Monday, April 22, 2013

කට්ට අව්ව..!!!




බක්මහේ...!
කට්ට අව්වට ...
රත්වෙච්චි..!
මොලකට්ටත්..
ඇදගෙනම...,
මේ සතියේ..!
හොදන්ට..,
හිටපු.
ඩෙනිම් කට්ට....
උස්ස උස්ස..!
යුත් සෙන්ටර් එකේ...
පඩිය උඩ.
බ්ලොග් කාරයෝ...,
එක්ක.
තප්පරයක්..!!
ගෙවුන...,
අපූරුව.




Tuesday, April 9, 2013

රේල් පාර දිගේ පට්ටිපොලින් හපුතලේට.....




අයියේ ඉක්මනට යමු.....මෙතෙක්වෙලා කොට කොටා ආ ප්‍රයිවෙට් බස් රථයෙන් බැස ත්‍රීවීලරයක නැගුන මා රාත්‍රී බදුලු කොච්චිය අල්ලාගැනිමේ අටියෙන් රියදුරා ඇමතුවෙමි. කෙසේ හෝ කොච්චිය පිටත්වීමට විනාඩි 15කට ප්‍රථම කොටුව දුම්රිය ස්ථානයට පිවිසිමට මාහට හැකිවිය.

    මෙවර රේල් හයික් එක යැමට කැමැත්තෙන් සිටි මිතුරන්ගෙන් නොයෙක් හේතුන් නිසා වැඩි අඩු විමෙන් පසු මා සමග 6දෙනෙක් ඉතුරුවිය. මා ස්ටෙෂමට පැමිණෙන විට ඔවුන් සියලුදෙනා පැමින සිටිම මාගේ සොම්නසට හෙතුවිය. 8 පසුවි මිනිත්තු කිහිපයකට පසු අප රැගත් තැපැල් දුම්රිය අඳුර පිරාන සීතල කපාගන බදුල්ල දෙසට හැල්මේ දුවන්නට විය...

  ගීත කිහිපයකින් මද සතුටක් ලැබ තවත් පැය කිහිපයක් කඩින්කඩ නින්දකට පිවිසියෙමු අළුයම 4.30ට පමන පට්ටිපොල දුම්රිය පොළට පැමිනි අප, දුම් රියෙන් බැසගතිමු. හිරු පායනතෙක් අපගේ නැවතුම් පල පට්ටිපොල දුමිරියපලයි.


උදැසන අධික සීතල ගතට යවුලකින් අනින්නාක් මෙනි...පට්ටිපොල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සියලූම සෙවක මහතුන්ට අප ස්තුතී වන්තවෙමු. අපගේ ශාරිරික අවශ්‍යතා ඉටුකරගැනිමට සහ විවේක ගැනිමට අවැසි පරිදි දුම්රිය ස්ථානය ඔවුන් මනාව නඩත්තු කර තිබීම ප්‍රශංසනීය කරුණකි.


උදැසන 6.15 පමණ අපගේ චාරිකාව ඇරඹුවෙමු...අතීතයේ පුරුද්දට දෝ සුනඛ පොතකයන් දෙදෙනකුද අපගේ පසුපසින් වැටින. අධික සීතල අතරින් විටක සිල්පරකොටන් උඩින්ද විටෙක රෙල්පාර අද්දරින්ද හොර්ටන් වනස්පතිය අතරින් අප ගමන්කලෙමු.


සැතපුම් 1 1/2ක් පමණ ඉදිරියට ආවිට ලංකීය දුම් රිය මගේ උසම ස්ථානයට ලඟා විමට අපට හැකිවිය. මුහුදු මට්ටමේ සිට අඩි 6226ක උසකින් යුක්ත වු එතැන අප මොහොතක් රැඳුනෙමු. අධික සීතල නිසාමදෝ තෙහෙට්ටුව එතරම් නොදැනේ....නාස්පුඩු කිතිකවමින් නැවුම් වායුදහරා මොලකුහරයට රිංගීමට දරන තැත තරමක ආස්වාදයක් ගෙනදෙයි. උදෑසන පින්නෙන් තෙතබරී වු දුම්රිය මගෙහි ඉදිරියට පියමැනූ අපට ලංකාවේ දිගම බිම්ගෙවල් අතුරින් තුන් වෙනුවට දිගින් වැඩි බිම්ගෙය  දෘෂ්‍යමාන වූයේය.




