Wednesday, November 27, 2013

ඉවරයි



ඒක ඉවර උනේ හිතාගන්ඩවත් බැරි වේගෙකින්. ලෝයර් හරි විදිහට තර්ක ගොඩනගපු නිසා නඩුකාරතුමාට තින්දුව දෙන්න ලේසි උනා කියල උසාවියෙන් එලියට එන අය කියනවා මටත් යන්තමට වගේ ඇහුනා.

අවුරුද්දක් විතර අපි ඇතිවෙන්න රංඩු උනා. මුලින් වචනවලින් විතරක් උනාට අන්තිම හරියට එනකොට අතට අහුවෙන දෙකින් දමලා ගහන්න තරම් තත්වේ නරක අතට හැරිලයි තිබුනේ.

අන්තිමට චූටි පුතා අම්මලගේ ගෙදර නතරකරලා එන්න සිද්ද උනේ කවදාහරි එයත් මේවගේ තත්වෙකට පත්වෙයි කියන බය හිතේ දෝංකාර දෙන්ඩ පටන්ගත්තට පස්සෙයි

අපි ආදරේ කරන්න පටන්ගත්ත කාලේ ඉඳන්ම දිගටම තිබ්බේ රංඩුම තමයි කියල මට දැන් හිතෙනවා. හැබැයි ඒවා එච්චර් සීරියස් උනේ නෑ

" ඔය අයිස්ක්‍රීම් එකෙන් බාගයක් මට ඔනේ..."

" ඇයි දැං එකක් කෑවේ.."

" හරි ඔයාට ඔය ඔක්කොම කන්ඩ ඔන්නැනේ මට දෙන්න..."

වැඩේ කියන්නේ දෙන්නටම බඳින්න ඔන උන වෙලාවේ අම්මලාට ඔන උනා දෙන්නගේම කෙන්දර බලවන්න. ඒ වෙනකොටත් අපි ඔක කම්පියුටරෙන් බලවගෙනයි තිබුනේ, වැඩේ තීතට ගැලපිලා තිබුන හින්දා අපිට සතපහක බයක් තිබුනේ නෑ, අන්තිමට එයාලත් ඒ ගැන මුකුත් කතාකලේ නෑ.

කොහොම හරි මගුල් ගෙදර වැඩ ටිකත් රංඩුවකින් දෙකකින් ඉවරයක් කරගන්න අපට පුලුවං උනා. සීරියස් කියලා හිතන්ඩ පුලුවන් කේස් එකකට තිබ්බේ වෙඩිං ඉන්විටෙෂන් කාඩ් එකක් ඉරාගත්ත දවස විතරයි කියලයි මට මතක.

" ඔයා කියන්නේ මේක හොඳයි කියලද..."

" ඔව්, ඇයි මේකේ ගානත් ෂේප් අනික ලුක් එකත් පට්ටනේ..."

" ඊයා.. ඔයාටනම් කිසිම දේක ටෙෂ්ට් එකක් නෑ...කෝ දෙනව ඔක මෙහාට…. බ්‍රාස්..!@#$% ..."

අන්තිමට මටත් මේක ඇතිවෙලයි තිබුනේ. හොඳයි කියල එහේකට තිබුනේ චූටි පුතා ඉපදිච්චි එක විතරයි. මම හිතන්නෑ අම්මා ගාවයි තාත්තා ගාවයි සතියකට සැරයක් වෙනම ඉන්න වෙන එක, ඒයාට මහ ලොකුවට දැනේවී කියල.. , මොකද ඒයාට ලැබෙන ලොකුම සැනසීම තමයි කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙන එක..

හේම් එකත් ඉවරයි එහේනම්.......


                                                                       ඉවරයි.

ප.ලි

  ඔන්න ඊයේ හවස අම්මගෙන් කොල් එකක් එනව...

"  කවුද ඉංග්‍රිසි Raj  කියල එතකොට සිංහල රාජ් කවුද..."

මම බැලුව අම්ම කොහෙන්ද මෙව්වා දන්නේ කියල 

" ඉංග්‍රිසි Raj  මම සිංහල එක්කෙනා ඉන්නේ හම්බන්තොට "

" එතකොට මාල දිවයිනේ ඉන්නේ කවුද..."

