Saturday, February 21, 2015

සිතිවිලි.............



ජීවිතේ

මහ

පුදුම

හතරබීරි

කතාවක්

කියලා

වෙලාවකට

හිතෙන

කොට

තව

කොතන

හරි

තැනක

එක

සුන්දර

කතන්දරයක්

කියලා

කෙනෙක්

කියන කොට

අපි

අපේම

හැඟීම්

වල

තුරුලුවෙලා

හිත

පහුරුගානවා

කියලා

කියන

එක

අරුමයක්


නෙමෙයි..!


Monday, February 16, 2015

තුවාල කබල





ආයේත් සැරයක්

තවත් හන්දියක

සියල්ල නැවතුන

එක් නිමේෂයක්

ආපහු සිතන්න

අලුත් පාරකද

පරණ පාරේමද

ඒහේමත් නැත්නම්

වෙනස් අයුරකට

ජීවිත සටනේ

පෙරටම යන්නට

සිතිවිලි පොරකන

හොරා කිහිපය

ගතවීයන්නේ

තුච්චම තාලේට

ඒකත් හරියට

හොඳවෙන තුවාලේ

වටේ කහනකොට

කබල කොනහින්ට

හිතෙනව වාගේ..!!



Tuesday, January 27, 2015

අතැර ගිය වසන්තය





කාලය ගතවෙලා

මකුළු දැල් ලියලලා

මුලු හතර කොන් අතර

දුලී කුනු විසිරිලා

ලියූ වැකි වියලිලා

වසන්තය පියඹලා

සිතුවිලිත් අතැඟිලිත්

කොන් දෙකක තනිවෙලා

අතීතය කියවලා

සිතුවිලිහි කිමිදිලා

නැවුම් සුවඳත් ඇරන්

සිසිර සර හැරගිහින්

සිසිල්වී ගල් ගැහුන

හදවතේ සුසුම් කැටි

නුඹේ උනුහුම එක්ක

ටිකෙන් ටික දියවෙමින්

අතැර ගිය වසන්තය

යලි පැමිනෙමින් බැව්

හදවතට පැවසුවා..!!




Monday, October 27, 2014

සොඳුරු හුදෙකලාව...!!



හුදෙකලා වූ මොහොතක

දුටුව සොඳුරු නෙත් සඟලක

පිපිරුණු සිනහ කැන් දැක

අමතක වීය හුදෙකලා සිත

පුබුදුවා සිත් සොඳුරු දැහැනක

කාලය ගතවීය නොදැනිම

කිමැයි වියොවේ අරුමය

පසක් කරමින් රැවිදීය සිත තුල

අනෙකුගේ ඇනුම් බහකට

අඳුරුවිය ඒ නේතු යුග

අහෝ සොඳුරු හුදෙකලා බව

ආයේමත් මා වෙලාගනු මැන


Wednesday, September 24, 2014

ජූඩ් ගේ ලට පට....!!




අපේ මාමගේ හොඳම යාලුව ජූඩ්,  කියලයි පුංචි  නම්  කියන්නේ. ඇත්තටම ජූඩ් හිත හොඳ එකා… “  මාමත් කියනවා මට මතකයි. ඔය කොයිහැටි වෙතත් ජූඩ් කියන්නේ මතකය සුළු මොහොතකින් අමතකවෙලා යන ජාතියේ පුද්ගලයෙක්.

එක දවසක් ජුඩ් මාමලගේ ගෙදර ආපු වෙලාවක, තමන්ගේ ගෙදර යතුරයි අයිඩින්ටි කාඩ් එකකයි ලඟ තිබ්බ මේසයක් උඩින් තියල සතුටු සාමිචියේ යෙදිලා සවස් වරුවේ ආපහු යන්න ගිහින්. මනුස්සයට ගෙදර ගියහම තමයි දෙලෝ රත්වෙලා තියෙන්නේ දොරේ යතුර නෑ කියල. ඉතින් ඒදා රාත්‍රිය ගෙදර ෆොටිකොවේ ජූඩ්ට ගතකරන්න සිද්ද උනත්, පසුදා පහන් උනහම ගෙදර අයිතිකාරයට කියල දොර ඇරවගෙන,  මොකද ජුඩ් උන්නැහේ කුලී ගෙදරක තමයි වාසය කරන්නේ ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ අමතක වෙයි කියන බයට හැඳුනුම් පත උඩින් තියපු යතුර පැත්තකින් තියලා හැඳුනුම් පත විතරක් අරගෙන ගෙදර ගියපු එකයි.

