Tuesday, September 18, 2012

උඩපන්දුව සිව්වැනි වරත් ගිලිහේයි ද...?







පංදු කෙලින වසන්තයේ පස් වසරක් ගෙවී          ගියා
මහසටනේ කෙලවරටම තුන් පාරක්         සපැමිනියා
ජගත් කිරුළ එජ් වීලා වෙන රටකට            විසිවගියා
සනා වාස් මුරළි කොල්ලෝ ක්‍රිඩාවෙන්     සමුගත්තා

රැකගන්නට ජගත් කිරුළ 96 යේ                                  හැකිවූවා
සොලොස් වසක් ඒ අසලම අපේ කොල්ලො ෆිල්ඩ්            කලා
සුරීය වැව ඉස්මත්තෙන් 20යි 20සේ හඬ                    ඇහේනවා
තරුණ ජවය පරිනත කම එක්ක කොල්ලෝ බැට්          කරනවා

එකපිට එක තුන්පාරක් උඩ පන්දුව ගිලිහි                  ගියත්
සිව්වැනි එක අත හරින්නේ නෑ නේව හොඳ    ක්‍රිඩකයෙක්
සිව්වැනි වරටත් වැරැද්ද කලොතින් ඒ                  ක්‍රිඩකයා
ඔහුගේ ක්‍රිකට් ක්‍රිඩාවේ ලොකු වරදක් තිබිය             යුතුය

මුනවීරයා නවක උනත් පදම් වෙච්චි                    ක්‍රීඩකයෙක්
ඩිල්ෂානුත් අනෙක් අන්තේ ලකුනු වේගේ         වැඩිකරනවා
ලංකාවට ගන්න ඇත්තේ එක් අභීත                       තීරණයයි
ඩිල්ෂාන්ද මුනවීරද මහේලයද මුලින්                       එන්නේ

එක පැත්තක සංගා ඉඳන් අලංකෘතව පහර               දෙනවා
පිතිහරඹෙන් වැඩක් දෙන්න චන්දිමාලයත්             දන්නවා
අගාධයේ පතුලේ උනත් ඇන්ජී ඉඳන්              ගොඩදානවා
හීන්සැරේ හොරෙන් හොරෙන් තිරී ලකුනු        රැස්කරනවා

මාලිංගයා දැක්ක ගමන් පිති කරුවන් පැන         දුවනවා
සද්ද නැතුව විකට් අරං අපේ කුලයා               වැඩදානවා
හිතාගන්න බැරි විදිහට මැතිවු තිසර ගේම          දෙනවා
එක් සිත්වී ගැහුවොතින් කිරුළ රටට අයිති        වෙනවා


ප/ලි

පොත් ප්‍රදර්ශණය අද ඇරඹෙනවා ඔබත් පොතකින් දායක වන්න



Thursday, September 13, 2012

කාච සිත්තරා.............






නෙත් අගින් දකිනා දසුන්......
ඉවතලන නෙක වර්ණයන්.
සුන්දර රටා වියමන්..
බැහැර කෙරුවද මතකයෙන්...............
ගෙත්තම් කොටැ කාච ඇසකින්..
කොනිති ගා මනැසේ අගිස්සක්.
නැවතී හැරී බලන සේ…….!
බැහැරවූ.....දසුනක්....වර්ණයක්....වියමනක්.........
තබයි අපූරු සිතුවමක්.!
 ලෝ පාමුවේ…………..
කාච සිත්තරෙක්.!

Wednesday, September 5, 2012

බදුල්ලට රොඩ් ට්‍රිප් එකක්....


  අන්තිමට දුහුවිලි ඇල්ල බලන්න ගියාට පස්සේ කොහේවත් සංචාරයේ යෙදෙන්න බැරිඋනා, ඉතින් ඔන්න පොඩි රොඩ් ට්‍රිප් එකක් යන්න මගපැදුනා ගිය දිගු සති අන්තයේ. යහලුවෙකුගේ මංගල උත්සවයක් යෙදිලා තිබ්බා බදුල්ලේ ඉතින් ගමන අපි විනොද සවාරියකට හරවා ගත්තා කිව්වත් නිවැරදි.
  