අන්න එතකොට තමයි මීටරේට වැටුනේ අපේ ඩියුඩ් ව තාත්තට හම්බෙලා නේව, තාත්තා තමයි ගින්න දිලා තියෙන්නේ අම්මට...

පස්සේ ඉතින් මම විස්තරේ පැහැදිලි කොරල දුන්නා 

" මොනවද බ්ලොග් කියන්නේ..."

" ආ ඒ මේ අර පත්තර ...ම් එතකොට ඩයරි...ඩයරි ලියනව වගේ එකක් අම්මේ..."

" හෆෝ යන්තම් ගොඩදාගත්තා ..ඔව්ව කියල දෙනව කියන්නේ පනයන වැඩක් නේව...හික්ස්.."




.

66 comments:

  1. එතනින් ඉවරවෙයිද හැමදේම?

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගැන තමයි මටත් කතාකරන්න ඔනේ සහෝ

      Delete
  2. දික්කසාද වෙන්න තිබුනෙ කාර්ඩ් එක ඉරපු දවසෙම. ළමයෙක් ඉන්නකොට දික්කසාද වෙන එක මමනම් අනුමත කරන්නෑ.. ළමයා වෙනුවෙන් හැමදේම ඉවසන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මාත් එකඟ යි. මුල ඉඳල ම රණ්ඩු නං මොකට ද කසාද බඳින්නෙ? ප්‍රශ්න විස‍ඳෙන්න බැන්ද ම තියෙන ප්‍රශ්න ඩබල් වෙනවා. ළමයෙක් ඉන්නවා නං ළමයගේ අනාගතේ වෙනුවෙන් අමාරුවෙන් හරි එකට ඉන්න එක හොඳයි.

      Delete
    2. තාම බැඳල නෑ වගේ ( නැත්තන් බැඳ වැඩි කලක් නෑ වගේ) :D

      Delete
    3. ඉන්දික, උඹ මටද කිව්වෙ ? :D

      Delete
    4. ඔව් සෙන්නා මම හිතන්නේත් කසාද බැන්ද කියන්නේ බැන්ද ආයි වෙන්වීමක් ගැන හිතන්න ඔනේ මරනේදි පමනයි මොකද දිගෙක යන්න කලීන් ඉතා හිඳට සිතා බැලිය යුතුයි නේද

      Delete
    5. ඉන්දිකය තොප්පිය උඩදාල තියෙන්නේ ඔලූ බෙරගනිල්ලා...D

      Delete
    6. කසාද බැඳලා ළමයි හැදුවාටත් පස්සේ ගහමරා ගනිමින් එකට ඉන්නවාට වඩා සුහදව දික්කසාද වෙන එක නිවැරදියි කියන මතය තමයි මම නියෝජනය කරන්නේ. එහෙම නැතිවුනොත් දෙදෙනාම කායික සහ මානසික පීඩාවකට තදබල ලෙස ගොදුරු වෙනවා. ඒ කොහොම වුනත් මෙයින් වඩාත්ම දරුණු මානසික පසු ආබාධවලට ලක්වෙන්නේ දරුවන්....තීරනය ඔබ සතුයි.

      රාජ්........දීගෙක යන්න කලින් බොහොම හොඳින් සිතා බලපු සමහර අයගේ පවුල්වලත් මේ ප්‍රශ්ණය තියෙනවා..ඊයේත් අදත් හෙටත් මනුෂ්‍ය වර්ගයා පවතින තාක් කතාවෙන මාතෘකාවක්.

      Delete
    7. u see Raj? birds with same feather flock together...!

      Delete
  3. අදමයි ආවෙ මේ පැත්තට... ආපහු එන්නම් ඔක්කොම කියවන්න.... මම මගේ ගැජට් එකට එල්ල ගත්ත ඕන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි...

