Monday, December 17, 2012

නැත..නැත. සහ ඇත..ඇත...!




 පසුගිය සති අන්තය ලොක බලවතාටනම්.... එතරම් සුබ වූයේ නැත අසන්නට ලැබුන පුවත ඔවුනට මෙන්ම සසලවන සිත් ඇති අප කාටත් ඇතිකලේ ශොක බරිත සිතුවිලිය. කාරනා එසේ තිබියදි රට අභ්‍යන්තර මාධ්‍යන් ප්‍රශ්ණය පතුරු ගැහුවේ නැත...විපක්ෂය ආන්ඩු පෙරලන්නට පිකටින් කලේ නැත මඩ මාධ්‍ය ව්‍යාපාර ගෙන ගියෙද නැත... සීපද කවිකතා සිංදු හැදුනේද නැත විපක්ෂය ජිනිවා යන්න ගුවන් ටිකට් බුක්කලේද නැත...!   

නැත නැත නැත.....!

රටක් වශයෙන් බළලුත් ලවා කොස් ඇට බාවන්නට තැත්කලවූන් සිටියානම් ඒ එකෙකු හෝ දෙන්නකු පමනි....එසේ වූයේ ඇයි  මාධ්‍ය සදාචාරය හිනවී ගොස් තිබු නිසාද... මානව හිමිකම්  ඉබියතුරු දමා තිබු බැවින්ද කොටින්ම මාධ්‍ය නිදහස වලපල්ලට දමා තිබු බැවින්ද..

නැත නැත නැත........!

ගෙදර ප්‍රෂ්ණ තමන්ම විසඳා ගැනිමට තරම් හයියක් ඔවුනට තිබු බැවිනි තම මව් රටට අවැඩක් නොවන ආකාරයේ දෙශපාලන ප්‍රතිපත්තියක් මාධ්‍ය ප්‍රතිපත්තියක් ඔවුනට තිබු බැවිනි.

කවමදාකවත් එසේවන්නට නොපැතුවත් ඒවන් සිදුවීමක් මෙරට වූවානම් තත්වය කෙබඳු වේවීද... කීමට පුවත් සොයාගන්නට නොමැතිව සොදාපාලුවට ලක්වී ඇති අපේ සදාචාර සම්පන්න මධ්‍ය අහස් එලි ගැන තවත් කතා නොකරනු ඇත... රතු වැසි ගැන පුන පුනා නොකියවනු ඇත ලැබ්බො ගිනි කාර් පසුපස නොදුවනු ඇත...

 දේශපාලන වේදිකාවේ අලුත් සිංදු කියවෙනු ඇත දේශපාලු සුපස්ටාර්ලා අලුත් ට්‍රෙන්ඩ් එකකට ගී කියනු ඇත...

ඇත...ඇත.....ඇත…….!

තරඟය තවත් ත්‍රීවුර වනු ඇත බල්ටි විසිල් කරලියට එනු ඇත දෙමාපියන් මෙන්ම ගුරුවරුද නිතිඥයින්ගෙන් බැටන් එක උදුරා ගනු ඇත...

ඇත...ඇත.....ඇත…….!


ප\ලි 





Wednesday, November 28, 2012

හැමොටම කරදර තමයි ඉතින්........




   සඳුදා පත්තරවල පොඩියට දාලා තිබ්බට මොකද අද පාරට ආවම එක 138ක් වත් නෑ...............

ඔපාදුප කියනව ඇරෙන්න එක පිත්තල වාහිනියක් වත් වැදගත් ප්‍රවෘතීයක් කියන්නෑනේව ටිකක් කලින් පාරට ආව නිසා ලංගමයක් අල්ලගන්ඩ පුලුවන් උනා.........

හැබෑට හුඟක් ගෙවල්වල උදේට යම යුද්දේ තමයි ලමයිට කවන්නයි ඉස්කොලෙ යවන්න ලැස්තිවෙන්නයි අරකයි මෙකයි පොඩි පොඩි කරදර තමයි හැමොටම.... ඒත් පොඩියට හරි පෙර සැලසුමකින් වැඩ ටික ගොඩ දාගන්නවනම් ටිකක් කලින් පාරට ඇවිත් හිත සංතොසෙන් වෙලාවට වැඩට එන්න පුලුවන් වෙනව එතකොට බොසාගේ ආඳොනාවත් නවතිනව නේව......
  
හරි ඒකතාව පැත්තකින් තියමුකෝ......

