Thursday, June 30, 2011
විශ්‍රාම ය........අවශ්‍ය ද...?
Wednesday, June 29, 2011
සමනල කන්දට කැලේ මැදින් ...( 10..ය..අවසන් කොටස...)
Monday, June 27, 2011
සමනල කන්දට කැලේ මැදින් ...(9..ය..)




Tuesday, June 21, 2011
සමනල කන්දට කැලේ මැදින්.....(...8..අ..)


Friday, June 17, 2011
සමනල කන්දට කැලේ මැදින් (..7..අ.. )

Friday, June 10, 2011
සමනල කන්දට කැලේ මැදින්......( 6..ය..)


Wednesday, June 8, 2011
සමනල කන්දට කැලේ මැදින්.......(5.හ )
Friday, June 3, 2011
සමනල කන්දට කැලේ මැදින්......( 4..ර.)
Thursday, June 2, 2011
සමනල කන්දට කැලේ මැදින්.........3.

රැ මැදියම වෙනකොට වත්තේ බංගලාව පාමුලට අපිව රැගත් බස් රථය පැමිනිලා තිබුනා....මාර්ගයේ පැවති පටු බව සහ වංගු සහිත වීම නිසා බසය බංගලාව පිහිටි භුමියට ගැනීම තරමක් අපහසු උනා...
කිහිපවරක් බසය ඉදිරියට සහ පසුපසට ගැනිමෙන් පසු රියදුරු මහතා බසය අපට අවශ්‍යය ස්ථානයට ගෙනෙනු ලැබුව.... අවට පරිසරය සඳරැස් වලින් නැහැවිලා......අවට තේවතු සිසාරා පැතිරිලා තිබුන සඳෙහි ආලොකය ඒ රාත්රිරය වර්නවත් කලා....
සපුගස්තැන්න වත්තේ පාලනය බලා ගන්ඩ පැවරිලා තිබුනේ අපේ කන්ඩායම් සගයෙකුගෙ ඥති පුත්‍ර යෙකුට.... ඔහු අපව සාදරයෙන් පිළිගනු ලැබුව....... අපේ කාලසටහනට අනුව උදැහැනැක්කෙම..... පිටත්වෙන්ඩ තිබුන නිසා කන්ඩායමට නිදාගන්ඩ තිබුනෙ සුලු කාලයක්....
ගමනෙ බර පොඩියකට පැත්තකින් තියලා කට්ටියම පුලුවන් පුලුවන් තැන්වල ඇලවුනා......නමුත්, ගතින් නිදාගත්තද........ සිතින් සැවොම අවදියෙන්.. ඒ බව..ඔවුන්ගේ..නිදාසිටි ඉරියවු වලින් දක්නට ලැබුනා....
Wednesday, June 1, 2011
සමනල කන්දට කැලේමැදින්.........( 2ක. )

සමනල කන්දට කැලේ මැදින්..........
අපේ කට්ටිය ලබපු තවත් රසවත් අත්දැකීමක්....අපේ පලවෙනි "හයික්" ඒකියන්නෙ පලමු කදුනැගිමෙන් පස්සෙ හොදට ප්ලැන්කරල කරපු දෙවෙනි හයික් එක...
මෙය රසවත් වගේම ත්‍රාසජනක අවස්ථා වලිනුත් පිරුනු එකක් උනා...
කොහොමහරි..සාකජචා වට කිහිපයකින් පස්සෙ එ..එ අයට යම්..යම් වගකීම් බෙදලා දීලා ගමන යන්ඩ දවසකුත් යොදාගත්තා........
බ්‍රහස්පතින්ද දවසක්....සවස 6.30 ට....විතර අපේ කන්ඩායමේ සගයන් එකිනෙකා "සගයන් කිව්වට අපේ කාන්තා පාර්ෂවයේ කස්ටිය තරහ ගන්ට එපා ඔං..." ප්‍රධාන මධ්‍යස්ථානයට රැස්වෙන්නට පටන් ගත්තා... අපි කොළඹින් පිටත් වෙන්න තීරනය කරන් හිටියෙ පස්වරු 7.30 ට පමන..
තීරනය කරගත් පරිදී රත්නපුරේ..සපුගස්තැන්න වතුයායට,.. මධයම රාත්‍රීයට පෙර යන්නයි කට්ටියගෙ සුජානම....