Tuesday, June 21, 2011

සමනල කන්දට කැලේ මැදින්.....(...8..අ..)


කුසගින්න, වෙහෙස සම්මිශ්‍රණය වු සන්ඳයාවකි.......

තවමත් අනෙක් පිරිසගේ සලකුනුකුදු නොමැත.., අඳුර මොරා එමින් පවති...මද අස්වැසිල්ලකට ඇත්තේ සදුගේ මලානික ආලොකයයි....

වැසි අවාරය බැවින් ගඟ නිසලව ගලයි...ගඟ හරහා විශාලව පැතිරුන ගල්තලාව අද දවසේ අපගේ නවාතැනයි...පැතිරුන ගල්තලාව මධ්‍යයේ ගල් දෙබොක්කාවකි.....එය පුළුල් නොවු බැවින් ගඟ ඉහල නාන තටාකයක් බඳුය... එසෙම දෙබොක්කාව අවසානයෙ ද ගල්පතුර ඔස්සේ ටිකදුරක් පහලට ගලා විත් එක්වරම පහලට ඇද හැලේ....එතන දිය ඇල්ලකි.....

ඇත්තෙන්ම එය මනහර දසුනකි..නමුත් වැසිකලකනම් ගඟහරහා යාම අතිෂය අවදානම් කාර්ය්‍යක් වේ. මන්ද මෙවෙලෙහි ශාන්තව ගාලායන නදිය චන්ඩ උ විට එ හරහා යන කුමන අයෙකු උවද ඇල්ලෙන් පහලට විසිකරන බැවිනි.

පිරිසෙහි කිහිප දෙනකු ඒ මේ අත ගොස් දඬු කිහිකයක් රැස්කලේය..ගඟ අද්දර දිරාපත්ව කඩාවැටුන පැල්පතක් විය,..අපගේ ගිනිමැලයට සහ කැම පිසිමට අවශ්‍යවු ඉන්දන අප එයින් පිරිමසා ගතිමු.. රාත්‍රිය සඳහා ගෙනැවින් තිබු නුඩ්ලස් පැකට් කිපයක් පිස ගතිමු..එ සමග තේකහට ටිකක ද සාදාගන්නාලදි....


මෙ අතර තුර වනයේ අප ගඟට බට දිශාවෙන් විදුලි අලොක දහරා කිපයක් සමග පිරිසකගේ කටහඬවල් ඇසෙන්නටවිය.......නිශ්චිත වශයෙන්ම ඒ අපගේ අනෙකුත් පිරිස වියයුතුය....ස්වල්ප වෙලාවකට පසු අප මෙතැනට පැමිනි පරිද්දෙන්ම ඔවුන්ද උරගයන් මෙන් ගස්මුල්වල එල්ලිගන ගඟට බටහ.

කිහිප දෙනකුම අඳුරෙහි ගමන් කිරිම හෙතුවෙන් ශාරිරික තුවාල ලබා සිටියහ. දෙතුන් දෙනකුම ආ මගෙහි..කිහිප විටක් පෙරැලි ගොස් තිබෙ.... වසනාවට දරුනු පිඩාවන් කාහටවත් නොමැත.
රාත්‍රි ආහරයෙන් පසු තවත් ගිනිමැලයක් ගල්දෙබොක්කාවෙහි අනෙක් පස ගල්තලාවෙහිද ගසන ලදි,..ගෙනැවිත්තිබු කූඩාරම් රෙදි ගල්තලාව දෙපස අතුරාගත් අප නිදන්නට සැරසුනෙමු....


කෙසේ, නිදන්නද... රාත්‍රිය ඝනවත්ම සීතල එන්න එන්නම දරුනුය....ශරිර කුඩුව රෙදිවලින් වසාගත්කල දෙපයේ යටිපතුල් සිතලෙන් පුපුරු ගසන්නට වෙයි.....ගිනිමැලයට ඉතා ලංවනසේ දෙපා තබාගත් අප යලි නිදන්නට උත්සහ කලෙමු..


