ඔලේවල් කරලා
ඉවරවෙනකොට මට ඔන උනේ කලා විෂයන්ගෙන් උසස්පෙළ හදාරන්න, කොහේද ඒකට ඉඩක්...
" ඔය ආට් කරපු එවුන්ට වැලේ වැල් නෑ.. අඩුගානේ කොමස් වත් කරහන් " ගෙදර මහතැන් වලින් ලැබුනේ අන්න ඒවගේ නියොගයක්.
ඉතින් ඊට පස්සේ හොල් ක්ලාස් ගෲප් ක්ලාස් ගානේ බඩගාලා "
හැබැ එව්වැ ආතල් එකක් තිබ්බේ නෑ කිව්වොත් නම් ඒ සහගහන කෙප්ප" බොහෝම
අමාරුවට එලේවල් ගොඩදාගත්තා එත් රජෝ යුනිවර්සිටි යන්න රිසාල්ට් මදි.
" අන්න උබට
හරියන කොම්පියුටර් ඩිග්‍රියක් තියෙනවා කරහන්" යකෝ කොමස් කරපු මට කොම්පියුටර්
ගනං දිරවයිද ? කොරන්ඩ දෙයක් නෑ
කොරන්ට දෙයක් නෑ නියෝගය ලැබී අවසන් , එහෙමවත් ගොඩයං ඔන්න
ඉතින් අවුරුදු තුනක් තිස්සේ ඩිග්‍රියක් පස්සේ දිව්වා " හැබැ ක්ලාස් එක පුරාම ඉංග්‍රිරිසියෙන්
ටොක් කර කර හිටපු කලු
සුද්දන්ට සිංහලෙන් කතා කරන හැටි පුරුදු කොරන්ට ලැබුන එක ඩිග්‍රිය නොලැබුනාට වඩා
ලොකු දෙයක් "
මහා අධ්‍යාපන
රටාවක් ගැනවත්, පිටරටවල අධ්‍යාපන
ක්‍රම මරු කියන්ඩවත්, රටකරන
ඇත්තන්ගේ චක්‍රලේක පට්ට ගහන්ඩවත්, මට ඔනේ නැති
උනාට අපි සහ අපේ වැඩිහිටියන්ගේ ආකල්පවල ඇතිවෙන ගැටුම් කාරි ගතිය නිසා අපිට යන්න
උනේ කොයිපාරෙද ? ගියේ මොන
පාරේද ? කියන එක ගැන
පොඩි අවුලක් හිතට ආපු නිසා ඔන්න ඔහේ කොටලා දාන්ඩ හිතුනා. හැබැයි මතක තියාගන්ඩ
ඔනේ 100%කටම මෙහේම
වෙලා නැතිවගත් අන්න ඒ ගොඩට අපි හැමොටම වැටෙන්ඩ පුලුවන්නම් පට්ටය කියන නිගමනේ තමයි
මම ඉන්නෙත්.
දැන් ඔන්න
එලේවල් පාස් උන පලියට හැමොටම ලංකාවේ කැම්පස් වලට සෙට්වෙන්න වෙන්නැහැනේ, නමුත් වර්ථමානය
වෙනකොට පනම් හතරක් අතේ තියෙන ඔන එකෙකුට කොහොම හරි ඩිග්‍රියක් ගහ
ගැනිමේ
හැකියාව තියෙනව. ඒත් ඔය ගත්ත අධ්‍යාපන සුදුසු කමටම හරියන ජොබක් ලංකාව තුල
සෙට්වෙන්නේ කීයෙන් කීදෙනාටද කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා..!
කොච්චර
ඉගෙනගත්තත් අන්තිමට අපිට ජීවත්වෙන්න ආදායමක් ඉපයිය හැකි මාර්ගයකට අවතීරනය වෙන්න සිදුවෙනවනේව, එතනදි තමන්ගේම
හැකියාවෙන් සහ ධන ශක්තියෙන්
තමන්ගේම දේයක් පටන් ගන්න පිරිස හැරුනුකොට බහුතරයට මොනයම් හෝ ආයතනයක සේවයට
බැඳෙන්න සිදුවෙනවා, අපට මුලින්ම
අවශ්‍යවෙන්නේ යැපීය හැකි වේතනයක්
සහිත ජොබ් එකක්නේ, නමුත් ඔය
කියන රස්සාව ලැබිලා කාලයක් යනවිට ඕනෑම කෙනෙක් කැමති තමන් ඉන්න තත්වයෙන් ඉහලට යන්න
රැකියාව පැත්තේන් ඒදේ විශේෂ වෙන්නේ ඉහලට යනවිට වේතනයත් වැඩිවන නිසා, ආන්න එතකොට තමයි
තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් කරලියට එන්න පටන්ගන්නේ.
