Tuesday, July 30, 2013

බෝම්බ හඬක් සහ තුන් වසරක්.....



දෙදහස් හතේ නොවැම්බරයේ එක්තරා උදැසනක මා සුපුරුදු ලෙසට රාජකාරියට වාර්ථාකලෙමි. බොහෝ උදයන්හි සහ සැන්දැකාලය නුගේගොඩ නගරය තරමක් කලබලකාරිය. අදමෙන් ගුවන් පාලමක් නොතිබූ එකල, කොහුවල දෙසටත් සුපර්මාකට්ටුව දෙසටත් තරමක වාහන තදබදයක් දක්නට ලැබේ.

සුපුරුදු ලෙසට උදෑසන මෙන් දහවලද සාමාන්‍යය අන්දමින් ගෙවිගියෙන් සන්ද්‍යභාගය උදාවිය. එකල මාගේ සේවාස්ථානය ගනුදෙනුකරුවන් සඳහා සවස 7 පමන වන තුරු විවෘතව තැබීය. නමුත් උදැසන සේවාමුරය අවසන්වන පිරිස් සවස 4.45 සහ 5.30 අතරතුර පිටවයයි. කාර්‍යාල සහයක අකිල සහ ගයාන්ද එලෙස පිටවගියවුන් අතර විය.

සැලකියයුතු වේලාවක් ගතවිය භීතියෙන් මුසපත්වු අකිල නැවතත් ආපිට පැමිනීයේය. වනවිටත් ඔහුගේ වතේහි දිස්වූයේ අඳුරු ස්වරුපයකි.... ඔහු පැවසූ අන්දමට ගයාන් අවාසනාවන්ත තත්වයකට මුහුන පා ඇත, රුදුරු ත්‍රස්තවාදයේ කුරිරු හස්තයෙන් නුගේගොඩ නගරය මොහොතකට වෙලාගන අවසන්ය. අප සේවාස්ථානය මහා මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට පිහිටියෙන් මාර්ගයේ ඝොෂාකාරිත්වය එතරම් නැසේ .නෝලිමිට් ගොඩනැගිල්ල අසල බොම්බයක් පිපිරි මිනිස් ජීවිත නිරපරාදේ බිලිගෙන හමාරය.

මහත්තයෝ, මම BOC එක ගාවින් මහරගම පැත්තට ඇවිදගෙන ගියා....ගයාන් නෝලිමිට් එක පැත්තට පාර පැන්නා...ටිකකින් ලොකු සද්දයක් ඇහුනා බලනකොට හැම තැනම දුම්.....

ඉතින්...

" ගයාන් එක්ක පාර පැනපු ඉස්කොලේ ගැනු ලමයෙක් හිටියා අම්මෝ එයාගේ කැලී විතරයි සර්..."

එතකොට ගයාන්….”

" ගයානුත් ඒ එක්කමයි පාර පැන්නේ..ගයාන් හොයාගන්ඩ බැරි උනා සර්...."

සැනින් සේවාමුරය අවසන් අප කිහිප දෙනකුම සිද්දිය සිදුවු ස්ථානය දෙසට පිටත්විමු. වනවිටත් අධික වාහන තදබදයක් නුගේගොඩ අවට පැවතිනි. වහා ක්‍රියාත්මක වී තිබු පොලිසිය සහ හමුදාව නුගේගොඩ මංසන්දිය බෝ ගස අවට ප්‍රදේශය සාමාන්‍ය වැසියනට තහනම් කලාපයක් කර තිබිනි. බොහෝ ක්‍රියාදාම චිත්‍රපට යන්හි දක්නට ලැබෙන කහපාට අනතුරු ඇඟවිමේ පටි වලින් එම ප්‍රදේශය ආවරනය කොට තිබින. කොහුවල මංසඳිය වෙත අප ගමන් කලයුතු වූයේ විකල්ප මාර්ගයක් වු සක්‍යා අද්‍යන ආයතනය පිහිටි මග ඔස්සේය.