 සුරංග ඉස්කොලේ යන කාලේ ඉඳන්ම හරි සෙල්ලක්කාරයා ඔය සෙල්ලක් කාරයයි සල්ලාලයයි දෙන්නේක් හරිය වැරදියට ගන්නව එහේම නෙවෙයි.....අපේ යාලුව කිතුනු බක්තිකයෙක්. මේදවස්වල බෙංගාල බොක්ක ආයිත් කැලඹිලා නිසා හැන්දැ කොරෙට ආපහු වහින්න පටන්ගෙන නේව...ඊයේ හැන්දැකොරේ වැස්සට කොටූඋන සුදෙශ් මාත් එක්ක ආගිය කතා කිය කිය ඉන්න කොට තමයි තැඹිලි කතා සෙට් එක කරලියට ආවේ......

සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි පාඩං කරන කාලේ වගේම පංසලේ කටිනේ කාලේටත් ගමේ අපිට රජ මගුල් නේව...... රැබො වුනහම පාඩම පැත්තකින් තියල හොරෙන් තැඹිලි බොන්න පාන්දර බෙකරියේ මාලු පාන් කන්න එහේම ඒකාලේ අපේ කොල්ලො රුසියෝඅපිට කටිනේ දවස්වලට වගේම සුරංගලට පල්ලියේ මංගල්ලේ කාලේටත් ජොලීම තමයි...
  
වෙනද වගේම දවසක් කස්ටිය එකතුවෙලා පාඩං කරන්න ටික ටික රෑ වෙනකොට තැඹිලි බොන අදහස ඇවිත් සබේට...... හැබැ හතර වටේ තිබ්බ තැඹිලි ගස්වලට රස බලලා තිබුන නිසා තැඹිලි තිබ්බ ගහක් කස්ටියටම මීටරෙට ඇවිත්නැ,  යාලුවො ටික කල්පනා කර කර ඉන්න කොට සුරංග දැම්මා අයිඩියා එකක් ඔක්කොටම කතාකරගෙන මිනිහා තැඹිලි ගහ තියෙන ගෙදර ගාවට ඇවිදින්, මිනිහාම නැගලා තැඹිලි ගහට....

ටිකක් වෙලා යනකොට....  සද්දේට ගෙදර ඉන්න අයට ඇහැරිලා ලයිට් දාගන එලියට ඇවිත්. හතරවටේම ටොච් ගහල බලලා  ගෙදර හිටපු අය ආපහු ගේ ඇතුලට යනකොටම එක්කේනෙක්,  සද්දේ එන්නේ තැඹිලි ගහ පැත්තෙන් කියල..... අර ටොච් ගහපු මනුස්සයා තැඹිලි ගහට ටොච් එක ඇල්ලුව විතරයි..සුරංග ගහේ ඉඳං

ගොඩ්සි මාමේ මම සුරංග කිව්වලු….

ටොච් එක ගහපු මනුස්සයත්

…. සුරංග පරිස්සමෙන් බැහැල යනව කියලා

බලන කොට මේකා මමාගේ  තැඹිලි ගහට තමයි වැඩේ දිලා තියෙන්නේ……

ආයෙමත් දවසක කස්ටිය ගිහින් තැඹිලි බොන්න එදා සුරංගයා ගහ මුල සෙරෙප්පු දෙක තියල තමයි ගහට 
නැගල තියෙන්නේ...තැඹිලි ගහ තිබිල තියෙන්නේ ගෙදර තාප්පෙට කිට්ටුවෙන්ම එදත් ඇහුන සද්දේට ගෙදර අය ලයිට් දාලා දොරවල් ඇරගෙන එනකොට සුරංග තාප්පෙට බැහැල පැනගෙන...කස්ටිය නොන්ඩි නොවි ගෙවල්වලට ගිහින්
  
අනිත් දවසට එලි උනාලු..... මෙන්න උදේ පාන්දරම අර ගෙදර අයිති අංකල් සුරංගයගේ සෙරෙප්පු කුට්ටමත් අරං ගෙදරට එනවලු බලන කොට ඒ අංකල් සුරංගගේ තාත්තගේ යාලුවෙක් සුරංගයා තාප්පෙන් පනින කොට අඳුනගෙන ඇවිත් තාත්තට කියලා

සුරංග තැඹිලි ගහ මුල සෙරෙප්පු දෙක දාලනේ ඇවිත්තියෙන්නේ මෙන්න මං අරගෙන ආවා……..
  