      Delete
  4. කියල දීලා නවත්ත ගන්න පුලුවන් නම් හරි. කියවන්න ගත්තොත් තමා! :D
    මං ලියන එව්වා මං බුකියේ ෂෙයා කරන්නෙත් නෑ. කවුරු හරි කොහෙන් හරි ගුණ්ඩුවක් දීලා අපේ අම්මට මං ආණ්ඩුවටයි ලොක්කටයි බැනලා ඉන්ටනෙට් එකේ ලියනවා කියලා! :D ඊට පස්සෙ ඉතින් කන් වලට දැනුන සනීපෙ ගැන කියන්න ඕන නැහැ නේ! ;D එහෙම ලියල නෑ ඕන්නම් බලන්න කියලා ලින්ක් එකත් දීලා ෂේප් උනේ. මගේ මාසික සලාකෙ කැපුවොත් හාමතේ තමයි මැරෙන්න වෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. සාබිත් කාලෙකින්

      Delete
    2. අනිවා සබියෝ පරිස්සං වෙයන් අපි ලියන එව්වායේ බරප්පතලක් ඒයාල දන්නවැ ආයේ...D

      Delete
    3. සබියට තියෙන කේස් එකම තමයි මටත් තියෙන්නෙ... අපි ලියන්නෙ මොනාද කියල දැනගත්තොත් බැනුම් කෝටියයි.. හොඳ වෙලාවට මං අපේ අම්මගේ ෂොප් එක ගැන ලියල ඔන්න දෙතුන් දෙනෙක් ගිහින් ඒවා කියල.. යන්තං මුරුංගා අත්තෙ තියලා ෂේප් කරගත්ත... හි හි .. හැබැයි වැරදිලා වත් නැන්දම්මලට නං කිසි දෙයක් කියන්නෙ නෑ.. අඩු ගානේ බ්ලොග් කියන වචනෙ වත් කියන්නෙ නෑ... මේ ළඟදි පත්තරේක මගේ පෝස්ට් එකක් දාලා තිබ්බ.. ආසාවට ගිහින් පෙන්නන්න විදියක් නෑ, දාලා තියෙන්නෙ කට්ටියටම හොඳට දෙහි කපපු එකක්.. ඔන්න මට වෙන වැඩ....

      Delete
    4. හෆෝ බ්ලොගක් නිසා " ඉවරයි" කියල අන්තිමට කියනව එහේමනේවෙයි ඔන්න ඔව්වට කියන්නේ විදේශ ප්‍රතිපත්තිය පාලනය කිරිම කියල නේව

      Delete
    5. මගේ අම්මා-තාත්තා ඒ අතින් ලියනවට කිසි විරුද්ධ කමක් නෑ. දෙන්නම කෙලින් කථා කරන අය.

      Delete
    6. අපේ තාත්තා අම්මව බයිට් කරන්න කරපු වැඩක් මචං හික්ස්

      Delete
    7. අටමා : ඔව් ඔව් කාලෙකින්! පාඩම් වැඩ එක්ක දැන් ඉස්සර වගේ බෑ බං :)

      Delete
  5. වලි දාගෙන ඉන්නවට වඩා වෙන්වෙන එක තමයි හොඳ.. නමුත් ළමයින්ගේ මානසිකත්වයට කොයි විධියකින් බලපායිද කියන එක කියන්ට බෑ.. කාලයක් ගියාම ළමයත් අළුත් ජීවිතේට පුරුදු වෙයි.

    ReplyDelete
    Replies
    1. එකනම් එහේම තමයි, නමුත් ලමයෙක් හදන කොට ඔය දෙසිතිවිලි එක්කහුවෙනව නේව මොහොතකට හරි ඉතින් ආන්න ඒවාගේ ජිවන බැම්ම ශක්තිමත් කරන එක ගැනත් මොහොතක් හිතුවනම් විසඳිමක් ලබාගන්න පුලුවන් නේව හොඳයි වෙන්වෙන්න තරමට තත්වය දරුණු නම් ඇයි ඔවුන් දරුවන් බිහිකිරිමක් ගැන සිතුවේ නේද....

      Delete
    2. ඒවා හිතනවයැ රාජ් ළමයි හදද්දි.. අපේ අය බඳිනවා.. ළමයෙක් දෙන්නෙක් හදා ගන්නවා.. ඊට පස්සෙ ආර්ථික ප්‍රශ්න, එක එක ඒවා එනවා.. අන්න එතකොට වලි පටං ගන්නවා...

      ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලු වෙනව.. පොඩි පොඩි වලි තියෙනව.. කෙල්ල හිතනවා බැන්දම හරි යයි කියලා.. කොල්ල හිතනවා මං එයාව හදාගන්නම් කියල.. ඉතිං බඳිනව.. ඔන්න පොඩි පොඩි වලි එනවා.. කෙල්ල අඬ අඬ ඉන්නව.. කොල්ල බුකවගෙන ඉන්නවා.. අම්මලා තාත්තලා නැන්දම්මලා මාමණ්ඩිලා ඔක්කොම වට කරගෙන උපදෙස් දෙනවා “ ඕවා හරි යයි ළමයෙක් හදාගත්තම.. ඉක්මණට ළමයෙක් හදාගන්න ” කියලා... ඉතිං ළමයෙක් හදා ගන්නවා... අර වලි ඩබල් ට්‍රිබල් වෙනව.. මොකෝ දෙන්න හදන්නෙ ළමයවත් බෙදා ගන්න.. අම්මා තමන්ට ඕනෙ විදියට ළමයා හදන්න යනවා, තාත්ත තමන්ට ඕනෙ විදියට ළමයා හදන්න යනව.. ( මොකක් හරි කලින් තිබ්බ කේස් එක වැඩි වෙනව.. සල්ලිද, සිගරට් බොන එකද, ගෙයක් දොරක් නැති එකද, රස්සාවට යන එකද .. සෙක්ස් ප්‍රශ්නද... මොනා හරි..)

      මම බඳින්න හදන උන් දෙන්නෙක්ට දෙන එකම උපදේසෙ තමයි “ බැන්දට කමක් නෑ.. හැබැයි අනිත් එකාව තමන්ට ඕනෙ විදියට හදාගන්න හිතාගෙන නං බඳින්න එපා.. එයාගේ ඔයා දකින වැරදි ඉවසන්න පුළුවන් නම්, ඒවා ඉවසන්න බලාගෙන බඳින්න.. එතකොට වැරදි හදාගත්තොත් හොඳයි.. නැත්තං තීරණය කරන්න පුළුවන් ඊළඟට ළමයි හදනවද නැද්ද කියන එක...” කියල.. මම කිසි කෙනෙක්ට කියන්නෙ නෑ “ ළමයෙක් හදාගත්තම ඔය ප්‍රශ්න හරි යයි” කියන කතාව.. මොකද ඊට පස්සෙ ප්‍රශ්නෙ විසඳීමක් නෙවෙයි වෙන්නෙ, ළමයා හින්ද එක්කෙනෙක් හෝ දෙන්නම හෝ ප්‍රශ්නෙ හිතේ තදගෙන ඉන්න එක... ඒක ජීවත් වීමක්යැ.. මහ කරුමයක් විඳවීමක් මිසක්... කවදහරි ඕවා යන්නෙ අන්තිමට ළමයගෙ පිටින්... එහෙම තත්වෙකට ආපු දෙන්නෙක්ට ප්‍රශ්නෙට පොඩි හරි විසඳුමක් හොයා ගන්න බැරි නං වෙන් වෙන එක හොඳයි.. මොකද නැත්තං ළමයා ඒ දෙන්න මැද්දෙ ඉඳන් තැලෙනව..

      ඊළඟට දික්කසාද.. අම්ම ළමයා ඉල්ලනවා.. තාත්තත් ඉල්ලනවා... ඒකෙනුත් ළමයා තැලෙනව... ළමයට ආදරේ නං ඔය මඟුල් නටන්නෙ නැතුව එක්කෙනෙක් ගාව ළමයා හැදෙන්න අරින්න ඕනෙ.. ආදරේ කරලා බැදගත්ත ගෑණිව හරි මිනිහව හරි අතාරින්න පුලුවන් නං ළමයා අතාරින එක මහ දෙයක් යැ... ( ඕක ඉතිං එක කොට්ඨාසෙකට විතරයි බලපාන්නෙ හැබැයි)

      Delete
    3. හිරු බොහෝ කාරනා ගැන කතාකරල තියෙනව ස්තුතී..!!!

