" ලමයිනේ
හෙට එනකොට සහිත්‍ය පොතේ 3වෙනි පාඩම කියවං එන්ඩලා, හෙට අපි ඒ ගැනයි කතාකරන්නේ. හොඳයි ඔක්කොම නැගිටින්න ආයූ
බොවන්..."
තාත්තාගේ
හත්දොහේ දානය දී දින කිහිපයක් ගතව ඇත, පන්සලේ ලොකු හාමුදුරුවොත්, ලොකු ඉස්කොලේ මහත්තයාත් පිටව යන්නට කලියෙන් දුන් අවවාද හිස තුල තවමත්
දොංකාර නගන්නාක් මෙනි.
" බිංදු, කරදර අපි කාටත් උරුමයි ඒවා අද ද හෙටද කියල නෑ දෛරිය අරං ඇස් ඇස් සී ය පාස්
කොරාගන්ට ඔනා තාත්තගේ බලාපොරොත්තු ඒ විදිහට ඉටුකරන්ට හිතට ගනිං"
තාත්තාගේ හදිසි මරණයෙන් සිහි එළවා ගන්නට
බැරිසෙයින් අම්මා සිටින්නේ හැඬු කඳුලෙනි.මෙතුවක් කල් කෙළිදෙලෙන් ගතකල බිංදුගේ සිතට
නුපුරුදු බරගතියක් දැනින.
" ආ...යූ...බො..වා...න්.. ටිචර්..."
පංතියේ කොට
බිත්තියට එපිටින් අහස් කුස දෙස හිස් බැල්මෙන් යුතුව සිටි බිංදු ලමුන්ගේ
ඝොශාවෙන් ප්‍රකෘතියට එළැඹීය.
" බිංදු පොඩියකට එමු මයෙත් එක්කං ලොකු
ඉස්කොලේ මහත්තයා මුනගැහිල එන්ට යන්ඩ"
නන්දාවති
ඉස්කොලේ හාමිනේ අච්චු පොත් කිහිපය ඇකයේ රඳවමින්ම පංතියෙන් පිටවන්නට පෙර බිංදු
ඇමතීය...
බිංදුගේ මතකය හරිනම් පාසැලෙදි කා සමගින්වත්
ආරොවකට පැටළිනැත, එසේ නම් ලොකු
ඉස්කොලේ මහත්තයා මුනගැහෙන්නට තමන්ට අඬගසන්නේ කුමකටද, හුන් තැනින් නැගි සිටි බිංදු
සිතිවිල්ලේම ඉස්කොලේ හමිනේ පසුපස්සේ වැටින...
" එමු
එමු ඉස්කොලේ හාමිනේ....ම් බිංදු පුතත් ඇවිත් ඉන්නේ කොහොමද නන්දාවති මැනිකේ
බිංදු පාඩං වැඩ වෙනදා වගේ උනන්දුවෙන් කරනවද..."
පිරීසියකින්
වසා තිබු වතුර විදුරුවෙන්, වතුර උගුරක්
පානය කල මුල් ගුරුතුමා නැවත පිරිසියෙන් විදුරුව වැසීය.
" එක
නොවෙන්නම් ලොකු මහත්තයා මාත් බිංදුට කියන්නේ තව ඒ හැටි කාලයක් නෑ නොවැ විභාහගේට
ඔහොම කල්පනා කොර කොර ඉඳලා පුලුවනෑ, ඉස්කොලේ ඉන්න දස්සම ලමයා වෙච්චි කොට"
දකුනතට
බරදෙමින් නන්දාවති මැනිකේ වමත කම්මුලේ
රුවා ගත්තේ ශොක බරිත දෙනෙතිනි.
" බිංදු ..පුතේ ජිවිතේ ගැන තෙරුම් ගන්ට උඹට
තවම ඒහැටි වයසක් යෑ...එක මං දන්නව මගේ මේ 20සි 30ස් වසරක ගුරු ජිවිතේදි දස්සයො
හම්බ උනේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්, උබත් ආං එයින් එකෙක්..මයේ පුතේ කල්පනා කොරල
පලක් ඇතැ දැං ඉස්කොලේ පාඩං වැඩ හරියට කොරල එස් එස් සී පාස්වෙන්ට බලන්ට ඔනෑ...
තාත්තට හරි ඔනෑ කමක් තිබ්බා උඹට ඉහලට උගන්නන්ට
තාත්තගේ බලාපොරොත්තු අහක දාන්ට එපා...."