අපේ වේලාවට ගයාන්ගේ, දුරකතන අංකය අප නොදැනසිටි අතර ඔහු හොරන ප්‍රදේශයේ වෙසෙන්නෙකු බව පමනක් දැන සිටියත් වැඩිතොරතුරක් දැනගතහැකි අන් මගක් නොවීය. නමුත් යම් තොරතුරක් දැන ගැන්මේ අටියෙන් අප කලුබොවිල රෝහල වෙත පැමිනියෙමු. එතැන එකම මිනිස් හිස් ගොඩකි රෝහලේ ප්‍රධාන දොරටුව වසා තිබු අතර කොතෙක් උත්සහ ගත්තද අප කිසිවකුට රෝහල තුලට ඇතුල්විමට අවසර නොවීය.

පසුදා පහන් උවත් කිසිඳු තොරතුරක් නොමැති හෙයින් කලමණාකරු අමතා උදැසනම නැවත රෝහලට ගියෙමු.එවර කිසිඳු අවහිරයකින් තොරව රෝහල තුලට පිවිසිමට අපට හැකිවිය. වාට්ටු කිහිපයකම සොදිසිකලද කිසිඳු හොඩුවාවක් නොමැති කල අකමැත්තෙන් වුව රෝහල් මොචරිය වෙතට පිවිසීමු.
මොචරිය ඉදිරිපස කුටියෙහි රෝහල් සෙවකයකු නාම ලේඛනයක් අතැතිව සිටි. මුලින්ම අප එම නාම ලේඛනය බැලිය යුතුවිය. නොසන්සුන් සිතින් එම ලේඛනය කියවීමු. ගයාන්ගේ පෙලපත් නාමය ෆොන්සේකා යන්න අප දැන සිටියෙමු. මුලකුරු සමගින් ෆොන්සේකලා දෙදෙනකු නාම ලෙඛනයේ සටහන්ව තිබුනි.

තව තවත් ව්‍යකූල සිතැත්තවුන් වූ අප බියමුසු සැකයෙන් මොචරිය අභ්‍යන්තරයට පිවිසුනෙමු. ඒ කිසිදා කිසිවකු නොලැබිය යුතු අද්දැකුමකි. අවාසානාවන්ත ලෙස මියගිය බොහෝ පිරිස් අතිශ්‍ය විරූපි ස්වරුපයෙන් ඒ තුල තැන්පත් කර තිබින. ඇතැම් සිරුරු පිළිස්සි හඳුනාගත නොහැකි තත්වයෙන් පැවතින. රෝහල් සේවකයා අතැවු ලේඛනයෙහි සඳහන් එක් ෆොන්සේකා කෙනෙකු ස්ත්‍රියක වූ අතර, අනෙක් සිරුර අපට හඳුනාගත නොහැකි වූයෙන් ව්‍යවුල් සිතැත්තවුන් වූ අප නැවත කාර්‍යලයට පැමිනීමු.

කලුබොවිල දෙස සිට නුගේගොඩ නගරය හරහා යනෙන බස් රථ නුගේගොඩ මංසඳිය පසුකරන්නේ ඉබිගමනෙනි. නමුත් ඇතිවූ තත්වයත් සමගින් සතිදෙකක පමණ කාලයක් යනතුරු මෙම කලාපය පසුකිරිමට බස් රියදුරන්ට මෙන්ම කොන්දොස්තර මහතුන්ට තිබුනේ පුදුම නොයිවසිල්ලකි. බොහෝ අවස්තාවල මඟීන් අතැර දමා ගිය දසුන්ද සුළබය.

අපගේ නැවත පැමිනිමත් සමග කාර්‍යලයේ අනෙක් සේවක මිතුරන් එතෙක් හිරකරගන තිබු දහසකුත් ප්‍රෂ්ණ අපවෙත ගෙනහැර පෑවද, පැවසීමට තරම් විශේෂ තොරතුරක් අප වෙතද නොවීය. ගනුදෙනුකරුවන්ද ස්වල්පයක්  පමණක් දැකිය හැකිවු එදින සේවක අප සැම උකටලීව කල්ගතකලෙමු.

