අපේ මාමගේ හොඳම යාලුව ජූඩ්, කියලයි පුංචි නම් කියන්නේ. “ ඇත්තටම ජූඩ් හිත හොඳ එකා… “ මාමත් කියනවා මට මතකයි. ඔය කොයිහැටි වෙතත්
ජූඩ් කියන්නේ මතකය සුළු මොහොතකින් අමතකවෙලා යන ජාතියේ පුද්ගලයෙක්.
එක දවසක් ජුඩ්
මාමලගේ ගෙදර ආපු වෙලාවක, තමන්ගේ ගෙදර
යතුරයි අයිඩින්ටි කාඩ් එකකයි ලඟ තිබ්බ මේසයක් උඩින් තියල සතුටු සාමිචියේ යෙදිලා
සවස් වරුවේ ආපහු
යන්න ගිහින්. මනුස්සයට ගෙදර
ගියහම තමයි
දෙලෝ රත්වෙලා තියෙන්නේ දොරේ යතුර නෑ කියල. ඉතින් ඒදා රාත්‍රිය
ගෙදර ෆොටිකොවේ
ජූඩ්ට ගතකරන්න සිද්ද උනත්, පසුදා පහන් උනහම
ගෙදර අයිතිකාරයට කියල දොර ඇරවගෙන, මොකද ජුඩ් උන්නැහේ කුලී ගෙදරක තමයි වාසය කරන්නේ
ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ අමතක වෙයි කියන බයට හැඳුනුම් පත උඩින් තියපු යතුර
පැත්තකින් තියලා හැඳුනුම් පත විතරක් අරගෙන ගෙදර ගියපු එකයි.
තවත් දිනයක
ජූඩ් දුර ගමනක් යන්න බස් එකක නැගුනා හැබැයි කුඩයකුත් අරගෙන. ඔහොම ටික දුරක් ගිය
බස් එක මඳ විරාමයකට තේ කඩයක් ලඟ නැවතුනා. එලිපහලියට යන්න කියලා ජූඩ් බස් එකෙන්
බැස්සා. ඔන්න
මිනිත්තු කිහිපයකින් වහින්න පටන් ගත්තා කලබල උන ජූඩ් බස් කවුළුවකින් තමන් හිටපු
සීට් එකගාව මගියෙකුට කතාකරලා තමන්ගේ කුඩේ එතන ඇති බැවින් එක දෙන්න කියල ඉල්ලා
සිටියා. ජූඩ් දිහා
බලාගෙන හිනාවෙන ගමන් මගියා අහනවා “ එතකොට මහත්තයා
ඔය ඉහලගෙන ඉන්නේ ඒ කුඩේ නෙවෙයිද කියලා”
ඔන්න ජූඩ්ගේ මතකේ තරම.
සාමාන්‍යයෙන්
ජූඩ් මාමලගේ ගෙදර ආවහම පුරුද්දක් විදිහට තමන් ඇඳගෙන ආව ඇඳුම් ටික සොදලා දානවා,
එහේම ආව දවසක මාමලත්
එක්ක සල්ලාපයේ යෙදිලා උන්න ජූඩ් කලබලේන් නැගිට්ටේ වැස්සක් අතලඟ බැවින් වේලෙන්න
දාපු රෙදිටික ගෙට ගන්න හිතාන. එලියට දුවපු ජූඩ් කලබලෙන් ආපහු බාත් රූම් එකට
දිව්වා හොදලා දාපු රෙදිටික ඒ වෙනකොටත් බාත් රූම් එකේ.
කොහේ හරි
ගමනක් යන්න ලැහැස්ති උනොත් ඉස්සෙල්ලාම ලැහැස්ති වෙන්නේ ජූඩ් අංකල්. හැබැයි ඒකටත් ටික
වෙලාවක් ගතවෙනවා. මුලින්ම බාත්
රූම් එකට ගිහින් ආපහු එනවා, ඒ බුරුසුව
අරගෙන යන්න ටිකකින් ආයිත් එනවා රේසර් එක අරගෙන යන්න ඔන්න ඔහොම දෙපාරක් තුම්පාරක්
ආවට පස්සේ තමයි එයාගේ ලකලැහැස්තිය ඉවර වෙන්නේ.
