Wednesday, June 29, 2011

සමනල කන්දට කැලේ මැදින් ...( 10..ය..අවසන් කොටස...)


අවසන අපගේ අරමුන සාර්ථකය .....ශාරිරිකව කිනම් පිඩාවන් ගෙන දුනද...සියල්ලන්ගෙම මුහුනු සිනාරැල්ලකින් වර්නවත්වී ඇත ...

ශනිදා සැඳැවරුවේ අප සමනල සිරසේ..මළුවට පඩි 50 කට පමන පහලින් පලාබද්දල මාර්ගයට සෙන්දුවිමු.....

ඇත්තෙන්ම එය එසේ සිදුවිය..." අප පඩි නගිමින් ඉහලට යනවිට මෙදිනම අප පසුකර ගිය දමිල කන්ඩායම අපට හමුවිය.." ඔවුන් හදපිරි සතුටින් සිරිපා නැමඳ අප පසුකර ගියේය. සැඳැ කලුවර වැටෙත්ම සිරිපා කරුණාකර අවසන් කල අපපිරිස....පලාබද්දල මාර්ගය ඔස්සේ නැවත පහලට බැස්සෙමු....


මෙතෙක් ඝන වනාන්තරය ඔස්සේ පැමින, රැයක් වනයෙහි ගතකර නැවතත් වනය අනුගමනය නොකොට පඩි බසිමින් යනගමන...එතරම්ම වෙගවත් නොවෙ.. මන්ද නැග්මට වඩා පඩි බැසිම අමාරු කාරියක් බැවින...

කෙසේහො රාත්‍රියම ගමනේ යෙදුන අප ඉරුදිනට එලිවෙත්ම පලාබද්දල මාර්ගයේ ආරම්භයට පැමිනිමු. එතැන්සිට අප රැගෙනයාමට පැමින තිබු රථ යෙහි නැගි නැවතත් සපුගස්තැන්න වතුයායේ නිවසට පැමිනිමු.

ගමන සාර්ථකය ...... නමුත් අඩුපාඩු නොතිබුනා නොවේ.... එවා ඉදිරියේදී අනිකුත් චාරිකවල සාර්තකත්වයට හෙතුවනු ඇත. ගමන් වෙහෙස මදකින් නිවාගත් අප සැම..ඒ සොඳුරු පරිසරයට සමුදී නැවතත් කොළඹ බලා පිටත්විමු...........

නිමි....



4 comments:

  1. සාර්ථක ගමනක නිමාව....

    මගෙ අයිති කාරයා එයාගෙ යාළුවොත් එක්ක " කැලේ වැදීම " කියලා අපූරු චාරිකාවක් යනවා. ලංකාවේ තියෙන හැම වනාන්තරයක්ම එයාලගෙ ඉලක්කය වෙලා. මේ ගමන අවුරුද්දකට දෙපාරක් යනවා. මම නම් තවම මේ ගමනට සම්බන්ධ වෙලා නෑ. ඒත් විවාහයෙන් පස්සෙ නම් යන්න බලාපොරොත්තුව ඉන්නවා....

    දුෂ්කර ගමනක් කියන්නෙ අත්දැකීම ගොන්නක් ජීවිතයට එකතු කර ගැනීමක් නෙ..

    නේද රාජ් ?

    ReplyDelete
  2. දිල්...ඔයාගේ අයිතිකාරයානම් හොඳ මනුස්සයෙක් වගෙ....
    ඇත්තෙන්ම බොහො දුෂ්කර දේ ජිවිතය නැවුම් කරනව...
    ඔයාගෙ අයිතිකාරය " තරුන සත්වවේදින්ගේ සංගමයට සම්බන්දයිද..................?

    ReplyDelete
  3. රාජ්,

    ඇත්තටම සුන්දර අත්දැකීමක්. දරණියගල - උඩමාලිබොඩ හරහා කැලේමැදින් වතාවක් මමත් සිරිපා කරුණාකරල තියෙනවා. අදත් මතක්වෙනකොට සුන්දරයි. සපුගස්තැන්න මාර්ගයේත් කරුණාකරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා පුළුවන් වෙච්ච දවසක. ඔයාගේ මේ සටහන ඒනිසා හරිම වැදගත්.

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...