Saturday, December 31, 2011

මේ පාරෙන් එන්න....ගාලු යන්න එන්න සයිබරයේ යාලුවනේ...සතුටුවන්න එන්න…



    නව වසර ලබන්න ඔන්න මෙන්න කියලා ආපහු හැමොටම ආරාධනා කරන්නයි.....මේ සුදානම...දැන් ඉතින් හැමොම තරමක් දුරට විස්තර දන්නවනේ.....

        අහම්බෙන් හරි මගහැරුන අයටයි මේ පාර....

 සයිබරයේ අපේ ගාලු පුරේ යාලුවො මුල්වෙලා කරන සයිබර් හමුවට අපි හැමොම යන්ඩනේ ඉන්නේ.

ඔං කිව්ව විදිහට හැමොම යන්ඩ එන්ඩ ඔන....

කොලොම් පුරේ හරහා ගාලු යන්ඩ අත්වැල් බඳින හමොටම එකට එකතුවෙලා අපූරු අත්දැකිමකුත් ලබන ගමන් ගාලු යන්ඩ පුලුවන් හරි අපුරු දවසක් වෙවි ජනවාරි 7 ත් වෙනිදා..!

 වැඩේ සිද්ද වෙන්නේ මෙන්න මේ විදිහට තමයි.....

රැස්වෙන ස්ථානය - කොට්ටාව ප්‍රධාන බස් නැවතුම් පළ

         මාකුඹුර ෆිසා හට් එක ලඟට පැමිනේන ලේස මුලින්ම මාගේ ලිපියේ සඳහන් කලද, ඔබගේ පහසුව තකා බසය කොට්ටාව මංසඳියට රැගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත.
  *කොළඹ සිට පැමිනේන ඔබ කොට්ටාව මංසන්ඳියේ ප්‍රධාන බස්නැවතුම් පළ වෙත
පැමිනෙන්න.(පොලීසිය අසල ).බසයෙන් පැමිනෙන ඔබට 138 කොට්ටාව පිටකොටුව බසයේන් හො
138 හොමාගම පිටකොටුව බසයෙන් පැමිනිය හැක. *   උදැසන 7.00 වනවිට පැමිනිමට වග බලාගන්නේනම් මැනවි.කෙසේ වෙතත් ඔබ සැම පැමිනෙන තේක් අප කොට්ටාවේ රඳි සිටින්නේමු. නමුත් හැකි ඉක්මනින් පැමිනිම ඔබගේ යුතුකමකි.

පිටත්වන වේලාව -  උදැසන 7

      [ තිතට හතට එනවානම් ගමන සුබයි]

 බරපැන - රුපියල් 800

      [ ඔය කියල තියෙන්නේ පොඩි මැන් ගෙන්ඩ කිව්ව රුපියල් 200 ඇතුලත්වයි.]

   අපිත් එක්ක යන්න එන හැමොම එනබව මේතැන සටහන් කරන්න.. ගමන සංවිධානයට ඒක ලොකු හයියක්..අවශ්‍ය නම් කතාකරන්න එහි තිබෙන  දුරකථන අංකයට.
 
ඔන්න යාලුවො එක්කන් එන කට්ටිය යාලුවගේ බරපැනත් අරගෙනම එන්ඩ අමතක කරන්ඩ එපා

ගැහැනු ලමයිනේ හවස 5 හ වෙනකොට ආපහු කොලොම් පුරට එන එක සහතිකයි....

එහේනම් හැමොම ඒදාට හමුවෙමු....


ප\ලි

මේ තියෙන්නේ හමුව ගැන විස්තර කිව්ව පොඩි මැන්ගේ පොස්ටුව

එතකොට අපේ රංග අයියගේ පොස්ට්ටුව

ඒ විතරක්යැ ඇයි අපේ කිඩොගේ පනිවිඩේ


Thursday, December 29, 2011

සයිබර් මිතුරනේ...ගාලුයන්ඩ අත්වැල් බැඳගම්මු.....



 ඔං ආයේමත් අපේ ගාල්ලේ සයිබර් මිතුරො ගාල්ලට එක්කාසු වෙන්ඩයි හදන්නේ වැඩේ තියෙන්නේ ජනවාරි 7 ත්වෙනිදලු..මෙතැනින් ගියොත් හොඩුවාවක් ගතැකි....

   දැන් ඉතින් අධිවේහි මාර්ගෙත් තියෙන නිසා අපිටත් පුලුවන්නේ කරදරයක් නැතුව ගාලු යන්ඩ....ඉතින් අධිවේගි අත්දැකිමකුත් ලබාගේන ගාල්ලේ මිතුරනුත් මුනගැහිලා එන්ඩ යමු කියන්ඩයි හදිස්සියෙම මේ පොස්ට් එක දාන්න හිතුවේ

   අපේ අභීත අයියගේ පුංචි කොම්පැනිය තියෙන්නේ අධිවෙගී පිවිසුම කිට්ටුව නිසා කොළඹින් යන කාටත් ඒක්කාසුවෙන්ඩ හොඳම තැන අභීත අයියගේ ඔෆිසිය...ඉතින් ගාලුයන්ඩ කැමති කාටත් පොදුවේ ආරාධනා කරනව කොට්ටාව මාකුඹුරේ ෆීසා හට් එක ගාවට රැස්වෙන්ඩ කියල ජනවාරි 7 උදේ 7.30 වෙද්දි...ඒතකොට හැමොටම එකට මේ ගමන ගිහින් විනොද වෙලා එන්ඩ පුලුවන්...

හැමොම එන්ඩ වෙලාවේ වෙනසක් තිබ්බොත් පසුව දැනුම් දෙනව ඔං..උදේම අධී වෙගයේ..අධී වෙගෙන් යන ලංගමේන් දාපු අලුත් බස් එකේ යන්ඩ තමයි තීරනය කරල තියෙන්නේ...වෙනසක් වුනොත් පසුව දැනුම් දෙනව...

   

Wednesday, December 28, 2011

ජනේලයෙන් පැනීම


මේ වකවානුව වන විට තාත්තා සේවය කල විදුහලේන් ඉවත්වී මාගේ මව සේවය කල පාසැලේ කනිෂ්ඨ අංශයේ ඉගේනුම ලැබුවෙමි...සිරිත් පරිදි වෙනදාක් මෙන්..පාසැල ඇරි ලොකුඅම්මාගේ පොඩි දොනිවු සුදු අක්කා සමග ලොකු අම්මාගේ ගෙදරට පැමිනි මා...දහවල් ආහරයද ගේන අක්කාත් සමග තාත්තාගේ මහගේදරට පැමිනියේමු...


   ඒකල ටෙලීවිෂණය නැමති සර්පයා අප වෙලා නොසිටිබැවින් ද...සීයාගේ ගෙය පිටුපස ලොකු කන්දක් සහ මනරම් දොලපහරක් තිබූ බැවින් ඒම පරිසරයට කුඩා අප මහත් සේ ඇලුම්කලේමු...නමුත් වර්ථමානයේ ආච්චි සියා මෙන්ම ඒම පරිසරයද කාලයත් සමග අතීතයේ සැඟව ගොසීනි....