පල්ලියේ මංගල්ලේ කාලේ රෑ වෙනකං පල්ලියේ හිටපු සුරංගයි යාලුවො ටිකයි ගෙවල්වලට යන්න එනකොට පාරේ තැඹිලි කොම්බයක් තිබිලා…. ඔකට පයිං ඇන ඇන ඉස්සරහට එනකොට පාර අයිනේ තිබ්බ හිස් ගල් අරක්කු බොතලෙකුත් හම්බ වෙලා දෙකම අතට ගත්ත යාලුවො ටික ලඟම තිබ්බ ගේ දොරකඩින් බොතලේ හිටවල නැඹිලි කොම්බේ බොතලේ උඩින් තියල වටේම වැලි විසුරවලා ගෙවල් වලට ගිහිං .........උදේ පාන්දර වැඩට යන්න  දොර ඇරපු ගෙදර ඈයෝ ගේ දොරකඩ තිබුන අමුතු දේට හුනියමක් කියල බයවෙලා ජනෙලෙන් පැනල තමයි එලියට ගිහින් තිබුනේ.
   
හැබැ වැඩේ කියන්නේ එදා රෑම වෙන කවුද පල්ලියේ තැඹිලි ගහක හොරෙන් තැඹිලි කඩලා අර ගෙදර සිද්දිය නිසා තැඹිලි හොරා කැඩිල්ලට අහුවෙලා තියෙන්නේ අපේ සුරංගයි යාලුවො ටිකයි..

තවත් දවසක පල්ලියේ පාදර් සුරංගලට කියල තැඹිලි ගහක තැඹිලි කපන්න කියල ඔන්න මිනිහා යාලුවෝ ටිකත් එක්ක ලනුවකුත් අරං වැඩේට බැහැල දැන් යාලුවො කඹෙත් අල්ලගන ගහයට ඉන්නව තැඹිලි බාන්න ටික වෙලාවකින් තැඹිලි ගෙඩි ටික සිසිකඩ වැඩිලා පුපුරලා ගිහිං 

මෙකා ගැට ගහපු ලනුවට යටින් තැඹිලි වල්ල කපලා.....


   

Tuesday, November 20, 2012

නායකත්වය... එකට වැඩකිරිම සහ සාමුහිකත්වය....අපේ සිහින අවුරුදු උළෙල..........




  මිනිසා ශිෂ්ඨාචාර ක්‍රමයට අනුගත විමෙන් පසු ලොකය යම්කිසි රටාවකට ගමන්කරන්නට පටන් ගත් බව ඉතිහාසයෙන් අපි උගෙන ඇත්තෙමු. මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් විවිධය අවශ්‍යතා අසීමිතය සිහින අනන්තය එනිසාම ලොකය නෙක වර්ණයන්ගෙන් අලංකෘතය.
     
නෙක අවශ්‍යතා අතර එකිනෙකාට පොදුවු අවශ‍යතා ද ඇතිවන්නේය එවන් මොහොතක එකිනෙකා එක්වී අවශ්‍යතා ඉටුකරගැනිමට පෙළඹෙන්නේය....එකමුතුකම වර්ණ අතර ඇති සුන්දර වර්ණයකි.. එවන් වර්ණ රැකගැනිම මිනිසාගේ යුතුකම වන්නේය.
   
අවශ‍යතා ඉටුකර ගැනිමට අරමුනු බෙහෙවින් ඉවහල් වන්නේය... නමුත් අරමුනු අතරින් පොදු අරමුන අනේකාට වඩා වර්ණවත්ය..අති සොඳුරුය 
   
වර්ණවත් වු පොදු අරමුන කරායැමෙදී අනේකුන් උදෙසා  කැපවීමට සව්‍යං වගකීමක් දරන්නන් බිහිවන්නේය සව්‍යං බිහිවිම උදාරතරය මන්ද ඔවුන් සාමුහිකත්වය අගයන වුන් බැවිනි. සාමුහිකත්වයෙන් තොරවු පොදු අරමුනක් කරා යෑම කලුනික සෙවිම තරම් පහසු නොවන්නේය 
  
ජවයකින් යුක්තව අරමුන කරා යැමට නායකත්වය බෙහෙවින් ඉවහල්වන්නේය..........පොදු අරමුන වල්මත් නොවන්නේ එවිටය සොඳුරු නායකයා සව්‍යං වගකීම් දරන්නන් එක මගකට යොමුකරයි...එවිට එකට වැඩකිරිම උපදින්නේය...පොදු අරමුන ඵල දරන්නේ මේ අපූර්වත්වයෙනි.
   
මාද අවශ්‍යතා සිහින අරමුනු තුල සැරිසරන්නෙක්මි. බ්ලොග් අඩවියක් අටවා ගැනෙන්නේද එවන්වු අවශ්‍යතාවක් හේතුවෙනි නමුත් අරමුනු සහ සිහින දැකිම් අවසන්ව නැත.......බ්ලොග් ලියන අප හැමොම යමක් අරභයා බ්ලොග් පතේ අකුරු කරන්නේය අපි හැමොම අරමුනු සිහින දකිමින් කාලයත් සමගින් අනාගතයට ගමන් කරමින් සිටියි...
  
