Friday, June 3, 2011

සමනල කන්දට කැලේ මැදින්......( 4..ර.)




බිම් කරුවල මැකෙමින් තිබුනා...

අපේ කට්ටිය 20 දෙනෙක් පමන හිටිය නිසා පාන්දරම අවදිවෙන්න සිද්දවුනා " මොකද කියනවනං...කට්ටියට දොට්ට පිලට යන්ඩ එපායැ..." කොහොමත් අපි පාන්දරම ගමන පිටත් වෙන්ඩ තමයි කටයුතු සුදානම් කරගෙන තිබුනෙ.........

හපුගස්තැන්න වතුයාය සමනල කඳු පන්තියේ එක් අන්තයක පටන් ගැන්ම්මෙ පිහිටලා තිබුනෙ... ඉතින් අපට සමනල කඳු මුදුන තරනය කරන්න...කඳුපන්ති 3ක් පමන පසුකරන්න සිද්ද වෙනව..අපි, සාමන්‍යයෙන් සමනල කන්ද මුදුනට යන පාරක් තොරානොගෙන කැලැබද කදුකර මාර්ගයක් තොරාගත් බැවින් ගමන ඉක්මන් කිරිම නුවනට හුරු දෙයක්..........

ඉහල පින්තුරේ තිබෙන්නෙ ඒ එක් කඳුවලල්ලක් තමයි...

පාන්දර තේ පානයෙන් පසුව අතරමගදි උදේ වෙල සප්පායන් වෙන්ඩ හිතාගත් අපේ කට්ටිය දෙවිදෙවතාවන් සිහිපත් කරගෙන...ගමන පිටත්වුනා...

පටන් ගැන්මෙදි අපට තේවතු මැදින් ගමන් කරන්න සිද්ද උනා...පාන්දරම වැටෙන ...සූර්ය දිව්‍ය රාජයාගේ ලා රැස් දහර කඳු අතර චමත්කාර දසුනක් මැවුව....

අපේ සහුර්දයගේ මලයා අපට මග කියන්න... මාමල තුන්දෙනෙකු.... ලබලා දිලා තිබුනා... කඳුකර කැලයට ඇතුල්වෙන්ඩ කලින් අපි තේ, සමග බැඳෙන ලැයින් ගම්මාන කිපයක්ම..පසුකලා....

ඒ දමිල සහුර්දයන් ඔවුන්ගේ අහිංසක සිනහවෙන් , ඔවුන් පසුකරයන අපට සංග්‍රහ කලා...

No comments:

Post a Comment

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...