන් සොයා විල්පත්තුවට අවසානයට පෙර......


  කාලි විල්ලුව..ඒ නම ඇහෙනකොට ටිකක් අමුතු උනත්..මේ පිංතුර දකින ඔබට..මේත් වනසතුන් ගැවසෙන තවත් එක් විල්ලුවක් බව හැඟෙන එක පුදුමයක් නොවෙයි....


නමුත් ඔබ දන්නවද මේ ප්‍රදේශය ලාංකා ශිෂඨාචාරයේ තවත් එක් පිටුවක් පෙරළුන තැනක් විත්තිය..
කුඩා අවදියෙ.. පැසැලෙදී අපි විජය රජ්ජුරුවො ගැන ඉගෙන ගන්නව..ඔය විජය ලංකාවට ගොඩ බැස්සහම කුවෙනි කියල යක්ෂ ගොත්‍රික කාන්තාවක් මුනගැහෙනවනේ..ඔන්න ඔය කූවෙනිගේ මාලිගාව අසබඩට.. තමයි..අපි දැන් මේ ඇවිත් ඉන්නේ.. දැන්නම් මෙතන මාලිගාවක් නෑ නමුත් නෂ්ඨාවශේෂ වෙච්චී ගල්කනු කීහිපයක් මේතන දකින්න තියෙනව..

    


දැන්නම් ඉර මුදුනටම ඇවිත් නිසා කාලී විල්ලුවේ සතුන්නම් පෙන්න නැහැ..නමුත් අපේ මගපෙන්වන්නා කියපු විදිහට වැඩිපුරම සතුන් ගැවසෙන්නේ නම් මේ පැත්තට වෙන්ඩලු...ඒ වගේම විලේ ඉන්න කිඹුල්ලු හවසට විල් ඉවුරට ඇවිදින් ඉන්නවලු හරියට කොට ගොඩක් පෙලියට අඩුක් කරල තියෙනව වගේ...ම්..හවසටත් අපි මේ විල්ලුවට එන නිසා බලමුකො..

  ලංකාව දුපතක් නිසා කොහේ ගියත් වෙරළකින්නේ කෙලවර වෙන්නේ..අපේ මේ සුදානම විජය ලංකාවට ගොඩ බැහැපු තැනට යන්නයි...කාලී විල්ලුවෙ ඉඳල සැතපුම් 12 ක් පමන ගමන් කලාම තම්මැන්නාව.. නේවී මුරපොලට ලඟාවෙන්න පුලුවන්..ඒ කියන්නේ මේ වෙනකොට අපි තලවිල අපේ නවාතැනේ ඉඳලා සැතපුම් 30 ක් පමන කැලේ හරහා මන්නාරම් බොක්ක පැත්තට ඇවිඳින් තියෙනව...

   

  අර කිව්ව නේවි මුරපොල පහුකරලා මුහුද පැත්තට එනකොට තව අපූරු යාලුවෙක් ඉන්නව පාර අයිනේ...අපේ සමහර තරුණ උදවිය වගේ ලස්සන කොන්ඩා මොස්තරයක් එහේම දාල උන්නේ..ඔං ඉන්නව බලන්ඩකො ලස්සන....

  
  
       හැබැටම කියන්ඩ පුලුවන්ද මේ ගහ මොකද්ද කියල..ඔය අපේ ගමේ ගොඩේ දකින්ඩ පුලුවන් ගහක් මේහෙම මොඩ් වෙලා හිටියට ..හැබැ මේයාට කොන්ඩා මොස්තරේ දාගන්ඩ උදව්කරල තියෙන්නේ නම් මුහුදු හුළඟ තමා...
      අපේ යාලුවට සමුදිලා ඉස්සරහට එනකොට...දකින්ඩ තියෙන මේ දර්ශනේ ගැන ඔබට මොනවගේ හැඟිමක්ද එන්නේ...



  

    සතුන්ගේ වාසභූමි,... සංවර්ධනය මුවාවෙන් එලිපෙහිලි කොරනව කියන්නේ මෙන්න මෙවට තමා...හැබැ පරිසර අධිකාරියෙන් නඩු දාලා දැනට මේ වැඩේ නවත්තගෙන තියෙන්නේ...ඔය අධිවෙගී මාර්ගයක්නේ හදන්ඩ ගොහින් තියෙනේ..ඒවගෙම මෙතන හෙලිකොප්ටර් ගොඩ බාන්ඩත් බිම සකස්කොරාගෙන නෙව..
  හිතන්ඩ මෙවන් සංකීර්ණ පරිසර පද්දතියක් විනාශකරනව කියන්නේ කෙතරම් අපරධයක්ද...මේ ඔබට හිතන්ට යමක්...
       පොඩ්ඩක් කලබලවෙලා තිබ්බ හිත ටිකක් සංසුන් උනා මුහුද දුටුවම...මෙතෙනින් තමයි විජය අපේ රටට ගොඩ බැහැල තියෙන්නේ..ඒ වගෙම පුරාතන වෙළඳ තොටක් විදිහටත් මේ ස්ථානය භාවිතාවෙලා තියෙනව..

   

 කුදිරමලේයි අශ්ව කන්ද කියලත් මේ ස්ථානය හඳුන්වනව.ඔය තියෙන්නේ ඒ ගැන කියැවෙන දැන්වීම් පුවරුවක්.

  

   ඔබ දන්නව ලංකාවෙ නොයෙක් පලාත් වලින් විවිද වර්ගයේ පොසිල හමුවෙලා තිබෙන බව..ඉතින් ඒවගේ තවත් භූමියක් මේ වෙරළ අසලත් දක්නට ලැබෙනව..

