Friday, June 10, 2011

සමනල කන්දට කැලේ මැදින්......( 6..ය..)



සුර්ය්‍යා අපගෙන් තරමක් දුරස් වෙලා......

මන්ද බට කැලයේන් ම්දෙනවාත් සමගම දැඩි අතුපතර විහිදුන රූස්ස ගස් වලින් ඝහන වු වනාන්තරය අප ගිලගත් බැවිනි....

තෙත් කාලාපීය වනාන්තරවල අපුරු ලක්ෂනයක් වු "ශාක අතු වියනක ආකාරයෙන් විහිදී තිබිම.. " හිරුට අප තාලාපෙලා දැමිමට තිබු අවස්තා අහුරා ඇතිසෙයකි....

කැලය තුල කිසිදු ආකාර්යෙ ස්ථිර වුත් ක්‍රමවත් වුත් මාර්ගයක් දක්නට නැත.... අපගෙ මගපෙන්වන්නන් ඔවුනට සුපුරුදු අඩිපාරවල් ඔස්සේ අප මෙහෙයවයි....


එක පොදියට.. බටකැලය තුලට වන් සමුහය මෙවනවිට කන්ඩායම් කිහිපයකට බෙදිගොස්ය...ඒ ඔවුන්ගේ ශක්ති ප්‍රමානයෙන් කුඩැල්ලන්ගෙන් මිදිමට යෙදුන උත්සහයක ප්‍රතිපලයකි...

කේසෙවුවත් ගැටලුවක් නොහේ මන්ද මගපෙන්වන්නන් තිදේනා ද කන්ඩායම් තුනට බෙදිගොස් තිබු බැවිනි..... අපගේ දවසේ ප්‍රධාන අරමුන වුයේ මහවැලි ( යම් පිරිස් මෙය වලවෙ ගඟ ලෙස ද හදුන්වති ) ගඟ අසබඩ කඳවුරු බැඳ රාත්‍රිය ගත කිරීමයි......ඒ සඳහා තව බොහො දුර යායුතුය...
බ්‍රහස්පතින්දා සවස කොලඹින් පිටත්වු අප... මෙවනවිට රැයක් පහන්කර ..අපගෙ චාරිකාවෙ පලමු කදුගැටය තරණයකරමින් සිටි.... පටන් ගැන්ම වුව තරමක් අපහසුය... යම් තැනක නැග්ම දනහිස නිකටෙහි ගැවෙනතරම් උසය....

නමුන් අපගේ මග පෙන්වන්නන්ටනම් වගක්වත් නැත....ඔවුන්ට මෙ මග එතරම්ම හුරුපුරුදුය......ඔවුන්ට වු ගැටලුව අපගේ පමාවයි...මග යාමට අප දරන උත්සහය දකින ඔවුන්....මදසිනාහවකින් අපව දිරිමත් කරයි.....
කදුගැටයක් තරණයකල අපි, අපගේ මගපෙන්වන්නන්ගේ...අනුදැනුම මත එක් ස්ථානයක මදකට නැවතුනෙමු.. මෙහිදි නැවතත් කන්ඩායම් වලට බෙදි සිටි පිරිස එක්විය...

කුඩා දියපහරක් අසබඩ ගල්තලාවක් වු එම භුමිය, මින්පෙර මෙහි ආගිය පිරිස් ගිමන් නිවාගැනිමට යොදාගත් බවට සලකුනු දක්නට ලැබින...

පසුව විපරම් කිරිමෙදි අපගේ මගපෙන්වන්නන් පැවසු ආකාරයට එම ස්ථානය පැරනි අම්බලමකි,...නමුත් අද එහි නෂ්ඨාවශේෂ හො දක්නට නොමැත....

වෙලාව දවල් 12 පමන වි තිබු බැවින් කන්ඩායමෙ එකමුතුවෙන් හබල පෙති ආහරයට ගෙන ගෙනවිත්තිබු.. ..දෙහියුෂ පානය කොට ටිකවෙලාවකින්.....නැවත ගමන ඇරඹිමු...........

No comments:

Post a Comment

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...