      Delete
  6. අපේ ගෙදර ගෘහ මූලිකයා නම් හාමිනේ. ඒ උනාට ඡන්ද කොලේට අත්සන් කරන්නේ නෑ. මම ග්‍රාමසෙවක නෝනටත් කිව්වා. එයත් ඒ ජාතියම තමයි..

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ලොකු ප්‍රශ්න මම විසඳනව. පොඩි එව්ව ඒ කියන්නෙ කන්නෙ මොනාද, ගන්නෙ මොනාද, යන්නෙ කොහෙද ,ඉන්නෙ කොහෙද, ගන්න ගේ කුළිය කීයද, ළමයගෙ ඉස්කෝලෙ මොකද්ද වගේ පොඩි ප්‍රශ්න මම කිව්වෙ. එතකොට අවුලක් නෑ.

      Delete
    2. හෆොයි ලොක්කයියේ රටෙ ලොකේ දෙශපාලනේ විචාරය කොලාට කුටුම්බ දෙශපාලනේ විචාරයේ යෙදෙන්ට එපා පිටුවහල් කොරලදාවි

      Delete
    3. ඉන්දික මචන් ඉස්සර මට මතකයි අපේ තාත්තා කියනව වෙලාවකට ඔන්න ප්‍රාදේශීය සභා කැගහනව යුනියන් උද්ඝොෂණ කරන්න පටන් අරන් කියල, අර ප්‍රාදේශීය සභා කිව්වේ අපේ අම්මට යුනියන් මායි අපේ නංගියි හික්ස්...

      Delete
    4. අපේ ගෙදර පාර්ලිමේන්තුව.. අම්ම තමයි කතානායක... තාත්ත විපක්ෂෙ.. හැමඑකටම විරුද්ධ වෙනව විතරයිනෙ... ඒ මදිවට හිටපු ගමන් එහෙනං මං එන්නෙ නෑ වගේ කෑලි දාලා තර්ජනත් දානව... හැබැයි හැමදාම පරාදයි ඉතිං... අපි දෙන්න බොහෝ දුරට ආණ්ඩු පක්ෂෙ... සමහර වෙලාවට පක්ෂ මාරු කරනව... අපේ වාසියට... හි හි...

      Delete
    5. ඇත්ත ඇත්ත හිරු ගෙදර පාර්ලිමෙන්තුව ඔන්න ඔයවගේ තමයි හැබැයි කරකාරේ ගියහම තමයි විදේශ ප්‍රතිපත්ති කරලියට එන්නේ නේද

      Delete
    6. හැබැයි "මහජනතාව අවදියෙන්" මේ ඇම්ඩගෙ ඔයවගේ පාර්ලිමේන්තු පවුලක කතාවක කොටසක්.

      Delete
  7. ජීවිතේ ජීවිතේ හැටි එහෙම තමයි.... අම්මලට මේ බ්ලොග් ගැන කියල දෙන්න ගියානං සොරිම තමා මචෝ

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා අංශක නමය හමාරෙන් තමයි බේරුනේ අතපයක් නොකැඩි හික්ස්...

      Delete
  8. "නුඹට මගෙ උණුසුම එපානම්…
    මටද නුඹෙ උණුසුම එපානම්…
    අපේ දරුවන් හෙට උදෑසන
    කාගේ උණුසුමදෝ ලබන්නේ…"

    මට මතක් උනේ පුන්සිරි සොයිසාගෙ ඔය සිංදුව.
    මොන ප්‍රශ්ණෙ තිබුනත් ජෝඩුවක් දරුවො වෙනුවෙන් ඉවසන්න ඕන. නැත්නම් දරුවො හදන්න කලින් තීරණයක් ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා පවුල් පංසල් කියල ඒ කාලේ කියල තියෙන්නේ ආවට ගියාට නෙමෙයි නෙව සහෝ

      Delete
  9. මාත් දැන් කුමාර වෙල්ගම වගේ මටත් කෑල්ලක් ඉන්නව කියල පෙන්වන්න ඕනි.