  

  මූහුදු වෙරළ දිගේ ඉදිරියට යනකොට දකින්න පුලුවන් තවත් පුරාවිද්‍යාත්මක වටිනාමකක් තියෙන ස්ථාන කිහිපයක්.  මෙයින් එකක් තමයි අශ්වාරොහක සොහොන...මුහුදේ යාත්‍රා කරන නැවකට මෙන්න මේ සලකුන ඔස්සේ ලංකාව පැත්තට මුහුදු මාර්ගය සොයාගන්ඩ පුලුවන් උනාකියල අතීත තොරතුරුවල කියැවෙනව... නමුත් අද වෙනකොට  ඉතිරිවෙලා තිබෙන්නේ ඒහි නටඹුන්වූ පදනම පමනයි

  

  ඔයකියන නටඹුන් ටිකත් නරඹලා..නැවත අපේ වාහනය තිබුන තැනට එනකොට නඩේ ඔක්කොගෙම යොජනාව මූදේ නාන්ඩ...අදහසත් නරක නැති නිසා කලබලයක් නැති මුදේ බැස්ස කට්ටියම..මුහුදේ පැයක් විතර ගතකලා...
   

 හැන්දෑ වෙගෙන එනකොට අපි ආපහු කාලී විල්ලුවට ආව....කතාව ඇත්ත..හරි අපූරුවට විල්ලු ඉවුරේ අර කොට ටික පෙලියට අඩුක් වෙලා..නමුත් කැලේට අමුත්තො ඇවිත් කියල දැනගත්තු මේ කට්ටිය හනිකට වතුරට පැනගන්නව..එත් අපි වැඩෙ අත හැරියේ නෑ..බලන්ඩකො..මේ ගොල්ලන්ගේ හදිස්සිය...

   
 

   මෙයාලත් එක්ක ඔට්ටු වෙවි ඉන්න කොට..ටිකක් ඇතටවෙන්ඩ තව එක්කේනෙක් එලියට බැහැලැ...කොහොමද සයිස් එක..ගම්ගොඩේ ඉන්න හරකෙක් විතර ඇතිනේද...බෙල්ලේ තියෙන කේසර මෙයාගේ ලස්සන තව වැඩිකරන්ව...හැබැ දුර හිටපු නිසා පිංතුරේ එතරම්ම පැහැදිලි නැතිඋනත්..මෙ ඉන්නේ තඩි උරුනාම්බෙක්....


   කැලේ මැද්දැවෙ..දිය විලක් ගාව..ඉර බැහැල යන වෙලාවක තියෙන අපූරුව මෙන්න මේවගේ කියල කියනගමන්..

රැ බොවෙගෙන එන නිසා..අපි අපේ නවතැනට යනව..... එහෙනම් මේ චාරිකාවෙ අන්තිම කොටසින්  අපි නැවත  හමුවෙමු....




Monday, November 14, 2011

දිවියන් සොයා විල්පත්තුවට 2ක.


   ඔය...වන උයන්වලදී ඔබට මුනගැහෙන...මගතොට ගැන ඔබට කියල පෙන්නල දෙන...මාර්ගොපදේශක මහත්තුරු...හරි අපූරු කට්ට්ය නොවැ...හරි කෙනා එක්කල මේ ගමන යන්ට පුලුවන් උනානම් ඇත්තටම ඔබ දිනුම්.....ඒ වගේම ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට වඩා අපේයි..වනයේයි ආරක්ෂාවගැන තමයි..ඒයාල මුලින්ම හිතන්නේ...
   දන්නවද ඇයි මම කතාව එහේම පටන්ගත්තේ කියලා....අර මුලින් කිව්ව දෙබර ජනපදේ පහුකොරලා අපි ඉස්සරහට එනකොට රැ හුලඟට අහුවෙච්චි ලොකු ගස් අතූ කැල්ලක් අපි ආපු මග හරහා වැටිලාතිබුනා...ඉතින්  අපි කාටවත් වාහනේන් බහින්න නොදී එයාම අර අතුටික පාරෙන් ඉවත්කලා....

 
   

ඔය සංගෙදියෙන් පස්සෙ අපි ඇතුලු උනේ තරමක් ලොකු විල්ලුවකට...මාස කීපයක දැඩි පැවිල්ලට අහු උන හින්දා මේ විල්ලු වල වතුර තරමක් දුරට හිඳිලා තිබුනේ ..ඔය කොයිහැටි වෙතත් ටිකක් ඇතට වෙන්ට විමසිලිමත් දෙනේත් කීපයක් අපි දිහා බලාන උන්න ඔං ඉන්නව ඒ කට්ටිය..කොහොමද ඒ අං පළඳනා වල තියෙන අපූරුව...



    ඔහොම විලේ අනෙත් ඉවුරට එනකොටම..කළබලවෙච්චි මෙන්නමේ කට්ටිය එක පොදියට අහසට නැග්ගේ..වනන්තරේ අසිරිය මනාව කියාපාමින්....

 

     විල්පත්තු වන උයන ලංකාවේ..තියෙන මහ අපුරූ පරිසර පද්දතිවලින් සුවිශේෂී එකක්නේ...විල්පත්තුවෙ තියෙනව විල් එකසිය දාහතරක් විතර..මෙයින් එකවිලක තියෙන්නේ තනිකරම ලවණ ජලය..අපේ මගපෙන්වන්නා කියන විදිහට කැලේ සත්තු මේ විලෙන්නම් වතුර බොන්නේ නැතිලු..ඒ වගේම මේ විල මුහුදට සම්බන්දයි කියලත් කියනව...ඔකට නම දාල තියෙන්නේත් ලුණු විල කියලා

 

 ඒවගෙම තමා ගහකොල... සමහර තැනක දක්නට ඇති කටු පඳුරු වලින් ඝහන ශුෂ්ක පරිසරය.... ෂණයෙන් සිසිල් රූස්ස ගස්වලින් හෙබි ඝනකැලයක් බවට පත්වෙන හැටි...පුදුමාකාරයි.