තනි අරමුනකින් බ්ලොගක් ඇරඹු අපි කාලයත් සමග පොදු අරමුනක් වටා පෙලගැසුනෙමු ඒ බ්ලොග් අවකාශයේ මිතුරු පවුලයි.... අවුරුදු කිහිපයක් තුල වර්ණවත් වු පොදු අරමුනු ඉටුකරගැනිමට අපට හැකිවීම සන්තුස්ටිය දනවන කාරණයකි


පොදු අරමුනක් වටා එක් රොක්වු අප උද්දාමයට පත්වන එක් සුවිශේෂී අවස්ථාවකි සයිබර් සිහින උළෙල ඒ නම් විවිධවු වර්ණයන් එකට කැටිවු හරි අපූරු දෙයකි.

කාලයත් සමග නායකයන් සව්‍යං වගකීම් දරන්නන් වෙනස් වෙමින් අපගේ පොදු අරමුනෙහි හැඩයන් පැහැයන් වෙනස් වෙමින් වර්ණවත් වෙමින් පවති. අප ගතකරමින් සිටින්නේ එවන් අපූරු සංක්‍රාන්ති සමයකි ……..!
    



Tuesday, November 13, 2012

නොවැම්බරෙන්.....උදුවප් වලට.




 කොළඹට වහිනවා කියනකොට මට ඇතිවෙන්නේ මහා කරදරකාරි සිතුවිලක්.....ඒකියන්නේ අනේ අපොයිවගේ එකක්. යකෝ කොළඹට වැස්සම උඹට ඇයි එහේම හිතෙන්නේ...එක මහ හු*** කතාවක්නේ ඈ.....යාලුවෙක් එහෙම අහන්ඩ පුලුවන් නැද්ද හා....

 හරි  වැස්ස මේ රටට ඔන තමයි අරහෙන් විදුලි බලාගාර මොරදෙනවා වතුර නෑ කියලා ගොවියන්ට කුඹුරු වපුරන්ඩ බෑලු......එත් හැබැයි තාම වහබිලා නම් නෑ.....

පලයං බං කෝ කොහේද එහේම කෑගහන්නේ මේ...විදුලි බලාගාර................හුග්..

ඉඳා මේ වතුර බොතලේ, බිපං වතුර ටිකක්....
  
ඈයි උඹ දැක්කේ නැද්ද....ම්..නෑ ඇහුනේ නැද්ද පාර්ලිමෙන්තුවේ බලාගාර අයිතිකාරයොයි ගොයි හාම්පුත්තුයි කෑගහනව උඹට ඇහිලාම නෑ...යකෝ මේරටේ ටිවි චැනල් කියක් තියෙනවද තෝ නිවුස් බලන්නැද්ද බං..?

කොළඹට වහින්න ගත්තාම වැස්ස තිත්ත වෙනකං වහිනවා එලිවෙනකං රෑ වෙනකං ආයි එලිවෙනකං...මොන මගුලක්ද මෙක............. ඊටපස්සේ ඔෆිස් යන්න එලියට බහින වෙලාවට වහිනවා හෙම්...ඇයි හවසට ඔෆිස් ඔෆ් වෙන්න ඔනන මෙන්න කියලා ආයිත් වහිනවා වහිනවා වහිනවා ඇති..අති..ඇති...
  
ඉතින් ගෙදර ගිහිං ඉවරයි කොළඹ කැම්පස් එක ගාව වතුර....තුම්මුල්ලේ වතුර....ටෙනිස්කොට් එක ගාව වතුර...වතුර  වතුර ………………..ගං වතුර…

හේක්...හේක්...හෙක්....

මොකෑ උඹ හරකෙක් වගේ තප්පුලන්නේ මෙක ජොක් එකක් නෙවෙයි යකෝ….

න්නෑ බං නගර වතුර,  කොළඹ කොහේද යකෝ ගං………. ඒව්වා තිබ්බෑ අපි ඉපදෙනකොට…!
   
නොවැම්බරේ මැදහරියේ කොළඹට එපාවෙන්න වැහල ඉවරයි....දැන්නම් පොඩි හීතලකුත් එක්ක පොඩි ගතියක් තියෙනවා ම්...අවුවත් පායලා

 අරුං මරාගන්න පටං අරන්….

කවුද බං....?

හාම්පුත්තු....

ඇයි යකෝ බලාගාර වලටයි වැව් උතුරන්ඩයි වහිනවනේ දැං මොන මගුලටද මරාගන්නේ...

ඇරගනිං තොගේ ලොඹු කං කුට්ටම හොඳට අහගෙන හිටිං ඩිංගිත්තක් ඇන තියාගෙන .....