මේ දින කිහිපයේම කොළඹටත් ඒ අවටත් විටින් විට වැස්ස කඩා හැලේනවනේ අපි ගමන පටන්ගත්ත පහුගිය සිකුරාදා උදයේ අපේ වාසනාවට වැස්ස පායලා තිබුනේ උදේ 7ට අපි පන්නිපිටියෙන් පිටත් උනා. මුලින් සැලසුම් කරල තිබුන විදිහට තැන් කිහිපයකින් මිතුරන් කිහිප දෙනෙක්ම එකතුකරගන්න අපට සිදු උනා.

උදේ තේ එක විතරක් ගෙදරින් ගනිපු අපි හැමොටම තරමක බඩගින්නක් දැනෙන්න පටන්ගෙන තිබුන හින්දා අවිස්සාවෙල්ල පහු කරල තොරණකඩ කිටුවට ඇවිත් උදේ කෑමට මදක් නැවතුනා, පිටරට පාංපිටි වලින් හොඳහැටි බඩ පුරව ගත්ත අපි ප්ලෙන්ටිය කිනුත් බඩ රත් කරගෙනම ආපහු පිටත් උනා.


 ටික වෙලාවකින් අපි කුරුවිට නගරයට සෙන්දු උනා නගරය තරමක් වෙනස්වෙලා තිබුනත් මෙන්න මේ ඔරලොසු කනුව කාලේකින් වෙනස් නොවි තියෙන්ට ඇති කියල තමයි දැකපු අපිට හිතුනේ


නගරය පහුකරලා ටිකක් ඉස්සරහට එනකොට අපි යන පැත්තටම යන පරණ අමුත්තෙක් මුන ගැහුනා අමුත්තා තමයි මේ ඉන්නේ පරණ රෙන්ජ් රොවර් එකක්.. 


පොඩි සාත්තුවක් දිලා ගත්තනම් කොහොමට හිටිද නේද... රෙන්ජ් රොවර් එකත් පහුකරගෙන  එනකොටමට මතකය අලුත් කරමින් අපිව පහුකරගෙන ගියේ මෙන්න මේයා කොහොමද බාන්ඩේ ඩිෆෙන්ඩර් එකක්....


රත්නපුරේ හරියට එනකොට කට්ටියටම තිබහ හැදිලා තිබුනා ඉතින් රත්නපුරේ පොලිසිය ඉස්සරහ තිබුන පුඩ්සිටියට ගොඩවෙලා තිබහ යන්ට කොකා කොලා බොතලයක් සහ ගත්ත අඩුමු කිඩුම කිහිපයක් තමයි මේ.



 හැබැ ෆුඩ්සිටිය ඇතුලේ තිබුන තේ කඩේනම් පෙරහැර නිසා වහලයි තිබුනේ හික්ස් අපි කලින්ම උනුවතුර බොතල් කිහිපයක් අරගෙන තිබුන නිසා දුක හිතුනේ නෑ



ආපහු වාහනේට ගොඩවෙලා පැල්මඩුල්ල හරියට එනකොට ඉන්දියාවෙන් වඩම්මපු ධාතුන් පිලිගන්ට හැදු තොරණ් රාජයෙකුත් දැකගන්ට ලැබුනා..



 ටවුම පහුකරන කොටම මුනගැහුන පුංචි යාලුව තමයි මේ ඉන්නේ ඩිමො බට්ටෙක්. පුංචි උනාට රැගෙන යන පිරිසනම් පුංචී නෑ ඔන්න...