    ට්‍රේනින් නංගියි මායි හිතවත් වුනේ එයාට යන කේන්තිය නිසාමයි. එයා මට බූරුවා කිව්වෙ නැති දවසක් තිබුනෙ ඉතාම කළාතුරකින්. ගොඩාක් දවසට බූරුවා කියල සමාව ඉල්ලුවෙත් නැහැ. ලොකුටෝක් දුන්නට කොම්පියුටර් වැඩ බැරිවුනාම මමයි වීරයා. එතනදි මම අහනවා ඇයි යෝදියෙ මේ තරං සරල එක තේරුංගන්න තොට බැයිද කියලා. ඒ තරං කට පන එන්නෙ ඒ අහල පහල කාරුත් නෑ කියල දැනුනම. දවසක් අපේ ඩයල් එකක් ආව මට කියල පොඩි කවර් පේජ් එකක් හදාගන්න. අපේ ටේනිං බඩ්ඩ පිංතූර වගයක් ඩවුන් කරලා. ඒවා හෙන පුංචි සයිස්..
    ඉතිං එදා රංඩුමයි. මං දාන ඉර එයාට හරි නැහැ. වෙන ඩිසයින් එකක් ඕනි. බැරිම තැන වැඩේ කරගන් ආපු එකා කිව්වා එක්කෙනක් එක වෙලාවක වැඩ කරන්න අනික් කෙනාගෙ ඇද හොයන්න එපා කියලා.
    ඒ මොනවා වුනත් මං එතනින් නැගිටලා යන්න හදනකොට ...මොකො යන්නෙ? ඔයා ගිහිං දැන් වැඩ කලෙ නැත්තං ඕක පාඩුවෙල වහල දායි..යනවා යනවා කියලා කියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උඹේ කතාවත් අර බත් හැලිය ඉදෙනකං වගේ එකක් නේවද...

      Delete
  10. ගී කිරිල්ලියෙ නුබ
    කොයි ඉසවුවකද නොදැනේ
    අපි අපිට අහිමි සද
    පැටවුන්ට නොවෙද රිදුනේ

    අපි දෙමග ගියත් කුලගෙය ඇවිලි
    පැටවුන්ට දුකයි එ දුක සොදුරි
    යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
    උඹ උන්ට එකම අම්මා සොදුරී

    දිවුල්ගනෙ මහතාගෙ ගීයක්

    ReplyDelete
    Replies
    1. ගීයක ඇතුලාන්තයෙන් එලියට එන අර්ථය කෙතරම් බරපතලද නේද

      Delete
  11. බැන්ද අලුතම වගේ වෙන්න ඇති නේද Raj,නැත්නං ඉතිං ඔහම ඇරගන්නේ නෑනෙ එතුමියටම දිනුම දීල නිකං ඉන්නවනෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කරකාරේ පරණ වෙනකොට ඔවැනි ගැටුම් ඇතිවෙන්නෑ නේව මට හිතෙන විදිහට පරන වෙන්න පරන වෙන්නෙ පාර්ශව දෙකම ඔව ගැන වැඩි තැකුමක් නෑ නේද ඇත්තටම මා මේ නවමු යුවලකගේ උදාහරණයකටයි ගත්තේ

      Delete
  12. ඩුඩ් අයියා හම්බුනානං අවුලක් වෙන්නේ නැ කොහොමත් , තාත්තට උඹ ගැන හෙනට හොද කියලා ඇති , ඕකා කොටා උනාට හිත හෙන උස එකා

    ReplyDelete
    Replies
    1. නියම වචන සෙට් එක අටමා.

      Delete
    2. අටමා ඩූඩ් ඉස්සර මගේ ඉංග්‍රිසි ගුරුවරයෙක් ඇත්තටම ඔහු හා වන සමාජය හරිම සොඳුරුයි

      Delete
  13. මට මේක තේරුණේ නැද්ද මන්දා.....යටගියාවක් වත් තීනවද....?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රන්දු මේ වර්ථමානය, අද දික්කසාදය රටේ වසංගතයක් මෙන් පැතිරෙනව ඉතිං එය අපේ කාලේ අම්මලා තාත්තලා අතර ට්‍රෙන්ඩ් එකක් වීම අවාසනාවක්. කසාදය ගැන මොහොතක් සිතන්න උත්තෙජනයක් ගොඩනගන්නයි උත්සහකලේ

      Delete
  14. ළමයෙක් ඉද්දි දික්කසාද වෙනවා කියන්නේ ඉතින් ඒකේ වැඩි බලපෑම එන්නේ දරුවට.. මම නම් පෞද්ගලිකව ඒකට කැමති නෑ..