තවත් දවසක
ජූඩ් නාලා තුවායකින් විලි වහගෙන ගෙදර ෆොටිකොවේන් ඇතුළුවෙන කොට පාරේ කාන්තාවක්
දැකලා බාගෙට විලිවහගෙන ඉන්නේ කියලා ගෙයි කාමරෙට දුවලා. ටිකකින් හිනාවෙවි
එලියට ඇවිදින් අර කාන්තාව උඩබිම බලනකොට ජුඩ් කලබලබලවෙලා බලන කොට ඇතුලට ගිය ජූඩ්
එලියට ඇවිත්තියෙන්නේ නිරුවතින් නෙව.
පට්ට... පට පට... නියම ලට පට ටිකන්නෙ... අමතක වෙනවයි කියල මේම අමතක වුනොත් නං හොදට හිටියි...
ReplyDeleteහපොයි
කාට කියන්ඩද අප්පා..
Deleteතව මොන මොනා අමතක වෙලා ඇත්ද දන්නෑ...හෙහ් හෙහ්
ReplyDeleteඑකනොවැ සෙන්නා
Deleteඅපොයි දෙය්යනේ ජූඩ්.... :D
ReplyDeleteඅනේ අපොයි නේන්නං DD
Deleteඅර ලට පට ලියන ප්‍රසන්නයටත් මට හිතෙන්නේ අමතක වීමක් වෙලා ඇත්තෙ... :)
ReplyDeleteඔවු. බ්ලොග් එකේ ලොගින් පාස්වර්ඩ් එක අමතක වෙලාලු උෟට. හැක්...
Deleteපාස්වර්ඩ් එක අමතක වෙලානම් කමක් නෑ.. මම හිතුවේ බ්ලොග් එකම අමතක වෙලා කියලා... :)
Deleteඅමතක කොරලා හරියන්නෑ ප්‍රසා
Deleteකුඩේ ඉහලගෙන ඉන්නකොට මිනිහ තෙමෙන්නෑ කියල අමතක වෙච්ච එකනෙ පුදුමෙ.
ReplyDeleteපට්ට මතකේනේව ප්‍රසා
Deleteජුඩ් නං නියම බුවෙක්.. බැදල නැතිය??
ReplyDeleteඔය ජුඩ්ගේ නෑ කෙනෙක්ද බං ඩුඩ්...???
Deleteනෑ ඌ කොල්ලන්ට කැමති නෑ!
Deleteඔව් ඒකා බැඳලා නැහැ .. හික්ස්
Deleteමං වගේ තවත් අය ඉන්නව එතකොට!!
ReplyDeleteඉන්දිකයා පරිස්සං වෙයං හික්ස්..!!!
Deleteපට්ට ඈ... මාර අමතකවිල්ලක් නේ...
ReplyDeleteඒකනේව..!!
Deleteමටත් ඔය අමතක වීම තියනව තදටම. නමුත් කරන්න දෙයක් නෑ.
ReplyDeleteඅමතකවීම තියනවා කියලා මතක තියන එකත් මදෑ.. :)
Deleteමටත් වේලාවකට නම් අමතක වෙනවා බං
Deleteමැදැ මිනිහ අමතක නොවි ගෙදර එනව
ReplyDeleteඑක නෙන්නම් ඇත්තට ඒකත් අමතක උනාද කියල අහල බලන්න ඔනේ
Deleteඑල පොරක් නෙ....
ReplyDeleteපට්ට පොරක් ඉන්ද්‍රේ
Deleteරාජ් මලයා ඔය වචනේ පෝර්ටිකෝ (portico)
ReplyDeleteජූඩ් කාරයත් ටිකක් මම වගේ තමයි. ඔය සමහර වැඩ මමත් කරනවා. මම පිහිය ගන්න කුස්සියට ගිහින් එක්කෝ වතුර බීලා එනවා, නැතිනම් ෆ්‍රිජ් එකෙන් මොනව හරි කාලා එනවා.
