Monday, November 7, 2011

උපන්දින සැමරිල්ල..සහ පොලිසීයේ වමනේ දැමිල්ල....


   අපේ යාලුවෙක් හිටිය බුද්ධික කියලා..දැන්නම් පොර ඉන්නේ එංගලන්තේ..මිනිහගේ උපන්දිනේ යෙදිල තිබ්බේ දෙසැම්බර් මාසෙට....කොහොමත් පාටී මාසෙනේ...යාලුවො සෙට් එකම ඉල්ලුව පාටියක් ..නිකං එකක් නෙවෙයි..අමර බොතල් පාටියක්....

   කොහොමත් අපේ බුද්ධිකයට තමා කස්ටියගෙන් හොඳටම උයන්න පුලුවං...එක නිසා බයිට් වලට යන සල්ලිත් ඉතුරුයි...අදාල දවසේ හවස.., අපේ පොඩි බොඩිමට කස්ටියම සෙට් උනා..
   ඔය අතරේ එකෙක් හිටිය මූ මස්මාලු කන්නැ හැබැ හොඳට අරක්කුනං බොනව....ඉතිං බුද්දිකයා මූටත් ඉස්පෙසොල් වෙජිටබල් බයිටකුත් හැදුව...

   කියන්ට ඔන්නැ නොවැ ඔය බොනකස්ටිය දන්නවනේ..එක එකාගේ පං පොරි කතා කියකිය ඔං ඉතින් වැඩේ ජයටම යනව... කොහොමහරි බොතල් දෙක තුන හිස්වෙනකොට ගෙනත් තිබුන ඒවා මදිවෙලා කස්ටියට තව ඔන උනා..එතකොට රැ 10 ත් පැනලා මේ වෙලාවට ඉතින් කලුකඩෙන් තමා....තියෙන පෙරෙත කොමට ඩබල් ගෙවලා තව එකක් ගෙනාව...බුද්ධිකයට බර වියදං ඉතිං...

   ඔං රෑ මැදියම විතර වේගෙන එනකොට අර වෙජිටබල් යාලුවට ගෙදර යන්ඩ ඔන උනා...ඔතන හිටියා මොටර්සයිකලයක් තිබ්බ යාලුවෙක්...පොරට ටිකක් වැදිලත් හිටියේ..මූ කියපි..හරි මම ගිහින් දාන්නං කියලා..හැබැ ඔය බයිසිකල් යාලුවත් එක්ක ආපහුයන්ඩ තව යාලුවෙක් හිටිය මොකැ දෙන්නගෙම ගෙවල් තිබ්බේ එකලඟ....

   කොහොම හරි අර මුලින් කිව්ව වෙජිටබල් යාලුව ඇරලවන්ඩ..බයිසිකල් යාලුව ගියා...හැබැ එච්චර දුරක නේමේ වෙජිටබල් යාලුවගේ ගෙවල් තිබ්බේ...නමුත් දෙන්නා ගියා ගියාමයි...අපේ එකා..ආපහු එනපාටක් නෑ...
   මූට ෆොන් කලත් ආන්සර් කොරන්නැ..මේ අස්සේ එහේම්ම වැටිලා එකෙක් බුදී.....ගිය දිහාකින් මුව හොයන්ඩ එපෑ..බුද්ධිකයව බොඩිමේ තියලා අපි තුන්දෙනේක් පාරට ආව..පාර කිව්වෙ නුගෙගොඩ හන්දියට...මොනා උනත් රෑ 12 ටත් නුගෙගොඩ හංදියේ ත්‍රීවිල් තියෙනව..පාරට එද්දීම ආපු ත්‍රීවිල් එකක නැගලා මිරිහාන පැත්තට යන්ඩ ගත්තා මොකැ අරුන් දෙන්නා ගියේ ඒ පැත්තට...

 ඔන මගුලක් කියලා ගත්තා කොල් එකක් ආයේ ඒ පාර මේකා ආන්සර් කලා

 " තො කොහෙද යකො ගියේ.."
 
  " මම තිඹිරිගස් යාය හරියේ බං .."

  " මගුලක් කොරනවද ඔහේ...තොපි මිරිහානටනේ ගියේ.."

   " නෑ...මම...එනගමං බං..."
 
