Wednesday, January 4, 2012

වෙරළේ සිත්තම් කරන්නට පෙර.....රළ හඬ පරයා..ප්‍රිතී ඝොශා නැගෙන්නට පෙර..රුමස්සල...සියල්ලට සුදානම්.......



ජනවාරි 7 හත හිරු නැගෙනුයේ වෙනදාට වඩා මහා ජවයකිනි...
මන්ද මාරුතය වෙන්දාට වඩා නැවුම්ය ....
වෙනදාක් මෙන් නොව මුහුදු රළ..වෙරළ සිපගන්නට මැළිකමක් දක්වන්නේ..
මිතුරන්ගේ පාසටහන් මැකේ දොයි යන අනියත බියකිනි.
අහස් කුස නිල් පිත්තපටියකින් වැසුවාක් මෙනි...
   
මිතුරනි..ඔබ පිළිගන්නට....... මුලු පරිසරයම සුදානම්ය.

 ලක් රටට නැවුම් අද්දැකුමක් වු අධිවේගයේ..
චමත්කාරය විඳිමින් යන මිතුරු කැලක්..
බලාපොරොත්තු පිරුනු දැස්.....
සතුටින් උද්දාමයට පත්වු..සිතැත්තන්..
ඔවුනට මිතුරන් හමුවී ඇත..
තව බොහො මිතුරන් හමුවීමටද...ඇත.


 මේ වෙන කවුරුත් නොව ඔබමය..


අධී වෙගයට දැස් යොමන් සිටින මිතුරන් පිරිසක්...
විඩාවට පත්වූ ඇසිපිය...
බලාපොරොත්තුවෙන් ඔද්දල්වු සීතැත්තන්....


මේ කවුරුන්ද ඒ ඔබමය...


කොලොම් තොටින් ගාලු පුරයට එන මිතුරන් පිළිගැන්මට සැරසෙන අපේම සයිබර් මිතුරන්ය...
  
යමු එක්වෙමු හඳුනාගනිමු ..විනොද වෙමු...


ඔබත් එන්න...මේ හරහා එන්න..
ජනවාරි 7 උදැසන 7 ට කොට්ටාව ප්‍රධාන බස් නැවතුම් පළට පැමිනෙන්න ( පොළීසිය අසල )

සංවිදායක කටයුතු ශක්තිමත් කරන්න....


ඔන්න යාලුවො එක්කන් එන කට්ටිය යාලුවගේ බරපැනත් අරගෙනම එන්ඩ අමතක කරන්ඩ එපා


කොළොම් තොට මිතුරනේ...වැඩි විස්තර මේතැනින් ගන්න




පොඩිමැන් මෙහෙම ලියන කොට කිඩො මෙන්න මෙහෙම කියලා

31 comments:

  1. අපිට කොහෙද අධිවේග... කවුරුවත් මේ පැත්තෙන් යන්නෙ නැද්ද?

    ReplyDelete
  2. සුභ ගමන්..සුභ ගමන්...මම රූමස්සල ගිහින් තියනවා..ඒත් ඔයාල එක්ක යන්න තිබුනනම් කියල හිතෙද්දි දුක හිතෙනව......(බලාගෙන පරිස්සමෙන් හොඳේ? හනුමගෙ අවතාරෙ තියනවලූඌඌඌ.)

    ReplyDelete
  3. @ Praසන්ன :- කොයි පැත්තෙන්ද ???

    ReplyDelete
  4. එක එක අවතාර එදාට රුමස්සල අතහැරලා යනවලු.... මොකද හොද සෙට් එකක් එනවලුනේ..... අවතාර නෙමේ...

    ජය වේවා

    ReplyDelete
  5. @ ප්‍රසන්න
    රත්නපුර කොළඹ බස් එකක නැගල කොට්ටවට එන්ඩ උදේ 7 ට . ඇයි බං අනුරාදපුරේ ඉඳන් නාකියා එනවනං උබටත් පුලුවං එන්ඩ මචො..හැබැ අර ලින්ක් එකට ගොහින් කන්ෆර්ම් කොරන්ඩ හොඳේ ජනවාරි 6ට කලින්

    ReplyDelete
  6. සියල්ල සුදානම් නේ..ඊලග එකටවත් එන්න බලන්නම්.මානසිකව වැටිලා ඉන්නේ..චික්!!..

    ReplyDelete
  7. ඊරිසියාවේ බෑ...

    ReplyDelete
  8. වැඩේට නම් ආසයි. ඒත් එන්න බලනවා. අප්පේ වැඩ ඉහ ලගට පිරිල.

    ReplyDelete
  9. @ පොඩිමෑන්, රත්නපුර, ගොඩකවෙල.
    @ රාජ්, ආපහු එන්නෙ කොහොමද කොළඹ ඉඳල.

    ReplyDelete
  10. ඔන්න හැමදාම කියන දේම මේකෙත් කිව්වා . . පොටෝ නම් ඕනමයි . . හරිය

    ReplyDelete
  11. @ ප්‍රසන්න
    ඇයි දෙයියනේ..මොනරාගල බස් එකක නැගපංකො ඒ ඔනේත් නෑ..අපි 5 වෙනකොට ආපහු කොට්ටාවේ..ඇඹිලිපිටි බස් තියෙනවනේ බං 7ත 8ට වෙනකං..නැත්තං අභි අයියගේ ඔෆිසියේ උනත් ඉන්න ඇහැකි..මෙන්න මෙහේ වරෙන්

    ReplyDelete
  12. හරි හරි එන්න බලන්නං.