යකෝ…

 හාම්පුත්තු මරාගන්නේ අපි වෙනුවෙන්….. අපේ පඩිය වෙනුවෙන්….. අපිට කන්න නැතිවෙයි කියල...වරුගනං බස්වල ලගින්නැතුව රෙසිං කාර් වල ඔෆිස් යයි කියල....

 මොන හු*** ඔයි මේ තෙරෙන සිංහලෙන් කියහං කෝ...........

 හෙම්...උඹට තෙරුන්නෑ මෙසැරේ බොනස් එකෙං ටිවි එකක් ගනිං.....අපේ හාම්පුත්තු මරාගන්නේ අයවැය වෙනුවෙන්....ඔව් දිවිහිමියෙන්, කො ගනිං ඔය වතුර බොතලේ මෙහාට ග්ලබ්................ග්ලබ්...............
   
නොවැම්බරේ අත්තිම හරිය ඒ කිව්වේ උදුවප් වලට ඔන්න මෙන්න දැන් සීතල වැඩියි...

ඇයි නත්තල ලඟයි ඔව් කොළඹ ගිහිං ඉවරයි....... අපේ හාම්පුතාලා එයාලගේ වැසියන්ට කන්න නෑ කියලා මැරෙන්න හැදුවට නුගෙගොඩට ඇවිත් බැලුවොත් එක මහ කෙප්පයක් කියලා පිට රට උන්ට හිතෙන්න ගන්නනවා

හෙක්...හෙක්  නුගේගොඩ විතරද බං දෙහිවල මහරගම කිරිබත්ගොඩ වත්තල ඔව් මේ හැම තැනම නන්තල සමරන්න හැමොම සාප්පු යනවා ....

එතකොට එතකොට..... අර වැස්සට වගේම පැයගනං බස්වල ලැගගෙන හිටියැකි...

ඒත් ඒත් උදුවප් වලට මං ආසයි මං ඉපදුනේ ඒ මාසේ ඇයි අපේ ඔෆිස් එකේ කිදෙනෙක් ඒ මාසේ ඉපදිලාද...මගේ ලොකු අම්මා.... පුංචිමගේ නැන්දා .... ඇයි මගේ වයිෆ් ගේ අක්කට ඉපදිච්ච කෙලි පොඩ්ඩ ඔක්කොම උඳුවප් මහේ ....

නත්තල.....

එක ආගමකට පටු වෙන්නැතුව නත්තලේ සතුටුවෙන්න පුලුවන් නොවැ ඔන කෙනෙකුට

ඇයි අන්තිම 31 රෑ  ජොලිම මාසේ….

ආපහු අලුත් අවුරුද්දක් ඔව් 2013....

හැබැයි මේ ඔක්කොම දෙසැම්බර් 21 ඉවර වෙයිද.....

මොන පිස්සුද......!


ප/ලි

අවුරුදු දෙකකටත් වැඩී මෙක අටවගෙන අදයි පොස්ට් 100 ලිව්වේ එකේත් හැටි







    

Tuesday, November 6, 2012

අවාසනාවට ඇත්ත කතාවක්........


        



" අපෝ මැරෙනවනං හැන්ඩ් ෆොන් නැති තැනක මැරෙමු.."

   ලාංකීය ජනසමාජය විවිධ වූ ආගම් වලින්ද උප සංස්කෘතීන්ගෙන්ද පොෂණය වූවකි අතීතයේ සිටම සැම වර්ෂයකම විවිධ වූ වර්ණයන්ගෙන් සැදුම් ලත් ආගමික උත්සව අත්‍යලංකාරයෙන් යුක්තව දිවයින පුරා පවත්වනු ලබන්නේය.  එසේම ආගමික චින්තාවෙන් ඔදවැඩී තම තමන්ගේ ආගම්ක වැට කඩුලු පුළුල් කරගැනිමට සෑම විටම මාන බලමින් සින්නෝය...!
   
අතීතයේ කෙසෙවෙතත් වර්ථමානයේ ලාංකීය ජනසමාජයේ සිතුම් පැතුම් කල් ක්‍රියාවන් ක්‍රමිකව වෙනස් වීම් වලට ලක් කරවීමට ජනමාධ්‍යයෙන් ලැබෙන්නේ මහඟු දායකත්වයකි. පොදුවේ ජනමාධ්‍ය ලෙස හැඳින් වූවත් ඒය ඔවුනට කරන මහත් අසාධාරනයක් බැවින් අපි ඒය රූපවාහිනිය නැත හොත් කතා පෙට්ටිය යනුවෙන් නම් කරමු...!