ජිවිතේ කිසියම්ම දවසක බිම්ගෙයක් තුලින් පාගමනින් ගමන්කර නොතිබූ අප සිත්තුල තරමක චකිතයක් කුහුලක් ඇතිනොවූවායැයි කීවොත් ඒ මුලාවකි. සුළුවෙලාවක් බිම්ගෙය ඉදිරිපස ගතකල අප එය තරනය කිරිමට පටන් ගතිමු. දිගින් මීටර 321ක් පමණ වු ඒහි මධ්‍ය දැඩී අන්දකාරයකින් යුක්තවිය. තරමක දියසීරාවක්ද බිම්ගෙය තුල දක්නට ලැබුන අතර වැහිලිහිනින් විසින් සැදු සහ සාදමින් සිටි කූඩද දක්නට ලැබින. කුඩා විදුලිපන්දම් වල ආධාරයෙන් අප සුරැකිව බිම්ගෙය තරණයකලේමු.


ඔහෝ..... සොබාදහම් මාතාවගේ විෂ්මීය පරිසර පද්දතියක් හරහා අප සපැමින ඇත. දෙශගුනික කලාප දෙකක සංදිස්ථානය මේම බිම්ගෙයයි මෙතෙක් දැඩී සීතලෙන් වෙලි සිටි අප බිම්ගෙය තරණයත් සමගින් තරමක් සිසිල් වියලි දෙශගුනික ප්‍රදේශයකට අවතීරණය විමු. එසේම මේම බිම්ගෙය දිස්ත්‍රික් දෙකකටද මායිම්වේ පට්ටිපොල දෙසින් නුවර එළිය දිස්ත්‍රික්කයටත් ඔහිය දෙසින් බදුල්ල දිස්ත්‍රික්කයටත් බිම්ගෙය මායිම්වී ඇත.


  පෙරවරු 8 පසුවනවිට අපට ඔහිය දුම්රිය ස්ථානයට පැමිනිය හැකිවිය අප එහි පැමිනිමත් සමගම කොළඹ බලා ධාවනය වන දුම්රිය ද එහි පැමිනියෙන් අතරමග අප බලාපොරොත්තුවෙන් සිටි මෙම දුම්රිය එහිදි අපට මුනගැසිනි. ඔහිය වෙත අප ලඟා වීමෙදි බිම්ගෙවල් 4ක් අප පසුකරගෙන ආ අතර විශාල පාලමක්ද ඒ අතර විය  මීට ටිකකලකට ඉහතදී හොටන් රක්ෂීතයේ ඇතිවූ ගින්නේහි නටඹුන්ද තවම ඒහි දක්නට ලැබේ මේ සුන්දර වනස්පතියෙහි ඒ අඳුරු සටහන් සිතට ඇතිකලේ කනස්සල්ලකි.


ඔහිය ස්ටේෂම අද්දරින් මහ එළි තැන්නට ගමන් කලහැකි මාර්ගය වැටි තිබේ. එම මාර්ගය ආරම්භයේ ස්ථාපනය කර තිබු දැන්වීම් පුවරුව මොහොතක් නැවති කියවිමු.පට්ටිපොල සිට සැතපුම් 4 1/2ක පමණ දුරක් පාගමනින් පැමිණි අපට තරමක වෙහෙසක් දැනුණි. ගතට මෙන්ම සිතටද නව ජවයක් ලැබගැන්ම සඳහා ස්ටේෂම ඉදිරියෙහි තිබූ තේ කඩයට ගොඩවී ප්ලෙන්ටියකින් සන්තර්පනයවී ගමන්වෙහෙස මදකට යටපත් කරත්තෙමු.


ගතකල මඳ විවෙක කාලයෙන් පසු නව ජවයකින් නැවතත් ගමන ඇරඹීමු. ඉදිරියෙදි බිම්ගෙවල් 14ක් සමගින් කුඩා පාලම් කිහිපයක්ම තරණය කිරිමට තිබේ. ඔහියෙහි සිට ඉදල්ස්හින්න කරා අප ආ දුම්රිය මග දෙපස වන ලැහැබ ඝනව වැවී තිබින. අතීතයේ කඳු වැටි කැපීමෙන් ඒ හරහා වැටි තිබුන දුම්රිය මග බොහෝ අවස්තාවලදි පටු විවරයන් තුලින් ගමන්ගති.



 ඉදල්ගස්හින්න දුම්රිය පොළ වෙත සැතපුමකින් පමණ ලඟාවනවිට වනස්පතිය තරමක් දුරට අපගෙන් දුරස්වී මනරම් තේවතු යායක් දර්ශණය වන්නට විය.