අවසන ඒ දුරකථන ඇමතුම ලැබින.....අප සැමගේ සිත් සැහැල්ලු කරමින් ගයාන් ජිවතුන් අතර යන ආරංචිය කලමණාකරු විසින් අපවෙත ගෙනෙන ලදි.

සිදුවීම මෙසේය

යහලුවන් දෙදෙනා එක මගක ගොස් ලංකා බැංකුව අසලින් වෙන්විය. ගයාන් සමගින් පාසැල් සිසුවිය සමාන්තරව පාර හරහා අනේක් අන්තයට ගොස් ඇති නමුත්, සිසුවිය පදික වේදිකාව ඔස්සේ නොලිමිට් ගොඩනැගිල්ල දෙසට ගමන්කර තිබිනි, නමුත් ගයාන් පදික වෙදිකාව මග හැර මහා මාර්ගය ඔස්සේ කොහුවල දෙසට ගමන්කර තිබින. සාමාන්‍යයෙන් ගයාන්ගේ පාගමන තරමක් වේගවත්ය. බොම්බය පිපිරෙන අවස්ථාවේ ගයාන් කොහුවල සීමෙඩ් පෞද්ගලික රොහල සමීපයට පැමින ඇත. තමාට පිටුපසින් ඇතිවු විශාල ශබ්දය හේතුවෙන් තැතිගත් ඔහු පිම්මේ ඇවිද බසයක නැගී නගරයෙන් පිටවගොස් ඇත. නමුත් පාසැල් දැරිය සෙනග අතරින් ගමන් කිරිමෙදි අවාසනාවන්ත ඉරනමකට ගොදුරු විය.

සිදුවිමෙන් පසු කිහිපදිනක් යනතුරුම නුගේගොඩ මංසන්ඳිය තරමක පාළු ස්වරූපයක් ඉසිලීය.නෝලිමිටි ගොඩනැගිල්ල සහ අවට දැවී පිළිස්සී ගරා වැටුන ගොඩනැගිලි මහත් අඳුරු ස්භාවයක් ගත් අතර අවට පිළිකුල් දුඟදක් හැමීය..කිසියම් ගුප්ත බවකින් වෙලාගත් සෙයක් ඒ අසලින් සුපුරුදු ලෙස රැකියාවට පියමංකල අපට හැඟිනි.

කාලය ගතවී ගියේය ටිකෙන් ටික සුපුරුදු ජීවනරටාවට නගර වැසියන්ද නගරයද අවතීරණය විය.!!!

පලී. 

ලැටිගාල ලැටිගාලා ඔන්න වසර තුනකුත් අහවර උනා….!!  මේ පැත්තට ඇවිදිල්ලා…… එව්වා මෙව්වා කියෝපු , කොමෙන්ටුවක් කොටාලා දිරිය දුන්නු,  පිටු පෙරලා ගියපු,  බ්ලොගේ හින්දා මිතුරු වෙච්චි,  එකි මේකි නොකි …. හැමෝටම බොහොම ස්තුතී…!!! පුලුවං හැටියකට ඉස්සරහටත් ලැටි ගාන්ඩ තමා ඉතිං කල්පනාව......!


ම්……… සිංහල බ්ලොග් කලාව දිනෙන් දින වෙනස් වෙනව නේව, හරවත් වෙනව රසවත් වෙනව කුනුවෙනව ගඳ ගහනව ආයි සුවඳ හමනව ඔව්ව ඔහොම තමා….  හැබැ ඉස්සරෝම ලියපු සමහර උදවිය නොයෙක් හේතු නිසා කාලෙකින් දකින්නටම නෑ….!  එයාලත් පුලුවං හැටියකට ඔය පුරස්න පැත්තකින් තියලා ඉඳලා හිටල හරි මොනා නමුත් ලැටිගානව නම් හරි අපුරුයි බොලං.....!!!


58 comments:

  1. අමතක උන තවත් බෝම්බ සිද්ධියක්...

    මං මේ කල්පනා කරන්නේ ලෑටි ගාන්‌ෙන කොහොමද කියලා බ්ලොග් එක... අවුරදු 3ක් ලෑටි ගෑවනං දැන් අඩුමගානේ කොන් ටිකවත් ගෙවිලා තියෙන්නේ එපැයි.. මේ හොඳට උසට මහතට ලස්සනට තියෙන්නේ බ්ලොග් එක... හි හි...