මෙතෙක් නාසයට බරක්ව තිබූ කන්නාඩි කුට්ටම අතට
ගත් මුල් ගුරුතුමා එය ගුරුමෙසය මත තැබීය.
" හොඳයි
බිංදු පංතියට යන්ටකො එහේනම්....."
මුවින් කිසිත්
නොදෙඩු බිංදු බිමට බර කරගත් දෙනෙතින් සුදු වැලි පිරුන පාසල් මිදුල දිගේ සෙමින්
සෙමින් පංති කාමරය දෙසට පිය මැන්නේය.
"
ඉස්කොලේ හමිනේ...බලන්ටකො සිද්ද උනේ හරි අපරාදයක් නේව..."
"
ඒක නොවෙන්නම් ලොකු ඉස්කොලේ මහත්තයො හොඳට
ඉගෙන ගන්ට දස්ස ලමෙක් නොවැ මේ..."
ලයේ බර
සැහැල්ලු කරගැනිමට දෝ.... ඇතින් මැකී යන බිංදුගේ රුව දෙස බලමින්ම නන්දාවති මැනිකේ
සුසුමක් හෙලීය.
" හේම්
බලමුකො තව ටිකක් කල් තියේනේ...මට 9මේ පංතියට පාඩමක් කියාදෙන්ට තියේ නන්දාවති එහේනම්
මම යනවා ඒ පැත්තට..."
ගුරුමෙසය මත වූ කන්නාඩි කුට්ටම නැවතත් ඇසේ රූවා ගත් මුල් ගුරුතුමා හිඳ සිටි අසුනෙන් නැගී පාසැල් මිදුලෙන් බැසගියේය.
'' විමලෝ....කො බං අම්මා..............."
හපමින් සිටි බුලත් හපය මිදුලට විසිකරමින්ම ගුනපාල ගෙට ගොඩවිය.
" ආ ඔහේ ආවැයි....මං ඒත් බැලුව මොකෑ මේ සුනංගු කියාලා...ඔං අම්මා ලිඳට ගියා "
දනහිස් දෙකට වාරුදී දරුවා නලවමින් සිටි විමලාවති, නිදමින් සිටි සිඟිත්තා සෙමෙන් පං පැදුර මත තබා නැගිසිටියේය.
" ඒයැයිට දැන් නින්ද ගොහින්...හිටින්ට මං තේ කහට ඩිංගිත්තක් වක්කරන්ට.."
" විමලේ මෙදා සැරේ වෙළඳාම සරුයි බං, එක නිසා නොවැ අයියගේ මළ ගමටත් ඔය හැටි උදවු කොරන්ට ඇහැක් වුනේ.."
පිළිකන්නට මුහුනලා දොරපියස්සට හේත්තූවි සිටි ගුනපාලගේ වතෙහි සටකපට සිනහවක් ඇඳින
" ඇත්තේයි අනේ පොඩි එකාගේ වාසනාව......"
කහට කොප්පයට සීනි හැන්දක් එක්කල විමලාවතී කොප්පය හැඳිගාමින්ම තෙපලේය
" හේම් එකනං එහේම තමයි විමලො, දැන් ඉතින් උන්ටත් යන කලදවසක් තියේයෑ..මුදලාලිත් උදවුකොරන්ට කැමතී නොවෑ බිසෝට කියහං බිංදු කොලුව අත් උදව්වට එවන්ට කියාලා, මොකෑ ඌ ඔයහැටි ඉස්කොලේ ගියා කියලා ආන්ඩුවේ තානාන්තර ගන්ට කියලයෑ බං....
තේ කොප්පයෙන් අඩක් තොලගෑ ගුනපාල ඉතිරිය විමලාවතිගේ අතේහි තැබීය....
විරාමය.......
බිංදුගේ ඉස්කෝලේ ගමනට තිත වැටෙයිද ?
ReplyDeleteම්..බලමුකො මචො මොකැ වෙන්නේ කියලා
Deleteමේක නන් මාත් කියෙව්වා........
ReplyDeleteස්තූතී.....