   " අඩො බොරු කියන්ඩ එපා යකො ඇත්ත කියපං තො කොහේද ඉන්නේ.,..අපි මේ උඹව හොයන් නුගේගොඩ හංදියට ඇවිත් ඉන්නේ...."
 
  " මචො....අහවලාට කියන්ඩ එපා මාව පොලිසියෙන් ඇල්ලුව බං..."

  " හරි දැන් උබ කොයි පොලිසියෙද ඉන්නේ..."

 " බම්බල පිටියේ බං..."

 " හරි හරි..අපි එනව...."

මූට තියෙන ලැජ්ජාවට පොරගේ ගෙවල් ගාව ඉන්න අනිත් යාලුවට කියන්ඩ එපා කියල තමා පොර කියන්නේ...දැන් මොනව කරන්නද අර ත්‍රීවිලර් එකේම ගියා බම්බලපිටිය පොලිසියට....

  කස්ටිය දන්නවනේ ඒ කාලේ හැවුලොක් ටවුමේ රෙදිමොල තිබ්බ තැන තිබ්බා... ලොකු චෙක්පොයින්ට් එකක්..ඔං ඔතැනදි පොලිසියෙන් අපේ ත්‍රීවිල් එක නැවැත්තුව...තුන්දෙනාම බිල උනාට ඩ්‍රයිවර්  බිලා නැනේ ඉතින් අවුලක් නැ නමුත් පොලිසියෙන් අපෙන් පුරස්න ටිකක් ඇහුව..උන්ට උත්තර දිලා ආපහු යන්ඩ හදද්දි...තව කෙලියක්

   අපේ එකෙක් හිටියේ ෂොටක් ගහගෙන උගේ සාක්කුවෙ දෙහිගෙඩියක් තිබිලා..අපි දන්නේත් එතකොට..ඔතන හිටිය පොලිසියේ එකේක් මුගෙන් අහපි ඔය මොකද්ද කියලා

  අරූත් කින්ඩි බැල්මක් දාගෙන ගත්තනේ ඔක එලියට...

 " දෙහි ගෙඩියක් සර්..."

 " දෙහි මොකටද ඔයි..."

  "නෑ මේ නිකං..හි..හි..."

" හරි හරි යනවලා...."

බම්බලපිටියේ පොලිසියට ඇතුල්වෙලා ගෙට්ටුව ගාවම ත්‍රීවිල් එක නවත්තල...අපේ දෙහිගෙඩි යාලුවට එතෙන්ඩ වෙලා ඉන්ඩ කියලා..අපි ගියා පොලිසිය ඇතුලට රෑ 12 විතර වෙලා නිසා ඇතුලේ ඒතරම් කලබලයක් නෑ...
  එතන තියෙන පැමිනිලි කවුළුවෙන් විපරම්කලා අපේ යාලුව ගැන..නමුත් එහේම කෙනේක් ගෙනල්ලා නෑ..පස්සේ එතැනින් වැල්ලවත්ත පොලිසියට කතාකලාම පොර ඉන්නව එහේ...මේ අස්සේ අපේ දෙහිගෙඩි යාලුව ඇවිල්ල මට කතාකොරනව...

 " මචං....අරු ඉන්නවද....මාර කෙස් එකනේ උනේ..."

" ඇයි..ඌ මෙහේ නැ වැල්ලවත්තේ ඉන්නවලු...."

" නෑ බං මට වමනේ ගියා.....හදිස්සියට අර මල්පාත්තියට දැම්මෙ බං..."

" පොලීසියේ,.... හූ...තොත් මෙකෙ ලගින්ඩද හදන්නේ යමං..."

රෑ හින්ද පොලිසියේ කවුරුත් කෙස් එක දැකලනැ....ආපහු අපි වැල්ල වත්තට යනකං අරූ කබරයා දැම්ම....වැල්ල වත්ත පොලිසියට යනකොට ඉස්සරහ තියෙන වාහන එක්ක යාලුවගේ බයිසිකලේ තිබ්බ...ගිහින් විමසිම් කවුලුවෙන් විස්තරෙ කියල ඇහුව...
 
   " ඉන්නව  ...ඉන්නව ආං පිටිපස්සෙ හොටලයක් දාගෙන..ඔයවගේ බීලා බයිසිකල් පදිනවද අයිසේ...."