    තාත්තාගේ මහගේදරම අප වාසය කල බැවින් පාසැල ඇරි ගෙදර එන තෙක් වන කාලය මා ගතකරන්නේ මහත් නොයිවසිල්ලේනි.......ඒ මන්දයත් ගේය පිටුපස ඇති වනරජ දහනට වැදි ඇතිවනතුරු සෙල්ලම් කිරිමට තිබු ඉමහත් ආශාවයි.


  මේ කන්දේ මුදුනට කිට්ටුවෙන් කලු ගල්තලාවක් තිබේ..පුංචි අප මෙන්ම මහ මිනිසුන්ද මේ ගලට පොලිස් ගලයැයි කියති..මිට හේතුවනම් අදතාක් වෙනතුරුත් මා දැන සිටියේ නැත...මේ පොලිස් ගල තේක් භූමිය මාගේ සීයාට අයත්වි තිබුනි..සීයා මෙන්ම ආච්චීද...කන්දේ තැනින් තැන ගල්වැටි දමා බිම සකසා..විවිද එළවලු ජාති සිටවා තිබුනි...සමහර දාක පුංචී මාද ඔවුනට අත් උදවු දීමි..නමුත් වැඩිමනක් මා සිදුකලේ ගස්වැල්වල එල්ලි කැලේ නැටිමයි. එසේම හවස්වු විට අච්චි සමග දොලට ගොස්..දොලේ පැන සීත්සේ දිය බුංගැසිමයි.


   මේදින සවස අක්කලා දේදෙනා ද මා සමග ආච්චිගේ ගෙදර පැමිනි හෙයින් ඔවුන් සමග මහගෙයි වත්තේ සෙල්ලම් කලේමි.මේ අතර තුර මා සියාගේ ගේ ඇතුලට රිංගුවේ සෙල්ලම් කිරිමට බොලය ගෙනයාමේ අදහසිනි...කාමරයට ගොස් බොලයත් රැගෙන එනවිට ගෙයි දොර වැසිතිබින..හවස්වී තිබු බැවින් සාලය තරමක් අඳුරුය...


   කුඩා මා දොරවෙත පැමිණිමට බියවිමි...නමුත් පුංචි මොලයට කදිම අදහසක් පහලවිය එනම් කාමරයේ ඇර තිබු ජනේලයේන් එලියට පැනීමයි...පරහකට තිබුනේ ජනේලයේ ජනේල් කුරු සවිකර තිබිමයි...නමුත් කෙසේ හො ජනේලයේන් පිටතට යැමට සිතා අමාරුවෙන් හෝ...... හිස ජනේලයේන් පිටතට රිංගවා ගතිමි...සිදුවු විපතක මහත ඔලුව ජනේලයේන් රිංගූවද ඇඟ කොටස ජනේලයෙන් රිංගවිය නොහැකිවිය...


   බයවු මාගේ කැගැහිල්ලට අක්කලා දෙදේනා පැමින සිදුවි ඇති හරිය අච්චිට පවසා ඇත...කරමින් සිටි කටයුත්තද පසෙක දමා අච්චි සහ සීයා යකඩ ඉනි දෙකක් ගෙන ජනේල් පොලු ඇත්කර මා ගලවා ගත්තේය...


   සිද්දිය කෙලවර වෙනවාත් සමගම අම්මාද ගේදර පැමිනියේය..නමුත් වැඩිහිටි කිසිවෙක් මාහට තැලුවේනම් නැත..


ප\ලි
ලබන්නාවු 2012 සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

Thursday, December 22, 2011

සෙලියුලර් බාල්දිය...........



  කලුවයි අජියයි බණ්ඩාරවෙල ගියේ...බණ්ඩාරවෙල බ්‍රාන්ච් එකේ ගිනුමක සිද්ද වෙලා තිබ්බ පටලැවිල්ල ලෙහන්ඩ... දෙන්නා නැවතිලා හිටියේ අපේම ක්වාටස් එකක..ඔය හැම නිකෙතනයකම වගේ මෙහෙත් හිටිය කැම උයල දෙන්ඩ සෙවකයෙක්...ඉලක්කම් එක්ක ඔට්ටු අල්ලලා..ඇතිවෙලා මුන්දෙන්නත් ඔලුව සැහැල්ලු කොරගන්ඩ හිතලා ටවුම පැත්තේ කැරකිලා එන්ඩ ගිහින්.....

    බ්‍රාන්ච් එක කිට්ටුව..තිබුන එළවළු කඩයක් දැකල දෙන්නම ගිහින් එතනට එළවළු ගන්ඩ..ඉටපස්සේ මුන්දෙන්නා ටවුම වටේම කරග්ගහල..ආපහු බ්‍රාන්ච් එකට ඇවිත් වැඩ...ඉක්මනට වැඩේ ඉවර කරගන්ඩ ඔන නිසා දෙන්නා මහ රෑ වෙනකම්ම වැඩකලා..
  බ්‍රාන්ච් එකට ඇවිත් ටික වෙලාවකින් අජියට එනව කොල් එකක්..කලුවගේ නොනගෙන්..

  " මල්ලි, අයියා කෝ ඒයාගේ ෆොන් එක ආන්සර් කරන්නැනේ..."

 " මේ..... මෙතන ඉන්නේ.      කලුවා..උඹට අක්කා කතාකරනව..."

  කලුව ෆොන් එකට උත්තර දෙන එක පැත්තක තියල ෆොන් එක හොයනව...ඒකම ජන්ජාලයයි...

 " අජියා මගේ ෆොන් එක කෝ බං..."

" මං දන්නේ කොහොමද උබේ අතේනේ තිබ්බේ..."

" ඒ..යකෝ අමතකවෙලා කඩේකවත් දාලා අවද බං..."

" අපො අපි ඇවිත් දැන් පැය 2ක් විතර වෙලානේ බං දැන් ඔකේ කැලිත් නැතුව ඇති...."

 " අඩේ ෂුවර් එකට අර එළවළු කඩේ දාලා එන්ඩ ඇත්තේ බං..."

දෙන්නත් එක්ක එලවළු කඩේ ගාවට යද්දි කඩේ වහලා..පස්සෙන්දා උදෙත් ගිහින් බැලුවට ෆොන් එක හම්බවෙලා නෑ...තව දවසකින් විතර ගියවැඩෙත් ඉවර උන නිසා කලුවලා කොළඹ ඇවිත්...
  කොළඹ ආවට පස්සේ මු වෙන සිම් එකක් අරගෙන...
         කලුවගේ ඔෆිස් එකේ ඌ එක්කම එකට වැඩකරන එකේක් ඉන්නව ටිකක් අවුල් පොරක්..මු දන්නව කලුවගේ ෆොන් එක නැතිවුන විත්තියත්.
  කට්ටිය සෙට්වෙලා අරුට බාල්දියක් පෙරලමු කියල කතාවෙලා...පොරගෙ නම කමල්, කලුව  කොල් එකක් අරගෙන ඔෆිස් එකේන් මොකද මේ වෙනකොට කමල නිවාඩු දාල ගෙදර..

 " කමලා අර ෆොන් එක රින් වෙනව පොඩ්ඩක් බලපං ටොක් එකක් දාන්ඩ පුලුවන්ද කියල..."

 හැරෙන තැපැලෙන් අර ෆොන් නම්බරෙට කොල් එකක් එනවලු...