ඔව්වොව්.. අපි අර කතාව කියෙව්වනෙ. බාත් රූම් ගිහින් ..හ්ම්ම්
Deleteඑහේමද ඩූඩ් ස්තුතී වැරැද්ද පෙන්නලා දුන්නට , ඒ කියන්නේ ලංකා අර දඹුලු ගිහින් තලගොයි මරාගත්තා වගේ කෙස් එකක්ද හික්ස්
Deleteමං මෙතන මොකද්ද එකක් කොටලා ගියා වගේ මතකයි? ඇත්තටම කෙටුවද?
ReplyDeleteහිස් බෝතලේන් අහන්න...
Deleteඇත්තටම කොටලද ..!!!
Deleteපට්ට සීන් ටිකක් නේ...ජූඩ් වගේම නැති වුනාට අමතක වීම නම් ඕනේ තරම්...
ReplyDeleteඔව් මචං එකනම් ඇත්ත..!!!
Deleteජූඩ් මාර පොරක්නේ..
ReplyDeleteදැන් දැන් මටත් ටිකක් අමතක වීමේ ලෙඩේ හැදීගෙන එනවා
ඉස්සර තිබ්බ මතක ශක්තිය අඩු වෙලා
එහේම අමත වෙලා කොහොමද මේ තරුණ උදවිය...!!
Deleteමගේ නෑ කෙනෙක්.. මේ ලඟදි වාහනේ යතුර නැති උනා..
ReplyDeleteඅන්න මරූ සින් එකක් වෙන්ඩ ඇති එතැන අම්මපා නෑයෙකුගේද ලොකු අයියගේද ඈ...
Deleteඋ/පෙ කරන කාලෙ මම යාලුවෙකුගෙ පොතක් ඉල්ල ගත්තා ආපු නැති දවසක සටහන් ලියා ගන්න...ගෙදර යන්න බස් එකට නැග්ගම ගෑල්ලමෙක් පොත් මිටිය ඉල්ලගත්තා....බහින්න යද්දි යාලුවගෙ පොතත් මට දුන්නට ඒක මගේ නෙමෙයි කියලා මම ආපහු දීලා බස් එකෙන් බැස්සා....ගෙවල් කිට්ටුවට එද්දි තමයි මට ගිණි පත්තුඋනේ...මම ජා-ඇල ඩිපෝවටම ගිහින් බැලුවා...පොතට වෙච්ච දෙයක් නෑ.....අන්තිමට යාලුවට සතියක් ඇතුලත පිටු 230කට වැඩි ගානක් මගේ අත් අකුරින් ලියලා නැවත පොත බාර දුන්නා ඊලග පන්ති දවසට....අන්න එහෙමයි මගේ අමතක වීම.
ReplyDeleteඔය තියෙන්නේ මරු කතා අමතවීම ගැන...!!
Deleteම්ම්ම්.. මටත් අමතක වෙන ලෙඩේ නම් තියෙනවා. කැම්පස් එකේදී මං පර්ස් ලැප්ටොප් එහෙම කැන්ටින් එකේ දාලා යන කෙනෙක්. දැන් නම් ටිකක් හොඳයි. යාලුවෝ බැනලාම හැදිලා තියෙන්නේ.
ReplyDeleteඔව්වා ඔහොම තමයි අපි හැමෝටම පොඩි පොඩි අමතක වීම තියෙනවා නේව
Deleteමටත් අමතක වෙන ලෙඩේ නම් තියෙනවා ටිකක් විතර. ඒත් අමතක වුන අවස්ථාත් මතක නෑ අප්පා. :3
ReplyDeleteඔන්න මතකේ තරම.... D
Deleteඅමතකවීම් නම් නිමක් නෑ. ගෙදරදි නම් උයනකොට ගොඩක් අමතකවීම් වෙනවා.
ReplyDeleteදවසක් පඩි දවසෙ, චෙක් එකයි බැංකු පොතයි අරගෙන, බෑග් එක බර වැඩි නිසා, ඩයරිය ඉස්කෝලෙ දාල, ගෙදර යන ගමං බැංකුව ලඟින් බැස්ස. කවුන්ටරේට ගිහින් චෙක් එක දෙන්න බලන කොට ඒක දාගෙන තියෙන්නෙ ඩයරියෙ. ලැජ්ජ වෙලා ගෙදර ගියා.