    අවුරදු උත්සවෙන් පස්සේ රාජ්ව දැක්කමද මන්දා මේ.... හා නෑ... යන්තම් මාසෙකට එක පෝස්ට් එක ගානේ දාලා ජාම බේරගෙන... හි හි...

    ReplyDelete
    Replies
    1. ස්තුතී සුබපැතුමට ඇත්ත මේදවස්වල හෙමිහිට තමා ලැටිගාන්නේ ඉදිරියෙදි පැමිනීම සතුටුදායක කරගන්න උත්සහ ගන්නම් හික්ස්

      Delete
  2. No Limit තවමත් පුවත් මවනවා නේද?

    ඔබේ සංවත්සරයට මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් නෙව නෝලිමිටය සම්බන්දවෙන්නේම ජාතිවාදි කෙස්වලටමයි බොහොම ස්තුතී කකා....!!

      Delete
  3. උබ මාර කතාවක් නෙ අවුරුදු 3 ට ලියල තියෙන්නෙ.කමක් නෑ.අපෙ උනුසුම් සුබ පෑතුම්.තව දිගු කලක් යෙහෙන් වෑජඹෙවා.එදා දෑනුන හෑගිම අයෙත් මතක් වෙනව නේද.

    ReplyDelete
    Replies
    1. ඔලුවට අවා ඔන්න ඔහේ ලිව්වා ස්තුතී මචං....

      Delete
  4. මේ සටහන දැක්කම මට අතීතය මතක් වුනා බොහොම වේගෙන්. ඕක වෙනකොට මම ලංකාවේ හිටියේ නැහැ. ඊට මාසෙකට විතර පස්සෙ අපි ආපු ගමන් ගියා ඔතනට. ඒ වෙනකොට මුකුත් අදුන ගන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නැහැ. හැබැයි මට එකම සෙවනැල්ලක් මතකයි. ඒ අර පොලිස් කොස්තාපල්ගේ. අහිංසකයා මම ලංකාවෙන් යන්න දින කීපෙකට කලින් ඉක්මනින් වාහනේ මංසන්දිය පන්නන්න වැරදියට ගියා කියලා මට පලු යන්න බැන්න. මට ඒක ඇහෙනවා වගේ වුනා. අහිංසක ජීවිතයක්. පව්!!

    සුභ පැතුම්!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් වෙදමහත්තයෝ ඔතන ලොතරැයි විකුනපු වයසක අම්මා කෙනෙකුත් නැති උනා නේද මොනා උනත් බොම්බය කුරිරුයි ස්තුතී සුබපැතුම් වලට...!!!!

      Delete
  5. තුනට සුභපැතුම් මචෝ. කාලෙකින් දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් උබ ලබපු අද්දැකීම විඳින්න මමත් ඔන්න මෙන්න කියලා ඉන්නේ ස්තුතී මචං ඉදිරියෙදි සෙට්වෙමු ජය..!!!

      Delete
    2. ඒ කිව්වෙ ඉංගිරිස් රාජුත් තාත්තා කෙනෙක් වෙන්න යනව කියලද. ඔන්න මගෙන් දැන්මම සුබ පැතුම්.

      Delete
    3. අඩේ ස්තුතී සහෝ...

      Delete
  6. වෙනීට වගේ උඹට තුන මාරු වෙලා හෙම නෑනේ.. එහෙනං ජය වේවා.. හැකි විට වර.. නිකම්ම අතඅරින්නේ නැතිව ජය වේවා

    ReplyDelete
    Replies
    1. අපොයි වෙනියට එහෙම උනැයි හික්ස් ඔව් බං හැකිවිට එනව ස්තුතී මෙපැත්තේ ආවට..!!