 " මට යාලුවෙක් මේ නම්බර් එක දුන්නේ ඔය බණ්ඩාරවෙල එළවළු කඩේ නේද...."

    ඔං දැන් අජිය තමයි ෆොන් එකට අන්සර් කරන්නේ. ලේන්සුවක් තියලා  හොඳ සිංහලේන් උත්තර දිලා....

 " මොන එළවළුද ඔයි මේහේ ඇති එලවලුවක් නෑ...#@%^&!"

 ටික වෙලාවකින් කමලා ඔෆිස් එකට කොල් කරනවලු...

" කලුව වැඩේ අවුල් වගේ බං ඌ මට කුනුහරුපෙන් බැන්නනේ..."

  " හරි කමලා අපි බලමුකො...." කියල කලුව ෆොන් එක තියල...

හැබැයි යාලුවොටිකට බයිට්කලා මදිවගේලු...පස්සේ දවසෙ අජියා කමලට අර නම්බරෙන් කොල් කරලා.....

 " මේ නම්බරෙට කොල් එකක් ඇවිත් තිබුනා.... මම හිටියේ නෑ...මේ කඩේ කොලුවනේ අරන් තිබුනේ..කවුද මහත්තයා..?

 කමලත් රහකරලා කතාකරනවලු දැන්..

" හරි..හරි ප්‍රෂ්ණයක් නෑ මම ගම්පොල ඉන්නේ මට එළවළු වගයක් ඔන දානේ කට.... ටිකක් වැඩිපුර ඔනේ වැඩේ කරගන්ඩ පුළුවන් වෙයිද...?"

" පුලුවන් මහත්තයා..මොනවද ඔන.."

" මට කැරට් කිලෝ 5....අල කිලෝ..8........."
ඔයවිදිහට කමල හෙන ඔඩර් එකක් කියොගෙන යනවලු...අජියයි අනිත් එවුනුයි ස්පිකර් ෆොන් දාගෙන හිනාව තදකරගෙන හිටියේ හෙන අමරුවෙන්ලු....

 " හරි මහත්තයා අපි කොළඹ යන්නේත් ඔය පැත්තේන් ඒ යනගමන් ඔඩරේත් බාගෙනම යන්ඩ පුලුවං මහත්තයා ඇඩ්‍රස් එක දෙන්ඩකො..."

 අජියත් බොක්කටම දිලා..

" හරි මම වෙලාවයි තැනයි කොල් එකක් දිලා කියන්නම්..."

කමලා ෆොන් එක තිබ්බා....

 තප්පර ගානයි ගියේ ඔං එනව කොල් එකක් ඔෆිස් ෆොන් එකට ලයින් එකේ ඉන්නේ කමල...

" කලු වැඩේ හරි ෆොන් එක තියෙන්නේ එළවළු කඩේම තමයි..උං මගේ කතාවට ඇඳල ඉන්නේ..මොකද කරන්නේ..දැන්.."

 කතාව අහල ඔෆිස් එකේ සෙට් එකටම හිනා කෙලවරක් නැතුව...

" හරි උබ හේට කොල් එකක් දිපන් අපි බ්‍රාන්ච් එකේ සුසන්තයව යවමු එතකොට ෆොන් එක මාට්ටු කරගන්ඩ පුලුවං..."

දැන් කමලගේ හිතේ බ්‍රාන්ච් එකේ සුසන්තයා සිකුරිටි පොරත් එක්ක ෆොන් එක අල්ලන්ඩ එළවළු කඩෙට යනව කියලා...

  අනිත් දවසෙ උදේ අර නොම්මරෙට කමල කොල් කරනව....

 " හලෝ මුදලාලි මගේ ඔඩරේ හරිද...? මට ගාන හදල කියන්ඩ..."


 " හරි හරි මහත්තයා එතකොට ඔක්කොම...."

  "  ඒයි ගන්නව ඔය ෆොන් එක මෙහාට...තමුසෙට කොයින්ද මේ ෆොන් එක...අඩො ඒදා උඹ බොරු නේද කිව්වේ...පටාස්...."

 " අනේ ගහන්ඩ එපා මහත්තයො...."
 

 අජිය තමයි කොල් එකට උත්තර දිලා තියෙන්නේ...ඔය අස්සේ කලුව කමලට ඇහෙන්ඩ අජියට කැගහල ..."  බොරුවට අජියට ගහනව වගේ රඟපාලා

 ඔය අස්සේ තව එකේක් ෆොන් එක අරන් සුසන්ත විදිහට කතාකොරල..."

" කමල් අයියේ වැඩේ හරි අපි ෆොන් එක ගත්තා..." කියාගෙනම ෆොන් එක කට් කරලා..


විනාඩි ගානක් ඇතුලත කමලා ඔෆිස් එකට කොල් කරලා වීරය වගේ ටොක්ස් දෙනවලු....
 
 " මචො වැඩේ හරිනේ කොහොමද මගේ ගේම එළනේ...."

ඔෆිස් එකේ උනුත් කමලට ලකුනු දාල ෆොන් එක කට්කරලා...බඩ පැලෙනකං හිනාලු කස්ටියට....

 දවස්  තුනක් විතර නිවාඩු පිට හිටිය කමලා එනවලු වැඩට රටක් රාජ්‍යක් අල්ලපු එකේක් වගේ....ඇවිත් හෙන ටොක්ස් දෙනවලු...හැබැ අද තව වෙනකං පොර දන්නැ ඔෆිස් එකේ කස්ටිය ඒදා උව අන්දපු බව.............



ප/ලි
   අද ටිකක් වැදගත් දවසක් නේ....අද වගේ දවසක තමයි මගේ අම්මා ඉස්සෙල්ලාම මවු පදවිය ලැබුවේ...ඒ කියන්නේ මගේ උපන්දිනේ නොවැ....
   





 

Monday, December 19, 2011

සාක්කුවේ තිබ්බ කොන්ඩම් එක නෑ..බං...හරි හරි සනී අංකල් අරන් යන්ඩ ඇතී....



 
   සෙනසුරාදා තොවිල් නටන්ඩ හිටියට මොකද...යාලුවට අනුරාධපුරේ යන්ඩ උනා ශාන්තිකර්මේ කොරගන්ඩ....මොකද කියනවනං..කට්ටඬි උන්නැහේ පනිව්ඩයක් එවල තිබ්බ යාලුවට අනුරාධපුරේ එන්ඩ කියලා....යාලුවත් පාන්දර කොච්චියෙම ගමේ ගිහින්....

   කොඩියා කියන විදිහට පොරගේ තව කෙස් එකක් තමයි සමහර දේවල් අමතක විම...දෙයක් කොහේ හරි තිබ්බම වෙලාවකට පෙරලගෙන හොයනවලු....
  ඔයවගේ අප්සෙට් නැත්තං එපා කියද්දි කරවල කයියැ...කොහොමෙන් හරි ශාන්තිකර්මේ කොරලා...මිනිහට ලොකු තෙල් බොතලයක් එහේම දිලා..හවහට පානක් පත්තුකොරන්ඩ එහේම කියලා...

