Monday, November 21, 2011

දිවියන් සොයා විල්පත්තුවට චරිකාවක නිමාව...


   කාලි විල්ලුවේ ඉඳල තලවිලට එනකොට ටිකක් රැවුනා..හැබැයි අපි කියල ගිය විදිහට..අපේ රාත්‍රි කැමවේල නම් යසට සකස්වෙලා තිබුනා...මගදි අපට වලහෙක්ව දකින්ඩ හම්බ උනත් අඳුර වැඩිකම නිසා එකව පිංතුරෙකට කොටුකරගන්න නම් බැරි උනා...
   හිමිදිරි පාන්දරම අමුත්තේක් අපේ ලැගුම් හල ඉස්සරහ විලට බැහැල යස අපූරුවට උදේ කැමවෙල බුදිනව..බලන්ඩකො අපූරුව..


මෙයා විල මැද හරියට වෙන්ඩ ඉන්න නිසා අපට පැහැදිලි රූප රාමුවක් ගන්ඩ ටිකක් අමාරු උනා..මේ අපේ චාරිකාවේ අන්තිම දවස.... දවස් දෙකක් කැලේ සැරිසැරුවත් තවම අපට දිවියෙක් දකින්න ලැබුනේනෑ..අපි මේහි පැමිනි දවසේ සහ ඉන් පසු දවසේත් පොඩි වැහි පොදයක් වනයට වැටුනු නිසා බොහොවිට සතුන් කැලේ අභ්‍යන්තරයට වදින්නට ඇති ඒ..වනයේ හැටිය...අප කොතෙක් තත් දැරුවද..වනසතුන් වනයේ සැරිසරන්නේ ඔවුන්ටම ආවෙනික වූ අකාරයකටයි...
             මෙතෙක් දවස් අපගේ උවමනාවන් සොයා අපට සැලකු බංගලා බාරකරුට ස්තුතී කොට අපගෙනා බඩු බාහිරාදිය රැගෙන නැවත එමට පිටත්වුනේමු.. වන අසිරිය වින්දද යම් සොවක් සීතේ ගුලිවි තෙරපෙයි..ඒ මිනිස් සොබාවයේ හැටිය..කෙතරම් සතුටුවන්නට කාරනා තිබුනද...මිනිස් සිත සතුටුකල නොහැක..මේසේ කල්පනාවෙ නිග්මව පැමිනෙද්දී..තවත් අමුත්තන් රැසක් නිදහස් සුව විඳිමින් සිටි අයුරු අපුරුය...



  මේ අතරට තවත් දුලබ දර්ශනයක් එක්වුයේ අප නොසිතු විටකය..විශාල බකමුනෙක් අප එන මග බිම වසා සිට අපගේ ශබ්දයට බියවි ගසක අත්තක වැසීය...














  වන උයනක් මැද නිසසල දවස් කිහිපයක් ගතකර සැහැල්ලු සිතැත්තන්වූ අප විල්පත්තුවෙදී මතු දවසක දීවියෙකු දැකිමේ තිර අදිටනින්..කලබල වූත් අපීරිසීදු වූත් ගෙන්දගම්පොලව බලා නැවත චාරිකාවේ යෙදුනේමු...
















22 comments:

  1. ලිපි ගනනාවක් තියනව.මුල ඉදල බලන්න ඕන.

    ReplyDelete
  2. //කෙතරම් සතුටුවන්නට කාරනා තිබුනද...මිනිස් සිත සතුටුකල නොහැක.//

    ඒ වගේ වන පෙතක් මැද, සියලුම කරදරවලින් මිදිලා නිදහසේ ඉන්න කොට සතුටක් නැද්ද?...:D

    ReplyDelete
  3. ලස්සන , සුන්දර, නිහඬ වනපෙතක් හරි හිතැද ගන්නා තැනක් දමලා එන්න වෙන කොට ඇති වෙන පොඩි දුක සාධාරනයි ! ආයි එන්න වෙයිද දන්නෙ නැහැ කියන දුක මටත් ඇති වෙනවා නිරායාශයෙන්ම !

    ReplyDelete
  4. @ රාජ්
    වෙලාවක් තිබ්බොත් කියවන්ඩ මචන්

    @ පොඩ්ඩි
    නිදහසේ ඉන්නකොට සතුටුයි..නමුත් ඒ නිදහස දාල යනකොට දුක නැද්ද...

    @ විනි
    ඇත්ත සහෝ

    ReplyDelete
  5. හරිම අපුරු ලිපි පෙලක්.මාත් කවදාහටි විල්පත්තුවේ සංචාරයක යන්න හිතන් ඉන්නවා.

    ReplyDelete
  6. @ දුපත් වැසියා
    Thanks...brother ...

    @ රන්දික
    හුඟ කාලේකට පස්සේ..ස්තුතී සහො..ලොක්කා ඔයා බ්ලොග් එක ලියන්නැද්ද නැත්නම් අපට පොස්ට් පෙන්නැද්ද..