      Delete
  7. මට මතක හැටියට ඔය බෝම්බ පාර්සලය කවුරු හරි (සිකියුරිටි ගාඩ් කෙනෙක්ද?) විසින් උස්සන්න පෙරලන්න ගිහින් තමයි පුපුරවාගත්තේ. එක දැක්ක ගමන් කෑ ගහලා මිනිස්සු ඉවත් කරලා බෝම්බ නිෂ්ක්‍රිය අංශයට හෝ අඩු ගානේ ලඟම හිටිය පොලිස් නිලධාරියාට කිව්වනම් විනාශය අවම කරගන්න තිබුණා.

    සංවත්සරයට සුබපැතුම්

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අනවශ්‍ය දේ කරන්න ගියහම සිදුවන විනාශය කොතෙක්ද...ස්තුතී සහෝ...!!!

      Delete
  8. එහෙමත් අවාසනාවන්ත යුගයක්... අපිට ඒක තවත් සිදුවීමක් උනාට තමන්ගෙ සමීපතමයින් මියගිය අයට ඒ සිදුවීම මුළු ජීවිත කාලෙටම අමතක වෙනකක් නෑ රාජ්.

    තෙවෙනි සංවත්සරයට සුබපැතුම් රාජ්. තව තවත් බොහෝ සංවත්සරවලට අපිට ඇවිත් මෙහෙම සුබ පතල යන්න අවස්ථාව ලැබෙන්න, ඔබට චිරාත් කාලයක් මේ අඩවිය පවත්වාගෙන යන්න වාසනාව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. රාජ් දැන් ඉස්සර වගේ ලියන්නෙ නෑනේ. වැඩ වැඩි උනත් ඉඳල හිටල හරි ලියන්න කියල තමා මමත් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් පීඩාවට පත්වූවන්ගේ වෙදනාව අනෙකෙකුට එතරම් දැනෙන්නේ නැහැනේ ....අනිවා දිගටම ලියනවා ඔබගේ දිරිමත් කිරිම සැමදා මට ශක්තියක් ස්තුතී

      Delete
  9. රාජ් මේ සිද්දිය මතක් කරපු එක වටිනවා ..ඉස්සර අපි මාතරින් කොළඹ එනකොට ගෙවල් වල මිනිස්සු කොච්චර බය උනාද , වැල්ලවත්තේ ,කෝට්ටේ,බොරැල්ල ,නුගේගොඩ ,කොටුව මරදාන,..පුදුම හිතෙනවා ..මේ ඔක්කොම කරන ගමන් හිතන්න උනේ යන එන ගමන් දකින ගමන් මලු ගැන හිතන එකය් ,සැක සහිත මිනිස්සු ගැන හොයන එකය්,බස් වල කොච්චි වල කොච්චර වලි දාගන්නවද බෑග් වලට. දැන් නම් බස් එකේ කෝච්චියේ යන ගමන් ඉගෙනගන්න , ෆිල්ම් බලන්න ...ඔක්කොම කරන්න නිදහස තියනවා ..එත් ඒ කාලේ බයෙන් සැකෙන් තමා ඔක්කොම කලේ ,
    හැබය් ඒ කාලේ වැරදිලාවත් සල්ලි බෑග් එකක් දාල ගියත් පරිස්සමට තියනවා ..(ලොල් ) ..

    ReplyDelete
    Replies
    1. කොතෙක් අවිනිශ්චිත තත්වයන් අප පහුකලාද නේද....අපොයි අදකාලේ සල්ලි හිගයි නේව වියදම වැඩී සහෝ...!!!!

      Delete
  10. තුනට සුබ පැතුම්. (මං කිව්වෙ තෙවර්ෂ පූර්ණයට)

    ඔය සිද්ධිය ඒ කාලෙ නිවුස් වලට ගියා මටත් හොඳට මතකයි.

    ReplyDelete
  11. තුන්වෙනි බ්ලොගවසරියට සුභ පැතුම් රාජ්..

    ReplyDelete
  12. තුනට සුභ පැතුම්...!!!

    ඉස්සරහටත් සුභ පතන්න වෙයි නේ...

