Tuesday, January 27, 2015

අතැර ගිය වසන්තය





කාලය ගතවෙලා

මකුළු දැල් ලියලලා

මුලු හතර කොන් අතර

දුලී කුනු විසිරිලා

ලියූ වැකි වියලිලා

වසන්තය පියඹලා

සිතුවිලිත් අතැඟිලිත්

කොන් දෙකක තනිවෙලා

අතීතය කියවලා

සිතුවිලිහි කිමිදිලා

නැවුම් සුවඳත් ඇරන්

සිසිර සර හැරගිහින්

සිසිල්වී ගල් ගැහුන

හදවතේ සුසුම් කැටි

නුඹේ උනුහුම එක්ක

ටිකෙන් ටික දියවෙමින්

අතැර ගිය වසන්තය

යලි පැමිනෙමින් බැව්

හදවතට පැවසුවා..!!




22 comments:

  1. Replies
    1. එහේමද එහෙනම් යමං

      Delete
  2. අප්පේ උඹව දැක්ක කල්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ටික කාලයක් ගතවුනා

      Delete
  3. හරි. එහෙනං සුද්ද කරල ගමු

    ReplyDelete
  4. //අතැර ගිය වසන්තය

    යලි පැමිනෙමින් බැව්

    හදවතට පැවසුවා.///


    එහෙනම් ලියමු තව දිගට..!

    ReplyDelete
    Replies
    1. හරි ඉන්දිකයා ලියමු..!!

      Delete
  5. හොඳයි හොඳයි...
    දැන් මොනවහරි ලියමු.
    පහුගිය කාලේ ආව කියල ලියන්න දේවල් තිබ්බෙත් නැහැනේ, බලන්න දේවල් මිසක්.

    ReplyDelete
  6. වසන්තය උදාවේගන වගේ එන්නේ

    ReplyDelete
    Replies
    1. නලින් අයියා යහපාලනේ නේව

      Delete
  7. නියමයි....දිගටම ලියන්න...

    ReplyDelete
  8. නිර්මාණය වටිනවා.... අගෙයි.........

    හැමදාමත් ඉඩෝර නෑ ............ වසන්තය ඒනවා සත්තයි..............

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි ඇගයුමට

      Delete
  9. මොකැ මේ ...යටි අරුතක් තියද

    ReplyDelete
  10. එහෙනම් ලියන්න පටන් ගමු..

    ReplyDelete
    Replies
    1. ඉතිං මල්ලා කොහොමද...

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...