 



 ඔහොම ඉස්සරහට යනකොට තවත් වැදගත් කෙනෙක් තමයි  මුනගැහුනේ..හැබැ ලංකාවේ ජාතික පක්ෂියා කියල කිව්වට මොකද මෙයාගේ වැඩේ කැලේ බිඳගෙන දුවන එක...



 මේ විදිහට සුන්දර වනපියස අතරින් බොහොදුරක් ආපු..අපි ලංකාවෙ ඓතිහාසිකව අතිශයින්ම වැදගත් භූමියකට ඇතුල්වුනා....ඒ ගැන කතාකරන්ඩ අපි ඉක්මනින්ම මුනගැසෙමු..















Friday, November 11, 2011

දිවියන් සොයා විල්පත්තුවට...



   සැප්තැම්බර් මොසමට (මොසම් වැස්ස ) ඔන්න මෙන්න කියලා තියෙද්දි  උනත් වෙලාවෙ හැටියට මේ ගමන නොගිහින් බැරිඋනා.තියෙන ඇඟේ ආමරුවට අමතර දවසක නිවාඩුවකුත් දාගත්ත වැඩේට..හැබැ ලේසිනැ මාසෙකට කලින් වනජීවි එකට ගොහින්..වෙනම බංගලාවක් වෙන්කරගන්ට ඔන.එත් මාසේ මුල් සතියේ ගියෙනැත්තං ඔය වැඩෙ කොරගන්නව බොරු...

  අනිද්දේ තමා ඔය කැලේ මැද්දැවට යනකොට වියලි ආහාර තමා අරන් යන්ට ඔන..විල්පත්තුවෙ තියෙන කැලැ බංගලා වලට විදුලි ආලොකය ගන්නේ සූර්ය්‍ය ශක්තියෙන්...ඒක නිසා ඔවයේ ශීතකරන නැ.. නමුත් කරවල සොයා පරිප්පු වගේ දෙවල් කල්තබා ගන්ට ශීතකරන ඔනනෑ.....අනිත් කාරනේ තමා හදිස්සියට ගන්ට වතුර බොතල් කීපයකුත් අරන්යන එක.

  අපිත් ඔන්න ඔය කිව්ව නොකිව්ව ලට්ට ලොට්ට පොදි බැඳගෙන..සිකුරාදා දවසක උදැහැනැක්කේම පිටත් උනා...මතක තියාගන්ට ඔන තව එක් කාරනයක්...මොකැ ඔය කැලේ ඇතුලේ ගමන් කොරන්ට පුලුවන් ෆෝවීල් වහනවලට විතරමයි...විල්පත්තුව ප්‍රධාන පිවිසුම තෙක් ඔනැම වාහනයකින් ගමන්කලහැක.එම ස්ථානයේදී අවශ‍ය්‍ය කරන ෆොවිල් රථ කුලීයට ගත හැකිය...


              පුත්තලමට ඇවිත් අනුරාධපුර පැත්තට හැරුනාම පාර ඉද්දගැහුව වගේ....බොහොදුරක් එක දිගට දර්ශණය වෙනව...

ඒ වගේම පැවති දැඩි නියඟයත් එක්ක ඔට්ටුවෙච්චි කලා ඔයත් තම අවසාන සටනට මුහුන දෙන  අපුරූව ඔං බලාගන්ඩකො... 


   
      විල්පත්තුවෙ ප්‍රදාන පිවිසුම් දොරටුවට එනකොට අපේ සාහිත්‍ය පොත්වල තියෙන මුර ගෙවල් සිහියට නැංවෙනව එකට හෙතුව තමා ඔය පහලින් තියෙන්නේ...හැබැ මේකනම් ටිකක් නවීන පන්නේ නිර්මාණයක් ...
       
  විල්පත්තුවේ තලවිල..මනවිල..පනික්කවිල සහ කොක්මොටේ යනුවෙන් බංගලො හතරක් වර්තමානයේ සංචාරක නවාතැන් සඳහා සුදානම්ව පවතී...මෙයින් අප වෙන්කරවා ගනුලැබුවෙ..තලවිල නැවතුම්පොළයි... 
ප්‍රධාන පිවිසුමේ සිට කිලොමිටර 37ක දුරක් වනය තුලට ගමන් කලාට පස්සෙ  මනරම් විලක් අසබඩ මේම බංගලාව පිහිටලා තීයෙන්නේ ...මෙහි ඇති තවත් වටිනාකමක් නම් ප්‍රධාන ගමන් මාර්ගයන් ගෙන් වෙන්වී..තරමක් වනගහනය තුලට වන්නට වෙන්ව පිහිටා තිබිමයි...මේ හෙතුවෙන්..නිතර එහා මෙහා යන වාහන ශබ්දය මගහැරි වනසතුන් විමර්ශනයට සුදුසු නිෂ්චල පරිසරයක් නිර්මාණය වී පවතිනව .
       ප්‍රධන පිවිසුමට ඇවිත් එතන තියෙන කාර්ය්‍යාල නිලධාරින්ට අපගේ අවසරපත් පෙන්නුවට පස්සෙ..අපිත් එක්ක මේ චරිකාවෙ යෙදෙන්ඩ තවත් අමුත්තෙක් එක්කාසු උනා..ඒ තමා අපේ මගපෙන්වන්නා සහ මේ ගමනේ දී අපට ගුරුතුමෙක් වන ගයිඩ්මහත්තයා...දැන් චාරිකාවට සියලු කටයුතු සුදානම්... එහෙනම් යමුනේද කැලේ ඇතුලට....