එවර තවත් කලබලයකි....අප සොයුරියක් සීතලෙන් වෙවුලිමට පටන්ගෙනය...හැකි ඉක්මනින් ගෙනැවිත් තිබු..උනුවතුර "හොට් වොටර් ටියුබය" ඇයට උනුසුම් විමසඳහා දී.....අදික සීතලින් මිදිමට අවශ්‍ය පහසුකම් සලසන ලදී..." ඇත්තෙන්ම මෙම අවස්තාව සැහැල්ලුවට ගත යුත්තක් නොවෙ..මන්ද... මිනිසාට සිතල උහුලා ගත නොහැකි වු විට හර්ධ ය අක්‍රිය වේ"


කෙසෙහෝ නින්දත් නොනින් දත් අතර..ගෙවුනු අපුරු රැයක් එසේ ගෙවි ගොස් අරුනාලොකය නිම්න භූමිය..පුරාවට ඇතිරෙන්න පටන්ගෙන ඇත.....

8 comments:

  1. හුඟ කාලෙකින් මේ විස්තර කියවන්න බැරි උනා... දඩි බිඩි ගාල අතපසු උන පෝසිට් ටික කියෙව්වා....

    ඇත්තටම ඔය විදියට කොහේ හරි නැවතිලා එහෙන් මෙහෙන් තම්බලා හදා ගන්න කෑම වේල මාර රසයි. වෙනදට කන ඒව මොනාද කියලා හිතෙන්නෙ එතකොටයි...
    ගමන දුෂ්කර උනත් අත්දැකීම.....ඒ ගමන් වෙහෙස නිවනවා නේද ?

    ReplyDelete
  2. මුලින්ම.. ස්තුති කියෙවුවට...
    ඇත්තෙන්ම ඒ රැයනම් මලාට අමතක වෙන්නැ..ඒ තරම් සීතලක් උහුලලා නැ කවදාවත්...
    ගමන මතක් වෙනකොටනම් ඇතිවෙන හැගිම් ..ලියලවත් ඉවරකරන්ඩ බැ දිල්....

    ReplyDelete
  3. හ්ම් හොද ලිපියක් වගේම හොද අත්දැතීමක්...
    අපිත් හෝටන් තැන්නේ ඔය විදියට කදවුරැ ගතකරල තියෙනවා.
    ඒක ජීවිතයටත් ගොඩක් වටිනව..

    ReplyDelete
  4. ස්තුති...හසිත...

    ReplyDelete
  5. සිරිපා කදු මුදුනේදි සීතලට මුහුනදීම තරම් කටුක අත්දැකිමක් තවත් නෑ....

    ReplyDelete
  6. රන්දික ඇත්තෙන්ම අපි හිටියෙ හරියට වතුර බෙසමක බැහැල වගෙ...
    අපි හිටිය ගල්තලාව හරහ වතුර ගලනව ඉතින්...
    අනික කඳුවල්ලක මුදුනේ...
    අවට වාතය ජල බිඳු වලින් පිරිලා...
    හිතාගන්ඩ පුලුවන්නේ හිතල...

    ReplyDelete
  7. එහෙම හීතල හැදුනාම කොහොම හරි කරල යටිපතුල් රත් කරන්න ඕනා...අපි නං කරන්නේ දෙන්නෙක් එක්ක එකතුවෙලා හොඳට හයියෙන් යටි පතුල් අත ගාන එක.. ටක් ගාල හරි යනවා, අනිත් එක ඔය වගේ ගමන් යනකොට sleeping bag එකක් ගෙනියනව නම් වැඩේ ගොඩ.. හීතලත් නෑ.. මදුරුවො කන්නෙත් නෑ....

    ReplyDelete
  8. හර්ශන මචං ස්ලිපිං බැග් අපි ගාව තිබුනා නමුත් අපිට පොඩි පටලැවිලි කීපයකට මුන දෙන්ඩ සිද්ද උනා ඒවා මං ඔකේ ලිවුවෙනැ ..ඒ ගැන කියලා වැඩක් නැ මචො...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...