   අපි ඇතුලට යනකොට මූ කානුවකට  වමනේදානව...පොලිසියේ කොස්තාපල් කෙනෙක් අපේ එකාගේ පිට අතගානව.....අපි යනකොටම...කොස්තාපල්..,

 " ආ ඔන්න තමුසෙගේ යාලුවො ඇවිත් දැන් කස්ටියම එක්කහු වෙලා හොදන එකයි ඇත්තේ පොලිසියම...මේකා හැම තැනම ජරාකලා..."

කියලා කියපි...
         හැබැ එහේම කරන්ඩ ඔන උනේ නැ විහිලුවට කියල තියෙන්නේ...ඒ කාලේ හිටියෙ තරුණ O. I .C කෙනෙක්..පොරට ශෙප් එකක් දාලා යාලුවව ඇදගෙන ආව නමුත්..යාලුවගේ ලයිසොම මාස තුනකට තහනං කොලා...
  
 මේකයි වෙලාතියෙන්නේ අපේ එකා කොහුවලට එනකං හොඳට ඇවිත් පිලියන්දල පැත්තට කන්ද නගිද්දි බයිසිකලේ පෙරලිලා ....පස්සේ ඔතන ශෙඩ් එකට ආපු බස් එකක හිටපු අයියල දෙන්නේක් මූව නැගිට්ටවලා ඒ උනාට ...මේකා බයිසිකලේ හැරුන පැත්තට ගිහිං පාමංකඩදී පොලිසියට අහුවෙලා....

   ඔං මුවත් අරං බොඩිමට එද්දී...දොරෙන් ඇතුල්වෙනකොටම පොත් පත්තර බිම හැමතැනම...මොකැ කියල බැලුව....බුද්ධිකය ගෙදර හිටිය...ඌ අපි යද්දි ගෙට්ටුව ගාවටත් ආවනේ..අනිකා නං හිටියේ නිදාගෙනනේ ...

  මේකා අපි ගියාට පස්සෙ ගෙට්ටුව ලඟ කබරයා දාලා...එහෙම්ම ගෙයි පේමන්ට් එකේ වාඩිවෙලා....ටිකකින් ආයි වමනේ ගිහින්...වැඩේ කියන්නේ එතනම නින්දගිහිල්ලා.....මූන දැවිල්ලයි වගේ දැනුනම ඇහැරිලා..බලනකොට....අර වමනේ ගොඩට ආපු කූඹි මුගේ මුන කාලා..

  පස්සෙ දනගාගෙන වගේ ගෙට ඇවිත් දොර ගාව තියෙන මේසේ අල්ලගෙන නැගිටිනකොට මේසෙ උඩ තිබ්බ පොත් බිම වැටිලා....

   ඔං උපන්දින සාදෙ ගිය දුර....



ප.ලි
මීට වසර 4කට ඉහතදී ලද තවත් අපුරූ අත්දැකිමකි.....  








22 comments:

  1. හප්පේ මාර සීන් ගොඩක්නේ වේලා තියෙන්නේ...බොන්ට ගියාම ඉතින් ඔහොමනේ...කියලා වැඩක් නෑ වෙන දේවල්....

    ReplyDelete
  2. මොකට බොනවද ඔහොම වමනේ දදා.

    ReplyDelete
  3. නියම වැඩේනෙ !! හපොයි මෙහෙමත් පාටි.

    ReplyDelete
  4. බිව්වම ඇත්තටම වෙරි වෙනවද.... ....(බීලා තියෙන එකක්යෑ :)

    මොනවා උනත් අර කොස්තාපල් මරුනේ..වමනෙ දාද්දි පිට අතගාපු කෙනා...කන බොන මනුස්සයෙක් වගේ...හික්ස්...

    මම නම් හිතන්නෙ පෙරේත කමට බිව්වම වෙන්නැති ඔය වගේ වමනය දමන්නෙ...

    ReplyDelete
  5. හිනා සාගරයක් බන්... හක් හක්... කබර ස්ටෝරි කිව්වම මගෙත් සීරිස් එකක්ම තියෙනවා බ්ලොගේ...

    ඒ උනාට බීල එලවිල්ල නම් අන්තිම හරක් වැඩක්....

