බොරපාට
වලාකුලු
මන්දාරම්
වැස්සත් අරගන
ඈත රබර් යායට
උඩින්
පියාඹලා එන
අස්සේ
පරණ අම්බලම ලඟ
උඹ තාම තනියම................
කෑදරකමට
ලාටුගාපු
තණ අගිසිවල
වෑස්සෙන
වැහි බිංදු
හරියට උඹේ
දෙනෙතින්
වැටෙන
කඳුළු කැට වගේ
දැන් ඉතින්
ඉවසපන්......................
තාත්තලව
දක්කන්
හේතුහාමි
එනකං....!!!
බිංදුගෙ කථා මාලාවෙ තිබුන පරිසරයෙම චිත්‍රයක් හිතේ මවන අපූරු ගෙතුමක්...මේ පින්තූරෙත් ඔබේ කාචයෙන් ගත්ත එකක්ද ?
ReplyDeleteස්තුතියි මලේ ...මේ පිංතුරය නම් ගූගල් දෙයියන්ගේ එකක්...
Deleteකියලා වැඩක් නෑ. නියමයි
ReplyDeleteස්තුතී ඔබට....
Deleteවහු පැටවෙක් ගැනද රාජ්.
ReplyDeleteඅපේ පැත්තෙ නම් වැස්ස වළාකුළු එන්නෙ රබර් ගස් උඩින් නෙවි, පොල් ගස් උඩින්. පොල් කරටි අඹරවගෙන හුළඟත් එක්ක වැස්ස වැටෙන හැටි ඉස්සර ඉස්කෝලෙ පන්තිකාමරේ ඉඳන් මම ආසාවෙන් බලා ඉඳල තියෙනව. උදේට යන්න කම්මැලියි, පාරෙ යන්න කරදරයි වගේ උනාට වැස්ස දවස්වලට ඉස්කෝලෙ කොච්චර ජොලිද. වැස්ස එන හැටි කියෙව්වම මට මතක් උනේ ඒ අතීතෙ.
ගමේ රහට හොඳට ලියන්න පුළුවන් කෙනෙක්නේ ඔයා, ඇයි අර කලින් වගේ කතාවක්වත් ලියන්නෙ නැත්තෙ.
සහොදරයා කවදත් වගේ උඹේ දිරිගැන්වීම මට ලොකු හයියක් පොල්කරටි අඹරවාගන එන ඒ හිරිපොද වැස්ස මහ වරුසාවක් වෙන හැටි හරිම අපූරුයි මචං මේ සියනෑ කොරලේ ඇතුලට වෙන්ට හිටපු අපට වැඩිපුරම දකින්ට ලැබුනේ රබර් ගස්නේව, මේ දවස්වල පියෙක් වෙන්න සැරසෙනව මචන් ඉතින් විවේකය ටිකක් අඩුයි ඉස්සරහට දිගටම ලියන්නම්
Deleteසුබ පැතුම් රාජ්. තාත්තකෙනෙක් වෙන එක කොච්චර සතුටට කාරණයක්ද, මගේ යාළුවෙකුත් ළඟකදි පිය පදවිය ලැබුව. ඌට තිබුනු සතුටක්.
Deleteඅඩේ සිරාවට අද උදේ මට උඹව මතක් උනා නේ අවුරුදු උත්සවෙන් පස්සෙම දැක්කේ නෑ කියලා.
ReplyDeleteසමාවෙයන් ටිකක් අවිවේකි බං ඉස්සරහට දිගටම සෙට් වෙමු ජය..
Deleteකතාවකට මාතෘකාවක් බොලාට ඇත්තෙම නැද්ද?
ReplyDeleteඑක එක සිතුවිලි ලියන්නෙ :).
ඔය පැත්තට තද ශීතල ද මේ දවස් වල?
මේ දවස්වල මෙහෙට ටිකක් වැස්සනේ බං ඉස්සරහට කතා වලින් සෙට්වෙමු
Deleteහෙන පාළු ගතියක් දැනුනා.
ReplyDeleteස්තුතී බං උඹලට යමක් හැඟෙට මට දෙයක් ලියාගන්ඩ පුලුවන් උනාට අවංකව සතුටු සිතුනා
Deleteඅපරාදේ උඹේ ටැලන්ට් එක. ඉඳලා හිටලා දෙන ඒවා මාර රහයි. මේකේ පුදුම අනුකම්පාසහගත පාලු හැඟීමක් එනවා තමයි...
ReplyDeleteස්තුතී ලොකු අයියේ දැන් කාලේ ටික ටික ලං වෙනවා අර මංගල කාරනාවේ ඉස්සරහට දිගටම ලියනවා ජය
Deleteහිතට හරි හුදකලා පාලු හැඟීමක් දැනුනා. ලස්සනයි කවිය.
ReplyDeleteස්තුතී ඇගයිමට...!!!!
Deleteරසයි !
ReplyDeleteඑළ..
Deleteහරක් වෙනුවෙන් ගිණිතියාගන්නවට වඩා මේ වගේ නිර්මාණයකින් කරන්න පුළුවන් බලපෑම වැඩියි.
ReplyDelete//ලාටුගාපු// ලෑටි ගාපු නේද?
ස්තුතී සුමිත් අයියේ ඇගයිමට සහ වැරද්ද පෙන්නලා දුන්නට
Deleteකාලෙකින් කියවපු වෙනස්ම විදිහේ කව්යක්.. එක දිගටම කියෙවුවේ එක වගේම ඒවා.. වෙනසක් දැනුනා මේක කියවද්දී..
ReplyDeleteම්..ස්තුතී මල්ලා..
Deleteඋණුසුම් සුබ පැතුම් අයියේ....
ReplyDelete