  ජීවිතෙට මලක් පානක් පත්තු නොකරපු එකා දැන් පාන් පත්තු කොරනව දැකපු යාලුවො සෙට් එකට.... ඉට වැඩිය බයිට් එකක් නැහැලු...
   යාලුව ගමේ ගිහින් ඇවිත් ටිකක් වෙලා යනකොට බිරන් තට්ටුවෙලා ඉන්නවලු...මේකා හොල්මනක් දැකල වගේ ඉන්නකොට කොඩිය අහල

  "මොකද යකො වෙලා තියෙන්නේ කියල....."

 " මචං සාක්කුවෙ කොන්ඩම් එකක් තිබ්බා....දැන් එක නෑ බං..."

 " තො කොහේ හරි දාලා යන්ඩ ඇති..."

" නෑ යකො මම ගෙදර යද්දි සාක්කුවෙ තිබ්බ මචං...."
  
  " එහේනං මගුලක්ද කියන්නේ....ෂුවර් එකට සනී අංකල් ගන්ඩ ඇති..හහා.."

 " මාර කෙස් එකබං....මම කලිසම අඳින්ඩ කලින් අම්මා එක අයන් කලේ...
  අඩේ මගේන් මුකුත් ඇහුවේත් නෑ.....මුකුත් කිව්වෙත් නෑ........."

  අඩො මොකෑ බං කොරන්නේ.........

  ඔං අන්තිමට කොරගත්ත දෙයක්....

Thursday, December 15, 2011

සනි අංකල්ගේ හොල්මන් හුටපටේ තව දුර යයි.......



    දැන් වෙලා තියෙන සන්තැසිය කවුරු කවුරුත් දන්නව නොවැ....දන්නැති කට්ටියට ඔං පරන පාර...උදේ පාන්දරම ඔය කතාව අහගත්තට පස්සේ අපේ යාලුව තවත් අප්සෙට් ගියා....මිනිහා ඔෆිස් එකට ගියත් දවල් කතාකරල කොඩියට කියල ඔලුව බරයි..කවුද පිටිපස්සේ හිටගෙන ඉන්නව ..වගේ කියල...අපිට මේ කතාවලට හිනා ගියත් මිනිහා පුල් අප්සෙට් පිට තමයි හිටියේ......

   ඒ වගේම තව අමුතු වැඩත් වෙන්ඩ පටන් අරං..කාමරේ තිබ්බ වතුර බොතලයක් මිරිකල පුපුරවල දාල තිබිල....කවුරු හරි උවමනාවෙන් විසිකරපු විදිහට කාමරේ වතුර ඉහිරවල තිබිල තියෙනව...

    ඔය නිසාම තමයි කට්ටිය ගොඩගම පැත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන තැනකට ගියේ...මේ ගැන හොයල බලන්ඩ කොඩියා කියන විදිහට කට්ටිය මුකුත් කියන්ඩ කලින්ම ඒ තැනින් කිය උනාලු මෙන්න මෙහේම

 "ලමය මාස තුනකට කලින් ස්ථානය මාරුකලා නේද......"

   මීට මාස තුනකට කලින් තමයි කොඩියල හිටපු තැනින් මෙතැනට ආවේ....

 " කවුරු හරි ඔය ඉන්න ස්ථානයට මළගිය ප්‍රාණ කාරයේක් බන්දනය කරල තියෙන්නේ ඉක්කමනින් ඔතැනින් පිටවෙන්න...
   ඔය තැන ඉන්න කාටත් හොඳනෑ  ...."

ඔහොම කියල අපේ යාලුවට ආරක්ෂක නුලක් දාල...හැබැ..පිළි ජාති මුකුත් කන්ඩ එපා කියල..එවලා

     දැන් මේ කතන්දරේ ගේ අයිතිකාර ඇන්ටිට කියලත් බැ..නොකියත් බැරි තත්වයක් තියෙන්නේ....හැබැයි වෙලාවට මේ කතන්දරේ කියන්ඩ හොඳ වතාවරනයක් ඉබේටම සෙට් වෙලා අපේ යාලුවට...ඔය දවස්වලම ඇන්ටිගේ එක දුවෙක් ගිහින් සාත්තරයක් බලවන්ඩ ඒ තැනින් කියවෙලා

  " නරක දෙයක් කැවෙන්ඩ තියෙනව..ලඟම ඉන්න එක්කේනේක් තමයි කරන්නේ පරිස්සම් වෙන්ඩ කියල...."

 ඇන්ටි මේ කතාව කොඩියලට කියල තියෙන්නේ....මොකද. ඔය ගෙදරට කොඩියල එන්ඩ කලින් ඉඳලා තියෙන්නේ අර ඇන්ටිගේ සහොදරියකගේ බොඩිමක...ඒ තැන ඉන්ඩ අමාරු නිසා මෙතැනට ආවට අර කස්ටිය මුනට නොපෙන්නුවට අවුලේන් තමා ඉඳල තියෙන්නේ....

   ඔව කොඩියලට ගානක් නැනේ..හැබැ අන්ටිගේ කතාවෙන් පස්සේ ඔය ගැනත් සැකයක් තියෙනව...
   වැඩේ කියන්නේ ඔය නුල දැම්මට පස්සේ මූට පොඩ්ඩක් හොඳයි වගේලු..රෑට නිදා ගන්නකොට කලින් වගේ ප්‍රෂ්ණ ඇතිවෙලා නෑ....

   ඒත් කොහේද කට හින්දාලු මාලුත් නැහෙන්නේ...කියනව වගේ....අපේ යාලුවා කරොල වගයක් කාලා....දැන් ආපහු පොරට අප්සේට්.....

  දැන් මේක යාලුවගේ තාත්තලත් දන්නව....

තාත්ත දන්න හොඳ කට්ටඬියෙක් ඉන්නවලු අනුරාධපුරේ....

ඔන්න සෙනසුරාදට කට්ටිය ජල්ලියක් අල්ලන්ඩ හදන්නේ බලමුකො මොකැ වෙන්නේ කියල.....

 ප. ලි
   බොහොම ස්තුතී මේ පුංචි බ්ලොග් අඩවියට ආව ගිය හැමොටම ඔය...හැමොම මට ලොකු ශක්තියක් උනා...මොකද මම එහේම කියන්නේ ඔය ගොල්ලො මාව එක සැතපුම් කනුවක් පහු කෙරෙව්ව නොවැ බලන්ඩකො පිටු 10 000 ක් පෙරලලා නොවැ...අහිංසක සතුටක් විඳිනව මම...විශේෂයෙන් සිංහල බ්ලොග් අඩවියටත්....මට ලොකු තල්ලුවක් දීපු දිල්...සහොදරිටත් ටිකක් වැඩියෙන් ස්තුති කලාට කාගේවත් හිතේ කහටක් නෑ කියල මම දන්නව..නැවතත් ස්තුතී ඔබ හැමොටම... 


Monday, December 12, 2011

අරක්කු නං මතක්කරන්ඩ එපා...සනි අංකල්ගේ හොල්මන එයි..............



   කොඩියා..දන්නවනේ පොරව..., අර වතුර ටැංකියට නැග්ගේ....කොල්ලා දැන් කොළඹ හොඳ රස්සාවක් කොරනව...පොර නැවතිලා ඉන්නේ ජපුර කැම්පොස් එක කිට්ටුව......

