Thursday, June 2, 2011

සමනල කන්දට කැලේ මැදින්.........3.



රැ මැදියම වෙනකොට වත්තේ බංගලාව පාමුලට අපිව රැගත් බස් රථය පැමිනිලා තිබුනා....මාර්ගයේ පැවති පටු බව සහ වංගු සහිත වීම නිසා බසය බංගලාව පිහිටි භුමියට ගැනීම තරමක් අපහසු උනා...

කිහිපවරක් බසය ඉදිරියට සහ පසුපසට ගැනිමෙන් පසු රියදුරු මහතා බසය අපට අවශ්‍යය ස්ථානයට ගෙනෙනු ලැබුව.... අවට පරිසරය සඳරැස් වලින් නැහැවිලා......අවට තේවතු සිසාරා පැතිරිලා තිබුන සඳෙහි ආලොකය ඒ රාත්රිරය වර්නවත් කලා....

සපුගස්තැන්න වත්තේ පාලනය බලා ගන්ඩ පැවරිලා තිබුනේ අපේ කන්ඩායම් සගයෙකුගෙ ඥති පුත්ර යෙකුට.... ඔහු අපව සාදරයෙන් පිළිගනු ලැබුව....... අපේ කාලසටහනට අනුව උදැහැනැක්කෙම..... පිටත්වෙන්ඩ තිබුන නිසා කන්ඩායමට නිදාගන්ඩ තිබුනෙ සුලු කාලයක්....

ගමනෙ බර පොඩියකට පැත්තකින් තියලා කට්ටියම පුලුවන් පුලුවන් තැන්වල ඇලවුනා......නමුත්, ගතින් නිදාගත්තද........ සිතින් සැවොම අවදියෙන්.. ඒ බව..ඔවුන්ගේ..නිදාසිටි ඉරියවු වලින් දක්නට ලැබුනා....

2 comments:

  1. හ්ම්ම්ම්ම්! ගමන හිතන තරම් ලේසි නෑ නෙ...

    සිංහල ලියන්න මේ ඔස්සේ බලන්න...මෙතන අකුරු ගැන සඳහනකුත් දෙන නිසා බැඳි අකුරු එහෙම ලියන්න පහසුයි
    http://ebissa.org/sinhala/

    ReplyDelete
  2. බොහොම ස්තුති දිල්...සපොර්ට් එකට...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...