Monday, October 27, 2014

සොඳුරු හුදෙකලාව...!!



හුදෙකලා වූ මොහොතක

දුටුව සොඳුරු නෙත් සඟලක

පිපිරුණු සිනහ කැන් දැක

අමතක වීය හුදෙකලා සිත

පුබුදුවා සිත් සොඳුරු දැහැනක

කාලය ගතවීය නොදැනිම

කිමැයි වියොවේ අරුමය

පසක් කරමින් රැවිදීය සිත තුල

අනෙකුගේ ඇනුම් බහකට

අඳුරුවිය ඒ නේතු යුග

අහෝ සොඳුරු හුදෙකලා බව

ආයේමත් මා වෙලාගනු මැන


9 comments:

  1. හිටු ටිකක්
    උණුසුම් වලාකුළු
    පෝරෝනයකුත්
    ඇරං එනකං

    ReplyDelete
    Replies
    1. අප්පේ මේදවස් වල දවල්ටනම් අම්බානක උනුසුම් නේන්නම්... ස්තුතීයි කවිසිතට

      Delete
  2. Replies
    1. නෑ බං සිතට ආවා ලිව්වා...

      Delete
  3. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්

    පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
  4. කාලෙකින් ලියලා නෑනෙ මුකුත්

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...