 සනි අංකල් කියන්නේ හොඳට කාලා බිලා ජොලියේ හිටපු පොරක්..බීමේ තරමටම මිනිහට ඉක්මනටම ස්වර්ගස්ථ වෙන්ඩත් සිද්ධ උනා........සනි අංකල් හොයාගත්ත පිච්චියත් කන බොන දේට යටකලා මිසක් ගේදොර තමන්ගේ පවුල ගැන එච්චරම තැකිමක් කලේ නෑ...දරුවො තමන් හොයාගත්ත ජිවන සහකාරයො එක්ක ඒ ගොල්ලන්ගේ ලෝක වල කූඩු හදාගත්තා.... 

  අන්තිමට ගරාවැටුන ලොකු ගෙයක් එක්ක සනී ඇන්ටී තනිඋනා...  ටික දවසක් යනකොට ජිවත් වෙන්ඩනං සල්ලි ටිකක් හොයාගන්ඩ ඔන බව ඇන්ටිට තෙරෙන්ඩ පටන් අරං තිබුනේ.... එක හින්දම එයා ගේ බොඩිමක් කරගන්ඩ තිරනය කලා...

   නමුත් නවත්ත ගත්ත බොඩිං කාරයන්ට එච්චරකල් ඒ ගේදර සැනසිල්ලේ ඉන්ඩ හම්බ උනේ නෑ...ගේ ඇතුලේන් රෑට ඇහේන එක එක සද්ද වලට බයේ මේ ගොල්ලො බොඩිම අතහැරල යන්ඩ ගියා....
  කාලයක් යන කොට ඒ පලාතේම මේක බූත බංගලාවක් කියල ප්‍රසිද්ධ උනා...

       ඔන්න ඔය ජරමර අස්සේ..කොලඹට පාත්වෙලා බොඩිමක් හොය හොය හිටපු කොඩියට...මේ බොඩිම ගැන ඉව වැටුනා....මූයි මුටම සෙට් වෙච්චි තව යාලුවො හතර දෙනේකුයි.. ඇන්ටිව මුනගැහිලා කතාබස් කරගෙන...ඔය ගෙදෙට්ට සෙට් උනා...    

හැබැයි මේ යාලුවො සෙට් එකේත් හිටිය කලුවරට සද්ද බද්ද වලට බය එකේකුත්...මූට නින්ද යන්ඩ ලාවට හරි ලයිට් එලියක් ඔනේ...රෑට ගේ ඇතුලෙන් ඇහෙන සද්ද වලට ටිකක් හරි බය උනේ මූ විතරයි අනිත් එවුන් ඔව එච්චර ගනං ගත්තේ නෑ...මොකද හුඟක් දවස් වල රැවෙනකොට කට්ටියම ලාවට දෙකක් දාගන්න හින්ද...

    පරණ තාලේ ගෙයක් නිසා ගෙට ඇතුල් වෙන දොර ගාව එලියෙන් කාමරයක් තිබුනා සනි අංකල්ගේ නොනා තමන්ගේ අඩුම කුඩුම ටික ඔකේ තියාගෙන හිටියේ..ගේ ඇතුල තනිකරම කොඩියලගේ රාජ්ජේ වෙලා තිබුනේ...

   මේ කියන දවසේ..කොඩියයි තව එකේ කුයි ඇරෙන්ඩ අනිත් එවුන් බොතලේට සෙට්වෙලා හිටියෙ....රෑ 12 ට විතර ඔතනින් එකේක් රත්තනපිටියේ රැ කඩෙට ගියා අප්ප ටිකක් ගේන්ඩ...ආප්පත් අරං ආපහු එනකොට කට්ට කරුවලේ බයිසිකලේ නැවතුනා...ටැංකියේන් බාගයක් පිරෙන්ඩ තෙල් තිබිලත් බයිසිකලේ නැවතුනේ ඇයි කියල හිතාගන්ඩ බැරි උනා...

  ඔය අතරේ ගොරක පිටිය පැත්තට යන්ඩ ආපු තව අයිය කෙනේක් තමන්ගේ අතේ තිබුන පෙට්‍රල් බොතලෙන් බාගයකුත් මේ ටැංකියට දාලාත් බයිසිකලේ ස්ටාර්ට් උනේ නෑ...මහරෑ බලං ඉන්ඩ බැරිතැන කොල් කරල ගෙන්න ගත්තා බොඩිමේ හිටිය තව දෙන්නේක්ව...දඟලලා..දඟලලා...යාලුවො  බයිසිකලේත් අරං බොඩිමට ආව...

   බයිසිකලේ බොඩිමට ගෙනත් ස්ටාට් කලාම...ගහපු ගමන් බයික් එක ස්ටාට්...කට්ටියම නිදාගන්ඩ ගිය වෙලේ එකේක් විතරක් සිගරැට් එකක් පත්තු කරගෙන...හැබැයි වැඩිවෙලාවක් ඔක උරන්ඩ හම්බවෙලා නෑ...දඩාස්ගාලා ආපු ලොකු සද්දේ හින්ද සිගරැට් එක පැත්තක දාලා ඌත් නිදාගන්ඩ ගිහිං....

     මහ පාංදර කවුද එකේක් දඟලනව ඇහිලා කොඩියට ඇහැරුනා...පොඩි සද්දේටත් මූට ඇහැරෙනව....බලනකොට ඉස්සරහ ඇඳේ ඉන්න එකා අතින් නේට් එකකට ගගහ පලයං පලයං කියල කාටදො බනිනව....

  අරූ හිනෙන් කෑ ගහනවදෝ කියන සැකේ නිසා කොඩියා මූව ඇහැරවන්ඩ ගිහින් නෑ....ටිකකින් සද්දේ නවතුන නිසා ...ආපහු කොඩියට නින්ද ගිහින්....නමුත් වැඩිවෙලාවක් යන්ඩ කලින් ...ඉස්සරහ ඇඳේ එකා ආයි දඟලන්ඩ අරං....

    නින්දත් නොනින්දත් අතරේ නොදැනිම එලි උනා...උදේ නැගිට්ට ගමන් කොඩියා ඉස්සරහ ඇඳේ එකාට කතාකලා....

 " මොකදබං උඹ රෑ දැඟලුවේ...."

" සනී අංකල් ආව බං...පොරට නිදාගන්ඩ මගේ ඇඳ ඉල්ලුව...."

" ඒකද උඹ පලයං...පලයං කිය කියා බැන්නේ...."

" ඔවු....මිනිහා ඉරි ඉරි සරමකුයි...ලා පාට සර්ට් එකකුයි ඇඳලා හිටියේ...
   අරුං තුන්දෙනා බීලනේ...උඹල කනව බොනව...මට සලකන්නෑ...මම අරූගේ ඇඟට යනව..කියල කිව්ව බං..."

    ඔය අරූ කියල කිව්වේ ලයිට් එලියක් නැතුව නිදාගන්ඩ බැරි එකාට....

\ලි 
   මේ කතාව තවම දිග හැරෙමින් තියෙන්නේ....ඉස්සරහට මොනාද වෙන්නේ කියල බලාගෙන ඉම්මු....