  බොහේ සුන්දර කඩතුරාවන් හමුවේ වැසීගිය අඳුරු කතන්දර මෙන් සුන්දර තේවත්තේහි සැඟවගිය අඳුරු ජීවිත කතාවක්ද තේවතු මැදින් වට දුම්රිය මගේහි ගමන්ගත් අපගේ නෙත්මානයට හසුවිය. 



දුම්රිය මග දිගේ ඉදල්ගස්හින්න වෙත පැමිනි අපට මිහිදුම් සෙලයකින් වැසියමින් තිබු දුම්රිය පොළ මනරම්ව දිස්විනි. උදැසන 10.30 පමන වන විට ඉදල්ගස් හින්න ස්ටෙෂම වෙත පැමිනිමට අපට හැකිවිය.පට්ටිපොල සිට මෙතාක් අප සැතපුම් 10ක පමණ දුරක් පාගමනින් පැමිණ තිබිනි.



උඩරට දුම්රිය මගේහි පිහිටි දුම්රිය පොළ අතුරින් ඉදල්ගස්හින්න තවත් සුන්දර නැවතුමකි. පහළ කොස්ලන්ද සානුවට ඉහලින් පාවන වලාකැටි ඉදල්ගස්හින්න ස්ටෙෂමේ වහල සිපගනිමින් අනෙක් පසට පාවියන අන්දම විඳගැනිමට නම් ඔබ එහි මදක් නැවති සිටිය යුතුමය. එපමණක් නොව දුම්රිය පළ පිටුපසින් මනස්කාන්ත දසුනක් මවමින් කොස්ලන්ද සානුව මෙන්ම උඩවලව ජලාශය ඇස් මායිමෙන් ඔබ්බට විහිදීයයි.    


ඉදල්ගස්හින්න දුම්රිය පළෙහි සිට විඩා නිවාගනිමින් සිටි අප පසුකරමින් බදුල්ල දෙසටත් කොළඹ දෙසටත් දුම් රිය දෙකක් ගමන් ගත්තෙන් ගමන අතරතුර නැවත දුම් රියක් සමුවීමට තවත් බොහෝ වෙලාවක් ඇත. තරමක වෙලාවක් විඩානිවු අප නැවත අපගේ ගමන් ආරම්භකලෙමු.



 ඉදල්ගස්හින්න ස්ටෙෂම පසුකර මඳ දුරක් පැමිනෙත්ම හපුතලේ දක්වා ඇති දුම් රිය මගේහි අවසන් බිම්ගෙය  පසුකලෙමු. දැන් දැන් අප පසුකරන්නේ තරමක් වියලී දෙශගුන කලාපයකි, තරමක හිරු රෂ්මියක් සමගින් ගමනේ වේගය තරමක් අඩාලවි ඇත.   


දුම්රිය මගද තරමක වෙනසකට ලක්වී ඇත, මගේහි එක් පසක් දැඩි ප්‍රපාතාකාරව පිහිටා තිබින. එම බැවූම් ඇතින් ඈතට පෙනෙන තෙක් මානය තේවතු සහ අතරින් පතර නාගයන් වන් පාරවල් වලින් ද පිරි පැවතින.


ඉදල්ගස් හින්න පසුකර සැතපුම් 5ක් පමණ ආවිට මිදුමින් වැසිගත් හපුතලේ නගරය දර්ශණය වේ.


 ඒ අතරම කොළඹ දෙසට ගමන්ගත් දුම් රියක්ද අප පසුකර ගමන්ගත්තේය.




 හාත්පස මිදුම ගලන සැන්දෑ වරුවේ අපගේ අරමුන සපත කරගැන්මට අපි සමත්විමු ඒ සවස 3.00 පමණ වනවිට හපුතලේ දුම්රිය පළ වෙත පැමිනිමට අපට හැකිවීමෙනි. 



ඒ වන විට සැතපුම් 16 ක් බිම් ගෙවල් 19 ක් පසුකර අප පැමිණ සිටියෙමු.

කිවයුතුම කාරණාවක් ඇත පැනිදොඩම් බ්ලොගය ලියන අපේ සහෘද නුවන් සහ ලක්දසුන් බ්ලොගය පවත්වාගන යන සියලූම සහෘදයන්ට අපගේ ස්තූතිය පුදකරන්නේමු මන්ද ගමන සාර්ථක කරගැන්මට ඔවුන්ගෙන් ලද තොරතුරු අතිමහත්ය.