කොඳුරු
ගුලිය නද දෙන ගෙයි පියසි කොන
ගොම
මැටි කූයිලයට කිවිසෙන නාස් කොන
ඇවිසුන
තෙල් පින්න විසිරෙන පිළිකන්න
නාඹර
කෙසේල් කැන් පිපිරෙන
කෙසෙල් වල
නෑඹුල්
පුසුඹ විදිදෙන මහා ගොයම් කොළේ
කිරි
කජු සුවඳ පිරි පුහුළන් කජු යායේ
රතු
කැට පොකුරු පිරි එරබදු බඩවැටියේ
සැවුලෙක්
නගයි කන්කළු පද තුරු මුදුනේ
ලපයා
වක ගැසී කොඳුරයි ඇඳ මුල්ලේ
පුපුරා
නැගෙන ගිනිකෙලි හඬ වැට අයිනේ
කිරිබත්
පැණි කැවුම් සපිරුණු මැද සාලේ
පවසයි
කනින් කොන බක් මහේ සරු සාරේ..!!