Wednesday, June 8, 2011

සමනල කන්දට කැලේ මැදින්.......(5.හ )



වෙලාව උදැසන 10 සලකුණු කරමින් තිබුනා උදෙරැයින් පිටත්වුන නිසා මෙවනවිට අපට කුසගිනි දැනෙමිනුයි තිබුනේ.....

සමනල කන්ද බලා යන ගමනේ තේවතුවල අවසන් සිමාවට අප ඇතුල්වී සිටි බැවින් උදැසන වෙල ගෙන අහවර කිරිමට කන්ඩායම තීරනය කලා....

කලින් තිරනය කරගත් පරිදි එක් කන්ඩායමකට උදේ ආහාරය පිලියෙල කිරීම නියම උනා....




උදැසන සඳහා ළුනු සම්බොල යක් සමගින් පාන් අනුබව කොට කට්ටිය, ප්ලෙන්ටියකින් පිපාසාව නිවාගත්තා....

ආහර ගැනිමෙන් විනාඩි 5 ට පසු අප නැවත ගමන් කිරිම ඇරබුවා...

සමනලකඳුවැටියේ ඒ ප්‍රදෙශයේ පිහිටි අවසන් ජනාවාසය වු අන්තිම නිවස්නය ද අප පසුකලා......





සමනල කඳු මුදුනට යන තෙක් මින් පසු මිනිසුන් පදින්චිවි නොමැතිබවයි අපට අසන්නට ලැබුනේ.....

තෙරක් නොපෙනෙන වන සිමාවෙ ආරම්භය අප ඇස්මානයෙ දර්ශනය වෙමින් තිබුනා....

නිමෙෂයකින්, බඩවැටිවලින් ඝහනව සහ බටගස්වලින් ඝහනවු භුමියකට අප කන්ඩායම අවතිර්න වුනා..... බිම තනිකර තෙත් සොබහවයක් ගනු ලැබුවා....
අභ්‍යන්තරයට යන්නට යන්නට බටගස් වියනක ආකාරයෙන් මුදුන් එකට බැදිපැවතුනා...

" අයියෝ........."

පිරිස මධ්‍යයෙන් නැගුනු කැගැසිල්ලකින් කන්ඩායම නොසන්සුන් උනා.....
ටිකක් විපරම් කර බැලුවිට හේතුව සොයාගත හැකිඋනා...පරිසරයේ සොභාවයටම සරිලන අපුරු යාලුවෙක් අපව සාදරයෙන් වැලඳගනිමින් සිටියා....

"කුඩැල්ලෙක්..."

කන්ඩායමෙ එක් සොහොයුරියකගේ පාදයෙහි එල්ලි සිටි උ අපේ සහුර්දයකු විසින් ගලවනු ලැබුවා...
නමුත් ඇතිවී තිබු තත්වය එතරම් සුවදායක නොවුනේ හතර වටින්ම කුඩැල්ලන්ගේ ප්‍රහාරයට අප පිරිස ලක් වෙමින් තිබු බැවිනි...

බට ගස්වලින් ඝහනවු මද නැග්මක් සහිත,පාසි බැදුනු බිමෙහි ගමන් කිරිම දුෂ්කර කාර්ය්‍යක්විය......
යටිගිරියෙන් කෙරෙන කෑගැසිම්, බිම දිගෙ රුටායැම්... ටිකවෙලාවක් යන තෙක් සාමනය්‍ය දෙයක් බවට පත් විය.....
ඇතැම් විට ගමන්කිරිම හස්‍ය ජනකය.......


ඔන්න ගමනෙ පටන් ගැම්මේ පින්තුර කිපයක්

































8 comments:

  1. මමත් කැමතිම තැනක් තමයි......

    ReplyDelete
  2. මටත් කොච්චර ගියත් එපා වෙන්නේ නැති ගමනක් තමයි සිරිපාදෙ යාම.පෝස්ට් එකට පින්තුර එකතුකලාට ස්තුතියි..

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්!

    අපූරු චාරිකාවක්....

    (තමන්ගේ අත්දැකීම බෙදාගන්න අතරතුර අනිත අයගේ අත්දැකීමුත් කියවා අදහස් දක්වන්න....)

    ReplyDelete
  4. හැමොටම බොහොම ස්තුතියි....
    අදහස් පලකලාට...
    අනිවාර්යෙන් දිල්......අදහස් ලියනවා.....

    ReplyDelete
  5. ඇයි යනකෙටෙ අපිට කිවෙ නැත්තෙ.කිව‍ නම්‍ මාත් එනවා.

    ReplyDelete
  6. අනිවා ඉගාව එකට සෙට්වෙමු.........ප්‍රසන්න..!

    ReplyDelete
  7. මාවත් සෙට් කර ගනින් අනිත් පාර යනකොට.මම ඉන්නෙත් රත්නපුරේ නේ...

    ReplyDelete
  8. අනිවා යමු...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...