Thursday, June 6, 2013

එනකං....!!!




බොරපාට වලාකුලු

මන්දාරම් වැස්සත් අරගන

ඈත රබර් යායට උඩින්

පියාඹලා එන අස්සේ

පරණ අම්බලම ලඟ

උඹ තාම තනියම................

කෑදරකමට

ලාටුගාපු

තණ අගිසිවල

වෑස්සෙන වැහි බිංදු

හරියට උඹේ

දෙනෙතින් වැටෙන

කඳුළු කැට වගේ

දැන් ඉතින්

ඉවසපන්......................

තාත්තලව දක්කන්

හේතුහාමි

එනකං....!!!

24 comments:

  1. බිංදුගෙ කථා මාලාවෙ තිබුන පරිසරයෙම චිත්‍රයක් හිතේ මවන අපූරු ගෙතුමක්...මේ පින්තූරෙත් ඔබේ කාචයෙන් ගත්ත එකක්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ...මේ පිංතුරය නම් ගූගල් දෙයියන්ගේ එකක්...

      Delete
  2. කියලා වැඩක් නෑ. නියමයි

    ReplyDelete
  3. වහු පැටවෙක් ගැනද රාජ්.

    අපේ පැත්තෙ නම් වැස්ස වළාකුළු එන්නෙ රබර් ගස් උඩින් නෙවි, පොල් ගස් උඩින්. පොල් කරටි අඹරවගෙන හුළඟත් එක්ක වැස්ස වැටෙන හැටි ඉස්සර ඉස්කෝලෙ පන්තිකාමරේ ඉඳන් මම ආසාවෙන් බලා ඉඳල තියෙනව. උදේට යන්න කම්මැලියි, පාරෙ යන්න කරදරයි වගේ උනාට වැස්ස දවස්වලට ඉස්කෝලෙ කොච්චර ජොලිද. වැස්ස එන හැටි කියෙව්වම මට මතක් උනේ ඒ අතීතෙ.

    ගමේ රහට හොඳට ලියන්න පුළුවන් කෙනෙක්නේ ඔයා, ඇයි අර කලින් වගේ කතාවක්වත් ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. සහොදරයා කවදත් වගේ උඹේ දිරිගැන්වීම මට ලොකු හයියක් පොල්කරටි අඹරවාගන එන ඒ හිරිපොද වැස්ස මහ වරුසාවක් වෙන හැටි හරිම අපූරුයි මචං මේ සියනෑ කොරලේ ඇතුලට වෙන්ට හිටපු අපට වැඩිපුරම දකින්ට ලැබුනේ රබර් ගස්නේව, මේ දවස්වල පියෙක් වෙන්න සැරසෙනව මචන් ඉතින් විවේකය ටිකක් අඩුයි ඉස්සරහට දිගටම ලියන්නම්

      Delete
    2. සුබ පැතුම් රාජ්. තාත්තකෙනෙක් වෙන එක කොච්චර සතුටට කාරණයක්ද, මගේ යාළුවෙකුත් ළඟකදි පිය පදවිය ලැබුව. ඌට තිබුනු සතුටක්.

      Delete
  4. අඩේ සිරාවට අද උදේ මට උඹව මතක් උනා නේ අවුරුදු උත්සවෙන් පස්සෙම දැක්කේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් ටිකක් අවිවේකි බං ඉස්සරහට දිගටම සෙට් වෙමු ජය..

      Delete
  5. කතාවකට මාතෘකාවක් බොලාට ඇත්තෙම නැද්ද?
    එක එක සිතුවිලි ලියන්නෙ :).
    ඔය පැත්තට තද ශීතල ද මේ දවස් වල?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මෙහෙට ටිකක් වැස්සනේ බං ඉස්සරහට කතා වලින් සෙට්වෙමු

      Delete
  6. හෙන පාළු ගතියක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී බං උඹලට යමක් හැඟෙට මට දෙයක් ලියාගන්ඩ පුලුවන් උනාට අවංකව සතුටු සිතුනා

      Delete
  7. අපරාදේ උඹේ ටැලන්ට් එක. ඉඳලා හිටලා දෙන ඒවා මාර රහයි. මේකේ පුදුම අනුකම්පාසහගත පාලු හැඟීමක් එනවා තමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලොකු අයියේ දැන් කාලේ ටික ටික ලං වෙනවා අර මංගල කාරනාවේ ඉස්සරහට දිගටම ලියනවා ජය

      Delete
  8. හිතට හරි හුදකලා පාලු හැඟීමක් දැනුනා. ලස්සනයි කවිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඇගයිමට...!!!!

      Delete
  9. හරක් වෙනුවෙන් ගිණිතියාගන්නවට වඩා මේ වගේ නිර්මාණයකින් කරන්න පුළුවන් බලපෑම වැඩියි.
    //ලාටුගාපු// ලෑටි ගාපු නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතී සුමිත් අයියේ ඇගයිමට සහ වැරද්ද පෙන්නලා දුන්නට

      Delete
  10. කාලෙකින් කියවපු වෙනස්ම විදිහේ කව්යක්.. එක දිගටම කියෙවුවේ එක වගේම ඒවා.. වෙනසක් දැනුනා මේක කියවද්දී..

    ReplyDelete
    Replies
    1. ම්..ස්තුතී මල්ලා..

      Delete
  11. උණුසුම් සුබ පැතුම් අයියේ....

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...