“ ඒලෙවල් කරේ
කොමස් වලින්..
තියෙන්නේ කම්පියුටර්
ඩිග්‍රියක්..! හැබැ
වැඩකරන්නේ බැංකුවක, පොස්ට් එක
බැංකු සහකාර.. ඉන්නේ අයිටි
අංශයේ හැබැ පරිපාටිය (කාඩර් එක) බැංකු
නිලධාරි. දැන් කොහොමද ඉහලට යන්නේ ඉන්න කාඩර් එකට අවශ්‍ය අතීරෙක සුදුසුකම් වලට
අයිටී ඩිග්‍රීය අදාල නැහැ. හැබැ අයිටි
පරිපාටියට ඒ සුදුසුකම ප්‍රමානවත්. පැත්තකට වෙලා කල්පනාකරන කොට මේකත් හරියට අරව
මෙව්වා දාල ගහපු කොත්තුවක් වගේ.”
දැන් ඉතින්
ආයිමත්, තියෙන ජොබ් එකට හරියන අතිරේක අධ්‍යාපන සුදුසුකම්
එකින් එක අහුලන්ඩද වෙන්නේ ආපහු ?
“ එහේනම් ඉතින්
ඒලෙවෙල් ඉවර උන ගමන්ම ජොබකට
පැනගෙන, ආං ඒ ජොබ්
එකට හරියන විදිහේ ඩිග්‍රියක් කොරගෙන, කාල බිලා ඉහලට ගොහින් සැපට ඉන්න තිබ්බනේ..! මොන මගුලකටද බලෙන්
ඇඟේ එල්ලපු ඩිග්‍රියකුත් කරපින්නගෙන.. උදේ හවහා පිම්මේ දුවන්නේ. දැන් එතකොට
ඒලෙවල් කරපු ගමන් ජොබක් දෙන්න අපේ රටේ හැම ආයතනයක්ම ආසාවෙන් බලං ඉන්නවද ? එහේනම් මරුනේ…!!!
හොඳ නැද්ද අපි
කැමති විෂයකින් ඒලේවල් කරල, පුලුවං ට්‍රයි
එකක් දිලා අපේම කැම්පස් එකකට රිංගගෙන, අපි කැමති විදිහේ ඩිග්‍රියක් කොරගෙන, ඒ කට හරියන ජොබකට
සේට්වෙලා සංතොසෙන් මැරිලා යන්න. ඇත්තට මෙව්වා
නිකං විහිළු විතරද මන්දා....!!!
අම්මපා
අවුරුදු හතරක් කියන්නේ දැං නම් ඊයේ පෙරෙදා වගේ කියල තමයි මේ දුවන දිවිල්ලට හිතෙන්නේම. හැබැ අටෝගත්ත බ්ලොග් එක මෙච්චර කාලයක් ඇදගෙන එන්න
ලැබුන එක ගැනනම් පොඩි පහේ සංතොෂයක් තියෙනවා. ඒ එක්කම මේතාක් කල් මගේ බ්ලොග් පොස්ට්
කියවපු සහ බ්ලොග් සම්බන්දයෙන් සිදුකෙරුන ඇතැම් පොදු කටයුතුවලදි මුනගැසි වචනයක්
දෙඩු බ්ලොග් සහෘධයන් හැමොටම ස්තුතීයි.!!