කතාපෙට්ටිය විවිධ වු රුපන නාලිකාවන් ලක් ජනයාගේ නිවසට කැන්දාගෙන එන්නේය. මෙසේ පැමිණෙන නාලිකාවන් ලක්වැසි සිත්තුල විවිධ වූ මනෝසිතුවිලි උද්දීපනය කරන්නේය. මෙවන් සිතුවිලි අතර යහපත් සිතුවිලි ටික වෙන්නටත් අයහපත වර්ධනය කරන්නටත් ගන්නා වෑයම අගයකල යුත්තේමය, ඒ නම් රටේ පිනට පහල වූවක්ම වන්නේය...!

කුඩාකල අපගේ පාසැල් ගුරුවරුන් මෙන්ම අප දෙමාපියන්ද කතාපෙට්ටියේ ප්‍රධාන පුවත් නැරඹිමට අප යොමුකරවන්නේය. එමගින් ලද දැනුම අපගේ ඉගෙනිමේ කටයුතුවලට මෙන්ම පාසැල් බාහිර කටයුතු සඳහා මහඟු අත්වැලක් සැපයීය...වර්ථමානයේ නවීන රුපණ නාලිකාවන් වල ඉහල පුටුවල සිටිනා ලොක්කන්ට ඒබව අමතක වීම වර්ථමාන පරපුරේ පිනද පවද යන්න ප්‍රශ්නාර්තයකි....?
  
වර්තමාන නාලිකා පුවත් එලිදැක්වෙන්නේ නාට්‍යමය ස්වරූපයකිනි. පවතින ඛෙදජනකම තත්වය වන්නේ අවාසනාවන්ත සිදුවීම් උජාරුවට මහ ඉහලින් රසගන්වා සමාජයට පිළිගැන්වීමයි . කෙනෙකුගේ අවසාන මොහොත රසකර අලෙවිකිරිමට තරම් මොවුන් තම මානසිකත්වය සකස්කරගැනිම රටජාතිය ලත් මහා භාග්‍යයි....!
  
" වර්ථමානයට කිට්ටු අතීත සිදුවීම මීගමුව ප්‍රදේශයේ මවක් ටිපර් රථයකට යටවී අතිශය ඛෙදජනක අයුරින් මියයාම.වර්ථමාන නිමිත්ත ගිය සතියේ දිනක ගාල්ල නගරයේ පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරිම. "

ඉහතකී අවස්තා උදාහරණයට ගතහොත් ඔබට ඇතිවෙන්නේ කුමන සිතිවිල්ලක්ද...? මිනිසකුලෙස කුමන ආකාරයේ ක්‍රියාවන්හි නියුක්තව සිටියත් අසරනවු විටක පිහිට විය යුත්තේ මිනිසකුම නොවේද...? තම මව තම දැස් ඉදිරිපිට අවාසනාවන්ත ලෙස මියයාම ඇයට උරුමවු පලවිපාකයක් වියහැක නමුත් කුමන ආගමක දහමක හෝ අසණවුවකුට පිහිට නොවිය යුතුයැයිද.... එවන් දර්ශණයකින් උද්දාමයට පත්විය යුතුමැයිද කියා සඳහන්ව ඇද්ද....?

   මනුස්සකම වනුයේ….. මහ මග මැරෙන්නට පණ අදිමින් අවසන් මොහොතේ සිටින මිනිසකු තම ජංගම දුරකථනයෙන් රූපගතකිරිම ද...? නැතිනම් ඔහුට වතුර උගුරක් දිමට හෝ මහ මගින් ඉවත් කිරිමට දායක විමද...? යන්න ප්‍රෂ්නාර්තයකි.........!

මොහොතක් සිතන්න රුප පෙට්ටියෙන් රසකරමින් උළුප්පා පෙන්වන අවාසනාවන්ත පූර්වාදර්ශය මෙවන් කාරනාවන්ට උඩගෙඩි  දීමක් නොවේද...........?


ප/ලි 





Monday, October 15, 2012

හඳුනා ගනු මැන....







තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද.....

රුවල් ඉරී ගිය නෞකාවේ..

පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ.................

තනි තරු වේ.!

හඳුනා ගනු මැන....

රෑ පිපිලා කළු රොස මලක්...!!



Tuesday, October 9, 2012

මගුල් මඩුවේ හෙවිල්ලිල්ල.....




  දාවිත්සිංඥො සීයලාගේ කාලේ සිටම තාත්තලාගේ පරම්පරාව කිට්ටුවෙන් ඇසුරුකල පුද්ගලයෙකි. තාත්තලාගේ කුඩා අවදිය මෙන්ම තරුණ කල ඇතැම් රසකතා පිළිබඳ මා හා දොඩමළු වන්නට තරම් ඔහු මාහටද සමීපය. තාත්තාගේ ලොකු අයියා මාගේ මහප්පා ගේ ද තාත්තාගේ මෙන්ම මාගේ මගුල් උත්ස්වයේදී ද උත්සව කටයුතු සාර්ථක කරගැනිමට  ඔහු ඉතා යුහුසුළුව කටයුතු කලේය.
  
