Monday, June 27, 2011

සමනල කන්දට කැලේ මැදින් ...(9..‍ය..)



ලා මිදුමත් සමග හිරුගේ රැස් නිම්නය සිපගනිද්දී.... එකා දෙන්නා..කැලැවදිති...


ගෙනැවිත්තිබු වතුර බොතල් ගඟේ ජලයෙන් පුරවා ගත් අපේ කස්ට්යේ සාමජිකයන් උදැසන තම ප්‍රතම කාරිය ඉටුකරගැනිමට .... එකා බැගින් වනයේ අතුරුදන් විය....
හිරුගේ රෂ්මිය කෙතරම් චන්ඩ වුවද අධික ශීතල පැය කිපයක් එලෙසම පැවතින. උදැසන ආහාර වෙල මෙන්ම දහවල සඳහාත් ආහාරයක් සකසා ගත් අප ගඟෙහි බැස හොදහැටි නාගතිමු...


මේ අතර වාරයේ තවත් අමුත්තන් පිරිසක් වේගයෙන් අප පසුකර ගඟ හරහා එගොඩ වී අනෙක් අන්තයෙන් නැවත වනයෙහි අතුරු දන්විය...
ඒ අවස්ථාවේ අප හට මගපෙන්විමට පැමිනි එක් මාමා කෙනෙකු පවසා සිටි අන්දමට..... "ඔවුන් අප ගමන පටන් ගත් පෙදෙසේ ලැයිම් වල ජිවත්වන දමිල ජනකොටසක් බවයි...එසෙම ඔහු අවදාරනයෙන්ම කියාසිටියේ අප පිරිස සමනල කඳුමුදුනට පිවිසෙන විට ගියපිරිස සිරිපා නැමද ආපසු එනු අපට හමුවනු ඇතිබවයි....එතරම්ම ඔවුන්ගේ ගමන වෙගවත් බවය"

නැවතත්, අප අපගේ ගමන ඇරඹු අවස්ථාවේ අප සමග පැමිනි අපේ මගකියන්නන්...සැමගෙම අත්වල පඬුරක් බැගින් ගැටගසන ලදී. ගමන ඇරඹු පලමු දින පටන් මෙවනවිට අපපිරිස රාත්‍රින් දෙකක් ගතකොට අවසන්ය. කෙතරම් ශාරිරික පිඩා පැවතියද මොවුන් තම අරමුන කරා යනගමනේ පැකිලිමකින් තොරව ඉදිරියට ඇදෙයි...
ගංගාව තෙක් පැමිනි ගමන් මගෙහි යම් තැනිතලා බවක් සහ අවසන අදික බැස්මක ගමන් කලද...නැවත ගමන ඇරඹු අවස්තාව ඉට හාත්පසින්ම වෙනස් විය..මුලින්ම ශිඝ්‍ර නැග්මකින් ගමන ඇරඹිමට අපට සිදුවිය..ගස් මුල් වල අධාරයෙන් ඉහලට ආ අප තවදුරටත් ඉහලටම ගමන් කෙරිමු...වසනාවට මෙන් නැග්මේ ශීඝ්‍රතාව පමනක් කෙමෙන් අඩුව්ය .

වියලි කාලගුනයක් හෙයින් හාත්පස පරිසරයම කර්කශ බවකින් පෙලෙයි...පැය කීපයක් එකාකාරිව ගමනේ යෙදුන අප ..එක් දිය කඳුරක් අබියස මදක් රැදුනෙමු....


සාපිපාසාව මඳකින් නිවාගත් අප..නැවත ගමනේ යෙදුනෙමු..දැන් දැන් ඉහල මලුවේ ශබ්ධ වාහිනිවලින් නැගෙන නාදයන් අපගේ සවනේ වැකෙයි.......මෙනම් අප මළුවට ලංවනබවට ශුබ ලකුනකී..අතිරින් පතර ගස් අතරින් සිරිපා කදුමුදුන මනරම්ව දර්ශනවෙයි...


රුස්ස ගස් අතරින් පැමිනි ගමනේ මෙවනවිට...මහගස් කෙමෙන් වියැකී කදුකර පතන ශාකයන්ට ප්‍රමුකත්වය ලැබි ඇත...ඉහලින් අලංකාරව මලුව පෙනුන අතර අප දුර්ඝයේ අතිශය අවදානම් කලාපය පසුකලෙමු...



ඇත්තේන්ම "එම හරිය සිගිරි ගලෙහි පා සලකුනු මත අඩිතබමින් ගලමුදුනට යැමට තිබු කලාපය සිහියට නන්වයි..." මන්ද අප ගමන්කල අඩි පාරෙහි එක් අන්තයක් කෙලින්ම පහතට නෙරා තිබු අතර අනෙක් පස කන්ද බිත්තියක් මෙන් ඉහලට එසවි තිබුබැවින...කඳු බිත්තියෙහි අත්තබමින් අප එම කලාපය පසුකලෙමු...

බැරිවිමකින් පා පැකුළුනහොත් නිසැකවම ප්‍රපාතයෙන් පහලට රුටා වැටෙනු ඇත.....

1 comment:

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...