    මේවා මතක් කරන එක හොඳයි. අපේ මිනිස්සුන්ගේ මතකය සති දෙකයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවා ඉදිරියෙදි කියන්නම්....අපොයි අපේ උන්දැලාට පනගියත් ටිකකින් මතක නෑ නේව හික්ස්

      Delete
  13. මගෙත් සමීපතමයෙකුට නං කරදරයක් වෙලා නෑ.. බෝම්බ වලිං.. ඒත් ඉතිං කී දෙනෙක් නං සදා දුකට පත් කළා ද මේ සිද්දි.. අපිත් බොහොම පරෙස්සමින් තමයි ඒ කාලෙ එහෙ මෙහෙ ගියෙ.. බස් නැති පාරවල් වල තමයි වැඩිය ගියේ.. ඉන්සුවරන්ස් කරගන්ටත් දහ අතේ හෙවුවා.. ඒත් එයාලා බෝම්බ වලට ඉන්සුරන්ස් ක්ලේම් දෙන්නෙ නැති නිසා වැඩේ අත් ඇරියා.. ආයෙත් එවන් යුගයක් නම් නොවේවා..

    රාජ් තුන්වැනි උපන්දිනේට ආසිරි..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ආපහුනම් ඒ යුග කිසිදා එපා...ස්තුතී සහෝ...!!!

      Delete
  14. පළමුවෙන්ම තුනිවැනි වියට සුබ පැතුම් රාජ්. ඒ වගේම තමා පසු ලිවිම.. ඒ ආරාධනයන නම් මසුරං.

    ඒ කාලේ බොම්බ බියක් තිබුණද කියලත් දැන් බොහෝ දෙනෙකුට අමතකයි රාජ්...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අපේ කස්ටිය හැමෝම ලියනව නම් පට්ට නේව.....

      Delete
    2. ඔය නලින් කියන්නේ ලොක්කා (මහරජතුමා) බෝම්බ බය නැති කරා කියලද??? හැක් හැක්.. (වලි නං වලි. නැත්නං නිදි)

      Delete
  15. තුන්වැනි වසරට සුභ පැතුම්!!!!!!

    ReplyDelete
  16. ඔබට ජය!!!!!හැබැයි මම නම් හිතන්නේ ---අමතක කරලමු පැරණි කතා...කියලා.

    ReplyDelete
    Replies
    1. ඔකේයි අමතක කොරලමු හැබැ හැම එකම නේවෙයි හික්ස්...ඔබටත් ජයෙන් ජය !!!

      Delete
  17. එල කිරි 3ට සුභ පැතුම්... ළඟදීම තාත්ත කෙනෙක් නේ..එකටත් සුබ පැතුම්.. අපි සැහෙන්න වයසට ගිහින් නේද බන්.. සෝ සැඩ්.. :) 6 වසරේදී එක පන්තියේ හිටපු හැටි මැවිලා පේනවා ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒකාලේ ඉස්කොලේ ගිය අපි තව ටික දවසකින් ආයිත් ඉස්කොලේ යනව අපේ පොඩි එවුන් එක්ක එකෙත් හැටි..ස්තුතී මචං

      Delete
  18. ඔය සිද්ධියට මමත් මුහුණ දුන්නා. මමත් මගේ යාළුවන් තුන් දෙනෙකුත් නුගේගොඩ යන ගමන්. අපි කිරුළපනින් නැගලා දැන් ඔය ගුවන් පාලට පටන්ගන්න හරියට වගේ යනකොට තමයි පිපුරුවේ. ඊට පස්සේ අපේ ගමන පැත්තකට දාලා ආපහු බෝඩිමට ගියා. Raj අයියේ මතකද? එදාම තවත් බෝම්බයක් පිපුරුවා. ලේක්හවුස් වටරවුමේ පොලිස් මාර්ගබාධකය ළග. කොහොම වුනත් සුබපැතුම් තුන්වෙනි අවුරුද්දට. ජය...!

    ReplyDelete
    Replies
    1. බොම්බ බිය සුලුපටු එකක් නෙවෙයි නෙද....ස්තුතී මල්ලා

      Delete
  19. සංවත්සරයට සුබ පැතුම් රාජ් ! ඒ කාලෙ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. හැමෝම මොන තරම් ගින්දරකින්ද හිටියෙ.

