එදා..අනොරා
වැස්ස....හැබැ මේවැඩේ සිද්ද වෙනකොට මහප්පත් අපිත් එක්ක හිටියා..දැන්නම් ඒයා අපව
දාලා ගොහින් අවුරුදු 2 ක් විතරවෙලා...
ඉස්සර මේ ගේ කිට්ටුව ලොකු රබර් වත්තක් තිබුනා
හැබ දැන් එක නැ හතර වටේම තැනින් තැන ගේවල්...නමුත් දෙයියනේ කියලා ගහ කොල වලින්
අඩුවක් පාඩුවක් නැ... පුරුද්ද්දක් විදිහට ඔය රබර් යායේ හිටපු වඳුරු රංචුව මහප්පලගේ
වත්ත උඩින් එහේට මෙහේට ගියා..
ඔං ඔය රංචුවගේ දැඟලිල්ලට ගේයි වහලේ උළු එහාට
මෙහාට වෙලා තිබුනා..ඔය බව දැනගන්ට ඉතින් වහින්ටම එපැ...ඔය කියපු දවසේ අකුනු ගගහ
වහිනව..ගේයි ඉස්සරහ කාමරේ සිවිලිම අස්සේන් ටික ටික වතුර වැටෙන්ට පටන්ගත්තා....
සිවිලිමේ අස්සෙන් වහලේ මොකක් හරි උනාම
සිවිලිමට නගින්ට ඔනම ගේක බාසුන්නැහැලැ පොඩි කවුලුවක් හදලා තියෙනවමනේ....පොඩි අයියා..වහලේ
හදන්ට කියලා ඔං ඔතනින් සිවිලිමයි වහලෙයි අතරට නැගලා... ඇතුල කළුවර හින්දා මහප්පත්
අර හිදැස අතරින් විදුලි පන්දම උළුක් කොරාන ඉන්නව ලු....හැබැ ඔතන ඉඳන් එහේට මෙහේට
ඔට්ටු වෙන්ඩ පුලුවක් එක්කෙනෙකුට විතරයි....
ඔය අස්සේ ලොකු අයියත් තියෙන දාංගලේට ඔක අස්සට
රිංගලා....සිවිලිං සීට් හයිකොරලා තියෙන යට ලීයක පැත්ත වැටිලා බලං ඉන්නවලු පොඩි
අයියා වහලේ හදන හැටි...ලොකු එකා ඉඳලා තියෙන්නේ හරියට "ඇඳක පැත්තට නිදාගෙන
ඉන්න විදිහට...උඩ ලීයක් අල්ලගෙන"
ටිකවෙලාවයි ගිහින් තියෙන්නේ අර දෙන්නම
සීවිලිමත් කඩාගෙන බිමට පතබැවිලා...ඉස්සරහ කාමරෙන් ආපු හෙන ගහන්නැහේ සද්දෙට ගේ
අස්සේ හිටපු පොඩි අක්කා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ මේ හෙන ගහන වැස්සේ ඉස්සරහ
ගෙදෙට්ට දුවලා..
" අංකල්..අංකල් .. කාරෙක ගන්ඩ අර දෙන්නම
ඉවරයි වහලෙන් වැටුනො..." කිය කිය කෑ ගහනවලු
කොහොම හරි අංකලුත් කමිසයක් දාගෙන ගෙදෙට්ට
එනකොට... අයියල දෙන්නයි.. ලොකු අම්මයි මහප්පයි ඉන්නවලු ඉස්සරහ පැත්තට වෙලා
බලාගෙන..
දැන් ඉස්සරහ ගෙදර අංකල් අහනවලු..." කව්ද
එතකොට වහලෙන් වැටුනේ ".... කියලා...
එතකොට..ලොකු අම්මා බනින්ට තියාගත්තලු..."
මේකිට පිස්සු..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ කෑ ගහනව කියලා....
අයියල දෙන්නත් ඉස්සර ඉන්නව දැක්කම පොඩි අක්කට
ලැජ්ජා හතේ පනගියාලු කොරපු ගොං වැඩෙට.....
හැබැ වෙලාවෙ හොඳකමට කාටවත් තුවාලයක් වෙලා
නැ...පල්ලේහාට කඩාගෙන ආපු සීට් කැල්ලක් නෙට් එකේ වැදිලා නැවතිලා..නැත්තං මහප්පා
තුවාල වෙනව... අර ඩබල වැටෙනකොට වැටිලා තියෙන්නේ ඇඳයි පොත් මෙසෙයි අතරට හැබැ පොඩි
අයියට කලන්තේ දාන්ට වගේ ඇවිත් ...
හොඳ පාඩම. මේවා අපි කාටත් හොඳ පාඩම්. සමහර වෙලාවට අපිත් මෙහෙමමයි.
ReplyDeleteහදන කෙනාට වහලෙ හදන්න නොදී අනිකත් නැගලනෙ එතැනටම...දෙන්නගෙ බර කීයද කියලා රාජ් ලියලා නැති උනාට අපිට හිතා ගන්න ඇහැකි.....ඒකනෙ ඔය හරියක් උනේ....හොඳම වැඩේ කියන්නෙ වැටිච්ච දෙන්න පැත්තක ඉද්දී නෝන්ඩි උනේ වෙනම කෙනෙක්....හි හී...මරු වැඩේ....
ReplyDeleteහප්පේ මාර බේරිල්ලක් ...ඔන්න මමත් අද පෝස්ට් එකක් දැම්මා ඔය වගේම මට වෙච්ච සීන් එකක් ......
ReplyDeleteමදැයි ඔයින් ගියා.
ReplyDeleteරාජ්ගෙ අක්කට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද...?
ReplyDelete@ මහ වෙදනා..
ReplyDeleteඔව් වෙදමහත්තයො....කළබල උනහම කිසිදෙයක් පෙන්නැනේ...
@ දිල්
අපෝ ඔය කිව්ව දෙන්නම අලී..පවු අක්කා..මම ඔය කතාව බ්ලොගේ ලිව්ව කිව්වම මාව මැරුවෙ නැතිටික විතරයි....D..
@ ඔබ නොදුටු ලොවක්
එක මමත් කියෙව්වා සහෝ...එකනං මාරම බේරිල්ලක්...
@ නදී
එක නෙන්නං මුන්ට විසේ නොවැ...
@ මියුරු
තාමත් කියනකොට ලැජ්ජයිලු..අපිට ඉතින් හිනා වෙලා පනයනව...
අක්කට එපා වෙන්න ඇති
ReplyDelete@ පිස්සා පලාමල්ල
ReplyDeleteඔවු මචො....
සිවිලම බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්,,,
ReplyDelete@ දුපත් වැසියා
ReplyDeleteමේ පැත්තට සාදරෙන් පිලිගන්නව....
මමත් ඉස්සර ඔය වගේ වැඩ වලට රුසියා
ReplyDeleteහැබැයි කවදාවත් කඩාගෙන වැටිලානම් නැහැ,
බොහොම පරිස්සමෙන් තමයි ඉතින් ඔය වගේ වැඩ කරන්න ඕනේ....
@ ලොකු පුතා
ReplyDeleteඑකනං එහේම තමා ලොක්කො
විලිලැජ්ජාවයි සංතෝසෙබෑ කියන්නෙ ඕකට වෙන්ටෑ.
ReplyDelete@ රාජ්
ReplyDeleteඅනිවා මචං