නමුත් බ්ලොග් රෝලදිගේ පහලට යනකොට මම
ආසාවෙන් කියවපු ඇතැම් සිංහල බ්ලොග් අතරමග නැවතී තියෙන බව දැක්කම කනස්සලක් ඇති උනා. ඒ කාලේ හිතට එකඟව
කොමෙන්ටුවක් දාන්න පුලුවන් ලිපියක් කියෙව්වම අප අතර ඇතිවෙන සුහද අදහස් ප්‍රකාශකිරීම්
සහ දැනුවත් වීම ඇත්තටම හරීම රසවත්. ඔවුන් ආපසු
යමක් ලියනවනම් පාථකයෙක් විදිහට මා හරිම සන්තොසවෙනවා !! ඒ නිසාම
නෑවතිමක
කොමාවක් වැටිලා තිබුන බ්ලොග් අතුරින් කිහිපයක් සටහන් කරන්න හිතුනා
මෙන්න මේ
විදිහට..
Z එක | ෴THE JD ONLINE෴ , මන්තරකාරි, හිතුමතේ බ්ලොග්, මගේ මරණය, මතකයේ රැඳුනුතැන්...., අළු පාටහැන්දෑව., ප්‍රහාරය, ගැහැනු ළමයි, Iceගේ කොලම, පැණි දොඩම්, දුමීගේ කට කහන කතා, නිසූගේ කතා, පලාමල්ල :::: palaamalla, හසිගේ සිතුවිලි, මගේ තනිකම, BLOG ගඩොල්, ඔසිකතා, අසරණයා, ළිහිණි ගේ ජීවිතය, සිහින සිත්තම්, වර්ණාගේ මතක, මගේ ලෝකය, වෙද ගෙදර, බට්ටී, ---- රත්ගමයා -----
ආපහු වෙලාවක
කොමෙන්ටුවකින් පොස්ට් එකකින් සෙට්වෙමු ආ ගාළු ආවොත් එහේදිත් සෙට්වෙන්න පුලුවන්නෙව ………!
කෝ බොලව් විහිළු හතර..??
ReplyDeleteසුභ පැතුම් ආ.. වෙලාවකට පවුල් කනවට වඩා අමාරු බ්ලොග් ලියන එක ;)
රාජ් කිව්වත් වගේ නතර වෙලා තියෙන බ්ලොග් අපරාදේ..
මම ගොඩක් අලුත් බ්ලොගර්ස්ලාට කියන්නෙත් නවත්තන්නෙ නැතුව ලියපල්ලා කියල..
පටං ගන්න කොට තරං ලෙසි නෑ නේව පවත්වාගෙන යෑම , ඇයි බං විහිළු තමා මෙක පුරා ලියල තියෙන්නේ ස්තුතී ස්තුතී :D
Deleteවිහිලු 4?
ReplyDelete:D
Deleteඅධ්‍යාපන ක්‍රමය සහ රැකියා කියන දේවල් නං නියම විහිළු තමයි බං. මම නං ඕව ගැන හිතන්නෙ නෑ එච්චර.
ReplyDeleteවෙලාවකට ඔව්වා ඉබේ හිතට එනවා බං. :)
Deleteඉංගිරිස් Raj හා සිංහල රාජ්....
Deleteමං හිතන් හිටියෙ මේ දෙන්නම එකෙක්ය කියලයි...
නැත්තං මීට කලිං ඇවිත්..
හයියෝ සල්ලි
ඉස්සරත් ඔයවගේ පටලැවිලි උනා සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට..!!
Deleteවිහිළු හතර නිකං හතර පෙර නිමිති වගේ නේද?
ReplyDeleteබ්ලොග් නතරවීම ගැන කියනවානම් - නිකං අවාරෙට පොල් කඩනවාට වඩා හොඳයි පීක් එකේ දී නතර කරන එක.
//නිකං අවාරෙට පොල් කඩනවාට වඩා හොඳයි පීක් එකේ දී නතර කරන එක.\\
Deleteකාලෙකට පස්සේ කාකාගේ කතාවට එකඟ වෙන්න පුලුවන් :D
හේම් කකාගේ කතාවෙ ඇත්තක් තියෙනවා මේ දුවන දිවිල්ලට බ්ලොග් පටලෝ ගන්න එකත් ලේසි නෑනේව .ඇත්ත කකා හතර පෙරනිමිති නමුත් පෙරනිමිති වලින් අලුත් පරම්පරා කුමන නිගමන වලට එයිද කියන අනියත බියක් ජනිත වෙනව නේව
Deleteපළමුව සිව්වසරක් සැපිරීම ගැන සුබ පැතුම්.....