බලංගොඩ පහුකරගෙන පඹහින්න හරියට එනකොට කට්ටියගෙම තිබහ උග්‍ර වෙලා තිබුනේ ඉතින් සුන්දර සමනළ වැව පෙනෙන මානයේ ඉඳගෙන අපි ගෙනාපු උනුවතුර බොතල්වල මූඩි ගැලවුනේ මෙන්න මේ විදිහට

පැයක් විතර එතන ගතකරපු අපි නැවත චාරිකාව පටන්ගත්ත... සැන්දෑ වේගන ඒනකොට අපිට බෙරගල කිට්ටුවට එන්න පුලුවන් උනා දහවල් වෙල ගන්න අපි නැවතුනේ බෙරගල පාමුල හැබැයි එවෙනකොට බත් ඇටයක්වත් හොයාගන්ඩ තිබුනේ නෑ අපේ ආහාරය උනේ කොත්තු සහ ආප්ප කොහොමද කොත්තු සවාන



ඇත්තටම මේ පරිසරය හරිම අපූරුයි පහලින් වැල්ලවායෙන් ඔබ්බට දිවෙන කොස්ලන්ද සානුව නෙතට මනස්කාන්ත දර්ශණයක්.



ඉස්මුරුත්තාව හැදෙනකං කොත්තු ගිලපු අපි සුපුරුදු ප්ලෙන්ටියත් ගහලා නැවත පිටත් උනා.. නමුත් හපුතලේ කන්ද මදක් නැගලා ආපහු නතර උනේ අවට සිරි නරඹන්න අපි වගේම තවත් බොහෝ පිරිස් මාර්ගය අද්දර නැවතිලා පරිසරය රස විඳිනබව අපි දුටුවා.



නැවතිලා අවට දර්ශණය බලාන එන්නකොට නෙතගැටුන දෙයක් තමයි බෙරගලින් වැල්ලවාය පැත්තට දිවෙන මාර්ගය ඔන්න බලන්නකො සර්පයෙක් වගේ දඟර ගැහිලා තියෙන අපූරුව.



ආපහු ගමන පටන්ගත්ත අපිට ඊගාවට දකින්ට ලැබුනේ සුබදායක දර්ශණයක් නම් නොවෙයි හපුතලේ දුර්ඝය මැද හරියෙදි ගිනිගෙන දැවුන ලංගම බස් රථයක් ජීවය අවසන් වෙලා පාර අද්දර නැවතිලා තිබුනෙ කවුරුන් හෝ ගිනිතිබ්බද නැත්නම් කාර්මික දොශයකින් ගිනිගෙන දැවුනද යන ප්‍රෂ්ණාර්ථය අපට ඉතුරු කරලයි...



හපුතලේ නගරය මැදින් යනකොට ඈත බස් රථයක් ගැන විමසිල්ලෙන් උන්න මගීන් පාර අද්දරට වෙලා බලාන උන්නේ මෙන්න මේ විදිහට. 



බන්ඩාරවෙල නගරය කිට්ටුවට එනකොට කාටත් දක්නට ලැබෙන්න බඹර ජනපද කිහියක් පාර අද්දර විශාල ගස්වල රොද බැඳගෙන හිටියා



 රාත්‍රී අඳුර දසත වෙලාගනිද්දි අපි අපේ නවාතැනට සේන්දු උනා. බැංකුවේ නිවාඩු නිකෙතනය කලින්ම වෙන්කරවාගෙන තිබුන නිසා රාත්‍රි නවාතැන් ගැන ගැටලුවක් ඇතිවුනේ නැහැ.



ටිකවෙලාවක් ගමන් විඩාව සංසිඳවා ගත් අපි බදුල්ල නගරයේ විදි දිගේ පොඩි සංචාරයක යෙදුනා එහිදි අහම්බෙන් දැකගන්නට ලැබුන දේවාලේ පෙරහැර තමයි මේ.



