Monday, February 16, 2015

තුවාල කබල





ආයේත් සැරයක්

තවත් හන්දියක

සියල්ල නැවතුන

එක් නිමේෂයක්

ආපහු සිතන්න

අලුත් පාරකද

පරණ පාරේමද

ඒහේමත් නැත්නම්

වෙනස් අයුරකට

ජීවිත සටනේ

පෙරටම යන්නට

සිතිවිලි පොරකන

හොරා කිහිපය

ගතවීයන්නේ

තුච්චම තාලේට

ඒකත් හරියට

හොඳවෙන තුවාලේ

වටේ කහනකොට

කබල කොනහින්ට

හිතෙනව වාගේ..!!



20 comments:

  1. කොනහල පාරගත්තහම හරි සනීපයි

    ReplyDelete
  2. සහතික ඇත්ත.. කොච්චර කලත් ඉතින් පාරව ගන්න දඟලන වෙලාවල් ඕන තරම්ම තියෙනවනේ..

    ReplyDelete
  3. තනියෙන් ඉන්න වෙලාවට ඕක පාරගන්ට හිතෙනව වැඩියි...
    එතකොට දැනෙන්නෙත් ඔය කියල තියෙනව වගේ වේදනාබර ින්දනයක් තමා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හොඳට ගැලපෙනවා නේද

      Delete
  4. මොකක්ද ලමයෝ මේ කිව්වේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාමේ..!!

      Delete
  5. ඕක ෆුල් ආතල් වැඩක්... හෙහ් හෙහ්

    ReplyDelete
  6. // ඒකත් හරියට

    හොඳවෙන තුවාලේ

    වටේ කහනකොට

    කබල කොනහින්ට

    හිතෙනව වාගේ..!!//

    (Y)

    ReplyDelete
    Replies
    1. ඉන්දිකයා ඔන තරම් අත්දැකිම් නේද..

      Delete
  7. ඔය දෙකම නැතුව හරස් පාරක ගියොත් හොදා

    ReplyDelete
    Replies
    1. එහේමද උත්සහයක් දාලා බලමු

      Delete
  8. ඔන්නොහේ මේ පාරටත් කබල ගලෝමු.

    ReplyDelete
  9. මට නම් මීටර් උනේ නෑ ලොකු අයියා..බොලා මොනවා ගැන කියනවද කියාලා..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට සමහර වෙලාවට මූන දෙන්ඩ වෙන සිද්දි වලින් ජීවිත වෙනස් වෙනවා විඳවනවා සතුටුවෙනවා අන්න ඒවගේ දේවල් බං

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...