  පුදනකොටම කාපි යකා කියල කැලේ ඇතුලට යනකොටම ටිකක් සැරට වැස්සා...මේක ටිකක් අසුබ ලකුනක් මොකද කොටි හපුව( දිවිය ) පොද වැස්සක් වැටුනත් එලියට එන්නැ... හැබැ වැස්සෙ උනත් මෙන්න මෙයානම් ගස්වදුල අස්සෙ තෙමිතෙමි හිටියා.
. 
ඒවිතරක් නම් මදැ ගොන පැටවු දෙන්නේකුත් අපි එන සද්දේ ඇහිලා දො ගස් අස්සට රිංගුව...  සමාවෙන්ඩ ඔන ඒ දෙන්නගේ පිංතුරයක් ගන්ඩ ගත්ත උත්සහය නිෂ්ඵල උනා










ඇඳිරි වැටිගෙන එන සංදියේ අපිට නවාතැනට යන්ට ලුළුවං උනා..ඔය ඔනම නවාතැනක වගේ මෙහෙත් ඉන්නව ඉයුම් පිහුම් කොරල දෙන්ට වෙනම සෙවක මහත්වරු දෙන්නේක්...ඔනකරන බඩුටික ගෙනවිත් දුන්නහම අගේට උයල වෙලාවට මේසෙටම ගෙනැවිත් තියනව..මේනිසා අපේ ආකාරියට ඉයුම් පිහුම් වලින් බාදාවක් නම් උනෙනෑ..

ගංගොඩේ වහේ නොවෙයි කැලැවට ඉක්මනටම අඳුර ගලාන එනව...බටහිර අහස නොයෙක් රටා අඳිමින් අඳුර ඉක්මනින්ම අප වෙලාගත්තේ හේට දවසට අලුත් බලාපොරොත්තු ඉතිරිකරමින්...







ඝන කැලයක් මැද්දැවේ රැය පහන්කරන එකත් හරි සුන්දර වැඩක්නේ...මේදේ වැඩීපුරම දැනෙන්නේ කාටද කියල ඔබ දන්නවද....ඔය බවලත් උදවිය බොහොම කැමතිනේ ගෙම්බන්ට..මම විහිලුවක් කලේ... ඇත්තටම ඔය ගස්ගෙම්බෙක් වැසිකිලිය ඇතුලේ ඉන්නකොට බවලත් උදවිය ඔය අවස්තාවට ප්‍රතිචාර දක්වන අන්දම එහේම කොහොමද....
  හිතන්ඩකො තමුන් ඉන්න පරිසරයෙන් කිසිම හැලහොල්මනක් නැතිවෙලාවක...එකපාරටම ගැහැනියකගේ යටිගිරියෙන් කෑගසන සද්දයක් ඇහුනම ඔනම කෙනෙක් පොඩ්ඩක් කලබලවෙනවනේ..කවදාහරි ඔබත් ඔය අත්දැකිම ලබලඇති..ඔන්න ඔයවගේ හරි අපූරුවට  ඒ රාත්‍රිය ගෙවිල ගියා...
            වනයට හිමිදිරි උදැසන කියන්නේ හරි සොඳුරු දෙයක්...පොඩි හිතලකුත් එක්ක නැවුම් වාතයෙන් පෙනහළු පුරොගන්නකොට ඇඟට හරිම නැවුම් බවක් දැනෙන්නේ....කොහොම වෙතත් පාන්දරම එලියට බැස්සෙ නැත්නම්...සත්තු මග හැරෙනව..මොකද එගොල්ලො අපි එනකං පාරටවෙලා ඉන්නේ නැනේ...
   ඔන්න උදේම චාරිකාව අරඹනකොටම වැඩිය දකින්ට නැතී අපූරු යාලුවො කට්ටියක් මුනගැහුනා..බලන්ඩකො ඉන්න අපුරුව...

 ඔබ දන්නවද... වනන්තරේ විමසිලිමත්විම හරිම වැදගත් කියලා. කැලැවේ නොසැලිකිලිමත් වෙනව කියන්නේ සමහරවෙලාවට ජිවිතෙන්ම වන්දිගෙවන්ඩ වෙන වැඩක්. දෙබරු කියන්නේ හරි අපූරු කට්ටියක්නේ..මෙයාලව ඇවිස්සුවොත් පන්න පන්න පහර දෙනව..හැබැ අපුරු වැඩේ කියන්නේ මෙයාල දන්නව තමන්ට හිරිහැර කලේ කවුද කියලා....අන්න ඒයාට තමයි මුලින්ම පහරදෙන්නේ

    මම දැන් ඔය දෙබරු ගැන කතාකලේ අපි ගිය... පාර අද්දරම මේයාල වදයක් බැඳගෙන උන්නා...අපි එයාල ලඟින්ම ගියත් එයාල අපටනම් කරදර කලේ නැ...මොකද අපිව එයාලට කරදරයක් නොවෙන්ට වගබලාගත්...හින්ද 
                                                         
 දැන් ඉතින් මේ පොස්ට් එක දිගවැඩි වෙගෙන එනනිසා..චාරිකවේ ඉතුරුහරිය වෙනපොස්ට් එකකින් දාන්නම්කො...

                                          






Monday, November 7, 2011

උපන්දින සැමරිල්ල..සහ පොලිසීයේ වමනේ දැමිල්ල....


   අපේ යාලුවෙක් හිටිය බුද්ධික කියලා..දැන්නම් පොර ඉන්නේ එංගලන්තේ..මිනිහගේ උපන්දිනේ යෙදිල තිබ්බේ දෙසැම්බර් මාසෙට....කොහොමත් පාටී මාසෙනේ...යාලුවො සෙට් එකම ඉල්ලුව පාටියක් ..නිකං එකක් නෙවෙයි..අමර බොතල් පාටියක්....