Thursday, December 8, 2011

ටීචර් ස්ප්‍රයිට් ටිකක් බොනවද....? " දැන් කවුද එතකොට වැරදි....? "



  අපේ ගෙවල් කිටුවම තමයි මීස්ට මුනසිංහලත් හිටියේ ...පුතාල දෙන්නයි දුවයි තමයි මේ පවුලේ සම්පත...ඔය ලොකු කොලූ නම් ගුවන් හමුදාවේ රැකියාව කලේ..අනිත් දෙන්නම තාම ඉගෙන ගන්නව...මිස්ටර් මුනසිංහයි මිසීස් මුනසිංහයි දෙන්නම වැඩකලේ පොලිසියේ...මේ දවස්වල මිස්ට..මුනසිංහගේ ගෙදර බාසුන්නැහැල වගයක් වැඩ

   මිස්ට මුනසිංහගේ පොඩි කොලු තවම 10ය වසරේ..පවුලේ බාලය නිසා කොල්ල ටිකක් දඟයා...නමුත් ගමේ කවුරුත් මූට ආදරෙයි..මෙකා ගෙදර තිබ්බ ස්ප්‍රයිට් බොතලයක් බිබි ඉන්න කොට..මිසිස් මුනසිංහ ඔය බොතලේ අරං හංගලා....මොන එහෙකට ස්ප්‍රයිට් බොතලේ හැංගුවද කියන්ඩ මම දන්නැ...නමුත්..

  මිසිස් මුනසිංහ එහාට මෙහාට වෙනකං ඉඳල පොඩි කොලුව..අර ස්ප්‍රයිට් බොතලේ හොයනවලු...මේයාලගේ ගෙදර තියෙනව දරමඩුවක්...දර මඩුවක් කිව්වට..මේ ගෙදෙට්ට ඔන කරන දර දාපු මඩුවක් මේක...කොහොම හරි පොඩි එකාට ස්ප්‍රයිට් බොතලේ හම්බවෙලා....

  මූ මෙක හොරෙන්ම ඉස්කොලේගෙනිහින්...යාලුවන්ටත් දිලා...පස්සේ.. පංතියේ ටිචටත් දික්කොරල...
 
  " ටීචර් ස්ප්‍රයිට් ටිකක් බොනවද...?"

ටිච...බොතලේ ලංකොරල බැලුවම..හෙන ගඳයිලු... බැලින්නම් මේකේ තියෙන්නේ කසිප්පු....

ආයි අහන්ඩ දෙයක් නෑනේව..ටීච පොඩි එකාව ලොකුසර් ගාවට එක්ක ගිහින්..ලොකුසර් දෙමාපියන්ටත් පනිවිඩේ යවල මේකව ඉස්කොලෙන් අස්කොරල නේව...

  ඔය පොලිසියේ සමහරක් වගේ අපේ මිස්ට මුනසිංහත්..පොලිසියෙන් අල්ලන කසිප්පු ගෙදර ගෙනැවිත් අර වැඩකරන බාසුන්නැහේලට දෙන්ඩ..ඔක හංගල තිබිල තියෙන්නේ අර දරමඩුවේ...

  මිසීස් මුනසිංහ කොලුව බිබි හිටපු ස්ප්‍රයිට් බොතලේ..උදුර ගත්තනේ...ඔක හොයපු කොලුව ඉස්කොලේ ගෙනිච්චේ වැරදි ස්ප්‍රයිට් බොතලයක් ..කොහොම අරි අන්තිමට සිද්ද උනේ කොලුවට ඉස්කොලේ නැතිවෙච්චි එක..

දැන් කවුද එතකොට වැරදි.... 

  

Monday, December 5, 2011

ත්‍රාසය...කුතුහලය...හාස්‍යය..පිරි.......12..ක්.



දිනය...සිකුරාදා..( 02/12/2012 )

ස්ථානය.... කොල්ලුපිටිය පරන බැලිස් ක්ලබ් එක ඉදිරි පස...

වෙලාව...සවස 5.30 හ...

    " අයියේ ලයනල් වෙන්ට් එක ගාවට යමුද......."

අතුල පතිරණ යන්ගේ නව නාට්‍ය නිර්මාණය "දොලහක්" බැලිමේ අටියෙන් තරුණයන් තිදෙනකු මිටර් ටැක්සියකට අඬ ගැසු අයුරුයි...

   " අපො මේ වෙලාවේ ඒ පැත්තට මිටර් ගනං වලට යන්ඩ බෑ  130 ක් දෙනවනම් යමු..."

  යකො මිටර් ටැක්සි කියල ගහල තියෙන්නේ මගුලටද එහේනං.....

   ඒ සිතිවිල්ල ඇති වුවත්..මුව තුලින් පිට තට නාවේ අප තිදෙනාම ආයතනයේ නිල ටීෂටයෙන් සැසරසී සිටි බැවිනි... 

  ලිබර්ටී ප්ලාසා එක ඉදිරිපිටදී වෙනත් ටැක්සියක... නැගගත් අප ..."නමුත් එයත් මිටර් ටැක්සියකි..." රාජකිය විද්‍යාලය ඉදිරිපිටින් බැසගතිමු....ගෙවිය යුතු මුදල වූ යේ රුපියල් 70 වකි.

    ලයනල් වෙන්ට් තියටරය අද ජනයාගෙන් පිරි ඇත...මෙහි තව එක් විශේෂයක් වූයේ බොහො තරුණ... පිරිස් මෙහි රැස්වී සිටිමයි...

       මා දැක තිබු බොහො වේදිකාවන්ට වඩා මෙම රංග වේදිකාව වෙනස්ය...නමුත් නාට්‍ය පෙර ප්‍රචාරනයන් වලින් ලැබු ඉඟි අනුව මේ ජූරි සබිකයන් ගේ උසාවි කාමරයක් යන්න ඒත්තු ගැනිමට එතරම් වෙලාවක් නොගියේය..

   තරමක් අපිලිවෙල කාමරය වෙත පැමිනියේ විවිධ තරාතිරම් වලට අයත් මිනිසුන් 12 කි..නඩුවේ විශේෂත්වය වූයේ ජුරි සබිකයන් 12 ගේම ඒකමතික තිරනයකින් පමනක් නඩුවේ ප්‍රතිඵලය තිරණය වීමයි..

  ජූරියේ ..11 ලොස් දෙනෙකුම විත්තිකරු වරද කරු කලද එක් පුද්ගලයකු පමනක් මිට විරුද්ධ විම...නාටකයේ ඇරඹුමයි...සමාජයේ එක් එක් අංශයන් නියොජනය කරන මොවුන්...තම තමන්ට ආවෙනික වූ ලක්ෂණයන්හි පිහිටා තර්ක කරන ආකාරය අපූරුය...

  වරේක සියලු දෙනා එක් තිරනයක එල්බ සිටිද්දී එකෙක් පමණක් විරුද්දවිම පිළිඹඳව අනේකුන් විස්සොප වෙයි..

  අනේකා ....නඩුවේ තිබු එක් එක් කරුනු ගෙන හැර තර්ක ගොඩනගද්දී...එකා දෙන්නා....තම මුල් තීරන වෙනස් කීරිම පිළිඹඳව....සබිකයන් අතරින් ත්‍රාසය....හාස්‍ය....පැන නැගිම..නරඹණ අප කුතුහලයටත් අමන්දානයටත් පත්කරයි 

   නමුත් ජුරීයේ තවකෙකුට අවශ්‍ය වන්නේ මේ මහා කරදරයෙන් බෙරි පැනයාමට මිසක ජූරියක වගකීම ඉටුකොරන්නට නොවෙ...

