මුලින්
කියන්නේ කියෙව්වා
කියලාය
ඒ මදිවට
කොමෙන්ට් එහේම දමලාය
පිස්සුව හැදි
එකක් පටන් ගත්තාය
අකුරක් ලියා
නිය හපමින් උන්නාය
කොමෙන්ට්
ටුවක් තාම අනේ වැටිලා නැතේ
අපි අලුත්නේ
එකයි තව නැත්තේ අනේ
සිංඩියේ මෙක
තාම පෙනුනේ නැද්ද අනේ
අපොයි ඉතිං
කොහොම ආයේ ලියන් අනේ
ෆලො ගැජට්
හයිකොලාට වැඩක් උනේ නෑනේ තවම
කොච්චර
ලිව්වත් ෆලොලා එන්නේ නැත්තේ ඇයිද තවම
හිට්කට්ටත්
උඩට උඩට නැහැනේ අනේ යන්නේ තවම
කුනු කැම්පෙන්
තුන හතරක් බුකියේ කොලේ නෑනේ තවම
පටන්ගත්තා
වගේද බොල කොරන කොටනේ තෙරෙන්නේ
ලියනව කියලා
මොනාද මෙකෙ අනේ ලියන්නේ
අම්මා දැක්කොතින්
අයියෝ කුනුහරුපත් ලියන්ට බෑ
කෙල්ල
දැක්කොතින් අම්මෝ පරණ කෙස් ලියන්ට බෑ
හිට්කට්ටත්
පැන්නනේ බොල ලක්ෂ පහයි අද වෙනකොට
ෆලෝ ගැජට්
ඉඩමදි වෙලා නවසීයත් ඉවරයි බං
පරණ කෙල්ල
දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ කියලා
අවුලක් නෑ ඒ
උනාට දුක ලියනවා උඹලට මං
ප/ලි දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..! මේ වැඩෙට සපොර්ට් එකක් දෙනව නේද..!!!
අනිවා එකෙන්ම සපොර්ට් :)
ReplyDeleteඑල
Deleteඅවුලක් නැත්නම් අවුලක් නෑ. රාජ්ට කවිත් ලියන්න පුළුවන්නේ. ආයෙත් ළඟදිම තව ටිකක් ලියමු.
ReplyDeleteආඃ ... ඔය කවිවලින් කියන්නෙ කවුරු ගැනද?
බ්ලොග් ලොකෙ වෙන විපිරියාස නෙව මේ
Delete:D
Deleteඒ මිස කවුරුවත් ඉලක්කකරල ලිව්ව නෙවෙයිනේ.
බුදු අම්මෝ නෑ.....
Deleteජය වේවා.. !! :D
ReplyDeleteජය ජය....!! D
Deleteඅනේ හැබෑටම් ඔහොමම නේන්නම් හිතුනෙ...
ReplyDeleteපොතක් කාටද ? කොහාටද පරිත්‍යාගකරන්ඩ ඕනා.. ?
ඔව් මචං අම්පාර ගලහියා මහ විදුහලේ පුස්තකාලේට මෙ ලින්ක් එක බලන්න
Deletehttp://cyberfestival.blogspot.com/2012/08/2012.html
එළ මචන්... මාත් එනවා..
Deleteඅනිවාර්රෙංම සපෝට් එක දෙනවා..
ReplyDeleteජයවේවා රාජ් අයියේ!!!!!
ජය මලේ
Deleteහොඳ තත්වයේ තියෙන පරණ නවකතා,කෙටිකතා බාර ගනීද?
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteපාසැල් ලමුන්ට දෙන්ඩ හොඳයි කියල හිතෙන ඔන පොතක්
Deleteඅවුලක් නෑ කිව්වම මට මතක් වුනේ වෙන කතාවක්. ඒක පස්සෙ කියන්නම්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
හරි හරි හැබැ ඉක්මනටම ලියන්න Dude
Deleteහොද කවිකාරයෙක් නෙව.... // පරණ කෙල්ල දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ කියලා//. දැන් වුනත් වෙනසක් නෑ මං හිතන්නේ. සුබපැතුම් ඈ... ජය...
ReplyDeleteඅහුවෙයං කෝ....
Deleteකවිටික මරු...
ReplyDeleteපුලුවන් සුප් එකක් දෙන්න බලන්නම්...අවුල මම තවම පොඩි එකානෙ....
එළ පුංචි උනත් ගම්මිරිස් ඇටේ හරි සැරයි නේව
Deleteබලමු එන්න ලැබුනොත් අනිව දෙනව.
ReplyDeleteඑළ මචං
Deleteරාජ් එන්න බැරි වුනත් අර account නම්බර් එකට මුදලක් දැම්මොත් හරි නේ.. ?
Deleteඅවම මුදල කීයක් වගේද දාන්න ඕනේ කියපං මචං..
එහේම සිමාවක් නෑ බං පොතක් ගන්න පුලුවන් ඔනම ගානක් දාපං
Deleteකවි හිත එල, පුළුවන් සපෝර්ට් එකක් දෙන්නම්
ReplyDeleteස්තුතී ඔබට....
Deleteලියන්න ඕන ඒව තිබුනත් වෙලාව මචං ප්‍රශ්ණෙ..!
ReplyDeleteනගරෙන් අපි දුරනෙ..!
බලමු පස්සෙවත් සම්භන්ධ වෙන්න.
උඹලා ඉන්නේ සුන්දර පලාතකනේ මචං
Deleteදිගටම ලියන්න...
ReplyDeleteහිට් බලාන ලියන්න එපා..
අයියා හරි මමත් ඔය පාරේ....
Deleteඅනිවා සපෝට් දෙනවා
ReplyDeleteකවි නම් එල
ස්තුතී කසුන්...