   කොහොමත් අපේ බුද්ධිකයට තමා කස්ටියගෙන් හොඳටම උයන්න පුලුවං...එක නිසා බයිට් වලට යන සල්ලිත් ඉතුරුයි...අදාල දවසේ හවස.., අපේ පොඩි බොඩිමට කස්ටියම සෙට් උනා..
   ඔය අතරේ එකෙක් හිටිය මූ මස්මාලු කන්නැ හැබැ හොඳට අරක්කුනං බොනව....ඉතිං බුද්දිකයා මූටත් ඉස්පෙසොල් වෙජිටබල් බයිටකුත් හැදුව...

   කියන්ට ඔන්නැ නොවැ ඔය බොනකස්ටිය දන්නවනේ..එක එකාගේ පං පොරි කතා කියකිය ඔං ඉතින් වැඩේ ජයටම යනව... කොහොමහරි බොතල් දෙක තුන හිස්වෙනකොට ගෙනත් තිබුන ඒවා මදිවෙලා කස්ටියට තව ඔන උනා..එතකොට රැ 10 ත් පැනලා මේ වෙලාවට ඉතින් කලුකඩෙන් තමා....තියෙන පෙරෙත කොමට ඩබල් ගෙවලා තව එකක් ගෙනාව...බුද්ධිකයට බර වියදං ඉතිං...

   ඔං රෑ මැදියම විතර වේගෙන එනකොට අර වෙජිටබල් යාලුවට ගෙදර යන්ඩ ඔන උනා...ඔතන හිටියා මොටර්සයිකලයක් තිබ්බ යාලුවෙක්...පොරට ටිකක් වැදිලත් හිටියේ..මූ කියපි..හරි මම ගිහින් දාන්නං කියලා..හැබැ ඔය බයිසිකල් යාලුවත් එක්ක ආපහුයන්ඩ තව යාලුවෙක් හිටිය මොකැ දෙන්නගෙම ගෙවල් තිබ්බේ එකලඟ....

   කොහොම හරි අර මුලින් කිව්ව වෙජිටබල් යාලුව ඇරලවන්ඩ..බයිසිකල් යාලුව ගියා...හැබැ එච්චර දුරක නේමේ වෙජිටබල් යාලුවගේ ගෙවල් තිබ්බේ...නමුත් දෙන්නා ගියා ගියාමයි...අපේ එකා..ආපහු එනපාටක් නෑ...
   මූට ෆොන් කලත් ආන්සර් කොරන්නැ..මේ අස්සේ එහේම්ම වැටිලා එකෙක් බුදී.....ගිය දිහාකින් මුව හොයන්ඩ එපෑ..බුද්ධිකයව බොඩිමේ තියලා අපි තුන්දෙනේක් පාරට ආව..පාර කිව්වෙ නුගෙගොඩ හන්දියට...මොනා උනත් රෑ 12 ටත් නුගෙගොඩ හංදියේ ත්‍රීවිල් තියෙනව..පාරට එද්දීම ආපු ත්‍රීවිල් එකක නැගලා මිරිහාන පැත්තට යන්ඩ ගත්තා මොකැ අරුන් දෙන්නා ගියේ ඒ පැත්තට...

 ඔන මගුලක් කියලා ගත්තා කොල් එකක් ආයේ ඒ පාර මේකා ආන්සර් කලා

 " තො කොහෙද යකො ගියේ.."
 
  " මම තිඹිරිගස් යාය හරියේ බං .."

  " මගුලක් කොරනවද ඔහේ...තොපි මිරිහානටනේ ගියේ.."

   " නෑ...මම...එනගමං බං..."
 
   " අඩො බොරු කියන්ඩ එපා යකො ඇත්ත කියපං තො කොහේද ඉන්නේ.,..අපි මේ උඹව හොයන් නුගේගොඩ හංදියට ඇවිත් ඉන්නේ...."
 
  " මචො....අහවලාට කියන්ඩ එපා මාව පොලිසියෙන් ඇල්ලුව බං..."

  " හරි දැන් උබ කොයි පොලිසියෙද ඉන්නේ..."

 " බම්බල පිටියේ බං..."

 " හරි හරි..අපි එනව...."

මූට තියෙන ලැජ්ජාවට පොරගේ ගෙවල් ගාව ඉන්න අනිත් යාලුවට කියන්ඩ එපා කියල තමා පොර කියන්නේ...දැන් මොනව කරන්නද අර ත්‍රීවිලර් එකේම ගියා බම්බලපිටිය පොලිසියට....

  කස්ටිය දන්නවනේ ඒ කාලේ හැවුලොක් ටවුමේ රෙදිමොල තිබ්බ තැන තිබ්බා... ලොකු චෙක්පොයින්ට් එකක්..ඔං ඔතැනදි පොලිසියෙන් අපේ ත්‍රීවිල් එක නැවැත්තුව...තුන්දෙනාම බිල උනාට ඩ්‍රයිවර්  බිලා නැනේ ඉතින් අවුලක් නැ නමුත් පොලිසියෙන් අපෙන් පුරස්න ටිකක් ඇහුව..උන්ට උත්තර දිලා ආපහු යන්ඩ හදද්දි...තව කෙලියක්

   අපේ එකෙක් හිටියේ ෂොටක් ගහගෙන උගේ සාක්කුවෙ දෙහිගෙඩියක් තිබිලා..අපි දන්නේත් එතකොට..ඔතන හිටිය පොලිසියේ එකේක් මුගෙන් අහපි ඔය මොකද්ද කියලා

  අරූත් කින්ඩි බැල්මක් දාගෙන ගත්තනේ ඔක එලියට...

