ඉලක්කම් පත් ඉරු අතර ගත කරන ජීවිතයේ..සරතැස
නිවාගන්නට....
ඇත්තේන්ම ඒ නම් සොඳුරුතම හොරා
කිහිපයක්...ඉතුරුම් නිවහනේ අපේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා ගතකරපු අපූරු
සැඳැවක්...මම හිතුවා ඔබත් එක්ක බෙදාගන්ට.....අපි ගෙවන මේ ජිවන ගමනේ බොහො පැරණී
දෙවල් අලුත් වෙනව හැබැයි..ඔය අලුතෙන් ගොඩ නැගෙන දේවල් හොඳ විදිහට අලුත් වෙනව නම්
තමයි එකට වටිනා කමක් ලැබෙන්නේ.....
ඉතින් ඔය හොඳ විදිහට අලුත් වුන ඉතුරුම් පවුලේ සමාජිකයා තමයි කලා කවය...මේහි තිබෙන තවත්
විශේෂත්වයක් තමයි..ඉතුරුම් පවුලේ පැරණී සමාජිකයන්ගේන් අලුත් තරුණ පරපුරට ලැබුන
සහයොගය.. මොකද ඉතුරුම් නිවස අවුරුදු 40 ක පමන ඉතිහාසය තිබෙන මුල්‍ය ආයතනයක්..
ඉතින්
කලා කවය ඒතරම් පැරණී අතිතයකට උරුමකම් නොකීවට ඉතුරුම් පවුලේ ජේෂ්ඨයන් ඇතිදැඩිකරලා
ගොඩනගාගෙන ඇවිදින් කාලයක් මකුලු දැල් බැඳිලයි තිබුනේ...ඉතින් ඉතුරුම් පවුලට
අලුතින් එක්කාසු වුන සාමාජිකයන් කලා කවයට අලුතින් නැවුම් ආරම්භයක් දෙන්නට උත්සහ කල
අවස්තාවේ පැරැන්නන්..කිසිම බාදාකිරිමකින් තොරව අලුත් පරපුරට වැඩේ කරගෙන යන්ඩ ඉඩ දුන්නා..
ඇත්තේන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නවකයන්ට බාල්දි
දාන මේවැනි කාලේක මේවන් සහයොගයන් ලබාදිම පැසසිය යුත්තක්....
දුරුත්තේ 24 වෙනිදා සවස ඉතුරුම් නිවසේ ප්‍රධාන
කාර්යාල පරිශ්‍රයේ අබියසදී කලා කවයේ සංවිධාන ශක්තියෙන්..සහ ඉහල කලමණාකාරිත්වයේ
ලැබුන මුල්‍යය හයියේන් වැඩසටහන ක්‍රියාත්මක උනා..මේම කටයුත්තේ එක් පරමාර්ථයක් උනේ
කලා කවයේ අලුත් උපතේ පනිවුඩය ඉතුරුම් පවුලේ සාමාජිකයන් අතරට ගෙනයාමයි..
මේ සොඳුරු සැඳැව සංගිතවත් කරන්නට දායකත්වය
සැපයූවේ මහානාම වික්‍රමසිංහයන්ගේ සංගීත මඩුල්ලයි..සොඳුරු සැඳැවේ ආරම්භය ජයලත්
මනොරත්නයන්ගේ මඳුර ස්වරයේන් සනිටුහන් වෙද්දී...
ඔහුගේ සරසවි දිවියේ සිටම අතිශ්‍ය
කුලුපග මිතුරෙකු වූ නිශ්ශංක දිද්දෙනිය්යන් ඒ හා එක්වුනා
එසේම මේවන් ප්‍රවිනයන් ඇසුරේ සැඳැව රසගන්වන්නට ඉතුරුම් පවුලේ නවකයන්ටත් අවස්ථාවක් ලැබිම තවත් විශේෂ සිදුවිමක් වුනා...
සැඳැවේ අගභාගයේදී සතුට ත්‍රිවුර කරන්නට රොඩ්නී
වර්ණකුලයන්ද ඒයට එක්වුනා...
රාත්‍රිය මොරාගෙන කොලොම්තොට වසාගනිද්දී සංගිතයෙන්
අමන්දානයට පත්වු ඉතුරුම් පවුලේ සාමාජිකයන්
ජීවිතයට එක්වරක් පමනක් ලැබියහැකී
මිහිරිතම හොරා කිහිපයක් ගතකර කැදලිකරා නික්මගියා............