  ඒවගේම රාත්‍රි මැදියමට වෙන්නට අපි සිටි නිවාඩු නිකෙතනය අද්දරින් ගමන් කරපු වේල් පෙරහැරක දර්ශණයත් අපට රසවිඳින්න ලැබුනා



පසුදා ඒකියන්නේ සෙනසුරාදා උදැසන 10.30 විතර අපි මංගල කටයුත්තට සහභාගි වෙන්න උත්සව ශාලාව වෙත පිටත් උනා ඔය අතරේ මුතියන්ගනය රජමහා විහාරය දැක බලාගන්නත් අමතක කලේ නෑ.



අපි උත්සව ශාලාවට යනකොටත් මනමාල යුවල ඇවිත් සිටියේ නැහැ ඉතින් ඔවුන් එන පෙරමග බලාන උන්න අපට මෙන්න මේ අමුත්තා මුනගැසුන නමුත් අපි ඔහුටත් ඔහු අපටත් කරදරයක් නොවෙන්නට අපි වග බලාගත්තා



   අපි ඇවිත් ටිකවෙලාවක් ගතවෙනකොට ආපු මනමාල යුවල නැදැ පිරිස පිලිගත්තේ ඔන්න ඔය විදිහට. 



පැය කිහිපයක් සතුටෙන් එහි ගතකල අපි  සතුටු සමාගමට ආයුබොවන් කියලා  මනාල යුවලගෙන් සමුගත්තා
  

රත්නපුර බදුල්ල පාරෙන් බදුල්ලට ආපු අපි ආපහු එන්න හැරුනේ බදුල්ල මහියන්ගන පාර ඔස්සේ එහේම ටික දුරක් ආපු අපි දුන්හිඳ දියඇල්ල පහුකරගෙන පල්ලම් බහින කොට වාහන තදබදයකටත් අහු උනා මොකද දීර්ඝ නිවාඩුවට බොහෝ දෙනා සවාරියේ ඇවිදින්.



  ඔහොම ඉස්සරහට යනකොට අමුත්තේක් වාහනයක ඉස්සරහට එනව අපිට මුනගැහුනා ගොඩබිම ඉන්න ලොකුම සතාවෙච්චි මෙයා ලොරියකින් ගමන් කරමින් හිටියා ඒ අදින් අවසන්වෙන බදුල්ලේ පෙරහැරට සහභාගිවෙන්ට කියල තමයි අපිටනම් හිතුනේ..



මේවෙනකොට බදුල්ල මහියංගන පාර අලුත් වැඩියා කරනව ඉතින් මෙපැත්තට වර්ශාව තවම පටන්ගෙන නොතිබුන නිසා මාර්ගය දෙපස දූවිල්ලෙන් නැහැවිලා තිබුනේ ඔය අතර සමහර තැන්වල මදක් නැවතිලා ගමන්කරන්නත් සිදුවුනා..



මහියන්ගනය නගරය කිට්ටුවට එනකොට පාර ඉද්ද ගැහුව වගේ බොහෝ දුරක් පෙනෙනව බැසගෙන යන සැඳැ හිරුරැසින් ආලොකමත් වෙච්චි පරිසරයට ගෙන ආවේ අපූරු චමත්කාරයක්.




   පොහොය දිනයට පසු දිනය උනත් මහියන්ගන වෙහෙර විදුලි ආලොකයෙන් වර්ණවත් කරලා තිබුනේ මෙන්න මේ විදිහට....




 රාත්‍රිය පටන්ගැන්මත් එක්කම අපි හසලකට ලඟා උනා වංගු දහට තරණය කරලා හුන්නස්ගිරි දුර්ඝය ඔස්සේ කොළඹ බලා එමේ අදහසින් අපි ගලාන එන ඝනදුරත් සමග මුසුවුනේ තවත් චාරිකාවක මතක සිත්තුල පැලපදියන් කරගන.



ප/ලි
එකතුවෙලා වැඩක් කරමු.... පොතක් දෙන්න එකතු වෙන්න.!!!