අපේ යාලුවෙක් හිටිය බුද්ධික කියලා..දැන්නම් පොර ඉන්නේ එංගලන්තේ..මිනිහගේ උපන්දිනේ යෙදිල තිබ්බේ දෙසැම්බර් මාසෙට....කොහොමත් පාටී මාසෙනේ...යාලුවො සෙට් එකම ඉල්ලුව පාටියක් ..නිකං එකක් නෙවෙයි..අමර බොතල් පාටියක්....
කොහොමත් අපේ බුද්ධිකයට තමා කස්ටියගෙන් හොඳටම උයන්න පුලුවං...එක නිසා බයිට් වලට යන සල්ලිත් ඉතුරුයි...අදාල දවසේ හවස.., අපේ පොඩි බොඩිමට කස්ටියම සෙට් උනා..
ඔය අතරේ එකෙක් හිටිය මූ මස්මාලු කන්නැ හැබැ හොඳට අරක්කුනං බොනව....ඉතිං බුද්දිකයා මූටත් ඉස්පෙසොල් වෙජිටබල් බයිටකුත් හැදුව...
කියන්ට ඔන්නැ නොවැ ඔය බොනකස්ටිය දන්නවනේ..එක එකාගේ පං පොරි කතා කියකිය ඔං ඉතින් වැඩේ ජයටම යනව... කොහොමහරි බොතල් දෙක තුන හිස්වෙනකොට ගෙනත් තිබුන ඒවා මදිවෙලා කස්ටියට තව ඔන උනා..එතකොට රැ 10 ත් පැනලා මේ වෙලාවට ඉතින් කලුකඩෙන් තමා....තියෙන පෙරෙත කොමට ඩබල් ගෙවලා තව එකක් ගෙනාව...බුද්ධිකයට බර වියදං ඉතිං...
ඔං රෑ මැදියම විතර වේගෙන එනකොට අර වෙජිටබල් යාලුවට ගෙදර යන්ඩ ඔන උනා...ඔතන හිටියා මොටර්සයිකලයක් තිබ්බ යාලුවෙක්...පොරට ටිකක් වැදිලත් හිටියේ..මූ කියපි..හරි මම ගිහින් දාන්නං කියලා..හැබැ ඔය බයිසිකල් යාලුවත් එක්ක ආපහුයන්ඩ තව යාලුවෙක් හිටිය මොකැ දෙන්නගෙම ගෙවල් තිබ්බේ එකලඟ....
කොහොම හරි අර මුලින් කිව්ව වෙජිටබල් යාලුව ඇරලවන්ඩ..බයිසිකල් යාලුව ගියා...හැබැ එච්චර දුරක නේමේ වෙජිටබල් යාලුවගේ ගෙවල් තිබ්බේ...නමුත් දෙන්නා ගියා ගියාමයි...අපේ එකා..ආපහු එනපාටක් නෑ...
මූට ෆොන් කලත් ආන්සර් කොරන්නැ..මේ අස්සේ එහේම්ම වැටිලා එකෙක් බුදී.....ගිය දිහාකින් මුව හොයන්ඩ එපෑ..බුද්ධිකයව බොඩිමේ තියලා අපි තුන්දෙනේක් පාරට ආව..පාර කිව්වෙ නුගෙගොඩ හන්දියට...මොනා උනත් රෑ 12 ටත් නුගෙගොඩ හංදියේ ත්‍රීවිල් තියෙනව..පාරට එද්දීම ආපු ත්‍රීවිල් එකක නැගලා මිරිහාන පැත්තට යන්ඩ ගත්තා මොකැ අරුන් දෙන්නා ගියේ ඒ පැත්තට...
ඔන මගුලක් කියලා ගත්තා කොල් එකක් ආයේ ඒ පාර මේකා ආන්සර් කලා
" තො කොහෙද යකො ගියේ.."
" මම තිඹිරිගස් යාය හරියේ බං .."
" මගුලක් කොරනවද ඔහේ...තොපි මිරිහානටනේ ගියේ.."
" නෑ...මම...එනගමං බං..."
" අඩො බොරු කියන්ඩ එපා යකො ඇත්ත කියපං තො කොහේද ඉන්නේ.,..අපි මේ උඹව හොයන් නුගේගොඩ හංදියට ඇවිත් ඉන්නේ...."
" මචො....අහවලාට කියන්ඩ එපා මාව පොලිසියෙන් ඇල්ලුව බං..."
" හරි දැන් උබ කොයි පොලිසියෙද ඉන්නේ..."
" බම්බල පිටියේ බං..."
" හරි හරි..අපි එනව...."
මූට තියෙන ලැජ්ජාවට පොරගේ ගෙවල් ගාව ඉන්න අනිත් යාලුවට කියන්ඩ එපා කියල තමා පොර කියන්නේ...දැන් මොනව කරන්නද අර ත්‍රීවිලර් එකේම ගියා බම්බලපිටිය පොලිසියට....
කස්ටිය දන්නවනේ ඒ කාලේ හැවුලොක් ටවුමේ රෙදිමොල තිබ්බ තැන තිබ්බා... ලොකු චෙක්පොයින්ට් එකක්..ඔං ඔතැනදි පොලිසියෙන් අපේ ත්‍රීවිල් එක නැවැත්තුව...තුන්දෙනාම බිල උනාට ඩ්‍රයිවර් බිලා නැනේ ඉතින් අවුලක් නැ නමුත් පොලිසියෙන් අපෙන් පුරස්න ටිකක් ඇහුව..උන්ට උත්තර දිලා ආපහු යන්ඩ හදද්දි...තව කෙලියක්
අපේ එකෙක් හිටියේ ෂොටක් ගහගෙන උගේ සාක්කුවෙ දෙහිගෙඩියක් තිබිලා..අපි දන්නේත් එතකොට..ඔතන හිටිය පොලිසියේ එකේක් මුගෙන් අහපි ඔය මොකද්ද කියලා
අරූත් කින්ඩි බැල්මක් දාගෙන ගත්තනේ ඔක එලියට...