Delete// මොකෑ ඌ ඔයහැටි ඉස්කොලේ ගියා කියලා ආන්ඩුවේ තානාන්තර ගන්ට කියලයෑ //
ReplyDeleteඇත්තටම ඒ කාලෙ හිටපු මිනිස්සු නොදැනුවත්කමට හෝ මෝඩකමට හෝ කුහකකමට කරපු කියපු ඔය වැඩේ නිසා ලංකාවෙ අද දවසෙ සිටිය යුතු උගතුන්, වෘත්තිකයන් විශාල පිරිසක් රටට අහිමිව නිකම්ම කැලෑ වැදිල ගිය. හුඟක් දුරට ඔය අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වුනේ හොඳ ඉගෙනීමේ හැකියාවක් තිබුණු අය.
ම් එකනම් ඇත්ත තමා සහෝ...අදකාලේත් ඔය වගේ දෙවල් සිද්ද වෙනවා නෙව...
Deleteරාජ් තවටිකක් දිගට ලිපංකෝ බං... හැමදාම ඉවර වෙද්දි කේන්තියනවා.. මූ ඉක්මනට ඉවර කරලා කියලා
ReplyDeleteනෑ බං මට මෙහෙම හිතෙනව මාගල වගේ ලිව්වම කියවන අයට කම්මැලි හිතෙයි කියල...කොහොමත් කම්මැලි එකේ අරෙහේම උනහම පට්ට කම්මැලි නොවැ...ස්තුති බං උබලගේ සපොර්ට් එකට
Deleteකතාවෙ ස්ථාන වෙනස්වීම් වලදි එක් ස්ථානයක චරිත තවත් ස්ථානයකට ඍජුවම සම්බන්ධ නොවෙන අවස්ථාවලදි හා වෙනස් චරිත වෙනස් ස්ථානවලදී, ඇස්ටෙරික් වැලක්,කඩ ඉරක් හෝ එවැනි වෙනත් සුදුසු ප්‍රයෝගයක් යොදා වෙන් කරන්න පුළුවන්නම් හොදයි.
ReplyDeleteඋදා:-
ගුරුමෙසය මත වූ කන්නාඩි කුට්ටම නැවතත් ඇසේ රූවා ගත් මුල් ගුරුතුමා හිඳ සිටි අසුනෙන් නැගී පාසැල් මිදුලෙන් බැසගියේය.
***********************************************************
'' විමලෝ....කො බං අම්මා..............."
හොඳයි සුමිත් අයියා ඉදිරියෙදි එවැන්නක් යොදන්න උත්සහ කරන්නම් ඔබේ දිරිමත් කිරිමට ස්තුතී
Deleteමට කියන්න දෙයක් නැහැ. ඒකයි සුමියගේ කමෙන්ටුව යට කොටන්නේ.
Deleteමම වැලහින්නකට පෙම් බැදිමි ලියද්දි සුමිය හොද ඇඩ්වයිස් දුන්න.
ජය !
හපොයි දෙයියනේ බිංදු.......:‘(
ReplyDeleteබලමුකො ඉස්සරහට....
Deleteකතාව මුල ඉදලම ආයිත් කියවන්න ඕනි...කියෝලම එන්නම්කෝ....
ReplyDeleteකියොලා එන්ඩකො එහේනං
Deleteදිගටම ඉක්මනින් ලියන්න...ආශාවෙන් කියවන්න පුලුවන් කතාවක්....
ReplyDeleteඔකෙයි....ස්තුති ඉකිරිල්ලි
Deleteඔය වගේ සිද්දි එක්ක ළමයින්ගේ අධ්‍යාපනේ විනාස වෙනවා.. එක අපි අහලා දැකලා තියෙනවනේ..
ReplyDeleteමම කියන්න ගිය දේම සුමිත් අයිය කියලා.. ඒක වැදගත් අයියේ..
ඔවු සමාජයේ විවිද පුද්ගලයින් සිටිනවනේ බොහෝ වෙලාවට ඔවුන් එකි නේකා අතර සහ සම්භන්දතා පවතිනව ඒ ඔස්සේ විවිද සමාජ හැල හැප්පීම් සිදුවෙනව නේ...ස්තුතී මල්ලි සුමිත් අයියා හරි
Deleteකතාව ලස්සනට අැදෙනවා...ඒල..
ReplyDeleteස්තුතී සහෝ..........
Deleteහරි අපරාදයක්නේ.. ගොඩක් ග්‍රාමීය පැතිවල ඔය දේ නම් හරි සුලබයි අයියේ! ඒ වගේම ළමා ශ්‍රමිකයෝ....
ReplyDeleteඔයා හරි බලමු මොකෑ වෙන්නේ කියලා
Deleteඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ...ඒ කාලෙ..