    ReplyDelete
  13. @Praසන්ன
    ලොකු අයියේ අර උඩ තියෙන ලින්ක් එකට ගිහින් කන්ෆර්ම් කොරනවඩ එහේනං

    ReplyDelete
  14. මට එන්න බැරිවෙයි වගේ...:( හයියෝ!!! ඊරිසියාවෙ පැළෙයි මම..:(

    ReplyDelete
  15. @ හිතු
    එන්ඩ පුලුවං කියලයි ආරංචී...ඉරිසියාවේ පැලෙන්ඩ ඔනනෑ..එන එකයි ඇත්තේ..ඔනම නං ආරක්ෂකයෙකුත් අරගෙනම..හැබැ දෙයියන්ගේ නාමෙට හෙට රැ වෙන්ඩ කලින් කන්ෆර්ම් කොරල හොඳේ

    ReplyDelete
  16. හපුච්චියේ......ඇයි කෝඩුකාරයටම මෙහෙම වෙන්නේ.......මට එදාට මල දානයක් වැටිලනේ.....(මල දානයක් කිවුවෙ ගෙදර පොඩි දානයක් තියනව එදාට.)මක් කොරන්නැයි....කමක් නෑ..උඹල ගිහින් අපිවත් මතක් කොරල අපිටත් එක්ක හොඳට නාල කාල වරෙල්ලා........කොහොමහරි සිහින උළෙලදිවත් සෙට් වෙමු.....සුභ ගමන්!!!

    ReplyDelete
  17. ඔන්න කොන්ෆෝම්ද මොකක්ද කොලා. අඩේ වෙලාව තමා ප්‍රශ්නේ.මම රෑ කෝච්චියේ එන්නේ.කොටුවට එද්දි 6 වෙනවා.ඒ ඉතින් ඒ අටමගලෙ වෙලාවට ආවොත් තමා.නැතිවුනොත් කොටුවට එද්දිම 7 වෙයි. එහෙම උනොත් මං කතා කරලා කියන්නම්.මං විතරක් පරක්කු වුනොත් උඹලා පලයල්ලා. මම පාරෙ බස් එකේ හරි එන්නම්.

    බස් එකේ එන්න එපා වෙනවා. පාර හදන නිසා. එහෙම ආවොත් පෙෂර් එකත් නගියි. :)

    ReplyDelete
  18. මම ගාල්ලෙ ඉදල තියෙනව අවුරුදු 4ක්. ගාල්ලේ කිව්වට බූස්සෙ, බූස්සෙ රැදවුම් කදවුරේ. තනියම නෙවෙයි 3000ක් විතර එක්ක..
    ඒත් මේක වෙනම අත්දැකීමක්.... වෙනම කියන්නෙ වෙනම...
    බොරු බයිල නැතුව හැමෝම වරෙල්ලා..

    ReplyDelete
  19. ජය වේවා .....පරිස්සමට ගිහිල්ලා අපිටත් විස්තර කියන්න....

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. @ නාකියා :- කෝච්චිය වේල පහ එනව බං.... අවුලක් වෙන එකක් නෑ... ගාට්ට පොඩි අඩියක් අරන් දීපං කොඩිය ඉක්මනට වනන්න කියල..:D

    ReplyDelete
  22. @ නාකියා
    තො නැතුව අපි යන්නෑ යකො ඉක්මනට වරෙන්

    ReplyDelete
  23. මම එන්නෙ අභියලගෙ සෙට් එක එක්ක !වැරදිලා වෙන ෆෝර්ම් එකක් පුරවලා උදේ පාන්දර කන් පුරවලා කුනුහබ්බ අහ ගත්තා පහු ගිය දවසක ! හෆොයි !

    ReplyDelete
  24. එහෙනම් හැමෝටම සුභ පැතුම් ....පස්ට ආතල් එකක් අරගෙන ඇවිත් කියන්න.....

    ReplyDelete
  25. ගැත්තාට සමාවන සේක්වා.. කැළණි පෙරහැර බලන්ට යමි..

    කැළණි රජ මහා විහාරයේ පිහිටයි.. සුභ ගමන් කිව්වා..

    ReplyDelete
  26. එහෙනම් හැමෝම එන්න..පුළුවන් කමක් තියන හැමෝම..සෙට් වෙලා කට්ටියම අදුනගෙන අලුත් අත්දැකීමක් විඳින්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  27. මමත් එනෝ.. හිතු මෙන්න මෙහෙ වරෙන් බන් මමත් එනවා..

    ReplyDelete
  28. @ වර්ණා
    නගා දුෂ් නගා සමග තව ගැහැනු ලමයි කිහිප දෙනෙක්ම එනව...ඉතින් ඔය ඉන්නේ ගැහැනු ළමයි ඔන තරම්....හිතු නගේ මෙන්න මෙහේ එන්ඩො...

    ReplyDelete
  29. කෝ බං පොටෝ දාපංකෝ බලන්න විස්තරේ එක්ක/.....

    ReplyDelete
  30. හෙට වෙද්දී දානව මචං පොඩි වැඩක හිරවෙලා ඉන්නේ සමාවෙලා පොඩි වෙලාවක් දිපං

    ReplyDelete
  31. කොළඹ සංවිධායකතුමා ගමන නියමෙට වැඩේ කරලා තියෙන බව පිටින් බලන අපිට පේනවා, තමනුත් තෘප්තියක් අරන් අනිත් අයටත් ඒ තෘප්තිය ලබා දෙන එක කොච්චර වටිනවාද..ආයි පාරක් ගියොත් මාත් අනිවාර්‍යයෙන්ම එනවා...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...