    ReplyDelete
  6. @ නොදුටු ලොවක්
    අනිවා මචො

    @ නදී
    ඔවු තමන්ගේ තරම දැනගෙන බොන උන් බොන්ට ඔන

    @ මහ වෙදනා
    එකනෙන්නං වෙදමහත්තයො..නමුත් දැන්නම් කස්ටියම බොහො දුරට හොඳ කල්කිරියාවෙන් ඉන්නව

    @ දිල්
    බිව්වම කල්පනාශක්තියේ යම් පසුබැමක් දකින්ට පුලුවන්..නමුත් මතකයෙ නම් වෙනසක් වෙන්ට තියෙන බලපැම බොහොම අඩුයි..ඇත්ත ඔය කොක උනත් පෙරේතකමට පමන ඉක්මවා යන්නැත්නම් හොඳා තමා

    @ පිස්සා පලාමල්ල
    ඔවු මචො බිලා වාහන එලවන එක මාත් අනුමත කොරන්නැ...

    ReplyDelete
  7. මේ වගේ පිස්සු මතක මටත් නැතුවම නෙමෙයි
    හැබැයි මමනම් මතක ඇති කාලෙක ඔහොම කරටි කැඩෙන්න බීල නැහැ.
    මද පමණින් තමයි
    (දැන්නම් එහෙමවත් නැහැ, මොකද මෙහෙ ඇල්කොහොල් නැහැනේ)
    ඒත් හැබැයි ටික කාලෙකට කලින් එහෙම වෙච්ච දවසුත් නැතුවම නෙමෙයි

    ඒ වගේම මම මේ අත්දැකීමෙන් කියන්නේ, බීල වැඩි වෙච්ච සමහර වෙලාවල් වල කතා කරපු දේවල් පහුවෙනිදා උදේ වෙද්දී මතකයේ නැති වෙච්ච දවස් තියෙනවා.
    ඒ කියන්නේ ඒ වෙලාව මගේ ජීවිතෙන් මතකය නැති වෙලා(Blank වෙලා) ගිහින්.... එහෙම වෙච්ච විශේෂ දවසුත් තියෙනවා
    හෙහ් හෙහ්...

    සමහර දවස් වල බීල ඇවිත් මහා රෑ මල් කඩන දවසුත් තියෙනවා.
    ඒත් සමහර වෙලාවට කතා කරපු දේවල් හරියට මතක නැහැ.
    වෙලාවට මගේ ෆෝන් එකේ කෝල් රෙකෝඩින් තියෙනවා
    ඉතිං උදේ පාන්දරම කරන්නේ පරණ කෝල් එක අහල බලනවා කොතන හරි අනාගෙනද කියලා...
    අනාගෙන නැත්නම් කොල්ල ශේප්..(අනාගත්තත් ශේප් තමයි)
    මොකද මේ ගොඩක් දේවල් යන්නේ නිදි මත පිටින්නේ

    ReplyDelete
  8. හප්පට සිරි.බිවුවම වෙන වැඩ.
    ඔය බීල නෑ කියන අය ගොඩක් වෙලාවට හොරෙන් බීල ජීවිතේම කනපිට ගහගත්ත වෙලාවල් තියනව.

    ReplyDelete
  9. @ ලොකු පුතා
    ඇත්ත බං බොනකොට ඔයවගේ කෙලි වෙනව..බොනකොට පමණ දැන පාවිච්චි කොරනව නං තමා වඩා හොඳ...

    @ කස්සා
    ඇත්ත ඇත්ත හැංගි හැංගි වෙස්බැන්දට නටන්නේ එලියෙලුනේ..නැද්ද මචො....

    ReplyDelete
  10. මේ පාර ලංකාවට ගියාම අපේ උන්ට පාටි දීල මටනම් එපා උනා!උන් ආතල් ගන්නයි නොබොන අපි කටු කන්නයි!ඔය මොනව උනත් බීල බයික් එකේ ගිය එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි!මීට පස්සෙ නම් කාටවත් කීයටවත් බීල බයික් එක ගෙනියන්න දෙන්න එපා මචෝ !

    ReplyDelete
  11. @ සබිත්
    මේ පැත්තට සාදරෙන් පිලිගන්නව...ආවට සිතූති මචො...
    ඔවු බං කිව්ව එක ඇහුවනං ඔච්චර දෙයක් වෙන්නැ...උබ කිව්වෙ සහතික ඇත්ත මචො.