    ReplyDelete
  7. අපිව විල්පත්තු සංචාරය අරන් ගිය රාජ්ට බොහොම ස්තුතියි.... අපරාදෙ කියන්න බෑ මේ ලිපි පෙළ ලියල තිබුනු ලස්සනට කියවපු හැමෝටම හිතුනනෙ සංචාරයක් යන්න.... කාටද ආඩම්බර...!!

    ReplyDelete
  8. බොහොම ස්තුතී..අපි හැමොටම ආඩම්බර වෙන්ඩ පුලුවන්නේ අක්කේ..හැබැ මම අහිංසක සතුටක් ලබනව..මේ අද්දැකිම් ඔගොල්ලොත් එක්ක බෙදාගෙන...

    ReplyDelete
  9. 'Must go'ගමනක් කියල හිතා ගත්ත

    ReplyDelete
  10. වෙනද වගේම නියම පින්තූර ටික

    ReplyDelete
  11. @ ඔබා අයියා
    ඇත්තේන්ම යන්ඩ පුලුවන්නම් මරු

    @ කස්සා
    ස්තුතී මචො

    ReplyDelete
  12. sad seen eka ne machan..diwiya miss una da? awulak na try next time......

    ReplyDelete
  13. සුන්දර අත්දැකීම් පෙලක් අපිත් එක්ක ලෝබනැතිව බෙදාගැනීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  14. ඒ කියන්නෙ උඹටත් කොටි හපුවා මිස් වුණා... ඔහොම තමයි බං, කැලේ හැටි
    කැලේක දවසක් දෙකක් ඉන්නවා කියන්නෙ මටනම් ඊට වඩා වැඩි දෙයක් නැහැ.

    @ ඔබ නොදු‍ටු ලොවක්.....
    panthera pardus kotiya කියන්නෙ අපේ රටේ ඉන්න බිළාල වර්ගයේ ලොකුම සතා. එයාට දිවියා කියන්නෙ නැහැ. ගොඩදෙනෙක් "කොටියට", දිවියා කියන නම වැරදියට භාවිත කරනවා, ඒක වැරදි භාවිතයක් පමණයි.

    අපේ රටේ දිවියෝ කීප දෙනෙකුත් ඉන්නවා, ඒ අය තමයි,
    01. කොළ දිවියා /බළල් දීයා -Rusty-spotted Cat(Prionailurus rubiginosus)
    02. අඳුන් දිවියා -Fishing Cat(Prionailurus viverrinus)

    ඊට අමතරව ඉන්න අනිත් පුංචි සාමාජිකයෙක් තමයි මේ,
    03. වල් බළලා/වල්බාවා -Jungle Cat(Felis chaus)

    ReplyDelete
  15. මට අපේ තාත්තව මතක් වෙනව මේවා දකිද්දි....ඉස්සර අපි නිවාඩු කාලෙ උන්නෙම ඔය වගේ දුර පලාත් වල ගිහින්....තාත්ත කැලේටත්,සත්තුන්ටත් පිස්සුවෙන් වගේ ආදරේ කලා....අපි කූඩාරම් ගහගෙන උයාගෙන කාල ඉන්නව....මම ලංකාවෙ හැම නගරෙකම ඇවිදල තියනවා....තාත්ත නැති උනාට පස්සෙ අපි තාම කොහෙවත් ගියෙ නැහැ ලංකාවෙදි....ඒත් මේ පාර නම් මට මේක දැක්කාම අනිවාර්යයෙන්ම යන්න හිතුනා.................

    ReplyDelete
  16. @ නොදුටු ලොවක්
    ඔව ඔහොම තමා මචො..බලමු..වෙනදවසක

    @ මෙසන් බාස්
    සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට බොහොම ස්තුතී ඔබට.

    @ ලොකු
    ඔව් මචො..විල්පත්තුවේ මම නොගිය පැත්තක් තියෙනව තව ආපහු යනව අනිවා දවස් තුනක් විතර ඉන්ඩ බලාගෙන

    @ වින්චැට් කිරිල්ලි
    කොහොම හරි යන්න..සංචාරය කියන්නේ අපේ හිත් සැහැල්ලු කරන හොඳ ඔසුවක්

    ReplyDelete
  17. මනුෂ්‍ය හිත ගැන හොඳ වැටහීමක් තියෙනවා වගේ.., ඇත්ත සතුන්ගෙ ජීවිත, චර්යා රටා සරලයි.. සැහල්ලුයි..ඉතින් මොවුන් අතරෙ ඉන්න කොට අපිට සැනසීමයි.

    ReplyDelete
  18. මොහොම ස්තුතියි ලොකු පුතේ !!!!

    ReplyDelete
  19. @ සුළඟ
    ඔබ හරි...

    ReplyDelete
  20. ට්‍රිපක් යන්න හිතෙනව බන්... ට්‍රයි එකක් දෙන්න ඕනි ආවම ඊගාව පාර

    ReplyDelete
  21. @ පලාමල්ල
    කොහොම හරි යන්ඩ මචො..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...