" දෙහි ගෙඩියක් සර්..."
" දෙහි මොකටද ඔයි..."
"නෑ මේ නිකං..හි..හි..."
" හරි හරි
යනවලා...."
බම්බලපිටියේ
පොලිසියට ඇතුල්වෙලා ගෙට්ටුව ගාවම ත්‍රීවිල් එක නවත්තල...අපේ දෙහිගෙඩි යාලුවට
එතෙන්ඩ වෙලා ඉන්ඩ කියලා..අපි ගියා පොලිසිය ඇතුලට රෑ 12 විතර වෙලා නිසා ඇතුලේ ඒතරම් කලබලයක් නෑ...
එතන තියෙන පැමිනිලි කවුළුවෙන් විපරම්කලා අපේ
යාලුව ගැන..නමුත් එහේම කෙනේක් ගෙනල්ලා නෑ..පස්සේ එතැනින් වැල්ලවත්ත පොලිසියට
කතාකලාම පොර ඉන්නව එහේ...මේ අස්සේ අපේ දෙහිගෙඩි යාලුව ඇවිල්ල මට කතාකොරනව...
" මචං....අරු
ඉන්නවද....මාර කෙස් එකනේ උනේ..."
" ඇයි..ඌ මෙහේ
නැ වැල්ලවත්තේ ඉන්නවලු...."
" නෑ බං මට වමනේ
ගියා.....හදිස්සියට අර මල්පාත්තියට දැම්මෙ බං..."
" පොලීසියේ,.... හූ...තොත් මෙකෙ ලගින්ඩද හදන්නේ යමං..."
රෑ හින්ද
පොලිසියේ කවුරුත් කෙස් එක දැකලනැ....ආපහු අපි වැල්ල වත්තට යනකං අරූ කබරයා
දැම්ම....වැල්ල වත්ත පොලිසියට යනකොට ඉස්සරහ තියෙන වාහන එක්ක යාලුවගේ බයිසිකලේ
තිබ්බ...ගිහින් විමසිම් කවුලුවෙන් විස්තරෙ කියල ඇහුව...
" ඉන්නව ...ඉන්නව
ආං පිටිපස්සෙ හොටලයක් දාගෙන..ඔයවගේ බීලා බයිසිකල් පදිනවද අයිසේ...."
අපි ඇතුලට යනකොට මූ කානුවකට වමනේදානව...පොලිසියේ කොස්තාපල් කෙනෙක් අපේ
එකාගේ පිට අතගානව.....අපි යනකොටම...කොස්තාපල්..,
" ආ ඔන්න තමුසෙගේ යාලුවො
ඇවිත් දැන් කස්ටියම එක්කහු වෙලා හොදන එකයි ඇත්තේ පොලිසියම...මේකා හැම තැනම
ජරාකලා..."
කියලා
කියපි...
හැබැ එහේම කරන්ඩ ඔන උනේ නැ විහිලුවට කියල තියෙන්නේ...ඒ කාලේ හිටියෙ තරුණ O. I .C කෙනෙක්..පොරට ශෙප් එකක් දාලා යාලුවව ඇදගෙන ආව නමුත්..යාලුවගේ ලයිසොම මාස
තුනකට තහනං කොලා...
මේකයි වෙලාතියෙන්නේ අපේ එකා කොහුවලට එනකං හොඳට
ඇවිත් පිලියන්දල පැත්තට කන්ද නගිද්දි බයිසිකලේ පෙරලිලා ....පස්සේ ඔතන ශෙඩ් එකට ආපු බස් එකක හිටපු අයියල දෙන්නේක් මූව නැගිට්ටවලා ඒ උනාට ...මේකා
බයිසිකලේ හැරුන පැත්තට ගිහිං පාමංකඩදී පොලිසියට අහුවෙලා....
ඔං මුවත් අරං බොඩිමට එද්දී...දොරෙන්
ඇතුල්වෙනකොටම පොත් පත්තර බිම හැමතැනම...මොකැ කියල බැලුව....බුද්ධිකය ගෙදර හිටිය...ඌ
අපි යද්දි ගෙට්ටුව ගාවටත් ආවනේ..අනිකා නං හිටියේ නිදාගෙනනේ ...
මේකා අපි ගියාට පස්සෙ ගෙට්ටුව ලඟ කබරයා
දාලා...එහෙම්ම ගෙයි පේමන්ට් එකේ වාඩිවෙලා....ටිකකින් ආයි වමනේ ගිහින්...වැඩේ
කියන්නේ එතනම නින්දගිහිල්ලා.....මූන දැවිල්ලයි වගේ දැනුනම ඇහැරිලා..බලනකොට....අර වමනේ
ගොඩට ආපු කූඹි මුගේ මුන කාලා..
පස්සෙ දනගාගෙන වගේ ගෙට ඇවිත් දොර ගාව තියෙන
මේසේ අල්ලගෙන නැගිටිනකොට මේසෙ උඩ තිබ්බ පොත් බිම වැටිලා....
ඔං උපන්දින සාදෙ ගිය දුර....
ප.ලි
මීට වසර 4කට ඉහතදී ලද තවත් අපුරූ අත්දැකිමකි.....