    ReplyDelete
  12. කබරය දානකොට පිට අතගාන පොලෝසියක් වෙන කොයි ලෝකෙද තියෙන්නේ?
    හප්පා ඔය බීම ගැනනම් මතක් කරන්න එපා. ඒ උනාට කබරයා දාල ඉවර උනාම දැනෙන සනීපෙ නම් කියල වැඩක් නෑ. මමත් දැන් ඉස්සර වගේ බොන්නේ නෑ. 87% ක් විතර නවත්තල තියෙන්නේ බඩේ පොඩි වායු තත්වයක් මත.

    ReplyDelete
  13. @ readmyeye
    මේපැත්තට සාදරයෙන් පිලිගන්නව..බොහොම ස්තුතී ආවට
    බොන එක අඩුකරපු එකනම් ලොකුදෙයක් සහෝ...මටත් හිතාගන්ඩ බැරිඋනා අර පොලිසියේ සීන් එක දැකපු වෙලේ....

    ReplyDelete
  14. ඔන්න හිතුමතේ නම් ඔවා පාවිච්චි කරලා නැ ඒත් ඉතින් ඕවා පවිච්චි කරන යාලුවෝ ගොඩාක් ඉන්න නිසා ටිකක් විතර ක‍ටු කාලා තියනවා....
    පලවෙනි කමෙන්‍ටුව හිතුමතේගෙන් මේ පැත්තේ

    ReplyDelete
  15. @ හිතුමතේ
    සාදරයෙන් පිලිගන්නව මේපැත්තට..බොහොම ස්තූතී ආවට
    ඔවා පවිච්චි කොරන්නැති තරමට තමා හොඳ... අපොයි ඔවු කොහොමත් නොබී ඔය බොන කස්ටියගේ පාටිවල ඉන්නකොට නොබොන අයට තමා අර බීලා වනකරගත්තු කස්ටියව...පාලනය කොරගන්ට වෙන්නේ...

    ReplyDelete
  16. ඊයා... වමනේ දාන්න බොන්නෙ මොකටද?

    ReplyDelete
  17. අර වෙරි මරගාතෙ බයික් එක හැරුනු අතේ ගිය එක නම් මරු... මිනිහව පොලෝසියෙන් අල්ල ගත්තෙ නැත්නම් පෙට්‍රල් ටික ඉවර වෙනකම් ඔහේ යයි නේද?
    ඔයාල විශ්වාස කරනවද ඔය විදියටම බීල වමනෙ දාගෙන ඒව උඩ දඟලන සුද්දි කෙල්ලො මේ රටවල ඉන්නව කියල.. සිකුරාදයි, සෙනසුරාදායි රෑට යන්න ඕන ක්ලබ්, පබ් තියෙන හරියට... ඕන තරම් බලාගත්තෑකි...

    ReplyDelete
  18. @ මන්තරකාරි
    අප්පේ ගොඩකාලෙකට පස්සේ...ඔයා හරි...දැන්...ඔය බීපු කට්ටිය කරපු මොඩකං වලින් තරමක් දුරට පාඩං ඉගෙනගෙන ඔං

    @ මියුරු
    අපොයි ආරංචි..ඒ අතර ලංකාවෙ..කලු සුද්දො සුද්දියොත් ඉන්නවලු නෙද

    ReplyDelete
  19. සමහරු කියනව ඉන්නව කියල.. ඒත් මල්ලි මගේ ඇස් දෙකට දැකල තියෙන්නෙ වෙරි නිසා දෙපැත්තෙන් අල්ලන් ගෙනිහින් යන්තම් වාහනවලට දාගන්නවා.. මං මේ කිව්වෙ කෙල්ලො ගැන...

    ReplyDelete
  20. @ මියුරු
    ම්..අක්කේ නිදහස් ජිවිතනේ...නමුත් මගේ පෞද්ගලික අදහසට අනුව නම් බවලත් උදවිය මත්පැන් ගන්නවට මම තරයේ විරුද්දයි.

    ReplyDelete
  21. එකත් නියම පාර්ටිය...
    හැබැයි ඔය වගේ දෙවල් වුනේ නැතනම් ආතල් එකකුත් නෑනේ....

    ReplyDelete
  22. ස්තුතී මේපැත්තේ ආවට..පාටි උනහම මොනවද නොවෙන්නේ නෙද සහෝ...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...