 " දෙහි ගෙඩියක් සර්..."

 " දෙහි මොකටද ඔයි..."

  "නෑ මේ නිකං..හි..හි..."

" හරි හරි යනවලා...."

බම්බලපිටියේ පොලිසියට ඇතුල්වෙලා ගෙට්ටුව ගාවම ත්‍රීවිල් එක නවත්තල...අපේ දෙහිගෙඩි යාලුවට එතෙන්ඩ වෙලා ඉන්ඩ කියලා..අපි ගියා පොලිසිය ඇතුලට රෑ 12 විතර වෙලා නිසා ඇතුලේ ඒතරම් කලබලයක් නෑ...
  එතන තියෙන පැමිනිලි කවුළුවෙන් විපරම්කලා අපේ යාලුව ගැන..නමුත් එහේම කෙනේක් ගෙනල්ලා නෑ..පස්සේ එතැනින් වැල්ලවත්ත පොලිසියට කතාකලාම පොර ඉන්නව එහේ...මේ අස්සේ අපේ දෙහිගෙඩි යාලුව ඇවිල්ල මට කතාකොරනව...

 " මචං....අරු ඉන්නවද....මාර කෙස් එකනේ උනේ..."

" ඇයි..ඌ මෙහේ නැ වැල්ලවත්තේ ඉන්නවලු...."

" නෑ බං මට වමනේ ගියා.....හදිස්සියට අර මල්පාත්තියට දැම්මෙ බං..."

" පොලීසියේ,.... හූ...තොත් මෙකෙ ලගින්ඩද හදන්නේ යමං..."

රෑ හින්ද පොලිසියේ කවුරුත් කෙස් එක දැකලනැ....ආපහු අපි වැල්ල වත්තට යනකං අරූ කබරයා දැම්ම....වැල්ල වත්ත පොලිසියට යනකොට ඉස්සරහ තියෙන වාහන එක්ක යාලුවගේ බයිසිකලේ තිබ්බ...ගිහින් විමසිම් කවුලුවෙන් විස්තරෙ කියල ඇහුව...
 
   " ඉන්නව  ...ඉන්නව ආං පිටිපස්සෙ හොටලයක් දාගෙන..ඔයවගේ බීලා බයිසිකල් පදිනවද අයිසේ...."

   අපි ඇතුලට යනකොට මූ කානුවකට  වමනේදානව...පොලිසියේ කොස්තාපල් කෙනෙක් අපේ එකාගේ පිට අතගානව.....අපි යනකොටම...කොස්තාපල්..,

 " ආ ඔන්න තමුසෙගේ යාලුවො ඇවිත් දැන් කස්ටියම එක්කහු වෙලා හොදන එකයි ඇත්තේ පොලිසියම...මේකා හැම තැනම ජරාකලා..."

කියලා කියපි...
         හැබැ එහේම කරන්ඩ ඔන උනේ නැ විහිලුවට කියල තියෙන්නේ...ඒ කාලේ හිටියෙ තරුණ O. I .C කෙනෙක්..පොරට ශෙප් එකක් දාලා යාලුවව ඇදගෙන ආව නමුත්..යාලුවගේ ලයිසොම මාස තුනකට තහනං කොලා...
  
 මේකයි වෙලාතියෙන්නේ අපේ එකා කොහුවලට එනකං හොඳට ඇවිත් පිලියන්දල පැත්තට කන්ද නගිද්දි බයිසිකලේ පෙරලිලා ....පස්සේ ඔතන ශෙඩ් එකට ආපු බස් එකක හිටපු අයියල දෙන්නේක් මූව නැගිට්ටවලා ඒ උනාට ...මේකා බයිසිකලේ හැරුන පැත්තට ගිහිං පාමංකඩදී පොලිසියට අහුවෙලා....

   ඔං මුවත් අරං බොඩිමට එද්දී...දොරෙන් ඇතුල්වෙනකොටම පොත් පත්තර බිම හැමතැනම...මොකැ කියල බැලුව....බුද්ධිකය ගෙදර හිටිය...ඌ අපි යද්දි ගෙට්ටුව ගාවටත් ආවනේ..අනිකා නං හිටියේ නිදාගෙනනේ ...

  මේකා අපි ගියාට පස්සෙ ගෙට්ටුව ලඟ කබරයා දාලා...එහෙම්ම ගෙයි පේමන්ට් එකේ වාඩිවෙලා....ටිකකින් ආයි වමනේ ගිහින්...වැඩේ කියන්නේ එතනම නින්දගිහිල්ලා.....මූන දැවිල්ලයි වගේ දැනුනම ඇහැරිලා..බලනකොට....අර වමනේ ගොඩට ආපු කූඹි මුගේ මුන කාලා..

  පස්සෙ දනගාගෙන වගේ ගෙට ඇවිත් දොර ගාව තියෙන මේසේ අල්ලගෙන නැගිටිනකොට මේසෙ උඩ තිබ්බ පොත් බිම වැටිලා....

   ඔං උපන්දින සාදෙ ගිය දුර....



ප.ලි
මීට වසර 4කට ඉහතදී ලද තවත් අපුරූ අත්දැකිමකි.....  








Wednesday, November 2, 2011

පලමු රස්සාවේ පලමු කට්ට.......



  මගේ ටීම් ලීඩ  කියපු විදිහට මට යන්ඩ තිබ්බේ බෙරලපනාතර ඉස්කොලේට....ඉස්කොලේ පරිඝනක පද්දතියේ මේන් සර්වර් එක නැවතිලා කියල ජොබ් එකක් ලොග් කරලා තිබුනා...