වර්ථමානයේ මෙන් නොව 8090ව දශකයන්ට පෙර ලාංකීය ගැමි ජන සමාජයේ මගුල් උත්සව ගැනිමට උත්සව ශාලා බහුල නොවීය ගැමි සමාජය සංකීර්ණ නොවු යුගයක මගුලක් කෑම අද මෙන් බරපතල කාරණයක් වූයෙද නැත. කාසි පණම් වැඩි පුර වැයවූවා නම් ඒ බොජන සංග්‍රහයට හා ස්පීකර් ගස් බඳින්නටය 

එකල මගුල් මඩුව සැරසූවේ ගොක් කොල වලිනි වහල සෙවිලි වූයේ පොල් අතුවලිනි මේ හැම දෙයක්ම ගැමියන් ගම අවටින්ම පහසුවෙන් සොයාගත් දෙවල්ය. මගුල් ෆොටොව ගැනිමට ෆොටො මහත්තයාව බක්කි කරත්තයෙන් ද තරමක් කාසිබාගේ ඇති ගැමියන් කාරයෙන්ද ගෙදෙට්ට ගෙන්වා ගැනිම සිදුවිය. ඇතැමෙක් ඒ සඳහා ෆොටො ගෙදරටද ගියහ.

මාගේ මහප්පාගේ මගුල් උත්සවය යෙදි තිබුනේ බක්මහේ දොහකය. සිංහල අවුරුද්ද උදාවන සමය ගං ගොඩේ බොහෝ කෙලි කවට හඬ දසත පැතිරෙන්නේය. බොහෝ සූදු පොළවල් කල එළි බසින්නේත් මේ සමයේමය, තරුණ මහලු බොහෝ දෙනා බූරු පිටි වල වරුගනං තැප තම වාසනාව උරගා බලන කාලයකි මේ. 

මහප්පාගේ මගුල් උත්සවය සිදුවෙන මේ වකවානුවේ මහගේ කිට්ටුව පාත බූරු පොලක් කල එලි බැස තිබුනි. මගුල් මඩුවේ ඉදිකිරිමේ කටයුතුත් සිදු වෙමින් පැවතුනේ මේ අල්ල පනල්ලේමය දැන් ඉතිරිව තිබුනේ මගුල් මඩුව සෙවිල්ලීමේ කටයුත්තයි නමුත් ඒ කටයුත්ත ඇනහිට තිබින මන්ද උදවු දිමට සිටි පිරිසෙන් බොහොමයක් පිරිමින් ජයටම බූරු පොලේ බූරු ගසමින් සිටි බැවිනි

මගුල් ගෙදර සිටිය වුන් වැඩකටයුතු පමාවන හෙයින් දොම්නස් සහගතව සිටිනා විට සිදුව තිබුනේ අපූරු දෙයකි මෙතෙක් වහල හෙවිල්ලීමට හොයාගත නොහැකිව සිටි පිරිමින් එකා දෙන්නා දඩි බිඩියේ පැමින මෙතෙක් වියා පැත්තක අහුරා ඇති පොල් අතුත් රැගෙන වහලයට නැගීමයි.ටික වෙලාවක් ගතවන විට මුලු බූරු පොළම මගුල් මඩු වහලේය ඉතා කෙටි වෙලාවකින් මුලු මගුල් මඩුවම සෙවිල්ලා අහවරය.
   
සිදුවී තිබුනේ අනෙකකි බූරූ පොලක් ජයටම කෙරිගෙන යන බව කන වැකුන පොලොසිය එතැනට කඩා පාත්වී ඇත පොලොසියේ ඉව වැටුන බූරු පොල ඇත්තං කෙලින්ම පැමින ඇත්තේ මගුල් ගෙදර වහලයටයි පසුව සොයා බලන විට සරමින් බැනියමෙන් සැරසුන පොලොසීයේ උන්දලා කිහිප දෙනකු ලවාද මහප්පලා පොල් අතු හෙවිල්ලා ගනය.