   කෙසේ හො.. මුලින් ..අනිකුන්ගේ බහට විරුද්ධ වූ පුද්ගලයා ගේ තර්ක අනුව අඳුරු කඩ තුරාවෙන්  මිදෙන සබිකයන් අවසානයේ විත්තිය නිදොස් බව තිරනය කරයි...

   වබ්ලිව්.ජයසිරි...ධර්මප්‍රිය ඩයස්...විශ්වජිත් ගුණසේකර..ගිහාන් ද චිකේරා..ඇතුලු ශිල්පින්ගේ අතිවිශිෂ්ඨ රංගනයෙන්....ද...කසුන් කල්හාරයන්ගේ..සංගිතයෙන් හැඩවු
  දොලහක්....අප සිත්සතන් පැය 2කට ඇඳ බැඳ තබාගත් අයුරු අපූරුය...

ප/ලි
   නට්‍ය අවසානයේ මාමේ බැලූයේ සිනමාපටයක් දොයි හැඟුනු බව ද කිව යුතුමය.....දෙබස් හැසිරිම් පසුබිම සංගිතයපසුතලය ඇත්තේන්ම සිනමා පටයක් වැනිය..

Thursday, December 1, 2011

කොත්තුකාලා ඩී හයිඩ්‍රෙට් කරගන්ඩ කැමතිද...?



   පසුගිය සඳුදා ගෙදරට අවශය්‍ය කරන කලමනා ගැනිම සඳහා මා සහ මාගේ බිරිඳ මහරගමට පැමිනිවිට කොත්තුවක් කෑමේ තදබල ආශාවක් ඇයට ඇතිවිය..ඇතිවූ  බලවත් පෙරැත්තකිරීම හේතුවෙන්ම..කොත්තුවක් ගෙදර ගෙනගොස්..ඇයටද දී මාද කොටසක් කැවෙමි...

   ඇගේ පුංචී අම්මාගේ උපන්දිනය අඟහරුවාදාට යේදි තිබු බැවින් පන්නිපිටියේ..ඇගේ නිවසට ගොස් එහි සල්ලාපයේ යෙදි සිටින විට ඇඟ පතෙහි..කිසියම් අමාරුවක් තිබෙන බව පැවසීය....මේ හෙතුවෙන් තරමක් වෙලාසනින් නැවත ගෙදර පැමින..පසුදා රැකියාවට යායුතු බැවිනුත් ඉක්මනින්ම නින්දට වන්හ...

   එක්වරම මා බිරිඳ නැගිට නාන කාමරය වෙත දිව ගියේය..වෙලාව අළුයම 2 පමන වන්නට ඇත..ඇය වමනේ ගතියකින් පෙලෙන්නට විය...නැවත අළුයම 4 පමන වන විට ඇයට වැසිකිලි යැමට අවශ‍ය විය...
ඒ නින්දත් නොනින්දත් අතර ගේවි ගිය රාත්‍රියක් විය..

  රැකියා ස්ථානයේ අවශ්‍යයම රාජකාරියක් තිබු බැවින් පසුදා ඇය රැකියා ස්ථානයට ගියද වරුවෙන් ගේදර පැමිනියේ තිබු අපහසුතාවය උත්සන්නවු බැවිනි...

   මේදින සවස් වරුවේ ඇයට ප්‍රතිකාර ගැනිමට වෛද්‍ය තුමා හමුවූ අවස්තාවේ වෙද්‍ය තුමා පැවසුවේ ඇය මේවන විට තරමක විජලනයට පත්වී ඇති බැවින් සේලායින් සමග එන්නතක් දීය යුතු බවයි...

 ඉතින් අවශ්‍යය ප්‍රතිකාරද ගෙන හොඳ ගානකට තට්ටුවී රාත්‍රියේ ගෙදර පැමිනිමි...මෙයත් හරියට ඇටිකෙහෙල්..කෑවා නම් විඳවපං නරියෝ වගේ වැඩකී...

  කොත්තුවක් කනවා නම් ගෙදරදිම හාදාගෙන කන එක ඇඟට පතට කෙසේ වෙතත් පොකැට්ටුවට නම් ගුනය...

Monday, November 28, 2011

රොබින් හූඩ් සෙල්ලම හා ඔලූ පැලීම.......


    කොස් රුප්පේ වලව්ව අපේ ගමේ කවුරුත් දන්නා හඳුනන තැනක්...තරමක කඳු ගැටයක මැද්දැවට වන්නට මේ විසල් වලව්ව ස්ථානගතවෙලා තිබුනා..වලව්ව වටේටම තිබුනේ රබර් ඉඩම්..නමුත් මේ ඉඩම් වලින් බොහොමයක රබර් ගලවලා තිබුනේ..නමුත් වලව්ව අවට පරිසරය හොඳ පලතුරු ගස් බොහොමයකින් සෙවන වෙලා තිබුනේ..

   නමුත් වලව් පරිසරයටම උරුම වෙච්චි අර මුස්පෙන්තු පෙරෙත ගඳ මේ වලව්ව වටාත් පැතිරිලයි තිබ්බේ.....මේනිසා අපි තනියම මේ වලවු පරිසරේ ඇවිදින්ට මැලිවුනා පොඩි සංදියේ....
   එක වසරේ ඉඳන් පහ වසරට යන කම්ම අපිට ඉංගිරිසි ඉගැන්නුවෙ...කොස් රුප්පේ ටිචර්...හැබැයි කොච්චර දඟ වැඩකලත් ටිච අපට ආදරෙයි...අපි පොඩි උන් හින්ඳ වෙන්ඩත් ඇති...මම පොඩිකාලේ ඉස්කොලේ ගියේ මගේ තාත්තා උගන්නපු ඉස්කොලේට මනේ..ඔය කවුරුත් එක දන්නවනේ..අර මුවාගේ සංගෙදියෙන් පස්සේ...

   ඉතින් අපේ මේ ඉංගිරිසි ටිචත් ඉගැන්නුවේ මේ ඉස්කොලේම තමා...ලමයින්ට ඉස්කොලේදි ලැබෙන දැනුම මදිය කියලා අපේ ඉංගිරිසි ටිචත් හවස පන්ති පැවත්තුව හැබැ කොස් රුප්පේ වලවුවේ...
   ඔය පන්ති පටන්ගන්නේ හවස 3.30 ට විතර ඉවරවෙනකොට 5.30 විතර වෙනව..හවහට ඒකාලේ තිබුන මොටො බයික්කෙන් තාත්ත එනව මාව එක්කරගෙන යන්ට....

    ගම මැදින් වැටුන ගුරු පාරට එන්න වලව්වේ ඉඳලා  තරමක දුරක් පයින් එන්ඩ වෙනව..වලව්වේ ඉඳන් ගුරු පාරට තැනුන මේ කෙටි මග අපට සෙල්ලම් කොරන්ට සැදුන තොතැන්නක් බඳුයි... වෙනදා වගේම එදත් අපි සෙල්ලම් කොරන්ට පටන්ගත්ත..අපි පොඩිකාලේ ආසවෙන් බලපු රොබින් හුඩ් කතාව තමයි එදා සෙල්ලමට මාතෘකාව උනේ කට්ටියක් රොබින් හුඩ්ගේ කල්ලිය..අනේත් පිල ගිස්බන්ගේ කල්ලිය...