  මේ කාලේ වෙද්දී මට ලංකාවේ බොහෝ මගතොට ගැන එච්චර දැනිමක් තිබ්බේ නැ.. හැබැ අපේ ඔෆිස් එකේ අපිට වෙන්කරලා තිබ්බ කොටසේ  බිත්තියක එල්ලලා තිබ්බ තඩි ලංකා සිතියමක්...

  " අයියේ ඔය ඉස්කොලේ කොහෙද තියෙන්නේ " 

 "මාතර පැත්තේ බං. හැබැ ඇඹිලිපිටියට ලඟයි..ඔය සිතියමේ බලහං"

 බෙල්ල උලුක්කොරං  අර සිතියම බැලුවත්....ඒකේ ඇඹිලිපිටිය...ඌරු බොක්ක....බෙරලපනාතර කියලා ලියල තිබ්බට ඌරුබොක්ක කියලා සටහන් වෙලා තිබ්බ තැනින් එහාට පාරක් පෙන්නුම් කොරන්නැ....

 " අයියේ කො මෙකේ නම විතරනේ තියෙන්නේ පාරවල් නෑනේ...."

" හරි හරි බං මට ඉස්කොලේ සර් කතා කරල තියෙන්නේ ඇඹිලිපිටිය පැත්තේන් පලයං..බස් තියෙනව කිව්ව්..."

  රස්සාවට ඇවිත් මාසයක් විතර යනකං බස් එකේ ගමන තමා වැඩිපුරම උරුම උනේ..හැබැ මාස දෙකක් විතර යනකොට වාහනයකුයි ඩයිවර් කෙනෙකුයි ලැබුනා....


පස්සෙන් පහු තමා වැඩේ තෙරුනේ මොකැ ආපුගමන් වහනයක් නොදෙන්නේ....පොඩියට කට්ටක් කාලා ආපුහාම තමාලු වැඩ කොරන්ට කැක්කුමක් ඇතිවෙන්නේ.... 


"එහේම තමා ඒකේ ඉන්න ලොකු උං කියන්නේ"

   උදේ පාන්දර 5 ට විතර ඇහැරුනා....තාත්තට කියලා කළුග්ගල හන්දියට ගොහින් දමාගත්තා...
 ඔතැනින් පුලුවං ඇඹිලිපිටිය බස් එකක් අල්ලගන්ඩ...ඇඹිලිපිටිය විතරක් නොවෙයි රත්නපුර බදුල්ල මොනරාගල බස් ඔතැනින් ගමන් කොරනව...බදුල්ල කොලඹ පරන පාරයි..අළුත් පාරයි එකට මුනගැහිලා..තව එක බස්නැවතුමක දුරක් ආවම කළුඅග්ගල හන්දිය හම්බවෙනව.... ඔය හංදියෙන් කොළඹ ඉඳන් එනකොට දකුනට හැරුනොතින් ලබුගමට යතැකී...

                       උදේ 6 ය විතර වෙනකොට ආපු C.T.B බසයක නැගල ඇඹිලිපිටිය  බලා පිටත් උනා...වෙලාවට ඒ බස් එක ඇඹිලිපිටියට විතරයි ගමන්ගන්නේ.....මොකැ මේ ජීවිතෙ පලමු වතාවට බස් එකකින් ඇබිලිපිටි යනවමයි....
 පොඩි චකිතයක් හිතේ නැතුවා නොවෙයිනොවැ...10 විතර වෙනකොට දෙයියනේ කියලා ඇඹිලිපිටියට ආව....ටිකක් දවල් වෙලා හින්දදො..ටවුම එච්චර කලබල නැ....ලොක්කනං කිවුවේ කෑල්ල හරහා ඌරුබොක්ක බස් එකේ පලයං කියලා. ඒ උනාට කාගෙන්හරි අහන්ට එපායැ....ඔය බස් නවතුම්පලේ හිටපු කොන්දොස්තර අයියල කීප දෙනෙක් ලඟට මාත් කිට්ටුකලා....

  " අයියේ බෙරලපනාතරට යන්ඩ ඔන මොන බස් එකේද..."

" කෑල්ල හරහා යන බස් එකේ නගින්ඩ ඒක ලඟයි..."

නමුත් එතන හිටපු තව කෙනෙක් කිව්වෙ වෙන කතාවක්...

" මල්ලි ඔය කෑල්ල හරහා යන රුට් එකේ වැඩිය බස් නැ..අනික කැලේ..බස් එක කැඩුනොත් අනාත තමා...ඊට වඩා හොඳා මිද්දෙනියට ගිහින් යන එක..."

 ඔය කතාව අහල මාත් නැග්ග මිද්දෙනිය බස් එකක....

ටික වෙලාවකින් කට කපලා පිරුන බස් එක මිද්දෙනියට යන්ඩ පිටත් උනා...
    මිද්දෙනියට එනකොට 11.30 ට විතර ඇති...ඒදා පොල දවසක් නිසා ටවුමේ සෙනක පිරිලා හිටියා....
  දැන් මෙතන ඉඳලා මොකේද යන්නේ....බස් පොලේ හිටපු ටයිම් කීපර් උන්නැහැ ලඟට පොඩ්ඩක් කිට්ටු උනා...

 " මාමේ බෙරලපනාතරට යනවනං කොහොමද යන්ඩ ඔන..."

" ලමයො කොටපොල බස් එකේ නගින්ඩ එතකොට බෙරලපනාතරට යන්ට ඇහැකි...හැබැ මේ දැන්තමා ඔය කියන බස් එක ගියේ..ආයි එකක් තියෙන්නේ 12.40 ට...."