    බ්ලොග් ගැන පැහැදිළි කිරීම හරි අපූරුවට යන්න ඇති කියලා හිතා ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනෙශ් මල්ලි කසාදය කියන්නේ බරපතල කාරනයක් එහි හිතන්න බොහෝ දේ තියෙන කියන එකයි මගේ අදහස

      හෆෝ පැහැදිලි කිරිම බෙල්ල නොකැඩි බේරුනා හික්ස්

      Delete
  15. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම්ම්ම් :-(

    ReplyDelete
  17. මේක නං තේරුනේ නෑ. පලිය නං තේරුනා. බ්ලොග් ගැන නොදන්නා කෙනෙකුට ඒක තේරුම් කිරීම ටිකක් අමාරු වැඩක්.

    ReplyDelete
    Replies
    1. මචං අද සමාජයේ එක් පැතිකඩක් ගැන හිතුන සිතිවිල්ලක් බං

      හපෝ බ්ලොග් තෙරුම් කිරිම දරුනු වැඩක් මචං

      Delete
    2. දැනුයි මගේ ඇඟට ළේ ටිකක් ඉනුවේ.

      Delete
  18. පව් බං අර පොඩි පැටියා....

    ReplyDelete
  19. මාත් කියන්නේ දරුවෝ ඉන්න අම්මෙකුයි තත්තෙකුයි ඉස්සෙල්ලාම හිතන්න ඕන දරුවා ගැන.තම තමන්ගේ ප්‍රශ්න කතා කරල විසඳගන්න පුලුවන් වෙන්න ඕනේ, ඒ වගේම දෙන්නටම දෙන්නා වෙනුවෙන්ම කැප කිරීම් කරන්නත් පුලුවන් වෙන්න ඕනේ...එහෙම බෑ කියලා බෑ..දරුවා නිසා කරන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දරුවන් ඇත නැත කියලා මත් නෙවෙයි පවුල් වෙච්චි හැමොම තමන්ගේ පවුල් දිවිය හොඳින් ගෙවන්න පුලුවන්තරම් උත්සහ කරන්න ඔනේ කියලයි මාත් හිතන්නේ රෙහානි

      Delete
  20. බොහෝ දෙනෙක්ට මේකේ අත්දැකීම් අඩු බව පේනවා. ඔය මත ගැටුම් නම් ඉවසලා ඉන්න පුළුවන් මොන විදියට හරි. ඒත් විශ්වාසය කඩ කලොත් ? එතනදී අපිට තීරණයකට එන්න වෙනවා. අර හිරුවාගේ කමනෙට් එකේ ප්‍රශ්නේ යට ගහන්න එන විසඳුම් කියලා තියෙනවා. ඒවා සම්පූර්ණ ඇත්ත. උඹ පසු කරමින් යන කාලය ඉතා දරුණු එකක් හින්දා මට මුලින් භය හිතුනා බං.

    ReplyDelete
    Replies
    1. උඹේ සහෝදරත්වයට මම ගරුකරනවා..!! මේ නිමිත්ත පහල උනේ හලෝ කෙටි වේදිකා නාට්‍ය බැලුවට පස්සේ සහ මා බසයේ යනවිට ඇසුන ගීතයක් නම මතක නෑ බං දැන් " දැල් පාලම පරිස්සමෙන් තරනය කරනව මචං "

      Delete
  21. හොඳටම පරක්කුයි නෙව මම ... :(

    ReplyDelete
  22. "හදිස්සියේ විවාහ වන්නන් නිවිහැනහිල්ලේ පසුතැවෙ " මේ ඔවදන සිද්ධාලේප වේද මහතාගෙනි

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...