ReplyDeleteදෙවනුව කියන්න ඇත්තේ තාමත් අපට ඇත්තේ වෘත්තිය ක්‍රමවේද ඉලක්ක කරගත් උපාධි පාඨමාලා නොවන බවයි. ඒත් දැන් දැන් පුද්ගලික අංශයෙන් එවන් වෘත්තිය උපාධි පිරිනැමෙනවා. බොහෝ දේ කිය හැකි කතාවක් ඒත් වෙලාව මදි වැඩකරන ගමන් නිසා.
ස්තුතීයි නලින් අයියා ඉඩපාඩු ඇති විටක අදහසක් දාන්න ඔබවන් උදවියගේ අදහස් ඉතා වැදගත් මෙවන් සංවාදයකට
Deleteසමහර බ්ලොග් බිහිවුන ගමන්ම මැරිලා යනව තවත් සමහර බ්ලොග් හොඳට ලියවෙමින් තිබිල එකපාරටම නැතිවෙලා යනවා.ඒ විදියට බලද්දී කලින් තීරණය කරගෙන ඉඳල සමුගත්තෙ කකා විතරයි මම හිතන්නෙ.
ReplyDeleteඔව් හැලප සහෝ ඇතිවීම නැතිවීම අතර සිතිවිල්ලක වෙනසක් නේව තියෙන්නේ කොහොම නමුත් ඉඩක් ඇතිවිටක ලියවෙනවානම් පාඨකයන්ට ඒ මහත් ආස්වාදයක් නේද ඒ වගේම දැනුවත්කර නවතාලන බ්ලොග් ලියන්නන්ටත් අපගේ ප්‍රනාමය පලකල යුතුමයි
Deleteමදැයි විහිළු හතරක් කියවන්න ආවා.
ReplyDeleteබ්ලොගක් කරන එකත් එක්සසයිස් ප්‍රෝග්‍රෑම් එකක් පටං ගන්නවා වගේ.
පටං ගන්න ලේසියි.
කරගෙන යන්න තමයි අමාරු.
මගේ සුභ පැතුම් රාජ්.
ස්තුතීයි ඩියුඩ්....!!! හැබැයි ඒකාලේ අපේ සිතිවිල්ලට අනුව පැමින අකුරක් ඉගෙනීමට ලැබීම ගැන අවංකවම සතුටුයි
Deleteඅවඅරුදු හතරට පට්ට සුභ පැතුං ඈ...
ReplyDeleteජයවේවා දිගටම කරගෙන යමු...
ආයෙත් ගොඩවදින්නං කො
බොහොම ස්තුතියි ඔබතුමාට..!!!
Deleteඅවුරුදු 4ට සුබ පැතුම් අයියේ.. දිගටම ලියාගෙන යමු.. මගෙත් 4 ලබන මාසේ..
ReplyDeleteදැන් කෝ විහිළු 4 එතකොට??
ලබන මාසේ කියල මටත් මතක් උනා විහිළු නේව අවුරුදු 4ක් ලියල තියෙන්නේ මලේ :D
Deleteදැන් නම් ඇස් රතු වෙන විහිළුත් යනවා. ඒත් ආතල්.. සුපැතුම් රාජ්...!!!!
ReplyDeleteඒකනම් ඇත්ත ලොකු අයියේ ජය !!
Deleteසුභ පැතුම් ලොකු අයියේ අවුරුදු 4ට !!! කොටින්ම හැම මිනිහෙක්ගේම ජිවිතේ විහිළුවක් තමා ඉතින් හැබැයි ලංකාවේ උන්ගේ විතරයි !
ReplyDeleteස්තුතීයි නංගා ඇත්තට ලංකාවේ ජීවිතවල විහිළු වැඩියි ඒකට හේතුවත් අපිමයි කියල මට හිතුනා
Deleteඔය කියන කාලෙ ඉතින් ටියුෂන් ගුරාලා අපිට පෙන්වන්නෙ කැම්පස් එකෙන් තොර ලොවක් නෑ කියලනෙ...අන්න ඒ බොරුවට රැවටිලා තමයි මමත් නන්නත්තාර වෙලා හිටියෙ....ඇත්තටම උසස් පෙළින් පස්සෙ ලැබෙන ප්‍රතිඵලය අනුව ඊලගට කරන දේ පිළිබදව හොද සැලසුමක් හදාගන්න පුලුවන් නම් බොහෝ අයට ගොඩ යන්න පුලුවන්. නමුත් ඒ සැලසුම තීරණය කරන්න උපකාර කරන්න කෙනෙකු නැති වීම තමයි මම දකින අවුල. නිතර නිතර බොග දාන්න බලමු.