Deleteපට්ට ඈ...ඕනි සප් එකක්....
ReplyDeleteඑල මචං...
Deleteනියමයි..:)
ReplyDeleteකොහොමද පොත් බාර දෙන්න පුළුවන්..??
ස්තුතී අර ලින්ක් එකේ තියෙන පොස්ටුවේ ඔනම නොම්මරෙකට කතා කරන්න නැත්තං 0773002262 මට කතා කරන්න කෝ
Deleteමම 1 නම් නෙවෙයි :P
ReplyDeleteනියම කවි ටික. අපිත් ඉන්නවා සපෝට් එකට
අනිවා දන්නව මචං ජය
Deleteඅනේ වාසනාවන්... තව ඉදිරියටම යන්න ලැබේවා !
ReplyDeleteස්තුතී මචං...
Deleteබ්ලොග් ලෝකේ සාමාන්‍ය සිද්දිය ලියනවා කියල මොනවා ලියන්නද?
ReplyDeleteහේ..හේ ඔව් බං
Deleteමාත් ආපු අළුතම හිතට දැනුන දෙයක් තමයි ඉතින් මේ කවියෙන් ලියලා තියෙන්නේ..
ReplyDeleteඅනිවා දිනෙෂ් මල්ලි...
Deleteනියමයි.ජය හ්ම්ම් :)
ReplyDeleteජයෙන් ජය...
Deleteකවියක්ද කතාවක්ද බං :ඩී
ReplyDeleteඔය දෙකම නෙමෙද කොහේද බං
Deleteප්‍රදර්ශනෙන්ම පොත් අරගෙන දෙන්න පුලුවන්ද?
ReplyDeleteඔව් ප්‍රදර්ශනෙන් අරගෙන දුනත් කමක් නෑ ඉස්කොලේ ලමයින්ට කියවන්න සුදුසු ඔනම පොතක්
Deleteශාහ්හ්හ්හ්හ්හ්හ්හ්... අයියා කවි ලියනවානෙ.. මරු!!
ReplyDeleteඅපොයි තාම අත්හදා බලනව නංගියේ
Deleteඅනිවා මචෝ...ලබන සතියේ දිහා මං එනවා උඹව හම්බෙන්න.....
ReplyDeleteඔන වෙලාවක වරෙන් කොල් එකක් දිපං මචං 0773002262
Deleteලියන්න ඕනේ විදිහට, වදින්න ඕනේ තැනට වදින්නම සුපිරියට ලියල තියනවා. පට්ට කවි සෙට් එක
ReplyDeleteහික්ස් ස්තුතී ලොක්කා
Deleteම්ම්ම්ම් මරු කවි ටික...ලස්සනයි..
ReplyDeleteස්තුතී අනු...
Deleteඑකෙන් ම දෙනවා සපෝර්ට් එක අපි!
ReplyDeleteඑල මචං
Deleteලියන්නට දිරි දෙන්න
ReplyDeleteබලන අය වැඩි වෙන්න
ලැබෙනවානම් කමෙන්ට්
හිතෙනවා තව තව ලියන්න
ප්‍රදර්ශනේ පසුවෙලා
නේද යන්නේ සිසු බලා
ගන්න එතන පොරකාලා
ඉන්නේ මං මග බලා
අකුරු කරනා දරුවනට
දුනහොත් පොත්-පත් යසට
අත් වෙයිනෙ පිං හොඳට
මතු ලැබෙයි ශිල්පෙ ඔබට
එවු ඔබේ තුති කුසුම්
Deleteපිළිගනිමි හිස නමා
අනාගත පරපුරේ...
නෙත් පහන් දල්වන්ට
පිදු ඔබේ ශක්තියට
හදවතින් තුති පුදමි..!!!
මමත් කාලයක් ලිව්වා හිට්, කමෙන්ට් බලාගෙන ඒත් මම අන්තිමට තේරුම්ගත්ත දේ තමයි අපි ලියන දේ කවදාහරි වැදගත් වෙන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා කියන එක. මටත් එහෙම කරකියා ගන්න බැරුව යම් යම් ගැටළු වල හිරවෙලා ඉන්නකොට උදව් ගත්ත බ්ලොග් තියෙනවා එහෙම උදව් ගත්ත සමහර බ්ලොග් වල තිබුන දේවල් නෙට් එකේ වෙන කිසිම තැනක හොයාගන්න බැරි තරම් වැදගත් දේවල්..උදාහරණයක් කිව්වොත් ලගදි දවසක මගේ GPS එකේ පොඩි සෙටිංස් ප්‍රශනෙක් හින්දා මම මුළු නෙට් එකම අනිත් පැත්ත පෙරලලා බැලුවත් මට විසදුමක් හොයාගන්න බැරි උනා..බැරිම තැන මම ගාමින් සමාගමටත් ලිව්වා..ඒකේ හිටපු විශේෂඥයත් හොල්මන් මම කියපු දේ අහලා..මිනිහත් තේරුනේ නැති ගානට වැඩේ මගහැරියා..ඔය අතරේ තවදුරටත් හොයද්දි හම්බුනා බ්ලොග් එකක් ඒත් ඒක බලන්න 10 දෙනෙක් වත් ඇවිත් තිබ්බේ නැති තරම්..ලියපු කෙනා එක පෝස්ට් එකෙන්ම ලිවිල්ල නවත්තලා..හැබැයි ඒ එක පෝස්ට් එකෙන් මගේ ගැටළුව 100% විසදුනා..පොත් පරිත්‍යාග කරන වැඩේ නම් සෑහෙන වටින කාලින අවශ්‍යතාවයක්..පුලුවන් විදිහට උදව් කරන්නම්...
ReplyDelete