    දැන් මොකෑ කොරන්නේ ඉස්කොල දවල් 2.00 ට අරිනවනේ...මට ඒ වෙලාවට යන්ඩ පුලුවන්ද කියන එක සැකයි...ලොක්කට කොල් එකක් අරන් බලන එක තමා හොඳම.....මගේ වෙලාවට මිද්දේනියට ඩයලොග් සිග්නල් තිබ්බේ නැ...ඒකටත් කොමිනිකේෂන් එකක පිහිට පතන්ඩ සිද්ද උනා...

   "  අයියා මම මිද්දේනියේ ඉන්නේ බෙරලපනාතර යන බස් එක පරක්කු වෙලා යන්නේ මොකද කරන්නේ..."

  " අවුලක් නැ සර් උදේ මට කතාකලා..උඹ පලයන්.....සර් ඉන්නව.."

   දහවල් 12.40 ට පටන්ගත්ත බසයේ නැගුන මම නැවත ගමන පටන්ගත්තා සිත කෙතරම් නොසන්සුන්ද යත් බසය යන වේගය පිලිබඳව ඇතිවුයේ කොපයක්....එය ඉහවහා ගියේ කටුවන හංදියේ බසය නවතා රියදුරා සහ කොන්දොස්තර ලඟ තිබු කඩයට ගොඩවැදි මෙනි...

 බසය නැවත ගමන් ඇරඹුවේ තවත් පැය කාලක් ගතවූ පසුයි....

    මා රැගත් බසය ඌරු බොක්කට ලඟාවනවිට පාසල් ඇරුණු ලමුන් මහමග දක්නට ලැබුනි..ඉතින් මා පත්ව ඇති තත්වය ගැන කුමන කතාද.....
  කෙසේ හෝ සවස 3 පමන වන විට මාහට බෙරලපනාතර විදුහල අසලින් බැසගත හැකිවිය....

    පාළුවට ගිය විදුහල් භූමිය දකිනවිට ඇතිවන්නේ කිව නොහැකි තරමේ කනස්සල්ලකී...." මොකට මා මෙහි ආවාදැයි සිතුනි..දැන්නම් ආපසු යැම කල නොහැක..රාත්‍රිය ගතකරන්නේ කොහේද....දහසක් සිතිවිලි වලින් මා සිත ව්‍යාකුල වී ඇත....සුසුමක් සලමින් ගෙට්ටු පළු දෙක තල්ලු කලේමි...

  "  විජේපාල.., මහත්තයා ආව....."

පහල ශාලාවක සිට ගුරුමහතේකු පිටතට පැමිනියේය....තරමක් තරුණ පුද්ගලයේකු වු මොහු සිනහවකින් සංග්‍රහ කරමින්ම පැමිනියේය.....

  "හම්මෙක්...." මා නොදැනිම මුවින් සුසුමක් පිටවිය.

"මම හිතුව ඉස්කොලේ ඇරිලා ඔක්කොම ගිහින් ඇතිකියලා...."

"ආ නෑ මම අජිත් මහත්තයට කතාකලා....ඔබ තුමා එනවම කියලා එයා කිව්වා..."

" ඔවු බස් එක ටිකක් පරක්කු උනා එකයි..."

" ඔව් මේපැත්තේ බස් ඔහොම තමා..."

පහල ශාලාවේ ඇති පරිඝනක කාමරයට ගොස් ආකාරිය අවසන්කරන විට හවස 6.00 පසුවී තිබින...

" සර් කොලඹ යන බස් එකක් අල්ලගන්නේ කොහොමද...."

" අපෝ දැන් ඉතින් එක ටිකක් අමාරුයි..මහත්තයෝ....අද අපේ දිහා නැවතිලා හෙට උදේම පිටත්වෙන්ඩ..."

මොහු මේ කියනා දේ මේ වනවිට මාහටද ඒත්තු වී තිබින...මේ රැ නොදන්නා පලාතක මහමගට බැස අමාරුවේ වැටෙනවාට වඩා..රැය නැවතී පසුදා උදැසනම පිටත්විම..නුවනට හුරුවිය...

 " සර්ගේ ගෙවල් මේ ලඟමද..."

" නෑ මහත්තයෝ දෙනියායේ ටවුම කිට්ටුව..."

" එතකොට අපි කොහොමද දෙනියායට යන්නේ දැන්..."

"කොටපොලට යන අන්තිම බස් එක මෙතනින් යනව රැ7.00 වෙද්දී.. අපි එකේ ගිහින්...කොටපොලින් දෙනියාය බස් එකක් අල්ලගම්මු..."

 කෙසේ හො අප දෙනියාය ඔහුගේ නිවසට පැමිනෙන විට රාත්‍රි 8 ට පසූවි තිබින....රාත්‍රිය තරමක් සීතගතියෙන් යුක්ත විය....

  ඩයලොග් සිග්නල් තිබු බැවින් අම්මාට කතාකොට විස්තරය පැවසීමි..

   දහවල් තිබු කලබල කාරි බව දැන් සිතින් බැහැරවී ඇත....ඒ බැවින්දො මාහට හොඳින් නින්ද ගොස් තිබින...
  මෙම නිවස පිහිටා තිබුනේ තේවත්තක් මැද බැවින් ....උදැසන අවට ඉතා සුන්දරය...
උදැසන ආහාරද මාහට ලබාදුන් ගුරුමහතා දෙනියාය බස් පොලට මා ඇරලීය...
  රත්නපුර දෙනියාය බසයක නැගුන මා..සූරිය කන්ද...හරහා රක්වානට විත්... දහවල් වනවිට රත්නපුරයට ආ වෙමි. ඒ එන මග තේ වතු මැදින් මීදුම අතරින් කීයා නිමකල නොහැකි සුන්දරත්වයකින් යුක්ත විය....

  රත්නපුරයෙන්..කොළඹ බසයක නැගුන මා හවස්වනවිට ගෙදරට පැමිණීමි..........