ReplyDeleteහතරෙ කථාව පස්සෙ මීටර් උනේ..මගේ උණුසුම් සුභ පැතුම්..
Deleteඋඹේ සිතුවිල්ල හරි කියල මටත් හිතෙනවා ස්තුතීයි උඹට සුබ පැතුවට තටමලා හරි බොකග් දානවා බං හික්ස්
Deleteසුභ පැතුම් රාජ්.....අවු.4ට....! අර නැවතිලා තියන බ්ලොග් ගැන දුකයි මටත් ..බට්ටි අක්කියා ලිහිණි....හ්ම්ම් :(
ReplyDeleteස්තුතීයි රෙහානි ඇත්තටම ඒ නැවතිච්ච බොහෝ බ්ලොග් වල කියවන්න දේවල් තිබුනා
Deleteකෝ බං විහිලු
ReplyDeleteඔය තියෙන්නේ පිටුවක් පිරෙන්න..!!
Deleteසිව්වසරකට ඇවිත් තියෙන දුර ගොඩයි.. සුබපැතුම් රාජ්.. කාලෙකදි අර මැරුන බ්ලොග් ලිස්ට් එකේ අපිත් ඉඳීවි.. අපි කිව්වෙ මම..
ReplyDeleteස්තුතී සහෝ යමක රැඳී සිටිම හැමදාටම කිරිම බොහොම අමාරු කාරියක් නේව පුලුවන් කල් අරගෙන යමු
Deleteආට් කරපු එවුන්ට වැලේ වැල් නෑ..
ReplyDeleteඔය වගේ විහිළු කතා අහල රැල්ලට වැටුණු හන්ද තමා මටත් කෙළ වුනේ..
සිව් අවුරුද්දට සුභ පැතුම් රාජ්..
මටත් ඒකමයි කල්පනා උනේ මචං සුබ පැතුමට ස්තුතීයි සහෝ..!!
Deleteමගේ බෝට්ටුවෙ තවත් එකෙක් වෙච්චි එකට නොහොත් හතරක් ඇදගෙන ආවට සුභ පැතුම්!!!
ReplyDeleteඉන්දිකයා මචං උඹලා තාම ලියන එකට සතුටුයි බං කොච්චර දේවල් හැප්පිලි පැද්දිලි අපි පහුකරන් ඇවිත් තියෙනවද නේද මචෝ, ඒ අතරේ සතුටුවෙන්න සහ කනගාටුවුන අවස්ථා තිබුනා නේව ඇතැම් විට ජය මචං..!!
Deleteසිවු වසරට උනුසුම් සුභ පැතුම්.(මම මෙ තාම බඩ අල්ලගෙන හිනාවෙන ගමන් )
ReplyDeleteහිනාවීම ලේ වඩවනවා නේව ස්තුතී පැතුමන් එක්කලාට..!!
Deleteමාර විහිළු තමයි.. අවුරුදු 4ක් ලිව්වා නේද.. එල... වැඩිපුර හිතන්නේ නැතුව ඔන්න ඔහේ හිතෙන වෙලාවට ලියල දාපන්..
ReplyDeleteපැතුමා ඔව් මචං උඹ හරි
ReplyDeleteඔබට සුබ පැතුම් රාජ්!!
ReplyDeleteපද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය හා සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව
ස්තුතී ඔබට..!!
Deleteසුභ පැතුම් Raj ....
ReplyDeleteතව කලක් දිගටම ඇදගගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා!!!
විහිලු ටික ලස්සනයි, කියෝලා ඇඬුනා....
ජ ය වේ වා !!!
ස්තුතීයි අගැයුමට..!!
Deleteසුභපැතුම්...මාවත් මතක් වුනාට ස්තුතී..බලමු ඉස්සරහට..
ReplyDeleteඅම්මෝ හෙන කාලේකින්
Delete