ReplyDeleteඉස්සර
http://www.kegaluvidyalaya.lk/wp-content/uploads/2011/12/old_school.jpg
දැන්
http://farm8.static.flickr.com/7168/6645360965_74b00d6670.jpg
මම මේ අපේ ඉස්කෝලෙ ෆොටෝ එකක් කෙහෙද මෙහෙ කියල බලන්න ආවෙ...ඒ ගමන් කතන්දරෙත් කිවෙවුව
සුන්දර ගැමි පාසැල් දසුනක් අවශ්‍යවෙලා තිබුන වෙලේ ගුගල් අඩවියේ මේ පිංතුරය තිබුනේ කතාවට ඔබේ පාසැලේ දර්ශණය ගැලපුනා ස්තුතී මේ පැත්තේ ඇවිල්ලා ගියාට සහ ඔබේ දැනුවත් කිරිමට
Deleteගැමි කතාවත් එක්ක දුප්පත් පවුලක දරුවෙක් ඉගන ගන්න ඇති උනන්දුව හා යමක කමක් ඇති ගමේ ප්‍රධාන පුර වැසියා බිංදුගේ ඉගෙනීම කඩාකප්පල් කිරීමට ගන්න උත්සහයක් වගේ. මට ඒක තැනක් පොඩ්ඩක් නොගැලපෙනවා වගේ දැනුනා
ReplyDelete" ආ...යූ...බො..වා...න්.. ටිචර්..." මෙතන සාමාන්යෙන් ටීචර් කියන ඒක ගැමි වචනත් එක්ක ගැලපෙවිද නැත්නම් මොකක් හරි හේතුවක් නිසාද ඒ වචනේ දැම්මේ.
සහෝ මම කතාවට යොදාගත්තේ 80 දශකය ඉතින් ඔය කාලේ වන විට ගමේ ලමුන් අතරත් ගුරුවරයාට ටිචර් කියන නාමය ආදේශවෙලා තිබුනා ස්තුතී ඔබේ අදහස්වලට
Deleteබිංදුගේ අධ්‍යාපනයට තිත වැටෙන්නත් බිසෝට සෑහෙන කරදරවලට මුහුණ දෙන්නත් සිදුවෙයි කියලා නිකමට දැනෙන්න ගත්තා.... කතාව ලස්සනට ගලාගෙන යන නිසා කියවන්න ලේසියි.මොකෙන් මොකක් වෙයිද කියලයි හිතාගන්න බැරි...
ReplyDeleteඇති හැකි අය නැති බැරි අයගේ ජීවිතේම සූරගෙන කනවා කියන එකට හොඳ උදාහරණයක් තමයි මේක....
නියමෙට ලියනවා අයියේ ඔයා... ජය වේවා
ස්තුතී මල්ලි ඔයාගේ අදහස් වලට ඔයා හරි බලමු ඉදිරිය කෙසේ වෙයිද කියලා
Deleteහෆ්ෆා... බිංදුට මක්කෙයි මේ වෙන්නෙ ??? ඔහොම කතා නනතවත් මේ අපේ රටේ සිද්ධ වෙනවානෙ.. නියමෙට ලියාගෙන යනවා අයියෙ!!!
ReplyDeleteඑකනම් ඇත්ත ස්තුතී නංගි බලමු ඉදිරිය
Deleteඉංග්‍රීසි රාජ්, කතාව නම් හොඳයි, නමුත් මේ අකුරු දාල තියෙන පසුබිම මගෙනම් හිතට ඇති කරන්නෙ මහ කරදරකාරී, අවිවේකී හැඟීමක්... ඒ ගැන මොනව හරි කලොත් මොකද?
ReplyDeletehenryblogwalker the Dude
හරි වෙනස් කරන්න උත්සහ ගන්නම් ස්තුතී
Deleteඔහොම යමු තව දිගට බලලා...අදහසක් දෙන්නම් රාජ්.....!
ReplyDeleteඅද තමා කියෙව්වෙ බිංදු ගෙ කථාව.... රාජ් කථාව ලියන විදිය නම් මරැ... බිංදුගේ අනාගතය සුභ එකක් වෙයි කියලා හිතනවා..... ජය වේවා!
ReplyDeleteඅපේ ජන සමාජයේ එදා සිදුවුනා කියන දෙයක් බිංදු දරුවාගේ කතාව තුලින් ලස්සනට මතුවෙනවා. හොඳ විමසුමක්.
ReplyDelete