තවත් දිනයක ජූඩ් දුර ගමනක් යන්න බස් එකක නැගුනා හැබැයි කුඩයකුත් අරගෙන. ඔහොම ටික දුරක් ගිය බස් එක මඳ විරාමයකට තේ කඩයක් ලඟ නැවතුනා. එලිපහලියට යන්න කියලා ජූඩ් බස් එකෙන් බැස්සා. ඔන්න මිනිත්තු කිහිපයකින් වහින්න පටන් ගත්තා කලබල උන ජූඩ් බස් කවුළුවකින් තමන් හිටපු සීට් එකගාව මගියෙකුට කතාකරලා තමන්ගේ කුඩේ එතන ඇති බැවින් එක දෙන්න කියල ඉල්ලා සිටියා. ජූඩ් දිහා බලාගෙන හිනාවෙන ගමන් මගියා අහනවා එතකොට මහත්තයා ඔය ඉහලගෙන ඉන්නේ ඒ කුඩේ නෙවෙයිද කියලා  ඔන්න ජූඩ්ගේ මතකේ තරම.

සාමාන්‍යයෙන් ජූඩ් මාමලගේ ගෙදර ආවහම පුරුද්දක් විදිහට තමන් ඇඳගෙන ආව ඇඳුම් ටික සොදලා දානවා, එහේම ආව දවසක මාමලත් එක්ක සල්ලාපයේ යෙදිලා උන්න ජූඩ් කලබලේන් නැගිට්ටේ වැස්සක් අතලඟ බැවින් වේලෙන්න දාපු රෙදිටික ගෙට ගන්න හිතාන.  එලියට දුවපු ජූඩ් කලබලෙන් ආපහු බාත් රූම් එකට දිව්වා හොදලා දාපු රෙදිටික ඒ වෙනකොටත් බාත් රූම් එකේ.

කොහේ හරි ගමනක් යන්න ලැහැස්ති උනොත් ඉස්සෙල්ලාම ලැහැස්ති වෙන්නේ ජූඩ් අංකල්. හැබැයි ඒකටත් ටික වෙලාවක් ගතවෙනවා. මුලින්ම බාත් රූම් එකට ගිහින් ආපහු එනවා, ඒ බුරුසුව අරගෙන යන්න ටිකකින් ආයිත් එනවා රේසර් එක අරගෙන යන්න ඔන්න ඔහොම දෙපාරක් තුම්පාරක් ආවට පස්සේ තමයි එයාගේ ලකලැහැස්තිය ඉවර වෙන්නේ.


තවත් දවසක ජූඩ් නාලා තුවායකින් විලි වහගෙන ගෙදර ෆොටිකොවේන් ඇතුළුවෙන කොට පාරේ කාන්තාවක් දැකලා බාගෙට විලිවහගෙන ඉන්නේ කියලා ගෙයි කාමරෙට දුවලා. ටිකකින් හිනාවෙවි එලියට ඇවිදින් අර කාන්තාව උඩබිම බලනකොට ජුඩ් කලබලබලවෙලා බලන කොට ඇතුලට ගිය ජූඩ් එලියට ඇවිත්තියෙන්නේ නිරුවතින් නෙව.


Tuesday, August 12, 2014

බහුබූත………



අම්මපල්ලා ඇත්තට

එකා හිටියනම් හිතයට

පොරබදා අල්ලාගන

දුක්විද විද ඉන්නට

එතරම් සැපක් කොහිද

හිතකට

ඇසිපිය ගැසෙන ඇසිල්ලෙක

එකා පැනගොස්ය හනිකට

ඉතින් විදවන්නේ කෙලෙසට

සැපය ඉවරයි හෙට අනිද්දට

යලිත් විඳ විඳ ඉන්නට

නොහැකි ලෙස ගැලවුනුකොට

අම්මාපල්ලා ඇත්තට

තියෙන තරහක්

හිතේ ගැට්ටෙක……


Tuesday, July 15, 2014

විහිළු හතරක්...........



ඔලේවල් කරලා ඉවරවෙනකොට මට ඔන උනේ කලා විෂයන්ගෙන් උසස්පෙළ හදාරන්න, කොහේද ඒකට ඉඩක්... " ඔය ආට් කරපු එවුන්ට වැලේ වැල් නෑ.. අඩුගානේ කොමස් වත් කරහන් "  ගෙදර මහතැන් වලින් ලැබුනේ අන්න ඒවගේ නියොගයක්. ඉතින් ඊට පස්සේ  හොල් ක්ලාස් ගෲප් ක්ලාස් ගානේ බඩගාලා " හැබැ එව්වැ ආතල් එකක් තිබ්බේ නෑ කිව්වොත් නම් ඒ සහගහන කෙප්ප" බොහෝම අමාරුවට එලේවල් ගොඩදාගත්තා එත් රජෝ යුනිවර්සිටි යන්න රිසාල්ට් මදි.