    ලොකු ජෝනාත් ලියලා තිබුනා දෙහිවල බෝම්බෙන් කෙස්සෙන් බේරිච්ච විදිහ.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා කාලය වේගෙන් ගතවෙනව....ජොන්ගේ ඒ ලිපිය මාත් කියෙව්වා ස්තුතී සුබපැතුමට....!!!!

      Delete
  20. ජයවේවා Raj. තෙවර්ශ පූර්නයට සුබ පැතුම්. උඹත් ලෑටි ගන්න හොරයිනේ මේ අනුන්ට කිව්වට. උඹ අඩු ගානේ කමෙන්ට් එකකවත් ලෑටිගාලා තියෙනවා අපි දකින්නේ කලාතුරකින්.:D

    ReplyDelete
    Replies
    1. අපුච්චේ ලැටිගාන්නම් ඉස්සරහට මිට වඩා වේගෙන් ස්තුතී...!!!

      Delete
  21. වසර තුනට සුභ පැතුම්.!
    ඉදල හිටල හරි මේව මතක් කරන්න ඕන.
    මාසෙකට සැරයක් හරි පේන්න එන්න බැරි තරමටම කාර්‍ය බහුලද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඉදිරියට වේගෙන් ලෑටිගානවා සහෝ ස්තුතී..!!!

      Delete
  22. තෙවර්ෂ පූර්ණයට මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ,

    ලෑටි ගාන්නෙ අනවශ්‍ය විදියට වැඩෙන දත් ටික ගෙවාගන්නනේ. උඹෙත් හිතේ වදදෙන (හිතට බරක්වෙන දේවල්), එතකොට හිරකරන් තනියම සතුට වින්දින්නතුව බෙදාහදාගන්න තියෙන දේවල් ලියලා දාලා (ලෑටි ගාලා) කූල් ඩවුන් වෙයන්. :D

    ---
    මේ පැත්තේ නිතරම නොආවට ඉඳලා හිටලා ඇවිත් ගිහින් තියෙනවා. අද තමයි මුල්ම කමෙන්ටුව.

    තුන පහවී, පහ දහයවී, දහය හැකි උපරිමය දක්වා ඇදගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ආආ.... වෙන්ඩ තාත්තටත් මේ ගමන්ම සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී සුබපැතුම් වලට සහ මේ පැත්තේ ආවට ඉදිරියෙදි හමුවෙමු...ජය..!!!

      Delete
  23. මමත් සෑහෙන දවසකින් ලීවා ඔය වගේම එකක්
    වසර 18කට පෙර කියලා එකක්

    ReplyDelete
    Replies
    1. අඩේ කියවන්නම්.....!!

      Delete
  24. ඔය පාසැල්ගිය ගෑනු ළමයාගේ පියා මම ඒ වනකොට සේවයකරපු මැදපෙරදිග හෝටලයක කුෂන්වැඩ කරන කෙනෙක් විදියට සේවය කරා, මේ සිදුවීමේ වේදනාව දරාගන්න වැඩිවේලාවක් මත්පැන් පානයකරමින් දවස ගෙවලදපු එයත් මිට වසර දෙකකට පමණ කලින් මියගියා, හරිම අහිංසක මනුස්සයෙක්.
    නිතර කමෙන්ට් නොකලත් නිතර කියවන බ්ලොග් එකක මේ තරම් දුරක් ආ ඔබට සුබපතනවා..!!!

    ReplyDelete
    Replies
    1. අවාසනාවන්ත සිදුවීමක් තුල ඇතිවන අනු විනාශයන් ඉතා වේදනාකාරියි නේද කාලකන්නි බලාරගලය සහ ත්‍රස්තවාදයට හදවතක් නෑ බොහොම ස්තුතී සුබපැතුම් වලට සහ මා කියවනවාට....!!!

      Delete
  25. සුබ පැතුම් raj.

    ReplyDelete
  26. උනුසුම් සුබ පැතුම්

    ReplyDelete
  27. දැන් බොහෝ දෙනාට මේවා අමතකයි.

    තුන්වෙනි සංවස්තරයට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. එව්වා එහේම තමයි සහෝ..... ස්තුතී සුබ පැතුම් වලට...!!!

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...