   ටික වෙලාවක් සෙල්ලම් කරකර ඉන්නකොට මගේ අතින් විසිවෙච්චි පොල්ලක් ලමයෙක්ගේ ඔලුවේ වැදුනා...උගේ මූන පුරා ලේ...ඒක කොසු මිටක් කොසුමිටවල් වල අග උල්නේ ඉතින් මේක ගිහින් අර ලමයගේ නලලේ වැදිලා..හිතල කොරපු දෙයක් නොවුනත් දැන් තුවාල වෙලා ඉවරයිනේ...

   අනිත් ලමයි ඔක්කොම තුවාල කාරයත් එක්ක ටිච ගාවට ගියා....දැන් මම තනියම පිටිපස්සෙන් යනව....ටිච මට බැනල පාරග් ගැහුව...ටිකකින් අර ලමයගේ අම්ම ඇවිත් හෙන ගාල ගොට්ටියයි....පපුව ඩිග් ඩිග් ගාන එක වැඩි උනේ තාත්තත් එතෙනට ආවම....තාත්ත අර ලමයව එක්කරගෙන ගිහින් තුවාලේට බේත් දම්මවලා.. වැඩේ කියන්නේ මැහුම් දෙකකුත් දැම්මලු....

    තාත්තා ආපහු එනකං මම ටිචලගේ ගෙදර..තාත්තා තාම මට ගැහුවේ නැති නිසා බය වැඩි...අර ලමයව ගෙදරට ඇරලවලා තාත්තා ඇවිත් මාව ගේදර එක්කන් ගියා හැබැයි නො කතා..

  එකටත් එක්ක අම්මා ගේදර ගියවෙලේ ඉඳන් බැනුම් ඉවරයක් නැ...කොහොම හරි මගේ වෙලාවට හවස..බාප්පල අපේ ගෙදර ආව නිසා සද්දේ නැවතුනා...අපො මම හිතුවේ ගුටි පුජාවක් හම්බ වෙයි කියලා..මදැ ඔයින් ගියා...  
   

Thursday, November 24, 2011

ටැංකියෙන් වතුර බිව්ව හැටි....



   ඔය කොඩියා..අපි යාලු ෆිට් එකට කතාකලේ එහේම..ඉස්කොලේ යන කාලේ මහ දඟ එකා හැබැ ඉගෙනිමේ වැඩත් හොඳට කලා... ඉස්කොලේ හැමොම වගේ මේකව දන්නව...මොකැ දඟ වැඩවල ඉවරෙකුත් නැනේ. කොඩියලගේ ඉස්කොලේ තියෙනව මහ වතුර ටැංකියක්...වෙලාවකට ඔය ටැංකියෙන් ඉස්කොලේට වතුර එන ටැප් ලයින් එක කැඩෙනව....වෙලාවකට කියන්නේ හුඟක් වෙලාවට එක කැඩිලා...
            
        කාලෙන් කාලේට එනවනේ එක එක මොස්තර....ඔය දැන් ඉන්න එවුන් ඉනෙන් පහලට කලිසම අඳිනව වගේ..මේ කියන කාලේ බෙල්ලගාවටම මෙස් බැනියම ඇන්ද දවස් අපේ කොඩියත් ඉතිං ඔයවගේ දෙයක් එනකං බලාගෙන ඉන්නේ..මූත් සර්ට් එකේ උඩ බොත්තමට උඩින් බැනියම පෙන්ඩ ඇඳල උජාරුවට ඉස්කොලේ ගිහින්..හැබැ වැඩේ කියන්නේ එදා ඇඳල ගිහින් තියෙන බැනියම ටිකක් විච්චුරන එකක්...

           මුගේ වෙලාවට එදාම වතුර නැවතිලා.... ඉස්කොලේ මේන් හොල් එක තියෙන බිල්ඩිමයි...තවත් එක් බිල්ඩිමක් අතරේයි.. තමා වතුර ටැංකිය තිබුනේ...මේන් හොල් එක තියෙන්නේ බිල්ඩිමේ දෙවෙනි තට්ටුවෙ.. මේ තට්ටුවෙ කොරිඩො එකේ කොට බිත්තිය උඩින් පැනපුවම..අනිත් බිල්ඩිමේ වහලේට නගින්ඩ පුලුවං ටැංකියේ හරස් කනු අල්ලගෙන..
  මොකද ඒ බිල්ඩිමේ වහලේ උස නිසා ඔතෙන්ට නැග්ගම ටැංකියේ උඩින්ම තියෙන යකඩ වලලු අල්ලගන්ඩ පුලුවන්..ඒ වලලු දිගේ ගිහින් ටැංකියට වතුර එන බටේ ගලවන්ඩ පුලුවං....ටැංකියට වතුර එන බටේ ගලවන්ඩ එතරම් අමාරු නැ..කොඩියා අර වහලෙන්  ටැංකිය ගාවට නැගල අර බටේ ගලවල..ඉස්කොලෙ ඉන්න කොල්ලොන්ට  වතුර ගන්ඩ බටේ පල්ලේහාට පාත්කොරල...ඉතින් පල්ලේහා ඉන්න තරමක් එවුන්  නාන් නැතිටික විතරලු....කොඩියා ටැංකිය උඩට නැගල තියෙන්නේ සර්ට් එක ගලවල අර බැනියම පිටින්..මොකැ දියසෙවල ගැවෙයි කියල...

    ටික වෙලාවකින් මූ ආපහු බටේ ටැංකියට හයි කොරල අර වහලෙට බැහැල ආපහු මේන් හොල් එකේ...කොරිඩො එකට ඇවිත්. එතකොටම කොහෙද ඉඳල් ඉස්කොලේ ලොකු සරුත් ඔතෙන්ට කඩාපාත්වෙලා නෙව...

   කොඩිකාර මොකද මේතන කරන්නේ..?.

   සර් වතුර එන්නැනේ

    ඉතින්….?”

    ලමයින්ට වතුර බොන්ඩ බටේ ගැලෙව්ව සර්……”

    ඉතින් කො අයිසේ තමුසෙගේ සර්ට් එක…..? “

    කුනු ගැවෙන නිසා සර්ට් එක ගැලෙව්ව සර්……”

    බලනව අයිසෙ තමුසෙ හරියට රස්තියාදු කාරයෙක් වගේ ඔවද අදින්නේ ඉස්කොලේ එනකොට ……
  ගලවනව ඔය බැනියම..එනව යන්ඩ මගේ ඔෆිස් එකට...

 මූව ලොකු සර්ගේ ඔෆිසියට ගෙනිහින් බැනියමයි..සර්ට් එකයි නැතුව හිටවල තියල.... ඔෆිස් එකට එන ටිචර්ලා මූ දිහා බලන කොට....හතර විලිලැජ්ජවයිලු....

 හැබැ ටිකවෙලාවකින් සර් මුට යන්ඩ දිලා..

මදැ කට්ටියට වතුර බොන්ඩ දුන්නා....