" අන්න උබට හරියන කොම්පියුටර් ඩිග්‍රියක් තියෙනවා කරහන්" යකෝ කොමස් කරපු මට කොම්පියුටර් ගනං දිරවයිද ? කොරන්ඩ දෙයක් නෑ  කොරන්ට දෙයක් නෑ නියෝගය ලැබී අවසන් , එහෙමවත් ගොඩයං ඔන්න ඉතින් අවුරුදු තුනක් තිස්සේ ඩිග්‍රියක් පස්සේ දිව්වා " හැබැ  ක්ලාස් එක පුරාම ඉංග්‍රිරිසියෙන් ටොක් කර කර හිටපු කලු සුද්දන්ට සිංහලෙන් කතා කරන හැටි පුරුදු කොරන්ට ලැබුන එක ඩිග්‍රිය නොලැබුනාට වඩා ලොකු දෙයක් "

මහා අධ්‍යාපන රටාවක් ගැනවත්, පිටරටවල අධ්‍යාපන ක්‍රම මරු කියන්ඩවත්, රටකරන ඇත්තන්ගේ චක්‍රලේක පට්ට ගහන්ඩවත්, මට ඔනේ නැති උනාට අපි සහ අපේ වැඩිහිටියන්ගේ ආකල්පවල ඇතිවෙන ගැටුම් කාරි ගතිය නිසා අපිට යන්න උනේ කොයිපාරෙද ? ගියේ මොන පාරේද ? කියන එක ගැන පොඩි අවුලක් හිතට ආපු නිසා ඔන්න ඔහේ කොටලා දාන්ඩ හිතුනා. හැබැයි මතක තියාගන්ඩ ඔනේ 100%කටම මෙහේම වෙලා නැතිවගත් අන්න ඒ ගොඩට අපි හැමොටම වැටෙන්ඩ පුලුවන්නම් පට්ටය කියන නිගමනේ තමයි මම ඉන්නෙත්.

දැන් ඔන්න එලේවල් පාස් උන පලියට හැමොටම ලංකාවේ කැම්පස් වලට සෙට්වෙන්න වෙන්නැහැනේ, නමුත් වර්ථමානය වෙනකොට පනම් හතරක් අතේ තියෙන ඔන එකෙකුට කොහොම හරි ඩිග්‍රියක් ගහ ගැනිමේ හැකියාව තියෙනව. ඒත් ඔය ගත්ත අධ්‍යාපන සුදුසු කමටම හරියන ජොබක් ලංකාව තුල සෙට්වෙන්නේ කීයෙන් කීදෙනාටද කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා..!

කොච්චර ඉගෙනගත්තත් අන්තිමට අපිට ජීවත්වෙන්න ආදායමක් ඉපයිය හැකි  මාර්ගයකට අවතීරනය වෙන්න සිදුවෙනවනේව, එතනදි තමන්ගේම හැකියාවෙන් සහ ධන ශක්තියෙන් තමන්ගේම දේයක් පටන් ගන්න පිරිස හැරුනුකොට බහුතරයට මොනයම් හෝ ආයතනයක සේවයට බැඳෙන්න සිදුවෙනවා, අපට මුලින්ම අවශ්‍යවෙන්නේ යැපීය හැකි වේතනයක් සහිත ජොබ් එකක්නේ, නමුත් ඔය කියන රස්සාව ලැබිලා කාලයක් යනවිට ඕනෑම කෙනෙක් කැමති තමන් ඉන්න තත්වයෙන් ඉහලට යන්න රැකියාව පැත්තේන් ඒදේ විශේෂ වෙන්නේ ඉහලට යනවිට වේතනයත් වැඩිවන නිසා, ආන්න එතකොට තමයි තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් කරලියට එන්න පටන්ගන්නේ.