 ප.ලී

   සයිබරයේ බොහේ තැන්හි 20 යි 20 ස ගැන බොහෝ දේ ලිය වී තිබුනි. ජගත් කිරුල මෙවරත් අහිමි වීම මාද කම්පාවන සිදුවීමකි නමුත් වසර 4ක් අනු ශූරයන් වීම ලෙහෙසි කටයුත්කුදු නොවේ. ශාරිරික ජවය මෙන්ම මානසික ජවයද ක්‍රිකට් ක්‍රිඩාවට බොහෝ සේ බලපාන කරුනකි කෙසේ වෙතත් ලාංකීය ක්‍රිකට් උන්මාදය චමත්කාර ජනක හරි අපූරු දෙයකි එයට පෙම් කරන්නාවුන් අතර මාද එකේකි. ලාංකිකයකු ලෙස බටහිර කොදෙව්වන්ට සුබ පැතුම් එක්කරන අතරම හෙට දිනයේ ජගත් කිරුල ලැබගන්නට අපේ කොල්ලන්ට ශක්තිය පතමි




Tuesday, October 2, 2012

ෂික්..!










ඉර හැරුන වෙලාවක

දුහුවිලි වැකුන පේමට් පොලොවේ

කාක වසුරු කුයිලෙත් එක්ක

බොසාට හිතෙන් බැන බැන

විකල්වුන සිතිවිලි අතරේ

ලයිට් කනුවේ බොරපාට එලියෙන්

ඊලඟ බස් එක එනකං

බලන් සිටියෙමි !

ෂික් මැච් එක මිස් උනානේ අද............


Tuesday, September 18, 2012

උඩපන්දුව සිව්වැනි වරත් ගිලිහේයි ද...?







පංදු කෙලින වසන්තයේ පස් වසරක් ගෙවී          ගියා
මහසටනේ කෙලවරටම තුන් පාරක්         සපැමිනියා
ජගත් කිරුළ එජ් වීලා වෙන රටකට            විසිවගියා
සනා වාස් මුරළි කොල්ලෝ ක්‍රිඩාවෙන්     සමුගත්තා

රැකගන්නට ජගත් කිරුළ 96 යේ                                  හැකිවූවා
සොලොස් වසක් ඒ අසලම අපේ කොල්ලො ෆිල්ඩ්            කලා
සුරීය වැව ඉස්මත්තෙන් 20යි 20සේ හඬ                    ඇහේනවා
තරුණ ජවය පරිනත කම එක්ක කොල්ලෝ බැට්          කරනවා

එකපිට එක තුන්පාරක් උඩ පන්දුව ගිලිහි                  ගියත්
සිව්වැනි එක අත හරින්නේ නෑ නේව හොඳ    ක්‍රිඩකයෙක්
සිව්වැනි වරටත් වැරැද්ද කලොතින් ඒ                  ක්‍රිඩකයා
ඔහුගේ ක්‍රිකට් ක්‍රිඩාවේ ලොකු වරදක් තිබිය             යුතුය

මුනවීරයා නවක උනත් පදම් වෙච්චි                    ක්‍රීඩකයෙක්
ඩිල්ෂානුත් අනෙක් අන්තේ ලකුනු වේගේ         වැඩිකරනවා
ලංකාවට ගන්න ඇත්තේ එක් අභීත                       තීරණයයි
ඩිල්ෂාන්ද මුනවීරද මහේලයද මුලින්                       එන්නේ

එක පැත්තක සංගා ඉඳන් අලංකෘතව පහර               දෙනවා
පිතිහරඹෙන් වැඩක් දෙන්න චන්දිමාලයත්             දන්නවා
අගාධයේ පතුලේ උනත් ඇන්ජී ඉඳන්              ගොඩදානවා
හීන්සැරේ හොරෙන් හොරෙන් තිරී ලකුනු        රැස්කරනවා

මාලිංගයා දැක්ක ගමන් පිති කරුවන් පැන         දුවනවා
සද්ද නැතුව විකට් අරං අපේ කුලයා               වැඩදානවා
හිතාගන්න බැරි විදිහට මැතිවු තිසර ගේම          දෙනවා
එක් සිත්වී ගැහුවොතින් කිරුළ රටට අයිති        වෙනවා


ප/ලි

පොත් ප්‍රදර්ශණය අද ඇරඹෙනවා ඔබත් පොතකින් දායක වන්න



Thursday, September 13, 2012

කාච සිත්තරා.............






නෙත් අගින් දකිනා දසුන්......
ඉවතලන නෙක වර්ණයන්.
සුන්දර රටා වියමන්..
බැහැර කෙරුවද මතකයෙන්...............
ගෙත්තම් කොටැ කාච ඇසකින්..
කොනිති ගා මනැසේ අගිස්සක්.
නැවතී හැරී බලන සේ…….!
බැහැරවූ.....දසුනක්....වර්ණයක්....වියමනක්.........
තබයි අපූරු සිතුවමක්.!
 ලෝ පාමුවේ…………..
කාච සිත්තරෙක්.!