ඒලෙවල් කරේ කොමස් වලින්.. තියෙන්නේ කම්පියුටර් ඩිග්‍රියක්..! හැබැ වැඩකරන්නේ බැංකුවක, පොස්ට් එක බැංකු සහකාර.. ඉන්නේ අයිටි අංශයේ හැබැ පරිපාටිය (කාඩර් එක) බැංකු නිලධාරි. දැන් කොහොමද ඉහලට යන්නේ ඉන්න කාඩර් එකට අවශ්‍ය අතීරෙක සුදුසුකම් වලට අයිටී ඩිග්‍රීය අදාල නැහැ. හැබැ අයිටි පරිපාටියට ඒ සුදුසුකම ප්‍රමානවත්. පැත්තකට වෙලා කල්පනාකරන කොට මේකත් හරියට අරව මෙව්වා දාල ගහපු කොත්තුවක් වගේ.”
දැන් ඉතින් ආයිමත්,  තියෙන ජොබ් එකට හරියන අතිරේක අධ්‍යාපන සුදුසුකම් එකින් එක  අහුලන්ඩද වෙන්නේ ආපහු ?
එහේනම් ඉතින් ඒලෙවෙල් ඉවර උන ගමන්ම ජොබකට පැනගෙන, ආං ඒ ජොබ් එකට හරියන විදිහේ ඩිග්‍රියක් කොරගෙන, කාල බිලා ඉහලට ගොහින් සැපට ඉන්න තිබ්බනේ..! මොන මගුලකටද බලෙන් ඇඟේ එල්ලපු ඩිග්‍රියකුත් කරපින්නගෙන.. උදේ හවහා පිම්මේ දුවන්නේ. දැන් එතකොට ඒලෙවල් කරපු ගමන් ජොබක් දෙන්න අපේ රටේ හැම ආයතනයක්ම ආසාවෙන් බලං ඉන්නවද ? එහේනම් මරුනේ…!!!

හොඳ නැද්ද අපි කැමති විෂයකින් ඒලේවල් කරල, පුලුවං ට්‍රයි එකක් දිලා අපේම කැම්පස් එකකට රිංගගෙන, අපි කැමති විදිහේ ඩිග්‍රියක් කොරගෙන, ඒ කට හරියන ජොබකට සේට්වෙලා සංතොසෙන් මැරිලා යන්න. ඇත්තට මෙව්වා නිකං විහිළු විතරද මන්දා....!!!

අම්මපා අවුරුදු හතරක් කියන්නේ දැං නම් ඊයේ පෙරෙදා වගේ කියල තමයි මේ දුවන දිවිල්ලට හිතෙන්නේම. හැබැ   අටෝගත්ත බ්ලොග් එක මෙච්චර කාලයක් ඇදගෙන එන්න ලැබුන එක ගැනනම් පොඩි පහේ සංතොෂයක් තියෙනවා. ඒ එක්කම මේතාක් කල් මගේ බ්ලොග් පොස්ට් කියවපු සහ බ්ලොග් සම්බන්දයෙන් සිදුකෙරුන ඇතැම් පොදු කටයුතුවලදි මුනගැසි වචනයක් දෙඩු බ්ලොග් සහෘධයන් හැමොටම ස්තුතීයි.!! 

නමුත් බ්ලොග් රෝලදිගේ පහලට යනකොට මම ආසාවෙන් කියවපු ඇතැම් සිංහල බ්ලොග් අතරමග නැවතී තියෙන බව දැක්කම කනස්සලක් ඇති උනා. ඒ කාලේ හිතට එකඟව කොමෙන්ටුවක් දාන්න පුලුවන් ලිපියක් කියෙව්වම අප අතර ඇතිවෙන සුහද අදහස් ප්‍රකාශකිරීම් සහ දැනුවත් වීම ඇත්තටම හරීම රසවත්. ඔවුන් ආපසු යමක් ලියනවනම් පාථකයෙක් විදිහට මා හරිම සන්තොසවෙනවා !! නිසාම නෑවතිමක කොමාවක් වැටිලා තිබුන බ්ලොග් අතුරින් කිහිපයක් සටහන් කරන්න හිතුනා මෙන්න මේ විදිහට..

Z එක | THE JD ONLINE , මන්තරකාරි, හිතුමතේ බ්ලොග්, මගේ මරණය, මතකයේ රැඳුනුතැන්...., අළු පාටහැන්දෑව., ප්‍රහාරය, ගැහැනු ළමයි, Iceගේ කොලම, පැණි දොඩම්, දුමීගේ කට කහන කතා, නිසූගේ කතා, පලාමල්ල :::: palaamalla, හසිගේ සිතුවිලි, මගේ තනිකම, BLOG ගඩොල්, ඔසිකතා, අසරණයා, ළිහිණි ගේ ජීවිතය, සිහින සිත්තම්, වර්ණාගේ මතක, මගේ ලෝකය, වෙද ගෙදර, බට්ටී, ---- රත්ගමයා -----


ආපහු වෙලාවක කොමෙන්ටුවකින් පොස්ට් එකකින් සෙට්වෙමු ආ ගාළු ආවොත් එහේදිත් සෙට්වෙන්න පුලුවන්නෙව ………!